The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රමිෂ්කා මගේ මිතුරියක්... | Rasika Jayakody

T

The Leader Desk

August 5, 2025 • 11:28 AM

ප්‍රමිෂ්කා මගේ මිතුරියක්... | Rasika Jayakody

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වගේ ම අනුරගේ, නලින්ද ගේ, ටිල්වින් ගේ, හඳුන්නෙත්තිගේත් හොඳ මිතුරියක්.
  • ඒ විවේචන අතර සාධාරණ විවේචනයක් තියෙනවා කියලා හිතුණොත් එයා ඒක අනුර ඇතුළු මාලිමාවේ ලොක්කන්ට යවනවා.
  • ඔවුන් කනවා බොනවා සිංදු කියනවා ඇති.
  • එළියේ සමාජයේ අත්විඳින්න බැරි නිදහසක් ඒ අය ගෙවල්වල සෙට් වෙනකොට භුක්ති විඳිනවා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වගේ ම අනුරගේ, නලින්ද ගේ, ටිල්වින් ගේ, හඳුන්නෙත්තිගේත් හොඳ මිතුරියක්.

මගෙ book signing එකක් තිබුණොත්, කොන්සට් එකක් තිබුණොත් ප්‍රමිෂ්කා අනිවාර්යයෙන් ම ඇවිත් යන්න එනවා.

මේ ඊයේ පෙරේදා තිබුණ ආකාස සූත්‍රයටත් ආවා. ඔය ෆොටෝ එක ගත්තේ ගිය අවුරුද්දෙ "බුක් ෆෙයා" එකේ.

ප්‍රමිෂ්කා මාලිමාවේ die hard supporter කෙනෙක්. මාලිමාව ගැන කිසියම් අන්ධ භක්තියක් එයාට ති‍යෙනවා.

මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක මාලිමාවට හෝ ආණ්ඩුවේ නායකයන්ට බැන්නොත් පහුවදාට මට ප්‍රමිෂ්කාගෙන් දිග පණිවිඩයක් එනවා.

ඒ විවේචන අතර සාධාරණ විවේචනයක් තියෙනවා කියලා හිතුණොත් එයා ඒක අනුර ඇතුළු මාලිමාවේ ලොක්කන්ට යවනවා.. ඒවට එයාලා දෙන උත්තරත් සමහර වෙලාවට මට කියලා එවනවා. ඒවාට මම කියන සෝපහාස ඇනුම් පදත් අහන් ඉන්නවා.

 

528138979 10162727946494818 7973217300686392228 n

ප්‍රමිෂ්කා අනුරගෙ සහ මාලිමාවේ නැගීමට උදව් කළ කෙනෙක්. පෙළපාලි ගිය කෙනෙක්...(ඡායාරුපය - උවිඳු කුරුකුලසුරියගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

ප්‍රමිෂ්කා එයාගෙ ගෙදර යාළුවෝ entertain කරනවා. ඒ යාළුවො අතර අනුරලා, ටිල්වින්ලා ඉන්නවා. ඔවුන් කනවා බොනවා සිංදු කියනවා ඇති. එළියේ සමාජයේ අත්විඳින්න බැරි නිදහසක් ඒ අය ගෙවල්වල සෙට් වෙනකොට භුක්ති විඳිනවා ඇති. මොන තනතුරු වගකීම් දැරුවත් මිනිස්සුන්ට එහෙම නිදහස් වෙන්න පුළුවන් කලාපයක් තියෙන්න ඕනෙ කියන තැන මම ඉන්නවා.

අන්තිමේ අපි ඔක්කොම මැරෙන මිනිස්සු..

"ප්‍රමිෂ්කා ආණ්ඩුවෙ අල්ලේ නටවනවා" "රටේ වැදගත් තීරණ ඔක්කොම ගන්නේ ප්‍රමිෂ්කා.." "අනුර වැඩ කරන්නේ ප්‍රමිෂ්කා කියන විදියට.." වගේ කතා නම් අතිශයෝක්ති බවයි මගේ අදහස. ප්‍රමිෂ්කා ජෙරොම් බැතිමතෙක් කියන එකත් බොරු. මම දන්න විදියට එයා සාම්ප්‍රදායික කතෝලික. ගියේ කොළඹ බිෂොප් විද්‍යාලෙට.

හැම ජනාධිපතිටම පුද්ගලිකව ඇසුරු කරන, සෙට් වෙන, එකට කන බොන, විහිළුවක් තහළුවක් කරන යාළුවෝ හිටියා. අනුර කියලත් වෙනම තාපස සීලයක් රකින්න ඕනෙ කියලා මම හිතන්නෙ නෑ.

මෙතැන ප්‍රශ්නය මොකක්ද?

මාලිමාවේ' බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් - (ගාමිණී වියන්ගොඩ)
දේශපාලනය කරන මිනිස්සුන්ගෙ entertainment කලාපය ගැන මාලිමාවේ ටොක්සික් ෆෑන්බේස් එක අවුරුදු ගාණක් ගොඩනැගුවේ ඉතා ම පසුගාමී, ගංකබර අදහසක්.

මේ පසුගාමී, ගංකබර අදහස තුළ ලිංගික ඉරිසියාව, කුහකකම, විනෝදාස්වාදය ගැන ග්‍රාම්‍ය අදහස්, හඩුකම, මළ පෙරේතකම වගේ හැම දෙයක් ම තිබුණා. මේ නිසා මාලිමාවේ නායකයන්ට යාළුවෙක් එක්ක සෙට් වෙන්නේ නැති, කන්නේ, බොන්නේ, සිංදු කියන්නේ, නාන්නේ නැති, "විමුක්ති ගී" ඇරෙන්න වෙන මොනවත් අහන්නේ නැති, විනෝදාස්වාද කලාපයක් නැති, මෙලෝ රහක් නැති ප්‍රතිරූපයක් සමාජය ඉදිරියේ නඩත්තු කරන්න වෙලා තියෙනවා.

ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. විශේෂයෙන් ම බලය දරන කාලෙට, පරීක්ෂාවට ලක් වෙන කාලෙට මේ ප්‍රතිරූප නඩත්තු කරන්න බැරි වෙනවා. දැන් තියෙන සමාජ මාධ්‍ය යුගයේ ඕවා කොහොමටවත් කරන්න බෑ. එළියට එන සමහර දේවල්, සමහර පින්තූර සමාජයේ අතිශයෝක්තියට නැගෙනවා.

ඉතින් මේ තියෙන්නේ අර ටොක්සික්, ගංකබර ෆෑන් බේස් එක වපුරපු ඒවයෙ ඵලදාව මාලිමාවේ ලොකු ම ලොක්කන්ට නෙලන්න වෙන කාලය. ප්‍රමිෂ්කාත් ඒකෙ ඉලක්කයක් වෙලා තියෙනවා.

මට මෙහෙම වෙලාවට මතක් වෙන්නේ මහින්ද ජයසිංහ ගේ සුප්‍රසිද්ධ කවිය..

"කරන කලට පව් මිහිරිය මීසේ
විඳින කලට දුක් ගිනි වෙයි බෝසේ.."

Rasik(සටහන | රසික ජයකොඩි)
නිදහස් මාධ්‍යවේදී
rasikajayakody2@gmail.com

(Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...