The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් හෙටටත් වලංගු ද..? | Ranjana Senanayake

T

The Leader Desk

April 30, 2025 • 7:30 AM

රනිල් හෙටටත් වලංගු ද..? | Ranjana Senanayake

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජනබල වේගය බලය තහවුරු කරගන්නා තුරුම ලාංකීය දේශපාලන භූමියට ජේ.ආර්.
  • ඇත්ත වශයෙන්ම ජාතික ජනබල වේගය බලය තහවුරු කරගන්නා තුරුම ලාංකීය දේශපාලන භූමියට ජේ.ආර්.
  • ආර්තික ප්‍රතිසංස්කරන ලෙසද ජේආර් විසින් 1977 සිට හදුන්වාදුන් නවලිබරල් ප්‍රතිපත්ති ඔහුට බැන බැන ක්‍රියාත්මක කිරීමයි.
  • පත්වූ ආන්ඩුද, ජනතාවද සිදුකලේ විවෘත ආර්තිකයට තොරතෝංචියක් නොමැතිව බැන වදිමින් එම විවෘත ආර්තිකයේ ඵලයන් එක්තරා ආකාරයකින් අඩුවැඩි ලෙස භුක්ති විඳගැනීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වනවිට නව රජය පත්වී නව වන විධායක ජනාධිපති තුමා සහ එතුමා යටතේ නව රජය තුනෙන් දෙකකටත් වඩා ජනතා බලයක් ලබා ඇති මොහොතක, නව කැබිනට් මණ්ඩලය සහ නව අග්‍රාමාත්‍ය තුමියද පත්වී මාස දෙකක් පමන ගතවී ඇති මොහොතක, ඔවුන්ගේ ජයග්‍රහනයන් වෙත සුබ පතමින්ම මෙම ජනපතිවරණය තුලින් පරාජයට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයත් සමග ඉදිරි දේශපාලනය තුල ඔහුගේ වලංගු භාවය පිලිබඳව සටහනක් තැබීම මේ ලිපියෙහි අරමුණ වේ.

 

මතවාද - Results from #312ජාතික ජනබල වේගය බලය තහවුරු කරගන්නා තුරුම ලාංකීය දේශපාලන භූමියට ජේ.ආර්. ජයවර්දනගෙන් ගැලවී ගත නොහැකි විය.
එසේම අළුතෙන් රජයක් පත්වූ විට එයට ස්ත්‍රෝත ගයන්නන්ද, ජයග්‍රහණයේ ආශ්වාදයෙන් ගිනිකණ වැටී ඇති අයද, අළුත පත්වූ රජයේ කුමන හෝ සුළු අඩුපාඩුවක් හෝ හොයාගන්නා තුරු ඉස්පාසුවක් නැතිව පසුවෙන්නන්ද, නව රජය පවත්වාගෙන යෑමට නොහැකිව අර්බුදයට යෑම දැකීමට පුල පුලා බලාසිටින්නන් ගෙන්ද අඩුවක් නොමැති මේ කාලපරිච්චේදය තුල මේ ලිපිය බොහෝවිට ඉහත දැක්වූ කංඩායම් වලට නොව ඊට වඩා එහාට ගිය දේශපාලන කියවීමක් සහිත අයට මේ ලිපිය ගැලපේ යැයි සිතමි.

ඇත්ත වශයෙන්ම ජාතික ජනබල වේගය බලය තහවුරු කරගන්නා තුරුම ලාංකීය දේශපාලන භූමියට ජේ.ආර්. ජයවර්දනගෙන් ගැලවී ගත නොහැකි විය. JR ගේ ව්‍යවස්තා උගුලෙන් ගැලවීමට හැකියාවක් හෝ උවමනාවක් මෙතෙක් බලයට පත්වූ කිසිම පක්ෂයකට හෝ සන්දානයකට නොවීය. එපමනක් නොව මෙතෙක් බලයට පත්වූ සියලුම බලවේග සිදුකලේද බලය පවත්වාගෙන යාමට ජේආර් ගේ ව්‍යවස්තාවේ අටවාතිබූ උගුල්වල පිහිට පැතීමය. ආර්තික ප්‍රතිසංස්කරන ලෙසද ජේආර් විසින් 1977 සිට හදුන්වාදුන් නවලිබරල් ප්‍රතිපත්ති ඔහුට බැන බැන ක්‍රියාත්මක කිරීමයි.

විධායක කෝලම - රටේ රාළපත්වූ ආන්ඩුද, ජනතාවද සිදුකලේ විවෘත ආර්තිකයට තොරතෝංචියක් නොමැතිව බැන වදිමින් එම විවෘත ආර්තිකයේ ඵලයන් එක්තරා ආකාරයකින් අඩුවැඩි ලෙස භුක්ති විඳගැනීමයි.

ජේආර් ගෙන ආ විධායක ජනාධිපති ධූරයද මේ දක්වා පත්වූ සියලුම රජයවල් ජේ ආර්ට බැනවදිමින්ම භුක්ති විදි තනතුරක්ම විය.

පත්වූ ආන්ඩුද, ජනතාවද සිදුකලේ විවෘත ආර්තිකයට තොරතෝංචියක් නොමැතිව බැන වදිමින් එම විවෘත ආර්තිකයේ ඵලයන් එක්තරා ආකාරයකින් අඩුවැඩි ලෙස භුක්ති විඳගැනීමයි.

70-77 කාලය තුලදී රටතුල තිබූ භාන්ඩ හිඟය, පෝලිම් යුගය, හාල් පොලු, මිරිස් පොලු අවසන් කොට රටපුරා භාන්ඩ සුලභ කරමින්ද, දේශීය ශ්‍රමිකයාට විදේශීය ශ්‍රම වෙළදපොල විවෘත කරමින්ද රට තුල විවිද අඩුපාඩු ඇතිව ධනේශ්වර ආර්තික ප්‍රතිපත්ති යම්තාක් දුරකට ඇතිකිරීමට ජේආර් ජයවර්දන සමත්විය. එබවින් ලාංකීය දේශපාලනය තුල ජේආර් භූමිකාවෙන් ගැලවීමට අද දක්වාම නොහැකිවිය. ජේ ආර්ගේ හෙවනැල්ල මේ අයුරින් අද දක්වාම ලාංකීය දේශපාලන භූමිය මත පතිත වී ඇති බව මින් පැහැදිලි වේ.

 

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)ජේ ආර්ගේ හෙවනැල්ල මේ අයුරින් අද දක්වාම ලාංකීය දේශපාලන භූමිය මත පතිත වී ඇති බව මින් පැහැදිලි වේ.
නව රජය පත්වීමත් සමගම තම ධූරයෙන් සමුගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් වලින්ද ඉවත්වී ගොස් ඇත. සමහර ඔහුගේ විරුද්ධවාදීන්ට අනුව ඔහුගේ පසුගිය දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔහුගේ පුරවැසිභාවය අහෝසි කලයුතු බවට නඩු තීන්දුද ලබාදී තිබේ. තවත් අයට අනුව ඔහු පසුගිය වසර දෙක තුලදී කරන ලද මර්දනයන් විමසා බලා ඒවා නීති විරෝධී බැවින් ඔහුව සිරගෙට යැවිය යුතු බවට තීන්දුද ලබාදී තිබේ. එහෙත් දේශපාලන ලෝකය තුල මේ දක්වා රනිල් සාධකය ස්ථානගතව තිබූ ආකාරය අනුව සහ ඒ පිලිබඳව විශ්ලේශණාත්මකව බලන අයෙකුටනම් ඔහුගේ භූමිකාව එසේ සරලව ලඝුකොට ඒ කියන තරම් සරල ලෙස දඬුවම් වලට යටත්කිරීම් දක්වා ඌණනය කිරීමට වඩා, සොයා බැලිය යුත්තේ රනිල්ගෙන් ලාංකික දේශපාලන භූමියට තවදුරටත් උපයාගත යුතු දෙයක් ඇද්දැයි යන්නය.

 

Sri Lanka Prime Minister Ranil Wickremesinghe (R) and Media Minister Mangala Samaraweera speak during the opening of a regional seminar on the safety of journalists in Colombo on December 4, 2017. The UNESCO-sponsored one-day seminar was to mark the International Day to End Impunity for Crimes against Journalists. / AFP PHOTO / Ishara S. KODIKARA        (Photo credit should read ISHARA S. KODIKARA/AFP via Getty Images)

එයට හේතුව නම් රටට වඩා රනිල් සාධකය රටින් පිට විදේශ බලවතුනට පවා අවශ්‍ය වී ඇතිබව ඔහුට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට කල ඇරයුමෙන්ම පෙනෙන හෙයිනි. රනිල්ගේ භූමිකාව අපට තවමත් වැඳගත් වන්නේ එම සොයාබැලීම් තුලදී බව මාගේ හැඟීමයි. එක් අතකින් ලිබරල් දේශපාලනය තුල අපට දැකගත හැකි එක්තරා අවසන් කොළඹ ප්‍රභූවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

 

මංගල සමරවීර නැමැති සුවිසල් ලිබරල් චරිතය රටට අහිමිවීමෙන් පසු අපට ඉතිරිව ඇත්තේද මේ ලිබරල් නායකයා පමණි. අනෙකුත් ලිබරල් බුද්ධිමතුන් මෙන්ම වාමවාදී බුද්ධිමතුන් ඇත්තේද මේ කියන දේශපාලන බලවේග වලට පිටතිනි. එබැවින් අප හමුවේ පැවරී ඇති එක් වැඳගත්ම කර්‍යභාරයක් වන්නේ රනිල් ලවා ලිබරල් කඳවුර ශක්තිමත් කරගැනීමයි.

456508892 1072557460897152 4196308985728058101 n"සමගි බලවේගය” නැමැති දේශපාලන අත දරුවා බිහිවූයේ මේ එජාප ඛංඩණය වීමෙනි

 

මාගේ යෝජනාව නම් ඔහු හරහා නැවත “එක්සත් ජාතික පක්ෂය” ශක්තිමත් කරගැනීමයි. මේ එක්සත් ජාතික පක්ෂයේ ඛංඩනය නිසාම රටේ දේශපාලනය ඉතාම නරක අන්තයක් කරා ගියබව මාගේ හැගීමයි. එයින් බෙදීගිය ” සමගි බලවේගය” නැමැති දේශපාලන අත දරුවා බිහිවූයේ මේ එජාප ඛංඩණය වීමෙනි. අතීතයේදී ඩී. එස් සේනානායක, ජේ ආර් ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි නායකයින් බිහිකලේද එක්සත් ජාතික පක්ෂයයි.

රටේ එක තැන පල්වුනු ජාතික ආර්ථිකයට විවෘත ආර්ථික රටාව අඩුපාඩු මැද්දේ උනද හඳුන්වා දුන්නේද, ඒ හරහා රටේ සුළුවෙන් හෝ වැඩකරන පංතියක් බිහිවුනේද එක්සත් ජාතික පක්ෂය නිසාය. එසේම රටේ ප්‍රභල දක්ෂිණාංශික කංඩායම බිහිකලේද එක්සත් ජාතික පක්ෂයයි. එබැවින් යලි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් නොවී හරියාකාරව රටේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ සහ ඒවා සාර්ථක කරගැනීමේ මෙන්ම පවත්වාගෙන යාමේ දැඩි අවධානමක් පවතී.

නමුත් සිදුවීගෙන එන වඩාත් අයහපත් දේනම් මේ එක්සත් ජාතික පක්ෂය පවා සජිත් ප්‍රේමදාස මහතා යටතේ එක් කඳවුරක් බවට පත්වීමට ඇති යම් ඉඩකඩයි. එය 1989 කාලයේදී එක්සත් ජාතික පක්ශයේ බලය ආර්.ප්‍රේමදාස අතට පත්වීම නැවත පුනරාවර්තනයක් විය හැකිය. ඇත්තෙන්ම එජාප නායකත්වය තේරුම් ගත යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා හෝ දිලිත්-වීරවංශ බලවේග යනු 21 වැනි සියවසට ගැලපෙන දේශපාලනයක් සහිත බලවේග නොවන බවයි. එනිසා ඇත්තෙන්ම ලංකාවේ දේශපාලනය දැන් චලනය විය යුත්තේ එක් අක්ෂයක NPP ලෙසත්, අනෙත් අක්ෂය ලෙස UNP හෝ දක්ෂිණාංශික කඳවුරක් ලෙස මිස NPP අක්ෂයට එරෙහිව අනෙත් කඳවුර ලෙස ජාතික කඳවුර ලෙස පෙනී සිටිමින් නොවේ.

එක්සත් ජාතික පක්ෂයේ බල පොරය අතීත උරුමයක්!

 

අපි එහි ආදීනව 1956 සිටම දැක ඇත්තෙමු. 1956 සිට රටේ දේශපාලනය චලණය වුනේ ධනේශ්වර එක්සත් ජාතික පක්ෂය සහ ජාතිකවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටාය. විශේෂයෙන් 1970-1977 කාලය තුල ජාතිකවාදී සහ වාමවාදී හවුලක් ලෙස බලයට පැමිණි ශ්‍රීලනිපය විසින් රට දශක ගණනක් ආපස්සට හැරුණු ආකාරය අපි දුටුවෙමු. එපමණක් නොව ශ්‍රිලනිපය වෙනුවට දැන් සමගි ජන බලවේගය ඒ තැන ලබා ගනු ලැබූවද ප්‍රතිපල වෙනසක් නොවේ. සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවති ජනපතිවරණයෙන් අනුර කුමාර මහතා පරදා ජනාධිපති වූයේ නම් ඔහු පත්වූ දින සිටම රට අවුරුදු 30 ක් ආපස්සට එනම් ප්‍රේමදාස යුගයට ඔහු රට ගෙනයායුතුව තිබිනි. රටේ වාසනාවකට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා ලෙස පත්වූයේ නැත. එහෙත් අතිදක්ෂ ලිබරල් පාලකයෙක් මේ ජනපතිවරණයෙන් ගෙදර යැවුනි.

 

MS 01 12 800x533මංගල, රනිල් වැනි සුවිශේෂ ලිබරල් චරිත ලංකාව තුල පහල වීමම අත්‍යවශ්‍ය කාලයට පෙර සිදුවූ ඒවා බවද මතක් කරදීමට කැමැත්තෙමි.
අනිත් අතට මංගල සහ රනිල් යනු ලාංකීය දේශපාලනය තුල තව දශක ගණනාවක් ඉදිරියේදී හමුවිය යුතු චරිත විය යුතුව තිබුනා මිස මෙවන් ඉතා පසුගාමී සමාජ තලයන් තුල මුල් ඇදෙන චරිතයන්ද නොවේ. මංගල, රනිල් වැනි සුවිශේෂ ලිබරල් චරිත ලංකාව තුල පහල වීමම අත්‍යවශ්‍ය කාලයට පෙර සිදුවූ ඒවා බවද මතක් කරදීමට කැමැත්තෙමි.

මා අදහස් කරන ආකාරයට රනිල්ගේ කාර්‍යභාරය ලෙස දැන් එළබී ඇත්තේ රටේ අකර්මණ්‍ය වුණු දියුණු දක්ෂිණාංශික ලිබරල් පක්ෂයට පණ පෙවීමයි. දැන් ජයලබා උදම් අණන ජාතික ජනබල වේගයේ දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති අයද දැන් කලයුතු වන්නේ තම තමන්ද දියුණු දේශපාලන සාක්ෂරතාවන් ලබාගෙන සමාජය තුලම ඒ දේශපාලන සාක්ෂරතාව ඇතිකිරීමට වගබලාගැනීමයි. එසේ නොමැතිව රටේ ඉදිරිගාමී වැඩපිලිවෙලවල් රජය පමණක් ගෙනගිය පමණින් ඒවා භූමිය තුල දේශපාලන කල්චර් බවට පත්වන්නේ නැත. එසේ නොවනතාක් කල් ගනුලබන බොහෝ ප්‍රගතිශීලි පියවරයන් ගේ ආයුකාලය ඊලඟට පැමිණෙන සජිත් හෝ අනෙකුත් ජාතිකවාදී බලවේග තුලින් නැවත අහෝසිවීමට ඇති ඉඩකඩද බැහැරකල නොහැකිය.

 

asdv64y56

ඒ අයුරින් බලනකල, ජාතික ජනබල වේගයේ හිතවතුනට දැන් කිසිසේත් අවබෝධ නොවුනද පැවැත්වූ ජනපතිවරණය තුලට ස්වාධීන අපේක්ශකයා ලෙස පැමිණ හෝ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැලැක්වීමට ක්‍රියාකරමින් අනුර දිසානායක මහතාට ජනාධිපති වීමට අනියමින් සහයෝගය දැක්වීමද එක්තරා අන්දමකට ඓතිහාසික කාරණයකි. එබැවින් අප අවසන් කොළඹ ලිබරල් නායකයාට සමුදිය නොහැක්කේද ඔහුට අයත් තවත් විශේෂ කාර්‍යභාරයක් තවම ඉතිරිව ඇති බැවිනි.


Ranjana Senanayaka(සටහන | රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"
kaya4842@gmail.com

උපුටා ගැනීම - lankapowernews

මේ ලිපියට සබැඳි තවත් ලිපි

ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවි ද? | ගාමිණී වියන්ගොඩ

රනිල්ගේ මැප් එකේම තමයි අපිට අලුත් දෙයක් වෙත යන්න පුළුවන් වෙන්නේ | Mahesh Hapugoda

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...