The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

මුං එක්ක මොන අවුරුදු ද? - (Mahesh Hapugoda)

T

The Leader Desk

April 15, 2023 • 8:55 AM

 මුං එක්ක මොන අවුරුදු ද? - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හරි දැන් මම රිළව් සහ පරිසරය සහ පම්කේ පරිසරවේදීන් ගැන කියන දේවල් නේ අවුල්.
  • පැවැත්ම සංස්කෘතික ලෙස විකසිත කරගන්න උසස් ජිවිතයක් ලෙස විදාරණය වෙන්න බාහිර දේවල් ගැන කරදර වෙන්න එයාට බැහැ.
  • විදුලිය ගැන, ජලය ගැන, කුණු ටැට්ටරේ ගැන, ගලි බවුසරේ ගැන, පාර කාපට් කරන එක ගැන එයාට වද වෙන්න ඕනි නැහැ.
  • සහ එයා නඩත්තු කරන සාංදෘෂ්ටික පැවැත්ම සහ සාමාන්‍ය සමාජය එක්ක ඇති දුරස් බව.
අකුරු ප්‍රමාණය (Font Size):


එතකොට දර්ශනයේ එල්විස් ප්‍රෙස්ලි කියල කියන මහා ස්ලාවෝ ජිජැක් එයා පතන සුසමාදර්ශී සමාජය (ideal society) මොකක් වගේ වෙන්න ඕනිද කියන එකට උදාහරණ හැටියට කියන්නේ මොකක්ද?

ඒක මේ වගේ. එයාට වටේ සිද්ද වෙන දේවල් ගැන කරදර නොවී පොතක් පතක් කියවන්න, සිංදුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න පුළුවන් වෙන්න ඕනි. ඒ කියන්නේ සංස්කෘතික ජීවිතයක් ගත කරන්න පුර්ණ නිදහසක් තියෙන්න ඕනි. පැවැත්ම සංස්කෘතික ලෙස විකසිත කරගන්න උසස් ජිවිතයක් ලෙස විදාරණය වෙන්න බාහිර දේවල් ගැන කරදර වෙන්න එයාට බැහැ. එයා කැමති නැහැ.

 ඒ කියන්නේ එයා සංස්කෘතික මතුමහල නැත්නම් උපරි ව්‍යුහය (supra structure) ගැන හිතන දේ සහ පතන දේ ඉහල මට්ටමකින් නඩත්තු වීම සඳහා ස්වයංක්‍රිය සමාජයක් අවශ්‍යයි (automated society). උපරි ව්‍යුහය ටිප් ටොප් එකට තියෙන්න ඕනි. විදුලිය ගැන, ජලය ගැන, කුණු ටැට්ටරේ ගැන, ගලි බවුසරේ ගැන, පාර කාපට් කරන එක ගැන එයාට වද වෙන්න ඕනි නැහැ.

ඒ දේවල් එයාගේ සිතුවිළි වලට බාධාකරන මට්ටමේ තියෙන්න බැහැ. ඕක තමයි එයා සිතන උත්කර්ෂ සමාජය (sublime society). සහ එයා නඩත්තු කරන සාංදෘෂ්ටික පැවැත්ම සහ සාමාන්‍ය සමාජය එක්ක ඇති දුරස් බව.  


අපේ ඔය ඉහත කිව්ව එකක්වත් හරියට වෙන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. ඊටත් අමතරව පොතක් අතට ගත්තොත් ඉස්සරහා පොල් ගස් දෙක තුනට රිලව් නගිනවා. නැගල ඇට්ටි ටික බිම දානවා. එතකොට පොත බිම තියල උන් එළවන්න යන්න ඕනි. වෙනත් ප්‍රදේශයක නම් වල් අලි නැත්නම් දඬු ලේන්නු නැත්නම් මොණරු වගේ ඕනෑම ආදේශකයක්.

ඉස්කෝල ළමයි අලි, මොණරු එලව එලව තමයි පාඩම් කරන්නේ. එහෙම දුක් විඳලා කැම්පස් ඇවිල්ල ඉගෙන ගන්න කොට පරිධියේ කැම්පස් වල ජනේල වලින් රිළව් එබෙනවා. තියන දෙයක් කඩාගෙන පනිනවා. රිලා වැටවල් ගහන්න ලෝක බැංකුවෙන් දෙන අධ්‍යාපන ආධාර ඉල්ලනවා.

දැන් ජිජැක් ලෝකේ නැති දාර්ශනික කතා කියනවා පරිසරය ගැන, ලෝකයේ පැවැත්ම ගැන, ලෝකයේ අවසානය ගැන. ඒවා අපි කට අයාගෙන අහගෙන ඉන්නවා. ඒවා පරම සත්‍යය හැටියට සිංහලෙන් වෙබ් වලට ලියනවා.

එයාගේ චින්තනය ආරම්භ වෙන්නේ යුරෝපයේ මැදි අදායම් රටක අපාට්මන්ට් එකක් ඇතුලේ.

sbw bp260116rt wisemonkey

 අපේ චින්තනය ආරම්භ වෙන්නේ රිළව් රංචුවක් වටේට තියාන උන්ගේ බාධනය එක්ක (disturbances). මේක තමයි මගේ ජීවිතයේ ඇත්ත. අපි අපේ එදිනෙදා පුද්ගලික යථාර්තයටවත් සත්‍යවාදී වෙන්නේ නැතුව මොන චින්තනයක් ද? මොන දේශපාලනයක් ද?

මම ඉන්නේ කේන්තියෙන්. රිලව් එක්ක විතරක් නෙවෙයි මේ ප්‍රශ්නේ තේරුම් නොගන්න පොන්න පරිසරවේදීන් සහ ප්‍රගතිශීලි කියන ලාමක ටිං ටිං හැත්ත එක්ක.

දැන් පරිසර ඔස්තාර් කියනවා රිළව් වර්ගීකරණයක් තියනවලු මේ ප්‍රදේශ වල. වගා හානි කරන රිලව් සහ පොල් ගස් වලට නැගල ඇට්ටි ගෙඩි අතේ තියන් භාවනා කරන රිළව් කියන ප්‍රවර්ග දෙකක් ඉන්නවලු. අනේ මම දන්නේ නැහැ ඉන්නේ නම් එකම රිලව් සෙට් එකක්. එකම මූණ තමයි තියෙන්නේ. උන් නම් පොල් ඇට්ටි අතේ තියාන ඉන්නේ නැහැ. අතේ ගහනවා මිසක්. ගහලත් නිකම් ඉන්නේ නැහැ පෙන්නනවා.

රිලව්ගෙන් මම එක ඉල්ලීමයි කරන්නේ. අතේ ගහල මට පෙන්නන්න එපා. තොපේ අතිරික්ත ප්‍රමෝදය පෙන්නන්පියව් අර පරිසරවේදියන්ට. නැත්නම් කොළඹ වම්මුන්ට.

කෝ බං දේශපාලනය ඇතුලේ පිරිමි...මම කියන්නේ දේශපාලන නිරවද්‍ය නොවන මිනිස්සු....ඇත්ත මිනිස්සු...වැරදි වැරදි හරි යමක් කියන්න කරන්න හදන මිනිස්සු.

තමන්ගේ පැවැත්ම එක්ක අරගල කරන රිළව් කිසිසේත් ම දේශපාලන නිරවද්‍ය නැහැ. එක අතකට උං හරි.

උං එක්ක අවුරුදු කෑවත් මුං එක්ක මොන අවුරුදු ද?

ඔයා කැමති ඇත්ත සිගරට් එක ඔයා බොන්න....(ඇන්ජලීනා ජොලී, The Tourist (2010).

(සකබර්ග්ගේ කොමියුනිටි මෙව්වා එක උල්ලංඝනය වෙලා ඇති. ඒ නිසා බ්ලොක් වෙන්නත් පුළුවන්.)

Mahesh Hapugoda

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපිය :
ලාංකික රිළවාගෙන් චීනය ද පාඩමක් ඉගෙන ගනු ඇත... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...