The Leader News
BREAKING
Top Ad
Opinion

මහින්ද දරාගත නොහැකි රට...! - Mahesh Hapugoda

T

The Leader Desk

September 11, 2025 • 4:10 PM

මහින්ද දරාගත නොහැකි රට...! - Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒත් සමහර වෙලාවට ඉතිහාසය විසින් නිර්මාණය කරනවා අසමානයින්.
  • හෝ ඉතිහාසයේ සමහර මංසන්ධි ඇතුලේ අසමාන - සුවිශේෂ මිනිස්සු නිර්මාණය වෙනවා.
  • මහින්ද කියන්නේ ලංකාවේ තිස් වසරක යුද්ධය ඇතුලේ නැත්නම් එහි අවසානය ඇතුලේ නිර්මාණය වෙච්ච හෝ නිර්මාණය කරපු එහෙම සුවිශේෂයක්.
  • ඒ සුවිශේෂ කැපකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් පහළොවක් විස්සක තිහක හෝ ඊටත් වඩා යම් මුදලක් කැපකරන්න බැරිනම් අපි රටක් නෙවෙයි කියල මම හිතනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒත් සමහර වෙලාවට ඉතිහාසය විසින් නිර්මාණය කරනවා අසමානයින්. හෝ ඉතිහාසයේ සමහර මංසන්ධි ඇතුලේ අසමාන - සුවිශේෂ මිනිස්සු නිර්මාණය වෙනවා.

මහින්ද කියන්නේ ලංකාවේ තිස් වසරක යුද්ධය ඇතුලේ නැත්නම් එහි අවසානය ඇතුලේ නිර්මාණය වෙච්ච හෝ නිර්මාණය කරපු එහෙම සුවිශේෂයක්. ලංකාවේ සමකාලීන කොයිම පාලකයෙක්ට හෝ අහිමි එහෙත් මහින්ද වෙනුවෙන් ලියවෙන පරිච්චේදයක් ලංකාවේ වංශකතාවේ තියනවා. ඒක ලියවෙන්නේ අපි (නැත්නම් මම) කැමති විදියට නෙවෙයි කියල ප්‍රභාකරන් නැතිවෙච්ච දවසේ මට තේරුණා.

වෙනස්ම විදියට කිව්වොත් ලංකාවේ මේ මොහොතේ ජීවත් වන එකම නොමියන ජනාධිපතිවරයා මහින්ද. ඒ කියන්නේ මහින්ද අමරණීය වෙනවා යම් තැනක. අපි බයක් නැතුව බස් එකක යන, කෝච්චියක යන, හංදියට යන, ට්‍රිප් එකක් යන හැම මොහොතකම මහින්ද අපේ හදවතේ අමරණීයයි. ඒ අපි කැමති විදියටම නෙවෙයි. ඒක තමයි වෙනස.

මම බලාපොරොත්තු උනා මේ සුවිශේෂ මිනිසා වෙනුවෙන් ඔහු ජීවත්ව සිටිනතාක් කල් සුවිශේෂ කැපකිරීමක් (පිරිවැයක්) අපේ රට කරයි කියල. ඒ සුවිශේෂ කැපකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් පහළොවක් විස්සක තිහක හෝ ඊටත් වඩා යම් මුදලක් කැපකරන්න බැරිනම් අපි රටක් නෙවෙයි කියල මම හිතනවා.

ලංකාවේ ලොකුම හැරවුමක් සහිටුහන් කරන්න ඒ ඓතිහාසික තීරණය ගත්ත මිනිසා වෙනුවෙන් රටකට ඒක බරක් නෙවෙයි කියල මම හිතනවා. ඒක බරක් කියල හිතන රටක් රටක් නෙවෙයි කියලත් මම හිතනවා.

මහින්දට සුවපහසුවෙන් ඉන්න නිවසක් ඔහු කැමති තැනක ඔහු ජීවත්ව සිටින තාක්කල් නොදීමට තීරණය කිරීම ඇතුලේ ඉතුරු කරන සල්ලි වලින් රටක් හැදුවත් වැඩක් නැහැ කියල හිතනවා.

මහින්දගේ දේශපාලනයට මම එකඟ වෙන්නේ නැහැ. මම එකඟ උනා හෝ නොවුණා කියල ඔහුගේ නම ඉතිහාසය විසින් සනිටුහන් කිරීම නවතින්නෙත් නැහැ. එහෙම මිනිස්සු වැඩිය බිහිවෙන්නෙත් නැහැ.

සමහර විට අද දවසේ පෙනෙන විදියට ඔහු නැවත පටන්ගන්න බැරි කමකුත් නැහැ. මහින්ද ජීවත් උනේ සහ කවදා හෝ මියයන්නේ එහෙම කාල වකවානුවක කියල ගොඩක් අයට තේරෙන්නෙත් නැහැ. තේරුණා නම් මෙහෙම කරන්නෙත් නැහැ.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...