The Leader News
BREAKING
Top Ad
Opinion

කොරෝනා වැළඳුණු විපක්ෂයක්... - සුනිල් ගාමිණි

T

The Leader Desk

June 1, 2020 • 8:59 AM

කොරෝනා වැළඳුණු විපක්ෂයක්... - සුනිල් ගාමිණි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''අපි නම් විපක්ෂයේ ඉන්න කොට බැලුවේ කොහොමද ඉක්මනින් ආණ්ඩුව පෙරළන්නෙ කියලා. ඒ නිසා අපි මැතිවරණ ඉල්ලුවා.
  •  ඒකෙන්ම ජනතාවට තේරෙනවා එයාලගේ තත්ත්වය මොකක් ද කියලා." දළදා මාලිගාව ඉදිරිපිට දී පෙරේදා (30) මෙම කතාව කියනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ ය.
  • හොඳ හැටි හිතා බැලුව හොත් කතාව සහතික ඇත්තය.
  • ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී ගෙවී ඇත්තේ යන්තම් මාස හයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මම දන්නේ නෑ අද තියෙන විපක්ෂය මැතිවරණ එපා කියලා කියන්නෙ ඇයි කියලා.  ඒකෙන්ම ජනතාවට තේරෙනවා එයාලගේ තත්ත්වය මොකක් ද කියලා."

දළදා මාලිගාව ඉදිරිපිට දී පෙරේදා (30) මෙම කතාව කියනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ ය.

හොඳ හැටි හිතා බැලුව හොත් කතාව සහතික ඇත්තය.

 

මාස හයක ආණ්ඩුවේ කැරැට්ටුව !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී ගෙවී ඇත්තේ යන්තම් මාස හයකි. මේ මාස හයට ආණ්ඩුවේ කැරැට්ටුව විමසා බැලුව හොත්, ආණ්ඩුවක් නොව ආණ්ඩු දෙකක් පෙරළා දැමීමට තරම් ජනතාවක් සංවිධානය කිරීමට ප්‍රමාණවත් කරුණු කාරණා එමට ය.

වැඩ ඇල්ලුවේම රාජ්‍ය ආයතන වලට ඥාතීන් පත්කිරීමෙනි. ඊළඟට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ යුතුව තිබූ වැටුප් වර්ධකය අහෝසි කළේය.

කොරෝනා වසංගතය ඇතුළේ සිදු වූ දේ බොහෝය.

මුළු ලෝකය පුරාම කොරෝනා වෛරසය පැතිරෙමින් තිබූ අවස්ථාවක, නිසි වේලාවට ගුවන් තොටුපල වසා නොදැමීමත්, විදෙස් සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මිලියන ගණන් මුදල් යොදවා ප්‍රචාර සිදු කිරීමත් එක පසකින්ය.

කොරෝනා පැතිරෙන විට එය පාලනය කිරීම සඳහා නිසි සැලසුමක් නොමැතිව පැනවූ ඇඳිරි නීතිය මුළු සමාජයම අවුලකට පත් කළේය.

ගොවියන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව තම නිෂ්පාදන විනාශ කරන්නට සිදු විය. අනෙක් අතට පාරිභෝගිකයන් භාණ්ඩ හිඟ විය. ඒ හේතුවෙන් ජනතාව ජාවාරම්කරුවන්ගේ සූරාකෑමට ද ලක් විය.

සිල්ලර වෙළෙඳුන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, විධිමත් හා අවිධිමත් ක්ෂේත්‍රවල කම්කරුවන් ආදී කී නොකී සමස්ථ සමාජයම අන්ත අසරණ භාවට පත් විය.

අනෙක් අතට ලෝක වෙළඳපොලේ සීග්‍ර ලෙස පහළ ගිය තෙල් මිලේ වාසිය ජනතාවට ලැබී නැත. ගොවියාට නොමිලේ පොහොර දෙන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට මුදලටවත් ලබා ගන්නට පොහොර නොමැත.

සහල් හිඟයක් ඇති කළ සහල් මාෆියාව , තමන්ට අවශ්‍ය පරිදි මිළ ඉහළ දමා ගෙන ඇත. රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් නොදන්වා මුදල් කපා ගෙන තිබේ. දරා ගත නොහැකි තරමට ජල ගාස්තු ඉහළ ගොස් ය.

ගුවන් යානා යවමින් යුරෝපයේ, චිනයේ රුසියාවෙ හිටපු ඥාතීන් හිතවතුන් ගෙන්වාගත් ආණ්ඩුව, මැදපෙරදිග දහ දුක් විඳින ශ්‍රී ලාංකිකයන්ට දක්වන්නේ කුඩම්මාගේ සැලකිලිය.

රට පුරා චිකාගෝ පන්නයේ වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැල්ලකි.

ගල්කිස්ස වෙරළේ වැලි පුරවා රුපියල් මිලියන 890 ක් ජනතා මුදල් කාබාසිනියා කර තිබේ.

ඉහතින් දැක්වූයේ ආණ්ඩුවේ කැරැට්ටුවෙන් කොටසක් පමණි. මේ ටික මහින්ද රාජපක්ෂලා විපක්ෂයේ සිටිය දී සිදු වූයේ නම්, මෙලහටත් ආණ්ඩුව හතරගාතෙන් වැටී අවසන්ය.

ආණ්ඩුවක් පෙරළා ආණ්ඩු බලයක් පිහිටුවීමට බලාපොරොත්තුවෙන් සිටින වත්මන් විපක්ෂයට මේවා ගැන වගේ වගක් නැත. ඒ අයට ඊට වඩා වැදගත් ප්‍රශ්න එමටය.

''බලා ගෙන යන විට සැබවින්ම කොරෝනා වැළඳි ඇත්තේ විපක්ෂයට ය. මේ දිනවල විපක්ෂය ස්වයං නිරෝධායනයකට යොමු වී ඇති නිසා සුවය ලබන තුරු ජනතාව ඉවසීමෙන් සිටිය යුතුය.''

සජිත් එක්ක සමඟි බලය හදන්න ගිය අයව පක්ෂයන් නෙරපා ඒ ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම රනිල් පිලට ඇති ප්‍රධානම කටයුත්තය.

සමගි ජනබලවේගයේ අයට ඇත්තේ රනිල් ලඟ ඉන්න ඩීල් කාරයෝ කවු ද යන්න හෙළි කිරීමත්, තමන් සමඟ ඉන්න පිරිසගේ බිය සංකා දුරලීමේ භාරධූර කාරියත් ය.

මැතිවරණය කල් දැමීමට අධිකරණය තීන්දුවක් ලබා දෙන තුරු කට ඇරගෙන බලාසිටීම විපක්ෂයේ අනෙක්  ප්‍රධාන කටයුත්තය.

ජනතා විමුක්ති පෙරමුණ ද මේ සමගි ජන බලවේගයට හෝ එක්සත් ජාතික පක්ෂයට හෝ නො දෙවැනි නැත. ජනතාව මරා ඡන්දය නොපවත්වන ලෙස කෑ ගැසීමත්, අධිකරණ තීන්දුව එනතුරු මග බලා සිටීමත් හැර ඔවුන්ට ද වෙන ආණ්ඩු විරෝධී කටයුත්තක් නැත.

බලා ගෙන යන විට සැබවින්ම කොරෝනා වැළඳි ඇත්තේ විපක්ෂයට ය. මේ දිනවල විපක්ෂය ස්වයං නිරෝධායනයකට යොමු වී ඇති නිසා සුවය ලබන තුරු ජනතාව ඉවසීමෙන් සිටිය යුතුය.

(සුනිල් ගාමිණි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...