The Leader News
BREAKING
Top Ad
Opinion

දැන්වත්.... | Mahesh Hapugoda

T

The Leader Desk

September 7, 2025 • 4:15 PM

දැන්වත්.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි ක්‍රියාත්මක වෙලා නැහැ.
  • සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවය.
  • මගීන් 15 දෙනෙකුට මරු කැඳවමින් තවත් 17 දෙනෙකුට තුවාල සිදුකළ ඇල්ල බස් අනතුර ඇතුළු පසුගිය කාලයේ ආසන්න වශයෙන් වාර්තා වූ අනතුරු සැලකිල්ලට ගනිමින් ආන්ත්‍රාදායක අන්දමින් සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.
  • මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුව සඳහන් කළේ වාහනයේ ආකෘතියෙන් පිටතට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වෙනස් කළ වාහන ධාවනය කිරීමට නොහැකි බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි ක්‍රියාත්මක වෙලා නැහැ.

කමක් නැහැ තවත් මිනිස්සු මහමඟ මැරෙන්න කලින් දැන්වත් මේවා හරියටම බලන්න.

කාකි පාට ඇඳගත්ත පොලිසියේ අය විතරක් නෙවෙයි අර ලා නිල් පාට ඇඳගත්ත පළාත් සභාවලින් පඩිගන්න NTC එකේ අප්පුහාමිලා ටිකත් මේකට සහයෝගය දෙන්න. මඟීනුත් සීරියස් වෙන්න.

තොරොම්බල් වලට කවි ලියන්නේ නැතුව. පාට පක්ෂ බලන්නේ නැතුව දේශපාලන කරන අයත් සහයෝගය දෙන්න. තොරම්බල් කියන්නේ අලුත්ම හස්ත කරමාන්ත කියල වැලලෙන්නේ නැතුව....

එතෙක් මෙතෙක් බස් අනතුරු වලින් මියගිය සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කරන්න පුළුවන් එකම ගෞරවය වන්දි දෙන එක නෙවෙයි. ආයේ කිසිදාක මෙවන් කාලකන්ණි අනතුරු නොවෙන්න වගබලාගන්න එක. 

මීට අමතරව තව කරන්න ගොඩක් දේවල් තියනවා....ඒවත් කරමු...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 07

rule

වාහන සම්බන්ධයෙන් හෙට (08) සිට දැඩි නීති

බස් රථ ඇතුළු වාහනවල අන්තරාදායක ලෙස සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් හෙට (08 වැනිදා) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන පැවසීය.

මේ අනුව දිවයින පුරාම පොලිස් ස්ථාන මගින් එවැනි වාහන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවය.

මගීන් 15 දෙනෙකුට මරු කැඳවමින් තවත් 17 දෙනෙකුට තුවාල සිදුකළ ඇල්ල බස් අනතුර ඇතුළු පසුගිය කාලයේ ආසන්න වශයෙන් වාර්තා වූ අනතුරු සැලකිල්ලට ගනිමින් ආන්ත්‍රාදායක අන්දමින් සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.


මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුව සඳහන් කළේ වාහනයේ ආකෘතියෙන් පිටතට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වෙනස් කළ වාහන ධාවනය කිරීමට නොහැකි බවය.


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිර්ණායක රැසක් යටතේය. බස් සහ ත්‍රිරෝද රථවල ඇතැම් අලංකරණ සිදු කිරීමට හැකියාව අවසර දී ඇත. ඇතැම් අලංකරණ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගාස්තුවක් ද ගෙවිය යුතු වේ.

එමෙන්ම විනෝද චාරිකා සඳහා යොදාගන්නා බස් රථ නවීකරණය සඳහා නිර්ණායක 22කට අවසර හිමිව ඇත.

* බස් රථයේ පැති කණ්ණාඩි සවිකිරීමේදී අනුමත සීමාවෙන් ඉවතට නොයන ලෙස රවුම් බට පමණක් භාවිත කළ හැකි අතර තියුණු උල් සහිත කොටස්, බෝල, අමතර පහන් ආදිය සවි නොකිරීම,

* බස් රථයේ නළාව සවිකිරීමේදී මෝටර් වාහන පනතට අදාළව සවිකිරීම,

* රෝදවලට රිම් කප් සවිකිරීමේදී පිටතට නෙරා සිටින සේ හෝ බාහිරට අනතුරුදායකවන ලෙස සැකසීමක් නොකිරීම,

* බඳෙහි ආලෝක රටා සහිත විදුලි පහන් සවිකිරීමට රුපියල් 20,000ක ගාස්තුවක් ගෙවිය යුතු අතර එම අවසරය විනෝද චාරිකා සඳහා යොදාගන්නා විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සඳහා පමණක් සීමා වීම,

* රුපියල් 10,000ක ගාස්තුවකට යටත්ව එවැනි බස් රථවල පමණක් ඇතුළත ආලෝක රටා පද්ධති සවිකිරීමට හැකි, ඇතුළු නිර්ණායක 22 ක් ඊට ඇතුළත්ය.


මීට අමතරව ත්‍රිරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කිරීම නිර්ණායක 15 යටතේ සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී ඇත.

මෙම නිර්ණායක සම්බන්ධයෙන් හා තහනම් සවිකිරීම් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් බවද ඒ සම්බන්ධයෙන් නීතිමටය පියවර පොලිසිය විසින් ගනු ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරිකයකු පැවසීය.
  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...