රනිල් ගේ නියෝගය මත මේ ඇමතුම ලබාගෙන ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ විසිනි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ අංක 0777 --- --- දරන රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික දුරකතනය බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ඔස්සේ අපට වාර්තා වෙයි. (සම්පූර්ණ දුරකතන අංකය අප සතු වුවත්, විමර්ශනවලට බාධා විය හැකි බැවින් පළ නොකරමු.)
“පිල්ලෙයාන්ට ෆෝන් එක දෙන්න!”
දුරකතනය ඔස්සේ CID ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන ඇමතූ CI ආරියවංශ පවසා ඇත්තේ අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන්ට කතාකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇති බැවින් පිල්ලෙයාන්ට වහාම පොලිස් නිලධාරියාගේ දුරකතනය ලබාදෙන ලෙස ය.

මේ ඉල්ලීමට තරයේ විරුද්ධ වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියවංශ කියා ඇත්තේ තමන් භාරයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට තමන්ගේ දුරකතනය ලබාදීමට හැකියාවක් නැති බවත්, එසේ ඉල්ලීමක් කිරීම පවා නීති විරෝධී බවත් ය.
සීඅයිඩී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ නීති විරෝධී බලපෑම සම්බන්ධයෙන් රාජකාරිමය සටහනක් දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කිරීමට නියමිත බව ද අපට වාර්තා වේ.
හිටපු උපකුලපති සෙවණපිටියේ දී මරා පුච්චලා
2006 වසරේ දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු ද වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් 08වැනිදා රාත්‍රියේ ය. ඒ මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී ය.
තමන්ට පිල්ලෙයාන් සමඟ කතාකරන්නට අවශ්‍ය බව කියමින් ඔහු අත්අඩංගුවට ගත් සීඅයිඩී නිලධාරියාට සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා රනිල් බලපෑම් කර ඇත්තේ ඊට පසුදින, එනම් අප්‍රේල් 09වැනිදා උදේ වරුවේ දී ය.
2006 දෙසැම්බර් 15වැනිදා කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී පැහැරගත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා පසුව සෙවණපිටිය ප්‍රදේශයේ දී පහරදී මරා පුළුස්සා දමා ඇති බවට දැන් සාක්ෂි හමුවී ඇති බව ද වාර්තා වේ.
නැගෙනහිර පොලිස් නිලධාරීන් 600කගේ සමූහ ඝාතනය ගැනත් විමර්ශන

මීට අමතරව, 1990 ජූනි 11 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ, තිරුක්කෝවිල්, රූපස් කුලම් කැලෑවේ දී නිරායුධ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද පිල්ලෙයාන්ට එරෙහිව විමර්ශන පැවැත්වෙන බව අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පොලිස් නිලධාරීන්ට අවි බිම තබා එල්ටීටීඊයට යටත් වන ලෙස එදා පැවැති ආණ්ඩුව ලබාදුන් නියෝගය සම්බන්ධයෙන්, එවකට කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහගෙන් අවශ්‍ය වුවහොත් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද සීඅයිඩීය කටයුතු කරනු ඇතැයි දැනගන්නට ඇත.
රාජපක්ෂලාගේ දීර්ඝ කාලීන අපරාධ සහායකයකු වූ පිල්ලෙයාන් පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීය.
'අපරාධකරුවන්ගේ හා දූෂිතයන්ගේ සන්ධානය'
අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගේ සන්ධානයක් ගොඩනැඟීමේ උත්සාහයක රනිල් වික්‍රමසිංහ යෙදී සිටින බවත්, එය ඇතැම් විට බිහිසුණු ප්‍රතිඵල ගෙනදෙන්නක් වීමට පවා ඉඩඇති බවත් අපි ඊයේ දිනයේ තොරතුරු සහිතව දීර්ඝ වශයෙන් හෙළිදරව් කළෙමු.
රනිල් පිල්ලෙයාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරියකුගේ දුරකතනය ඔස්සේ අමතන්නට උත්සාහ කිරීම හා නිලධාරියාට ඒ සඳහා බලපෑම් කිරීම ඒ සන්ධානය ගොඩනැඟීමේ උත්සාහයේ තවත් දිගුවක් බව අපේ නිරීක්ෂණය යි.
පිවිතුරු හෙළඋරුමයත් පිල්ලෙයාන්ට

ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවිඩයක් එවා ඇති උදය ගම්මන්පිල එහි අධ්‍යක්ෂවරිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එස්. මුතුමාලගෙන් ඉල්ලීමක් කර ඇත්තේ තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වෙනුවෙන් තාවකාලික නීතීඥයකු වශයෙන් පෙනීසිටින බැවින් ඔහු හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ය.
පිල්ලෙයාන්ට මේ පිළිබඳව කළ දැනුම්දීමේ දී ඔහු ගම්මන්පිල හමුවීමට එකඟවී ඇත.
ඒ අනුව 1990 වසරේ අම්පාර දිස්ත්‍රික්කයේ නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීමට අදාළව පිල්ලෙයාන්ට එරෙහිව සිදුවන විමර්ශන සම්බන්ධයෙන් ද නීති ආධාර සැපයීමට ‘රණවිරුවන්’ වෙනුවෙන් අවුරුදු ගාණක් මුරගෑ පිවිතුරු හෙළඋරුමයේ උදය ගම්මන්පිලට අවස්ථාව උදාවනු ඇත.
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම - Sanath Balasooriya ගේ FB පිටුවෙන්...