The Leader News
BREAKING
Top Ad
Opinion

මිනිස්සු විකල්ප අධ්‍යාත්මික මානයන් සොයමින් ඉන්නවා -මහේෂ් හපුගොඩ

T

The Leader Desk

May 19, 2020 • 11:18 AM

මිනිස්සු විකල්ප අධ්‍යාත්මික මානයන් සොයමින් ඉන්නවා -මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල බුකියේ මිතුරන් කිහිප දෙනෙක් ජෛන ආගම ගැන දාපු පෝස්ට් එකක් දෙකක් මගේ ඇස ගැටුණා. ඒ වගේම බෞද්ධ දර්ශනයේ ඇතැම්
  • ඒක ජනප්‍රිය වෙබ් අඩවිවල වැඩිය කතා කරන්නේ නැති දෙයක් උනත් ඔවුන් මේ ඇතිවෙමින් පවතින (හෝ ඇතිවෙන්න උත්සාහ කරන) අධ්‍යාත්මික මානය ගැන අවධානය යොමු කරන්න ඕනි.
  • විශේෂයෙන් බුදු දහම ඇතුලේ පවතින පාලනයෙන් ගිලිහුණ යම් යම් ප්‍රවණතා එක්ක මිනිස්සු විකල්ප අධ්‍යාත්මික මානයන් සොයමින් ඉන්නවා.
  • විශේෂයෙන් බහු භාණ්ඩික බව, තොරොම්බල් පැවැත්ම, ජනප්‍රියතාවය වෙනුවෙන් අධ්‍යාත්මික නායකයින් තමන්ගේ පැවැත්ම මුදල් ඉස්සරහා පවා දෙමින් තියන වෙලාවක මිනිස්සු විකල්ප හොයන්න හදන එක තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මානයන් ගැනත් වෙනත් පෙරදිග දර්ශන වාද ගැනත් යම් උනන්දුවක් තිබෙන බව බුකිය දිහා බලපුවම පේනවා.

ඒක ජනප්‍රිය වෙබ් අඩවිවල වැඩිය කතා කරන්නේ නැති දෙයක් උනත් ඔවුන් මේ ඇතිවෙමින් පවතින (හෝ ඇතිවෙන්න උත්සාහ කරන) අධ්‍යාත්මික මානය ගැන අවධානය යොමු කරන්න ඕනි. ඒක යුගයේ අවශ්‍යතාවයක්.

විශේෂයෙන් බුදු දහම ඇතුලේ පවතින පාලනයෙන් ගිලිහුණ යම් යම් ප්‍රවණතා එක්ක මිනිස්සු විකල්ප අධ්‍යාත්මික මානයන් සොයමින් ඉන්නවා. සමහර විට මේ ස්මාප්ති කාලය ඒ සඳහා බලපෑම් කරලා තියනවා වෙන්නත් පුළුවන්.

test 19විශේෂයෙන් බහු භාණ්ඩික බව, තොරොම්බල් පැවැත්ම, ජනප්‍රියතාවය වෙනුවෙන් අධ්‍යාත්මික නායකයින් තමන්ගේ පැවැත්ම මුදල් ඉස්සරහා පවා දෙමින් තියන වෙලාවක මිනිස්සු විකල්ප හොයන්න හදන එක තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි.

විශේෂයෙන් බුදු දහම ඇතුලේ මතු වෙලා තියන වෛරය සහ ප්‍රචණ්ඩ බව වෙනුවෙන් සංඝයා වහන්සේ පෙනී සිටීම ගොඩක් මිනිස්සු ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. සමහරු මේ ජනප්‍රිය ආකෘතිය වෙනුවෙන් විසිල් ගැහුවට ගොඩක් මිනිස්සු ඉන්නේ කලකිරීමෙන්.

විශේෂයෙන් ආගමේ මූලික හර පද්ධතිය බිඳ වැටෙන කොට මිනිස්සු ඉබේම එයින් ඈත් වෙනවා. මෙයින් මම කියන්නේ නැහැ ආගම් කියන ඒවා ඒ ඒ සමාජ වල ඓතිහාසික තත්වයන් ගෙන් වියුක්ත කරලා ගන්න පුළුවන් කියල. සමහර තැන් වලදී ආගම් වල කියවෙන අතිමූලික දේවල් වලින් ඔබ්බට ගිහින් පැවැත්ම වෙනුවෙන් සටන් කරන්න වෙනවා. නමුත් අපි ඉක්මණින් ආපසු එන්න ඕනි මූලික හර පද්ධතිය වෙත.

මූලිකාංග ආරක්ෂා කර ගන්න අපි සමත් වෙන්න ඕනි සියළු තත්වයන් යටතේ. ඒ විරුද්ධාභාෂය ජය ගන්නා තැන තමයි ආගමේ චිරස්ථිතිය තියෙන්නේ. නැතුව සදාකාලික ලෙස යුද්ධය වෙනුවෙන් පෙනී සිටින තැන නෙවෙයි.

මට හිතෙන හැටියට ජෛන ආගම ගැන නැවත කිහිප දෙනෙක් හෝ හිතන්න හේතුව වෙලා තියෙන්නේ එහි තිබෙන අවිහිංසාව කියන සංකල්පය නිසා. ඒක ටිකක් අමාරු අන්තයක තමයි එයාල ප්‍රැක්ටිස් කරන්නේ. නමුත් ජෛන ආගම පවා හින්දු ආගම වගේම ස්වයං ආරක්ෂාව වෙනුවෙන් සතුරා සමග සටන් කිරීම න්‍යායික ලෙස පිලිගන්නවා.

 

ගාන්ධි කියා තිබෙන ජෛන ආගමේ අහිංසා සංකල්පය ..

Jainism Gandhi

නමුත් ගෝලීය වශයෙන් මහත්මා ගාන්ධි කියා තිබෙන පහත වැකිය ජෛන ආගමේ අහිංසා සංකල්පය දෙස නැවත බලන්නට අපට බල කරනවා. 'ලෝකයේ කිසිම ආගමක් අහිංසාව සංකල්පය ජෛන ආගමේ තරම් ගැඹුරින් සහ ක්‍රමානුකුලව සාකච්චා කර නැත. මිනිස් ජීවිතය ට එය ප්‍රායෝගිකව බලපාන ආකාරය ගැන ද එය ගැඹුරු සාකච්චාවක නියැලෙයි. මිනිස් කරුණාව ලෝක පැවැත්මේ ස්මාප්ති යාමයේ කොතරම් වැදගත් වේ ද යන්න සාකච්චා කරන දිනයක ජෛන ආගමට හිමිවෙන ස්ථානය අද්විතීය වනු ඇත'.

mahesh Hapugodaඉතින් ජෛන වටිනාකම් ගාන්ධි ප්‍රායෝගික ලෙස පාවිච්චි කළා ප්‍රචණ්ඩ යටත් විජිත ස්වාමියා මෙල්ල කරන්න. එතැනදී ඒක නූතන අවියක් වෙලා තියනවා. වික්ටෝරියානු ආත්මය ඉස්සරහා දිගම්බර නිරුවත් බව පවා අවියක් කියල මට හිතෙනවා.

ජෛන ආගමේ ජනප්‍රිය සංකේතයක් තමයි සිංහයෙක් සහ වෘෂභයෙක් එක බඳුනක දිය බොන දර්ශනය. සාමාන්‍යයෙන් සිදු වෙන්නේ සිංහයා පැනල ගවයා ගොදුරු කර ගන්න එක. නමුත් අධි යථාර්තයක් ඇතුලේ ඔවුන් පරිකල්පනය කරලා තියෙන්නේ විය නොහැක්ක විය හැක්කක් බවට පත් කරන එක (transforming impossibility into possibility).

ඇත්ත අභියෝගය ඒක තමයි. කිසිදා විය නොහැක්කක් විය හැක්කක් බවට පත් කරන එකට තමයි දේශපාලනය කියන්නේ. ඒ සඳහා වැදගත් වෙන්නේ ජෛන ආගමේ තියෙන තවත් වැදගත් සංකල්පයක්. ඒ තමයි සමාව දීම. අනෙකාට සමාව දීම ඇතුලේ තමන්ගේ ආත්මය නිදහස් කර ගන්නවා. අනෙකාගේ ආත්මයත් නිදහස් කරනවා.

මම හිතන්නේ යුද්ධය සමරන එකට වඩා අන්නෝන්‍ය ලෙස සමාව දීලා පොදු ක්ෂිතිමය මතකයන් අමතක කිරීමක් වෙත යන්න පුළුවන් නම් ඒක වඩාත් යහපත් වෙයි. හැබැයි අනාගතය වෙනුවෙන් ඒක ම තමයි අපට පරිකල්පනය කරන්නත් බැරි දෙය.

(මේ අදහසට විරුද්ධ අය ගොඩක් ඇති. ඒ අයට අයිතිය තියනවා කොමෙන්ට් යටතේ බණින්න).
- මහේෂ් හපුගොඩ

(Mahesh Hapugoda ගේ FB පිටුවෙන් උපටා ගන්න ලදී )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...