The Leader News
BREAKING
Top Ad
Opinion

සිහි කැඳවීමයි : මැතිවරණ සැනකෙලිය අතරේ රට විනාශයක මුව විටට... -වික්ටර් අයිවන්

T

The Leader Desk

March 10, 2020 • 11:09 AM

 සිහි කැඳවීමයි : මැතිවරණ සැනකෙලිය අතරේ රට විනාශයක මුව විටට... -වික්ටර් අයිවන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දේශපාලන නායකයින්ගේ, නිලධාරින්ගේ, උගතුන්ගේ හා සාමාන්‍ය මහජනතාවගේ පූර්න අවදානය පාර්ලිමේන්තු මැතිවරණ සැනකෙලිය කෙරෙහි යොමුව තිබිය දී 'රට තිබෙන්නේ විනාශයක මුව විටක' බව ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
  •  කියා ප්‍රශ්න කරන වික්ටර් අයිවන්, අන් සියලු රටවල් ජනතාව එක් රැස්වීම වලකා ඇතත් ලංකාව එක් රැස්වීම් වලට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සිය සටහන මගින් චෝදනා කරයි.
  • ''බැලු බැල්මට පෙනෙන්නට තිබෙන්නෙ කොරෝනා ප්‍රශ්නය වෙනත් රටවලට කෙසේ වෙතත් ලංකාවට එතරම් අදාල නොවන ප්‍රශ්නයක් ලෙස සලකා ක්‍රියා කරමින් තිබෙන බවය.
  • එහෙත් ලෝකයේ සීලාචාර රටවල පූර්න අවදානය දිනා ගත් ලොකුම ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ කොරෝනාව ආස්‍රයෙන් සෞඛ්‍ය අර්ථයෙන් හෝ සමාජ-ආර්ථික අර්ථයෙන් ඇතිවිය හැකි මහා අභියෝගයන් කෙරෙහිය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව අවධාරණය කර තිබේ. 

මෙය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් විය යුතු, පැවැත් විය හැකි අවස්තාවක්ද?  කියා ප්‍රශ්න කරන වික්ටර් අයිවන්, අන් සියලු රටවල් ජනතාව එක් රැස්වීම වලකා ඇතත් ලංකාව එක් රැස්වීම් වලට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සිය සටහන මගින් චෝදනා කරයි.

වික්ටර්ගේ සම්පුර්ණ සටහන පහත පළවේ.

''බැලු බැල්මට පෙනෙන්නට තිබෙන්නෙ කොරෝනා ප්‍රශ්නය වෙනත් රටවලට කෙසේ වෙතත් ලංකාවට එතරම් අදාල නොවන ප්‍රශ්නයක් ලෙස සලකා ක්‍රියා කරමින් තිබෙන බවය.

ලංකාවේ දේශපාලන නායකයින්ගේ, නිලධාරින්ගේ, උගතුන්ගේ හා සාමාන්‍ය මහජනතාවගේ පූර්න අවදානය යොමුවී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ සැනකෙලිය කෙරෙහිය.

එහෙත් ලෝකයේ සීලාචාර රටවල පූර්න අවදානය දිනා ගත් ලොකුම ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ කොරෝනාව ආස්‍රයෙන් සෞඛ්‍ය අර්ථයෙන් හෝ සමාජ-ආර්ථික අර්ථයෙන් ඇතිවිය හැකි මහා අභියෝගයන් කෙරෙහිය.

මෙම වෛරසය නිසා දෙවෙනි ලෝක යුද්දයේදී මියගිය මිනිසුන් සංඛ්‍යාවකට සමාන මිනිසුන් සංඛ්‍යාවක් මියයා හැකි බවද WHO හා සමහර රටවල පිලිගැනීම වී තිබෙනවා.

එම අභියෝගයට මුහුණ දීම සදහා ඒ රටවල් මිනිස් ජීවිත අර්ථයෙන් හා සමාජ -ආර්ථික අර්ථයෙන් විය හැකි හානි ප්‍රක්ෂේපණය කර තිබෙනවා සේම ඇතිවිය හැකි හානි අවම කරගැනීම සදහා යෝදාගත හැකි ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කරගනිමින් හා එවා නොකඩවා අලුත් කරගනිමින් තිබෙනවා.

ගුවන් තොටුපලවල් හා වරායන් වැසී යමින් තිබෙනවා. දැනටමත් ගුවන් සමාගම් ගනනාවක් බංකොලොත් තත්වයකට පත්ව තිබෙනවා. රටවල් අතර සංක්‍රමණය සේම රටවල් තුල නගර අතර සංක්‍රමණය බරපතල ලෙස සීමා කරමින් තිබෙනවා. මහජන උත්සව පැවැත්වීම අත් හිටවමින් තිබෙනවා. පාසැල් වසා දැමෙමින් තිබෙනවා. 

එක්සත් රාජධානිය ඉදිරි සති තුන තුල දුම්රිය හා පොදු මගී සේවා අත් හිටුවීමට තීරනය කර තිබෙනවා. ඒ රටේ නඩු ඇසීම ඔන් ලයින් වලින් කරන දෙයක් බවට පත් කර තිබෙනවා.

කොරොනා ප්‍රශ්නය කරලියට එන්නට පෙරත් 2010 තරම් කාලයේ සිට ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබුනේ නොකඩවා වරදනය වන විශාල අර්බුදයක.

පසුගිය ජනාධිපතිවරනය වනවිට රට තිබුනෙ සමස්ත ක්‍රමය කඩා බිදවැටෙන්න ආසන්න තත්වයක. එහෙත් රටේ පැවති එම තත්වය දේශපාලන නායකයින්ට, නිලධාරින්ට හා උගතුන්ට කල් නොයවා විසදාගත යුතු බරපතල ප්‍රශ්නයක් ලෙස පෙනුනෙ නැහැ. ඒ සියලු දෙනාට වැදගත් වුනේ බලය සදහා කෙරෙන පොරය මිස රටේ පැවැත්ම නොවේ.

දැන් රටට අලුත් ජනාධිපතිවරයෙකු ඇතත් ඔහුට විධායක බලය නැහැ. ජනාධිපතිවරනයෙන් ලැබූ පරාජයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබූ දේශපාලන කන්ඩායම ආණ්ඩු බලයෙන් ඉවත්වී ජයග්‍රාහී පක්ෂයට ආණ්ඩු බලය දුන්නේය.

එහෙත් එයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුනි.එය පාරලිමේන්තු මැතිවරනය තෙක් තාවකාලිකව ඇතිකරගත් තාවකාලික ආන්ඩුවක් විය. ඒ නිසා අයවැය ලේඛනයක් ඉදිරි පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. රුපියල් කෝටි තුන්සීයක තාවකාලික පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත කලද එය පරාජය කරනු ඇතැයි කියන බිය නිසා එම යෝජනාව ඉවත් කර ගත්තේය. ඒ නිසා ඊලග අය වැය තෙක් රජයේ විදම් කටයුතු කරගෙන යාමට සිදුවී තිබෙන්නේ වෙන්කරගත් මුදල් නැතිවය.

බරපතල ආර්ථික අර්බුදයක් !

රජයේ රෝහල් වල ලොකු බෙහෙත් හිගයක් පවතී. සියලුම අමාත්‍යංශ පවත්වාගෙන යාමට සිදුවී තිබෙන්නේ අමාරුවෙන් ගැටගසාගෙන යන තත්වයකය. සංචාරක කර්මාන්තය තිබෙන්නේ මුලුමනින් කඩා වැටුන තත්වයකය. ඇගලුම් කාර්මන්තය තිබෙන්නේද ඉන්දියාවේ හැර ලංකාව ඇතුලු මේ කලාපයේ පවත්වාගෙන යාමට බැරි තත්වයකය.

විදේශ රටවල රැකියා කරන්නන්ගෙන් ලැබෙන සංක්‍රාම ආදායම් තිබෙන්නේද අර්බුදාකාරි තත්වයකය. තේ කර්මාන්තය තිබෙන්නේද කඩා වැටුන තත්වයකය. කෘෂිකර්මය තිබෙන්නේද ඊට අවශ්‍ය පොහොර නැති තත්වයකය.

මෙය රටකට ඉතාමත් කලාතුරකින් මුහුන දෙන්නට සිදුවන ඉතාමත් බැරෑරුම් තත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට පූර්න අවදානය යොමු කරනවා වෙනුවට රටේ පූර්න අවදානය යොමුවී තිබෙන්නෙ පාර්ලිමේන්තු මැතිවරනය කෙරෙහිය.
 

මෙය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් විය යුතු, පැවැත් විය හැකි අවස්තාවක්ද?  අන් සියලු රටවල් ජනතාව එක් රැස්වීම වලකා ඇතත් ලංකාව එක් රැස්වීම් වලට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

කොරෝනාවෙන් ඇතිවන මරන තරජන්නයක් ඇතිව හෝ නැතිව එම ප්‍රස්නය සමාජ- ආර්ථික ඇතිකරන්නට නියමීත මහා අර්බුදය නොසලකා ලංකාව යන ගමනේ කෙලවර කුමක් විය හැකිද?

(වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...