The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ - (Mahesh Hapugoda)

T

The Leader Desk

May 10, 2023 • 3:59 PM

අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උන් අපිව වැඩවසම් රාජ්‍යත්වයෙන් නිදහස් කළාට උන්ට ඒකෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙන්න බැරිවුණා තමයි.
  • පස්සේ ඒක ජනාධිපති ධූරය වුණා 1970 ජනරජ ව්‍යවස්ථාවෙන්.
  • ආණ්ඩු බලය සුද්දගෙන් අපි ගත්තට පස්සේ ඒ නිදහස් ආයතනවල ඇත්ත අර්ථය අපි හඳුනාගත්තේ නැහැ.
  • ලෞකික ජීවිතය ශක්තිමත් කරගත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔව්, ඒ කතාව ඇත්ත. උන් අපිව වැඩවසම් රාජ්‍යත්වයෙන් නිදහස් කළාට උන්ට ඒකෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙන්න බැරිවුණා තමයි. චාල්ස්ගේ කොරනේෂන් එකෙන් පෙන්නේ උන් නිදහස් නැහැ කියන එක.

ඒ අතින් උන් බයියෝ. අපිට ටොයි වෙන්න දුන්නට උන්ට බයි වටිනාකම් වලින් සම්පුර්ණයෙන් ඉවත් වෙන්න බැරිඋණා.



උන් අපේ රාජ්‍යත්වය නැති කරලා සම්පුර්ණ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හඳුන්වල දුන්න. එයාල රජු හෝ රැජිණ සංකේත තලයක තියගද්දී උන් ඒ වෙනුවට නූතන ලෞකික තනතුරක් අපිට හඳුන්වල දුන්න. ඒ අග්‍රාන්ඩුකාර ධූරය. පස්සේ ඒක ජනාධිපති ධූරය වුණා 1970 ජනරජ ව්‍යවස්ථාවෙන්.

ඒ කියන්නේ ව්‍යස්ථාමය තලයක උන් උන්ටත් වඩා අපිව නිදහස් කරලා තියනවා. අපිට ඒක තේරෙන්න නැත්තේ ඇයි? තේරුණත් එහෙම නිදහසක් තියෙද්දීත් අපිට එයාලත් පහුකරලා යන්න බැරි ඇයි?



දැන් ඔයාල කියයි අධිරාජ්‍යවාදීන් අපිට කකුල් මාට්ටු දැම්ම කියල. අපි ස්මාට් නම් ඒවායින් ගැලවෙන්න අපි දැනගන්න ඕනි.

ස්මාට් කෙසේ වෙතත් අපි නිදහස් කියලවත් අපි දන්නේ නැහැ ජාතියක් හැටියට. නයිපෝල් කියනවා වගේ අපි කළේ කොපි කරපු එක විතරයි. ඒකත් බාගෙට.

ආණ්ඩු බලය සුද්දගෙන් අපි ගත්තට පස්සේ ඒ නිදහස් ආයතනවල ඇත්ත අර්ථය අපි හඳුනාගත්තේ නැහැ. ඒවා නිකම්ම ආයතන විතරයි. අපි අර පරණ අපිමයි. ඒකයි ප්‍රශ්නේ. උන් ආයතන වෙනස්කළාට මිනිස්සුන්ට එහෙමම ඉන්න ඇරිය.


උන් උන්ගේ ප්‍රජාතන්ත්‍ර ආයතන ශක්තිමත් කරගත්ත. පුද්ගල අයිතීන් ශක්තිමත් කරගත්ත. ලෞකික ජීවිතය ශක්තිමත් කරගත්ත. රජ්ජුරුවෝ කියන්නේ සංකේතයක් විතරක් කරගත්ත. ඒකයි මේ ඩිස්නි ලෑන්ඩ් එෆෙක්ට් (Disneyland effect) එක තියෙන්නේ. ඒක උන්ට පෝස්ට්මොඩන් ඩිස්නි එකක් විතරයි. හැබැයි අපිට ශ්‍රී වික්‍රම හිටියනම් එයා ඇත්තම රජ්ජුරුවෝ තමයි. ඒකයි වෙනස.

කෙනෙක් නිදහස් කළාට වැඩක් නැහැ. ඒ ලැබුණු නිදහසට අර්ථයක් නැත්නම්. උන් චාල්ස් බලන්න එන්නේ නිදහස් මිනිස්සු හැටියට. චාල්ස්ට අතට අත දෙන්නේ සමාන මිනිස්සු දෙන්නෙක්ගේ හමුවීමක් හැටියට. අපි අපේ රජ්ජුරුවෝ බලන්න යන්නේ ඇත්තම සීරියස් යටත් වැසියෝ හැටියට.



උන් ප්‍රජාතන්ත්‍ර නිදහස හැටියට උන්ගේ හිතේ තිබ්බ අදහස අත්හදා බැලීමක් හැටියට මෙහෙ දිගහැරෙන්න දුන්න. චන්ද බලය දුන්න, උන්ටත් ඉස්සරවෙලා ස්ත්‍රීන්ට චන්ද අයිතිය දුන්න. හැබැයි අපි වැඩි වැඩියෙන් අර නැතිවුන රාජ්‍යත්වයේ නෂ්ටාවශේෂ ඒ නිදහස ඇතුලේ හෙව්වා. ඒ නිසා වැඩි වැඩියෙන් දේශීය රදළයෝ, වලව්කාරයෝ, අරූගෙන් පැවත ඒන උන්, මුගෙන් පැවත එන උන් පාලනයට ගෙනාවා. උන්ට කඩේ ගියා. බංකොලොත් වෙන කල්ම.

 

අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ....

(චාල්ස්ගේ කොරනේෂන් එක ගැන මීට වඩා ලියන්නේ නැහැ).

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපියක් :

සදාකාලික පොරොත්තුවක අවසානය -(Mahesh Hapugoda)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...