The Leader News
BREAKING
Top Ad
Opinion

මත්ද්‍රව්‍ය ඒකාධිකාරයෙන් විමධ්‍යගතකරණයට | Samabima Party

T

The Leader Desk

July 4, 2025 • 10:02 AM

මත්ද්‍රව්‍ය ඒකාධිකාරයෙන් විමධ්‍යගතකරණයට | Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාකරණය කරන විට වැඩි වශයෙන්ම එම වැඩි තැබීමේදී තුවාල ලැබූ පුද්ගලයා මංගල සමරවීර ගේ මහජන සම්බන්ධීකාරක බව කිහිප වතාවක් හුවා දක්වන ලදී.
  • එම වාර්තාකරණය හරියට චතුර අල්විස් රිය අනතුරකට ලක්වූ විට එය ප්‍රවෘත්තියක් ලෙස ප්‍රකාශ කරන මාධ්‍ය නාලිකාව "චතුර අල්විස් නමැති දිලීත් ජයවීරගේ මල්ලි අනතුරකට ලක්වී ඇත" යනුවෙන් සිදු කරන ප්‍රවෘත්ති ප්‍රකාශනයක් හා සමානය.
  • ඇත්ත වශයෙන්ම මාධ්‍යවේදීන් නොදන්නේ කටාන ප්‍රදේශයේදී වැඩි වැදුණු පුද්ගලයා කවුරුන්ද යන වගයි.
  • (මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ගියහොත් අසන පුද්ගලයන් නවතින්නේ ශ්‍රී මහා බෝධියේ උඩ මළුවෙන්ය.) එබැවින් ප්‍රවෘත්ති සපයන නාලිකාවන් හරහා ඔවුන් සමාජගත කරන්නේ "සමලිංගික ආතල්" එකක් සම්බන්ධ කරුණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාකරණය කරන විට වැඩි වශයෙන්ම එම වැඩි තැබීමේදී තුවාල ලැබූ පුද්ගලයා මංගල සමරවීර ගේ මහජන සම්බන්ධීකාරක බව කිහිප වතාවක් හුවා දක්වන ලදී. වැඩි වශයෙන්ම එය සිදු කළේ දෙරණ මාධ්‍ය නාලිකාවයි.

එම වාර්තාකරණය හරියට චතුර අල්විස් රිය අනතුරකට ලක්වූ විට එය ප්‍රවෘත්තියක් ලෙස ප්‍රකාශ කරන මාධ්‍ය නාලිකාව "චතුර අල්විස් නමැති දිලීත් ජයවීරගේ මල්ලි අනතුරකට ලක්වී ඇත" යනුවෙන් සිදු කරන ප්‍රවෘත්ති ප්‍රකාශනයක් හා සමානය.

 



ඇත්ත වශයෙන්ම මාධ්‍යවේදීන් නොදන්නේ කටාන ප්‍රදේශයේදී වැඩි වැදුණු පුද්ගලයා කවුරුන්ද යන වගයි. එබැවින් ඔවුන් මීට කිසිම සම්බන්ධයක් නැති මිය ගිය මංගල සමරවීරව සම්බන්ධ කරයි. (මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ගියහොත් අසන පුද්ගලයන් නවතින්නේ  ශ්‍රී මහා බෝධියේ උඩ මළුවෙන්ය.) එබැවින් ප්‍රවෘත්ති සපයන නාලිකාවන් හරහා ඔවුන් සමාජගත කරන්නේ "සමලිංගික ආතල්" එකක් සම්බන්ධ කරුණයි. මේ හරහා ආණ්ඩුව විසින් ජනතාවට ආතල් සපයයි.

දෛනිකව වාර්තා වන මහ පාරේ වෙඩි තබා ඝාතනය කිරීම් යන ගැටලුව හා ඊට මුළික වනහේතු කාරණාවන් මොනවාද යන්න වටහා ගන්නේ කෙසේද? බොහෝ මාධ්‍ය නාලිකාවන් හා රාජ්‍ය නිලධාරීන් පවා පොලිසිය ද ඇතුළුව මෙම වෙඩිතැබීම් සලකන ලද්දේ පාතාල ලෝකයේ මීළඟ Godfather වීමට සිදු කරනු ලබන සටනක් බවයි. නමුත් තත්ත්වය මේ අයුරින් සරලව වටහා ගැනීමට හැකියාවක් නැත.

ලංකාව තුළ 90 දශකයේ සිට ප්‍රධාන මත්ද්‍රව්‍ය ගෙන්වන්නා සහ බෙදාහැරීම්කරුවා බවට පත්වූයේ L.*.E. සංවිධානයයි. මෙය විධිමත් දේශපාලන සංවිධානයක් වන බැවින් මත්ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදා හැරීමද විධිමත්ව සිදු කරන ලදී. මෙය හරියට ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනු ලබන ව්‍යාපාරයන් නිසි පරිදි විධිමත්ම සිදුකරන  ආකාරය හා සමානය. (මෙය අප සදාචාර දෘෂ්ටිකෝණයට අනුව වරදක් ලෙස නොදකින අතර දේශපාලන ව්‍යාපාරයක් මේ යුගයේ පැවතීම සඳහා මෙවැනි ව්‍යාපාර කිරීම අප පිළිගනී.)

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ විශාල මුදල

නමුත් L.*.E. සංවිධානය 2009 දී විනාශ කිරීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ බෙදා හැරීම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂය යන දෙදෙනා විසින්  භාරදෙනු ලබන්නේ තමන්ගේ හිතවතකු වෙතයි. ඔහුද 2010 සිට මෙය විධිමත්ව නොවුනද තමන්ට හැකි ආකාරයෙන් ක්‍රමානුකූලව සිදු කරගෙන ගියේය. ඔහුද වෙඩි වැදීමෙන් සහ පසුව ඇති වූ තත්ත්වයන් හේතු කොටගෙන නැවතත් මෙම මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ බෙදාහැරීමේ ක්‍රමවේදය අරාජික විය.

පසුව මෙය ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව නැවතත් යම්කිසි ආකාරයකට එක් පාර්ශ්වයකට පමණක් බාර දුන් අතර අරගලය හමුවේ බලය අත්හැරීමෙන් අනතුරුව නැවතත් එහි අරාජිකත්වයක් ඇතිවන්නට විය. පසුව බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ හට මෙම මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ බෙදා හැරීම භාරදීමට කෙනෙකු සිටියේ නැත.

පුවත් - Results from #4680
මේ කාලයේදී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යම් ආකාරයකට මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටලුව යම් පාලනයකට නතු කරන ලදී. එයද ඔහු සිදු කරන ලද්දේ එක් පාර්ශවයකට මෙය භාරදීමෙනි. නමුත් මාලිමා ආණ්ඩුව බලයට පත් වූ විගස නැවතත් එහි අවිධිමත්භාවයක් ගොඩනැගෙන්නට විය.

මෙම අවිධිමත්භාවය ඔස්සේ එක් පුද්ගලයකු හෝ එක් පාර්ශවයක් මත්ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීම සහ සල්ලි එකතු කිරීම නමැති ඒකාධිකාරයෙන් විවිධ පිරිස් මත්ද්‍රව්‍ය වෙන්වීම සහ බෙදාහැරීම යන විමධ්‍යගතකරණයට මාරු විය. මෙම විමධ්‍යගතකරණය වීම හමුවේ බොහෝ පිරිස් මත්ද්‍රව්‍ය ගෙන්වීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටී.

සල්ලි එකතු කිරීම ඔවුන්ට ගැටලුවක් වන්නේ ඔවුන්ට පරණ යාන්ත්‍රණය ගැන අවබෝධයක් නැතිකම නිසාය. එය ස්වයං රැකියාවක් ලෙස සිදු කළ හැකි කර්මාන්තයක් දැන් දක්වා වර්ධනය වී ඇත.(දිලිත් ජවීරගේ ව්‍යවසායකත්වය). මේ හරහා එක්කෙනෙක්ට එක්කෙනෙක් දන්නෙ නෑ කව්ද මත්ද්‍රව්‍ය ගෙන්වන්නේ සහ බෙදා හරින්නේ කියලා. ඒක නිසා එක එක්කෙනා එක එක්කෙනාට මහ පාරේ වෙඩි තබමින් මිනී මරාගනී.

මහින්ද සමයේ යෝජනාවකට ගෝඨාභය පාලනයේ කණ ඇරේ

 

ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළුව තවදුරටත් සදාචාරාත්මක ගැටලුවක් ලෙස වටහාගැනීම සිදු කළනොහැක. දැන් වන විට ලංකාවේ මත්ද්‍රව්‍ය විධිමත්ව යාන්ත්‍රණයකට සම්බන්ධ නැති අතර එහිද ඇත්තේ අවිධිමත්භාවයකි. මෙම ගැටලුව විසඳීමට නම් ආණ්ඩුව මේ මොහොතේ  කළ යුත්තේ මහින්ද- ගෝඨාභය කළ ආකාරයට මෙම මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ බෙදා හැරීම සහ මුදල් එකතු කිරීම එක් පාර්ශවයකට පමණක් භාරදීමයි. එවිට එම පුද්ගලයා හෝ පාර්ශ්වය විසින් මහ පාරේ පිස්තෝල සෙල්ලම් දමන පිරිස් පිළිබඳව බලාගනු ඇත. දියමන්ති කෑපීමට දියමන්ති යොදා ගන්නවා යනු මෙම අදහසයි .

එසේ නොමැතිව මාධ්‍ය මගින් ගොඩනගන හොඳ නරක දෘෂ්ටිවාදය එනම් "නරක අයට වෙඩි තියලා මරනවා, හොඳ අයට කිසිදු ගැටළුවක් නෑ" යන දෘෂ්ටිවාදයට යටත්ව කිසි දිනක මෙම ගැටළුවට විසඳුමක් සෙවිය නොහැක. ආණ්ඩුව හොඳ නරක පිළිබඳ පක්ෂ දෘෂ්ටිවාදයට අනුව රට පාලනය කරන්නේ නම් මෙම ගැටලුව තවත් උග්‍ර වනු ඇත.

මෙය 60% අවිධිමත් ආර්ථිකයේ ජීවත් වන බොහෝ දෙනකුගේ ජීවිතයට සම්බන්ධව ඇත. මත්ද්‍රව්‍ය තවදුරටත් හොඳ නරක පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ආණ්ඩුව සලකයි. අතින් අපට කිරීමට ඇත්තේ "ඔන්න ඕකයි මාලිමා ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය පිළිබඳ අවබෝධය" කියලයි

| සමබිම පක්ෂය

උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...