The Leader News
BREAKING
Top Ad
Opinion

ජනපති ගෝඨාභයගේ මිලිටරි හා පොලිස් බලකාය ගැසට් කරයි !

T

The Leader Desk

June 3, 2020 • 10:14 AM

 ජනපති ගෝඨාභයගේ මිලිටරි හා පොලිස් බලකාය ගැසට් කරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ මධ්‍යම රාත්‍රියේ (ජුනි 2 ) නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්”
  • මෙම සාමාජිකයින් 13 දෙනාම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමිකයින් ලෙස  ඉහළ මිලිටරි  හා පොලිස්  තනතුරු හෙඹ වූ සහ හොඹවන පුද්ගලයින් වේ.
  • මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (කාර්ය සාධක බලකා ප්‍රධානි) 2.
  • ශ්‍රී ලංකා යුද හමුදා අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා 3.
අකුරු ප්‍රමාණය (Font Size):

( secure country and a disciplined, virtuous, and lawful society)   බිහි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කොට තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම  කාර්ය සාධක බලකායට සන්නද්ධ හමුදා ප්‍රධානීන් සහ පොලිස් හා බුද්ධි අංශ ප්‍රධානීන්, රේගු ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුලු සමාජිකයින් 13 දෙනෙකුගෙන් මෙම බලකාය සමන්විත වේ.

මෙම සාමාජිකයින් 13 දෙනාම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමිකයින් ලෙස  ඉහළ මිලිටරි  හා පොලිස්  තනතුරු හෙඹ වූ සහ හොඹවන පුද්ගලයින් වේ. එනම්,

1. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (කාර්ය සාධක බලකා ප්‍රධානි)

2. ශ්‍රී ලංකා යුද හමුදා අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා

3. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා

4. එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී

5. සී. ඩි. වික්‍රමරත්න, වැඩබලන පොලිස්පති

6. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, රේගු අධ්‍යක්ෂ ජනරාල්

7. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී

8. මේජර් ජෙනරාල් සුරේෂ් සාලි, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ

9. මේජර් ජෙනරාල් ඒ. එස්. හේවාවිතාරණ, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ

10.කපිතාන් එස්.ජේ. කුමාර, නාවික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ

11.එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. ගුවන් හමුදා බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ

12.ටී. සී. ඒ . ධනපාල, නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය සාධක බලකාය

13.වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති යන අයගෙන් මෙම කාර්ය සාධක බලකාය සම්න්විතව තිබේ.

මුලික කරුණු 4 ක් !

එසේම නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයේ “සුරක්ෂිත රටක්  විනය ගරුක, ගුණවත් සහ  නීතිගරුක සමාජයක්” බිහි කිරීම සඳහා මෙම කාර්ය සාධක බලකාය හරහා පහත  කාර්ය භාරයන් ඉටු කරගැනීමට අරමුණු කරන බව මුලික කරුණු 4 ක් ඔස්සේ දක්වා තිබේ.

        1. රටේ ඇතැම් ස්ථානවල වර්තමානයේ සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම.

        2. මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම, වරාය හා ගුවන්තොටුපළ හරහා විදේශයන්ගෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සහ රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන වෙනත් සමාජීය රෝග වළක්වා ගැනීම.

       3.  ශ්‍රී ලංකාවේ විදේශයන්හි සිට සිදුකරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම.

        4. බන්ධනාගාර හා ඒ අවට සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම හා වැළැක්වීම යන ඒවා ඊට අයත් වේ.

lawful society 2020.05.03කෙසේ වෙතත් විශේෂයෙන්ම “සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම්” ආදී ලෙස ඉතා පුළුල් පරාසයක විහිදී යන පරිදි යොදා ඇති මෙම කාර්යභාරයන්  අර්ථකතනය කිරීමේදී ඒවාට මුලික වශයෙන් අයත් වෙන්නේ මොනවාද යන ගැටලුව දැඩිව මතුවේ.

මේවා තම සිතැගි, අභිලාෂයන් හා රුචි, අරුචි කම් මත අර්ථ  දැක්වීමේ ගැටලුවක් පවතී. දැනටමත්  සෘජු හා වක්‍ර ආකාරයෙන් විවිධ තර්ජන වලට ලක්ව ඇති  සමාජ ක්‍රියාකාරීන් ඇතුලු බොහෝ පිරිසක් තම අප්‍රසාදය මේ කෙරේ  පළ කොට තිබේ. 

නිරායුධව සිවිල් පුරවැසියන් විසින් රාජ්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි හෝ වෙනත් අයිතිවාසිකම් ලබා ගැනීම උදෙසා දක්වන  විරෝධයන් සම්බන්ධයෙන් ද මෙම  වගන්තිය හරහා බලපෑම් එල්ල වෙනු ඇති බවට සැකයක් ඇති වෙමින් තිබේ. 

විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදී උද්ඝෝෂණ ස්ථානය නමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මුඩු බිමට මහජනයා තල්ලු කොට දමමින් විරෝධතා වලට සම්බන්ධ සිවිල් ජනයට තර්ජනය කරමින් ඒවා  මර්දනය කිරීමට ගත් උත්සාහයද මේ සමඟම කියවා ගත යුතුව තිබේ.

prasidant Durarathe textඅනෙක් අතට මෙම  කණ්ඩායමට මෙහි සඳහන් විෂය කේෂ්ත්‍රයන්ට අයත් කිසිදු විශේෂ දැනුමක් සහිත පුද්ගලයින් පත් කොට නොමැති වීම විමතියට කරුණකි. 

යුධ, ගුවන් හා නාවික හමුදා නිලධාරීන්ගෙන් පමණක් සමන්විත වන ලෙස මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීමෙන් සත්‍ය වශයෙන්ම අරමුණු කොට ඇත්තේ කුමක් ද නැවත නැවත පැන නඟින ගැටලුවකි.

ජනාධිපතිවරයා එසේම ගැසට් නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ සුරක්ෂිත රටක්  විනය ගරුක, ගුණවත් සහ  නීතිගරුක සමාජයක් සඳහා වූ  කාර්ය සාධක බලකාය සේවා සැපයීමේදී සහාය ඉල්ලා සිටින සියලුම රජයේ නිලධාරීන් සහ වෙනත් පුද්ගලයින් හට එවැනි උපදෙස් වලට අනුකූල වන ලෙස උපදෙස් නිකුත් කළ හැකි අතර ඒ වෙත හැකි සෑම සහයක්ම ලබා දෙන ලෙසත්, ලබා දිය හැකි සියලු තොරතුරු ලබා දෙන ලෙසත්  සියලුම රජයේ නිලධාරීන්ට සහ අනෙකුත් අයට තමන් විසින්  උපදෙස් දෙන බවය.

තවද රාජකාරි හා වගකීම් ඉටු කිරීමේදී මෙම වගකීම් සහ රාජ්‍ය නිලධාරියෙකුට හෝ එවැනි ආයතනයකට පවරා ඇත ඕනෑම රාජ්‍ය අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ ඒ හා සමාන වෙනත් ආයතනයක ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුගේ හෝ නිලධාරියෙකුගේ ප්‍රමාදයක් හෝ පැහැර හැරීමක් පිළිබඳ සියලු වාර්තා තමන් වෙත වාර්තා කරන ලෙස ද  මම මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් දිගින් දිගටම රටේ සිවිල් පරිපාලනයට ද, එසේම මෑත කාලිනව කොරෝනා පාලනයේ සිට මේ දක්වා පත් කොට ඇති ජනාධිපති කාර්ය සාධක බලකායන් වෙත ද පත් කර ඇති බොහෝ නිලධාරින් මෙන්ම ප්‍රධානින් හමුදා නිලධාරීන් වන අතර අදාළ විෂය සම්බන්ධ දැනුම ඇති අයගේ පරිචයන් ලබා ගැනීම මුළුමනින්ම මේ අවස්ථා සියල්ලෙහිදීම නොසළකා හැර ක්‍රම ක්‍රමයෙන් ඉතා සුක්ෂම ලෙස මිලිටරිකරණයට ලක් කෙරෙමින් ඇත.

අනෙක් අතට ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් බරපතල චෝදනා ලැබ සිටින, එමෙන්ම දිගින් දිගටම අධිකරණ හමුවේ තම නඩු වාර වෙනුවෙන්  පෙනී නොසිටිමින් කට්ටි පනිමින් සිටින සිටි පුද්ගලයෙකු “සුරක්ෂිත රටක්  විනය ගරුක, ගුණවත් සහ  නීතිගරුක සමාජයක්” වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමද හාස්‍යට කරුණකි.

ඉතින් “සුරක්ෂිත රටක්  විනය ගරුක, ගුණවත් සහ  නීතිගරුක සමාජයක්”  කිරීමේ පළමු පියවර ලෙස තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම හා අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව  අධිකරණයේ පෙනී සිටිමට නිකුත් කොට ඇති “සිතාසිය” භාර දීමට සිව් වතාවක් සොයා ගැනීමට නොහැකිව සිටින අද්මිලාර්  වසන්ත කරන්නාගොඩ මහතාට එය ලබා දීමට වත් අඩුම තරමේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සහාය වීමට  තම මුල්ම  කාර්ය ලෙස මෙම කාර්ය බලකායට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


(ඉෂාරා ධනසේකර - vikalpa.org)

Ishara 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...