The Leader News
BREAKING
Top Ad
Opinion

මාළිමාව යනු රාජපක්ෂවාදයේම පුනරාගමනයක් ද? | Priyashantha Rajapaksha

T

The Leader Desk

April 21, 2025 • 6:24 AM

මාළිමාව යනු රාජපක්ෂවාදයේම පුනරාගමනයක් ද? | Priyashantha Rajapaksha

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ට ඒ අපහාස තාඩන පීඩන එල්ල කල බලවේගය තුල ලොකුවටම ජ.වි.පෙ.
  • සිටි ලොකු අතුල, මහින්ද විජේසේකර වැන්නන්ද ජ.වි.පෙ.
  • නිර්මාල් රන්ජිත් දේවසිරි වත්මන් ආන්ඩුව යනු රාජපක්ෂවාදයේම පැහැදිලි පුනරාගමනයක් (ඊටත් වඩා බාල) බව සත්‍යයකි.
  • ඇතම්විට මෙය ප්‍රබුද්ධ දේශපාලන විචාරකයෙක් ලෙස ඔහු මෙතෙක් ගොඩ නගාගත් කිර්තිනාමයට හානි නොකරගෙන කඩේයන නවීන ක්‍රමවේදයක්ද විය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන්ට ඒ අපහාස තාඩන පීඩන එල්ල කල බලවේගය තුල ලොකුවටම ජ.වි.පෙ. ප්‍රමුඛ මාළිමා බලවේගයත් හිටියා. හැබැයි මාළිමාවේ අපවාදවල ගොදුරුවූ ඒ හැටනම ලක්ෂෙ ප්‍රජාව පසුගිය චන්දෙදි මාළිමාවටම සිය චන්දය දුන්නා මිස වෙන දේශපාලන කඳවුරුවලට ජන්දය දුන්නේ නැත..

ඇත්තටම ඇයි එහෙම උනේ?

president rajapaksa at sri dalada maligawa
හේතුව රාජපක්ෂවාදය සහ ජ.වි.පෙ., මාළිමා ජනතාවාදය ජාඩියට මූඩිය සේ සෙට්වීමත් සහ මේ හැටනව ලක්ෂෙ ප්‍රජාව වෙනත් දේශපාලන බලවේග සමඟ නොපෑහීමත් ය. රාජපක්ෂවාදය සහ ජ.වි.පෙ. මාළිමා වාදය යනු සමාන්තරව යන දේශපාලන දහරාවෝ දෙකකි.

ජාතිකවාදය, ජනතාවාදය, වාමදූපත්වාදය, වංචනික බටහිර විරෝධය යන දෑ මේ දෙකේම නිසඟ දේශපාලන ගතිකයෝ වෙති..

 

MR WW

විමල් වීරවංශ වැනි උග්‍ර ජාතිකවාදීන් සහ ඊට පෙර ජ.වි.පෙ. සිටි ලොකු අතුල, මහින්ද විජේසේකර වැන්නන්ද  ජ.වි.පෙ. සිට රාජපක්ෂ කඳවුරට නැත්නම් සිරිම ටයිප් හෝ බන්ඩාරනායක ටයිප් ජාතිකවාදයට මාරු උනා මිස වෙනත් දේශපාලන කඳවුරකට හේත්තු නොවීමේ හේතුවද මේ මතවාදී සමානකමය..

මෙතනදි නිර්මාල්ගෙ විග්‍රහය ප්‍රසස්ථය.

Nirmal Ranjith Dewasiriනිර්මාල් රන්ජිත් දේවසිරි
වත්මන් ආන්ඩුව යනු රාජපක්ෂවාදයේම පැහැදිලි පුනරාගමනයක් (ඊටත් වඩා බාල) බව සත්‍යයකි.

හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අර මැක්කගෙ කතාව වගේ මොන සම්බාව්‍ය විචාරයෙන් පටන් ගත්තත් නිර්මාල් කතාව අවසන් කරන්නෙ කෙසේ හෝ මේ ආන්ඩුව රැකගත යුතුය යන යන ලොන්ඩරි අස්තානයට රෙදි නැතිව පල්ලම් බැසීමෙන් වීමය..

ඇතම්විට මෙය ප්‍රබුද්ධ දේශපාලන විචාරකයෙක් ලෙස ඔහු මෙතෙක් ගොඩ නගාගත් කිර්තිනාමයට හානි නොකරගෙන කඩේයන නවීන ක්‍රමවේදයක්ද විය හැක.

Screenshot 20240415 220904 Messenger(සටහන | ප්‍රියශාන්ත රාජපක්ෂ)
අධ්‍යයන කවය
''89-සහෝදරත්වය''

උපුටා ගැනීම - lankapowernews


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාළිමාව යනු රාජපක්ෂවාදයේම පුනරාගමනයක් ද? | Priyashantha Rajapaksha | The Leader