The Leader News
BREAKING
Top Ad
Opinion

බහුචිතවාදියා ගැන ඇත්ත සටහනක් | Rohana Warnakulasooriya

T

The Leader Desk

June 7, 2025 • 4:31 PM

බහුචිතවාදියා ගැන ඇත්ත සටහනක් | Rohana Warnakulasooriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ තුනටම බලාපොරොත්තු තබාගත හැකි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුනා.
  • VHS කැමරා වලින් කෙටි චිත්‍රපටි කරල ආරම්භ කරපු මාලකගෙ සිනමා සවාරිය ඇතුලෙ අධිෂ්ඨාන සහගත අනම්‍ය අරගලකාරයෙක් හිටියා.
  • ඔබට බහුචිතවාදියෙක් හමුවෙලා ඇති.
  • ඔබ බහුචිතවාදියෙක් එක්ක ගනුදෙනු කරල ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ලකාගෙ වාලම්පුරි ආවා.

මේ තුනටම බලාපොරොත්තු තබාගත හැකි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුනා.

දැං මාලක දේවප්‍රියගෙ "බහුචිතවාදියා" ඇවිත්.

කවුද මේ බහුචිතවාදියා ?

zdvgsrg

මම මාලකව අඳුනගත්තෙ කොහොමද කියල මතක නැතත්,  මාලක කොළඹ කැම්පස් ඉන්න කාලෙදි කියන එක මතකයි.

VHS කැමරා වලින් කෙටි චිත්‍රපටි කරල ආරම්භ කරපු මාලකගෙ සිනමා සවාරිය ඇතුලෙ අධිෂ්ඨාන සහගත  අනම්‍ය අරගලකාරයෙක් හිටියා.

ඒ වගේම, කෙටි මං ඔස්සේ ගිහින් හුදු චිත්‍රපටි කාරයෙක් වෙනවා වෙනුවට තමන්ගේම වුන සමාජ කියවීමක් සිනමාගත කරන්ඩ උත්සුක වුන සැබෑ නිර්මාණ කරුවෙකුත් ඔහු තුළ ජීවත් වුනා.

ඉතිං, ඒ ගමනෙ පළමු සාර ප්‍රතිඵලය බහුචිතවාදියා.

බහුචිතවාදියා, ඒක අමුතු නමක්. ඒ මීට පෙර සිංහල භාෂාවෙ නොතිබුන නමක්. හැඳින්වීමක්.

ඒක මාලක හදපු නමක්.

ෆිල්ම් එක ෂූට් කරන්ඩ  කලින් මාලක මට පිටපත දෙනවා, කියවලා අදහසක් දෙන්න කියලා. ඒ  පිටපතෙත් උඩම "බහුචිතවාදියා" කියල නම සටහන් වෙලා තිබුනා.

බහුචිතවාදියා කියන්නෙ කවුද ?

gthrtff

ඔබට බහුචිතවාදියෙක් හමුවෙලා ඇති. ඔබ බහුචිතවාදියෙක් එක්ක ගනුදෙනු කරල ඇති. ඔබ තුළ සමහර විට බහුචිතවාදියෙක් ජීවත් වෙනවත් ඇති.

මේක කන්ටෙම්පරරි ෆිල්ම් එකක්. ප්‍රදර්ශනයට එන්ඩ කාලයක් ප්‍රමාද වුනත් අදටත් අපේ සමකාලීන සමාජය කියවෙන ෆිල්ම් එකක්.

සිනමාව එක්ක ජීවත්වෙන, සිනමාව දෙස විචාරාත්මක ඇහැකින් බලන බොහෝ දෙනෙක් කියපු කතාවක් තමයි 70 දශකයෙදි පතිරාජ කරපු දේ මාලක අපේ කාලෙට අදාලව කැප්චර් කරන් තියනවයි කියන එක.

ඔව්, ඒක ඇත්තක්.

හැත්තෑව දශකයෙදි පතිරාජ සමකාලීන තරුණයා දෙසට යොමු කළ විචාරාත්මක අක්ෂියම මාලක මේ යුගයේ තරුණයා වෙත හෙලල තියනවා.

ඒක ගැඹුරු වැඩක්....

 xfgdrfgf

ඊටත් වඩා ගැඹුරු වැඩේ මාලක ඒ වැඩේ සංකීර්ණ, ප්‍රේක්ෂකයාගෙන් වියුක්ත, ප්‍රෙහෙලිකාමය  ආකෘතියක නොතබා කාටත් තේරෙන සිනමා වියමනකට ගේන්න සමත් වෙලා තියනඑක.

මට අනුව සිනමාව කියන්නෙ සිනමාව. ඒකෙ සම්භාව්‍ය හා පීචං, එහෙම නැත්නම් කලත්මක සහ වානිජ කියල බෙදිල්ලක් තියෙන්න විදියක් නෑ.

සිනමාවෙ අංක එක වෙන්නෙ විනෝදාස්වාදය. ඉතිං බහුචිතවාදියා එක්ක අපිට අපි දිහා බල බල විනෝද වෙන්ඩ පුළුවන්. තව කෙනෙක්ට හෝල් එකෙන් පිටට ඇවිත් අඬන්නත් පුලුවන්.

ඔබට මේ සිනමාව තල කිහිපයක් හරහ කියවගන්න පුලුවන් වෙයි.

පතිරාජ අහස් ගව්වෙන්, පාර දිගෙන් කැප්චර් කරපු තරුණයා අවස්ථා සීමිත රටක අතරමං වුන තරුණයෙක්. මාලක බහුචිතවාදියාගෙන් අල්ලන තරුණයා අවස්ථා විශාල ගණනක්  විවර වීම තුළ අතරමං වෙන තරුණයෙක්.

අපේ රටේ සිනමාවෙ ෂෝ ටයිම් වල ලොකු ගැටළුවක් තියනවා. ඉතින් හොයල බලල ලඟම සිනමාහලේදි බහුචිතවාදියා ඇසුරු කරන්ඩ කියල ඔබට ආරාධනා කරනවා.

(සටහන | රෝහණ වර්ණකුළසූරිය)

උපුටා ගැනීම -  Rohana Warnakulasooriya ගේ ෆේස්බුක් පිටුවෙන්....

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බහුචිතවාදියා ගැන ඇත්ත සටහනක් | Rohana Warnakulasooriya | The Leader