The Leader News
BREAKING
Top Ad
Opinion

''ජාතිවාදී වෛරසය කොරෝනාවට වඩා විනාශකාරියි'' -රංගන ශිල්පිනී ලංකා බණ්ඩාරනායක

T

The Leader Desk

April 4, 2020 • 11:36 AM

''ජාතිවාදී වෛරසය කොරෝනාවට වඩා විනාශකාරියි'' -රංගන ශිල්පිනී ලංකා බණ්ඩාරනායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමස්ථ ලෝකයමත්, රටක් වශයෙන් අපිත් මේ මොහොතේ ඉන්නේ තීරණාත්මක තැනක. ලොකු පොඩි, දුප්පත් පොහොසත්, සංවර්ධිත හෝ දිළිඳු මේ කිසිදු බේදයකින් තොරව කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිර යමින් තියෙනවා. දිනෙන් දින අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක අපි හැමෝම ඉන්නේ යම් අවිනිශ්චිත මොහොතක. ඊළඟට කුමක් සිදුවෙයිද කියන දෙගෙඩියාවෙන්.
  • මොකද මානසික සමබරතාවය නැති වීම නිසා මිනිසුන් කරන කියන දේවල් කොවිඩ් 19 පැතිරෙනවට වඩා බරපතල හානියක් සමාජයට කරනවා කියලායි ලංකාව ඇතුලේ වගේම, ලෝකේ පුරාමත් සිද්වෙන දේවල් වලින් පේන්න තියෙන්නේ.
  • මේ වගේ වෙලාවල කලාකරුවාගේ කාර්‍ය ඉතාම පුළුල්.
  • ඒ වගේම තමයි සංගීතඥයන්, නාට්‍ය ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් සහ සාහිත්‍යකරුවන් ඇතුලු ලොව පුරා කලාකරුවන් මේ මෙහොතේ කොරෝනා නිසා බියට පත් වෙමින් ඉන්න සමාජය එයින් එලියට ගේන්න කරමින් ඉන්න කාර්‍ය ඉතාම ප්‍රශංසනීයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මොහොත අපි එකිනෙකාට දැනෙන්නේ එක එක විදිහට. අපි කතා කළා රංගන ශිල්පිනියක සහ සිනමාකාරිනියක වන ලංකා බණ්ඩාරනායක ශිල්පිනියට. මේ මොහොතේ දැනෙන දේ ගැන ඇය අපට කිවුවේ මෙහෙමයි.


'' මානසික සෞඛ්‍ය රැක ගැනීම හරිම වැදගත් '' 

''මේ වෙලාවේ ලෝකෙම ඉන්නේ අර්බුදයක. මේ වගේ ඉතා සංවේදී වෙලාවල මානසික සෞඛ්‍ය රැක ගැනීම හරිම වැදගත් වෙනවා. මොකද මානසික සමබරතාවය නැති වීම නිසා මිනිසුන් කරන කියන දේවල් කොවිඩ් 19 පැතිරෙනවට වඩා බරපතල හානියක් සමාජයට කරනවා කියලායි ලංකාව ඇතුලේ වගේම, ලෝකේ පුරාමත් සිද්වෙන දේවල් වලින් පේන්න තියෙන්නේ.

මේ වගේ වෙලාවල කලාකරුවාගේ කාර්‍ය ඉතාම පුළුල්. ඒ නිසා අනිත් හැමෝම වගේ කලාකරුවනුත් මේ වෙලාවේ කොරෝනා තම තමන්ගේ ක්ෂේත්‍රයට බලපාලා තියෙන විදිහ ගැන කතා කරමින් ඉන්නවට වඩා තමන්ගේ කලා මාධ්‍ය හරහා මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය රැකගන්න ක්‍රියාත්මක වෙන එක වෛද්‍යවරුන් විසින් මේ වෙලාවේ කරමින් ඉන්න කාර්‍ය තරම්ම වැදගත් කියලායි මට හිතෙන්නේ. 


මේ මොහොතේ එය කළ හැකි එකම කලාව !

මොකද සමාජයෙන් දුරස් වෙලා හුදෙකලා වෙන්න සිදුවෙන මිනිසුන්ට එහි පීඩනය දරාගන්න උදව් වෙන්නේ සමාජය එක්ක කරමින් හිටපු ගණුදෙනුව වෙනත් අයුරකින් අත්විදින්න හැදෙන ඉඩ විසිනුයි. එහෙම නැතිනම් එම පීඩනය අවශෝෂණය  කරගන්න මාධ්‍යක් වෙතින් පමණයි. 

මේ මොහොතේ එය කළ හැකි එකම මාධ්‍ය කලාව පමණයි.

ලෝකේ බොහෝ තැන් වල කලාකරුවන් මේ මොහොතේ තමන්ගේ මාධ්‍ය උපයෝගී කරගෙන විවිධ නිර්මාණ කරමින් සමාජය දැණුවත් කරන්න, මානසික ආතතිය අවම කරන්න දායක වෙමින් ඉන්නවා. 

උදාහරණයක් විදිහට සිනමාව පැත්තෙන් ගත්තාම ලෝකයේ සමහර සිනමා උළෙලවල් පැවැත්වීම නවතා දමනවා වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ඒවා පවත්වමින් දහස් ගණනක් ප්‍රෙක්ෂකයන්ට නිර්මාණ රස විදින්න අවස්ථාව ලබා දුන්නා. 

බොහෝ Online Platforms සිනමා කෘති නොමිලේ හෝ ඉතාම අඩු මුදලකට අන්තර්ජාලය හරහා නරඹන්න අවස්ථාව ලබා දෙමින් මිනිසුන්ගේ කාලය නිර්මාණ සමග ගත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. 

සිනමාකරුවන් මිනිසුන් දැනුවත් කරන කෙටි චිත්‍රපට නිර්මාණය කරලා ඒවා අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා දකින්න පුළුවන්.


බියට පත් වෙමින් ඉන්න සමාජය එයින් එලියට ගේන්න...


ඒ වගේම තමයි සංගීතඥයන්, නාට්‍ය ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් සහ සාහිත්‍යකරුවන් ඇතුලු ලොව පුරා කලාකරුවන් මේ මෙහොතේ කොරෝනා නිසා බියට පත් වෙමින් ඉන්න සමාජය එයින් එලියට ගේන්න කරමින් ඉන්න කාර්‍ය ඉතාම ප්‍රශංසනීයයි.

මේ වෙනකොට ලංකාවේ අපිට වෛරසය ආසාධනය අවම කරගන්න කරන්න පුලුවන් එකම දේ හැකි තාක් නිවසට වෙලා ඉදිමින් නීති සහ වෛද්‍ය උපදෙස් පිළිපදින එකයි. 


''ජාතීන් විදිහට වෙන් වුනා කියලා කාටවත් ගැලවීමක් නම් නෑ''

ඒ වගේම තමා වෛරයසයටත් වඩා භයානක විදිහට අපේ සමාජයේ පැතිරිලා යන්න උත්සාහ කරන ජාතිවාදී වෛරසය මේ මොහොතේදී කොරෝනා අභිබවා ගිහින් හිස ඔසවන්න නොදී ඉන්න එක ඉතාම වැදගත්. 

මොකද ජාතීන් විදිහට වෙන් වුනා කියලා මේ මොහොතේ කිසිම විදිහකින් කාටවත් ගැලවීමක් ලැබෙන්නේ නෑ. අපි හැමෝම එකකු වෙලා, එකිනෙකාට උපකාර කරගනිමින් මේ මොහොත පහු කරගමු.''

(cinema.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...