The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත් බොතලේ පරණ වයින්: 'ස' අපට කියනව නම් මිරිස් නැතිව හොදි කන්නම් ! -සේ. පියවර්ධන

T

The Leader Desk

April 22, 2020 • 7:05 AM

අලුත් බොතලේ පරණ වයින්: 'ස' අපට කියනව නම් මිරිස් නැතිව හොදි කන්නම් ! -සේ. පියවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරිමා බණ්ඩරනායක රට කළ කාලයේ ජනප්‍රිය හාස්‍ය පාඨයක් තිබුණි. එනම් “ මිරිස් නැතිව හොදි කන්නම් – මැතිනි අපට කියනව නම් සීනි නැතිව තේ බොන්නම්” යනුය.
  • පුදුමාකාර ලෙස අදත් එම සටන් පාඨ ටිකක් වෙනස් කර ගායනා කළ හැකි ය.
  • සීමා කර ඇති වඩාත්ම ගැටළු සහගත දේ අතර ඉස්කුරුප්පු, ඇට වර්ග.
  • මෙයට පෙර ආණ්ඩුවේ ප්‍රධානීන් කියා තිබුණේ පිට රටින් බඩු ගෙන්වීම නතර කොට රට ස්වයං පෝෂිත කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කාලවේ මැගසින් බන්ධනාගාරයේ සිටි අපට තේ බීමට දුන්නේ රට ඉදි සහ ටොෆි ය. පසුව උක් හකුරු රන්කැට ලැබුණි. දෙවැනි පාඨය වූයේ “ අපේ දූල ගෙයි කලන්තේ– සිරිම දූල එංගලන්තේ” යනු ය.

පුදුමාකාර ලෙස අදත් එම සටන් පාඨ ටිකක් වෙනස් කර ගායනා කළ හැකි ය. සමහර විට සීනි වෙනුවට මිලිටරිය දා තනුව වෙනස් කර ගන්නට සිදුවන්නට ඉඩ නැතුවාද නොවේ. දේශපාලන පංතියේ ගසාකෑම් සහ ලක්ෂ ගණනින් ලබන වරප්‍රසාද එළෙසම තබා ගෙන සාමන්‍ය ජනයාට කලන්තය සෑදවීම සිරිමා යුගයේ ද තරමකට තිබුණි. අද එය කොවිඩ් වසංගතයට වඩා දරුණු වසංගතයකි.

දැන් කොළඹ හතේ නෝනා මහත්වරුන්ගේ අරුමෝසම් ගෙවතු වගා නම් ඇස්බැන්දුමෙන් ජනයාගේ දෑස් නීලංකාර කොට රාජපක්ෂවරුන් සැරසෙන්නේ යළි රට සිරිමාගේ සීනි නැතිව තේ බීව් යුගයට ලංකාව ගෙන යාමට ද යන ප්‍රශ්ණය මතුව තිබේ.

''දැන් කොළඹ හතේ නෝනා මහත්වරුන්ගේ අරුමෝසම් ගෙවතු වගා නම් ඇස්බැන්දුමෙන් ජනයාගේ දෑස් නීලංකාර කොට රාජපක්ෂවරුන් සැරසෙන්නේ යළි රට සිරිමාගේ සීනි නැතිව තේ බීව් යුගයට ලංකාව ගෙන යාමට ද යන ප්‍රශ්ණය මතුව තිබේ.''

1970 දශකයේ රටින් බඩු ගෙන්වීම තහනම් කළ 1969 අපනයන හා ආනයන පාලන නීතිය යටතේ අග නියෝගයකට අනුව, 2020 ජූලි මාසය දක්වා පහත සඳහන් භාන්ඩ මෙරටට ගෙන්වීම තහනම් කර තිබේ.

හාල්, මාළු, විසිතුරු මාළු, ධාන්‍ය වර්ග, බඩ ඉරිඟු, කළු කඩල, එළවළු තෙල්, මාල්, පැස්ටා, වේෆර් (පල්ලි විසින් භාවිතා කරනු ලැබේ), මධ්‍යසාර, විනාකිරි, සිමෙන්ති, තීන්ත, සගන්ධ තෙල්, ඇස්බැස්ටෝස් වොෂ්, ග්රැනයිට්, කිරිගරුඩ, සෙරමික් ටයිල්, සනීපාරක්ෂක භාණ්ඩ අත් ඔරලෝසු, රූපලාවණ්‍ය නිෂ්පාදන, බොරු කොන්ඩ ඇඟලුම්, සමහර ගොඩනැගිලි ද්‍රව්‍ය, දැව භාණ්ඩ, පාවහන්, උත්සව හෝ සැණකෙළි භාණ්ඩ සහ බුරුසු ආදිය ද ඒ අතර ඇත.

සීමා කර ඇති වඩාත්ම ගැටළු සහගත දේ අතර ඉස්කුරුප්පු, ඇට වර්ග. බෝල්ට්, ඇස්බැස්ටෝස්, රෙදි සෝදන යන්ත්‍ර, බැටරි, කුඩා මෝටර ඇතුළත් වන අතර එමඟින් 1970 දශකයේ දී මෙන් රටේ කාර්මික යන්ත්‍රෝපකරණ, වාහන සහ උපකරණ අවම විය හැකි යැයි නිරීක්ෂකයින් පවසන බව මෙරට ආර්ථික කරුණු පිළිබඳව විශ්ලේෂණ ඉදිරිපත් කරන ඉකොනොමි නෙක්ස්ට් නම් වෙබ් අඩවිය පවසයි.

Kitsසරුංගල් ගෙන්වීම නතර කොට ආර්ථකය ගොඩ දැමීම ද රාජපක්ෂ පිළිවෙතකි.

මෙයට පෙර ආණ්ඩුවේ ප්‍රධානීන් කියා තිබුණේ පිට රටින් බඩු ගෙන්වීම නතර කොට රට ස්වයං පෝෂිත කළ යුතු බවයි. මේ ගායන පටන්ගෙන ඇත්තේ ආණ්ඩුව මුහුණ දී සිටින ආර්ථික අර්බූදය නිසා මිය සිය රට දේ සිරි සැප දේ යන පරණ කතාව විශ්වාස කරන නිසා නොවේ.

ස්වයං පෝශිත ආර්ථිකයක් වත්මන් ලෝක තත්වය යටතෙහි ගොඩ නැගිය නොහැකිය. 70-77 මෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ ලාභයට එතෙරින් ගෙන්විය හැකි නම් කළ යුත්තේ මෙරට සාදන වැඩකට නැති භාන්ඩ මිලට ගැනීමට ජනයා පෙළඹවීම නොවේ. එවැනි උත්සාහයක් බූමරංගයක් බවට පත්වීම වැළැක්විය නොහැක.

සරුංගල් ගෙන්වීම නතර කර රටට ඉතිරිකර ගත හැකි දෙයක් නැත. මුදල් ඉතිරි කර ගැනීමට නම් මුලින්ම කළ යුත්තේ මැති ඇමැති වරදාන සහ නාස්තියද මහා පරිමාණ දූෂණ ද නතර කිරීමයි.

අද ලෝකය එකම යායකි. භාන්ඩ නිශ්පාදනය සහ බෙදා හැරීම ද ගෝලීය ක්‍රියාදාමයකි. ශ්‍රී ලංකාව කළ යුත්තේ අපේ අපනයන ඉහළ නැවීම මිස බොරු ස්වයං පෝෂිත ගායනාවන් නොවේ. මෙම පිළිවෙත තාවකාලික එකක නම් එය තේරුම් ගත හැකි නමුත් ගෙවතු වගා ආර්ථිකයක් මගින් කෘෂිකර්මය නඟා සිටුවීමට දරන්නාක් මෙන් ගඟට ඉනි කැපීමක් නම් ඉන්වන සුගතියක් නැත

- සේ. පියවර්ධන විසිනි.

(srilankabrief.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත් බොතලේ පරණ වයින්: 'ස' අපට කියනව නම් මිරිස් නැතිව හොදි කන්නම් ! -සේ. පියවර්ධන | The Leader