The Leader News
BREAKING
Top Ad
Opinion

කැතයි කියන එක අවුලක් ද? | Mahesh Hapugoda

T

The Leader Desk

September 13, 2025 • 4:32 PM

කැතයි කියන එක අවුලක් ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිරවද්‍යතාව ඇතුලේ විනිශ්චය කරන්න බැරි එකක්.
  • ෆැන්ටසි එකක් ඇත්තටම අගතිගාමී වෙන්න පුළුවන්.
  • ඒ නිසා ඒකෙ ප්‍රකාශනයත් අගතිගාමී වෙන්න පුළුවන්.
  • මම හිතනවා මනුස්සයෙක්ගේ ආත්මීය ෆැන්ටසි ප්‍රකාශනයක් වෙනුවෙන් නිදහසක් මේ ලෝකේ තියෙන්න ඕනි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

නිරවද්‍යතාව ඇතුලේ විනිශ්චය කරන්න බැරි එකක්.

ෆැන්ටසි එකක් ඇත්තටම අගතිගාමී වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ෆැන්ටසි එකේ සමාරම්භය එක්ක. ඒ නිසා ඒකෙ ප්‍රකාශනයත් අගතිගාමී වෙන්න පුළුවන්. මම හිතනවා මනුස්සයෙක්ගේ ආත්මීය ෆැන්ටසි ප්‍රකාශනයක් වෙනුවෙන් නිදහසක් මේ ලෝකේ තියෙන්න ඕනි කියල.

සහ ඒක දරාගන්න පුළුවන් අනෙකෙක් මේ ලෝකේ ඉන්නත් ඕනි.

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කිව්වම ගහගන්න එන්නේ නැති සිංහලයෙක් සහ තම්බියාට තම්බියා හෝ මරක්කලයා (හෝ කල්ලතෝනියා) කිව්වම කඩුව උස්සගෙන එන්නේ නැති මුසල්මානුවෙක් ගැන මට සිහිනයක් තියනවා. දෙමල ගැනත් එහෙමයි. අනික් උන් ගැනත් එහෙමයි.

උදාහරණයකට මම සුදු ගැහැණියකට (යුරෝපීය මොඩ්ලින් ටයිප්) ආස වීම සහ ඒ වෙනුවෙන් තෙත් සිහින දැකීම තමයි මගේ ආත්මීය අගතිය. ඒ අගතිය ඇතුලේ විතරයි මට ගැහැණියකට ඇත්තටම සම්බන්ද වෙන්න පුළුවන්. ආශාකරන්න පුළුවන්. ඒ වෙනුවට අර ආශාව යටපත් කරලා කෝපි පාට හමක් තියන ස්ත්‍රියකට ආදරය කිරීම දේශපාලනය වශයෙන් හරි වෙන්න පුළුවන්. හැබැයි ඒ මගේ ඇත්ත ආශාව නෙවෙයි. මෙතන තමයි ප්‍රශ්නේ වෙන්නේ.

ඉතින් මේ සුදු හම සහිත ස්ත්‍රිය කියන්නේ ඓතිහාසික පරිණාමයක සහ ආශා බලහත්කාරයක ප්‍රතිපලයක් තමයි. අහිංසක නැහැ තමයි. ඒ වුනාට මට ආස කරන්න පුළුවන් ඒ විදියට විතරක් නම්?

මම නම් හිතන්නේ මට යමක් හෝ යමෙක් කැත විදියට පේනවා නම් ඒක කැතයි කියන්න නිදහසක් තියෙන්න ඕනි. අපිට ඒක අනෙකාට රිදෙන්නේ නැති විදියට කියන්න පුළුවන් නම් හොඳයි තමයි. හැබැයි ඇත්තටම ආත්මයට කතාකරන්න නිදහස තියනවා නම් තමයි අනෙකාට මාව ඇත්තටම තේරෙන්නේ.

කැත නැත්නම් abject (object නෙවෙයි) කියන්නේ ශිෂ්ටාචාරයේ ප්‍රාථමිකයට අපි සම්බන්ද වෙන විදිය (දෙවියන් ලස්සනයි යක්ෂයා කැතයි). ප්‍රචණ්ඩ ලෙස අප වියවුලෙන් ගැලවී සංකේත පිළිවෙලට එන්න උත්සාහ කරන අවස්තාවක්. කවුරුත් දන්නා විදියට කිව්වොත් අපරිපූර්ණ බවින් පරිපූර්ණ බවට එන්න උත්සාහ කරන අවස්තාවක්. ඒ නිසා එවන් මොහොතක භාෂාවේ නිදහස මට අනුව වැදගත් දෙයක්.

abject කියන එක ගැන Chatgpt දාල හොයන්න.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...