The Leader News
BREAKING
Top Ad
Opinion

සංඝ කල්ලි, සිවුරු අඳින රස්තියාදුකාරයෝ සහ මංගල කරුණු -ශ්‍රීලාල් සෙනෙවිරත්න

T

The Leader Desk

May 25, 2020 • 8:05 AM

සංඝ කල්ලි, සිවුරු අඳින රස්තියාදුකාරයෝ සහ මංගල කරුණු -ශ්‍රීලාල් සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “සංඝයාවහන්සේලා එක්ක මගේ කිසිම ගැටුමක් නෑ. බෞද්ධ දර්ශනය හදවතින්ම විශ්වාස කරන, ඒ අනුව ජීවත්වෙන්නට
  • මම අදහස් ප්‍රකාශ කරන්නේ සිවුරට මුවාවී ඉන්න ඒ රස්තියාදුකාරයන් ගැනයි.
  • මට විතරක් නෙවෙයි හැම බෞද්ධයෙකුටම මේ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක්, යුතුකමක් තියනවා.” හිටපු අමාත්‍යවරයකු වන මංගල මේ කරුණු දැක්වූයේ ඉකුත් අඟහරුවාදා (19) මාධ්‍යවේදියෙක් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
  • මාධ්‍යවේදියා විමසා සිටියේ “සංඝයා වහන්සේලා සමග ඔබට ඇති ගැටුම කුමක්ද?” යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සාහ කරන කෙනෙක් මම. නමුත් අද සිවුරු පොරොවගෙන, බෞද්ධ දර්ශනය කෙළෙසමින් තම තමන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන රස්තියාදුකාරයන් පිරිසක් ගැන නම් මට ප්‍රශ්නයක් තියනවා. මම අදහස් ප්‍රකාශ කරන්නේ සිවුරට මුවාවී ඉන්න ඒ රස්තියාදුකාරයන් ගැනයි. මට විතරක් නෙවෙයි හැම බෞද්ධයෙකුටම මේ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක්, යුතුකමක් තියනවා.”

හිටපු අමාත්‍යවරයකු වන මංගල මේ කරුණු දැක්වූයේ ඉකුත් අඟහරුවාදා (19) මාධ්‍යවේදියෙක් කළ විමසුමකට පිළිතුරු වශයෙනි. මාධ්‍යවේදියා විමසා සිටියේ “සංඝයා වහන්සේලා සමග ඔබට ඇති ගැටුම කුමක්ද?” යනුවෙනි. නිමිත්ත වන්නට ඇත්තේ ඊට කලින් කරුණු දැක්වීමකදී මංගල ‘සංඝ කල්ලි’ පිළිබඳ සඳහන් කොට තිබීමත්, එය මුල්කොට ගෙන ‘මහා සංඝරත්නයේ ගෞරවය’ පිළිබඳ වන යම් ඝෝෂාවක් මේ වන විට යළිත් සමාජගතව තිබීමත් විය හැකිය.

 වර්තමානයෙහි ප්‍රචලිත කුකුළන් කෙටවීමේ මාධ්‍ය කලාවට මුදල් සහ රේටිං උත්පාදනයට මේවා බෙහෙවින් වැදගත් වන බැවිනි.

“සංඝ කල්ලි” යෙදුම අරබයා උස්ව නැඟෙන මංගල විරෝධයට දර දිය සම්පාදනය කරමින්, ජනමාධ්‍යයටද, දේශපාලනයටද එක ලෙසින්ම සම්බන්ධ එක්තරා නාමධාරි පුද්ගලයෙක් මුහුණු පොතේ සිය ගිණුමේ බෙහෙවින් ශීලාචාර අන්දමින් සටහනක් තබා තිබුණේ “සංඝ කල්ලි ගැන මා නම් අසා නැත” යනුවෙනි. ඔහුගේ නම මෙහි සඳහන් නොකරන්නේ ‘සම්බුද්ධ සාසනය ආරක්ෂා කරගැනීම’, ‘හෙළ බොදු උරුමය’, ‘දෙදහස් පන්සිය වසරක සිංහල බෞද්ධ ප්‍රෞඩ ඉතිහාසය’ ආදිය පිළිඳව පාරම්බාන බහුතරයකගේ ආස්ථානය ද ඒ සමාන වන බවට කිසිදු සැකයන් නොමැති තැනක පුද්ගලභාවය හුවා දැක්වීම නොවැදගත් බැවිනි.

අනෙක් අතට එවැනි උරුමක්කරුවෝ පවා බෞද්ධ සාසන ඉතිහාසය නොදන්නේ නම් ප්‍රථම කොට වඩා වැදගත් වන්නේ ඒ පිළිබඳව වීමංසනය වන බැවිනි.

 

බුදු සසුනට ‘සංඝ කල්ලි’ අලුත් හෝ අපූර්ව දෙයක් නොවේ.

බුදු සසුනට ‘සංඝ කල්ලි’ අලුත් හෝ අපූර්ව දෙයක් නොවේ. ‘කල්ලි’ යන්න භාෂා ව්‍යවහාරය තුළ ‘කණ්ඩායම්’ යන්නට පර්යායව යෙදෙන පදයකි. ‘එක්ව කටයුතු කරන පිරිස’ යන්න එහි සරල අදහසය. එනයින් ගත් කල බුදු සසුනේ මුල්ම සංඝ කල්ලි ගැසීම සිදුවන්නේ දේවදත්ත නමැති භික්ෂුවගේ නායකත්වයෙනි.

''බුදු සසුනට ‘සංඝ කල්ලි’ අලුත් හෝ අපූර්ව දෙයක් නොවේ. ‘කල්ලි’ යන්න භාෂා ව්‍යවහාරය තුළ ‘කණ්ඩායම්’ යන්නට පර්යායව යෙදෙන පදයකි. ‘එක්ව කටයුතු කරන පිරිස’ යන්න එහි සරල අදහසය. එනයින් ගත් කල බුදු සසුනේ මුල්ම සංඝ කල්ලි ගැසීම සිදුවන්නේ දේවදත්ත නමැති භික්ෂුවගේ නායකත්වයෙනි.''

ශාස්තෲවරයාට ලැබෙන මහත් වූ භෝග සම්පත්තීන් සහ ගෞරව පුද සත්කාර කෙරෙහි බලවත් තණ්හාවක් හටගැනීමෙන් පසු සාසනයේ නායකත්වය තමන් වෙත ලබාගැනීම සඳහා දේවදත්ත භික්ෂුව විවිධ ප්‍රයත්න දරා තිබේ.

ඒ අතරේ එක් අවස්ථාවක භික්ෂූන් පන්සීයක් දෙනා සිය අදහසට නම්මාගෙන වෙනම පොහොය කර්ම කිරීම අරඹමින් සාසනය තුළ සිදු කළ බෙදීම ‘සංඝ භේදය’ නම් ආනන්තරීය පාප කර්මය ලෙසින් සැලකෙන බව තරමක හෝ බෞද්ධ අධ්‍යාපනයක් ලබා ඇත්තෝ දනිති.

 

බුදු සමයෙහි හමුවන තවත් සංඝ කල්ලියක් : ‘ඡබ්බග්ගිය’ භික්ෂූන්

බුදු සමයෙහි හමුවන තවත් සංඝ කල්ලියක් වන්නේ ‘ඡබ්බග්ගිය’ භික්ෂූන් ය. හය දෙනෙකුගෙන් සමන්විත වූයෙන් එනම් ලද මේ කල්ලිය ලැබෙන සෑම අවස්ථාවක්ම ශාස්තෘවරයාගේ දේශනාව උපක්‍රමිකව අතික්‍රමණය කිරීම සඳහා පාවිච්චි කළහ.

එම කල්ලිය වෙහෙර වසමින් සිදුකළ නොහොඹිනා ක්‍රියා සහ ඒ හේතුවෙන් අලුතින් පනවන්නට යෙදුණු විනය නීති පිළිබඳවද තොරතුරු රාශියක් ත්‍රිපිටකයෙහි ඇතුළත්ය.

 

බුදුහිමියෝ පාරිලෙය්‍ය වනයට වැඩම කළ හේතුව?

බුදු හිමි පාරිලෙය්‍ය වනයේ වාසය කිරීම සහ එහිදී හස්තියෙකු ප්‍රමුඛ වන සතුන් බුදු හිමියන්ට ඇප උපස්ථාන කිරීම බොදුනු කුඩා දරුවන් පවා අසා දැන සිටින බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ප්‍රකට කතාන්දරයකි. එහෙත් එතරම්ම ප්‍රකට නැති, සූත්‍ර පිටකයේ ඇතුළත් එහි නිධාන කතාව ශාස්තෘවරයා ජීවමාන කාලයේම සිදුවූ බරපතළ සංඝ කල්ලි ගැසීමක් පිළිබඳව අනාවරණය කරයි.

එහිදී සංඝයා වහන්සේලා දෙපිළ බෙදී ඇත්තේ විනයධර සහ ධර්මධර පදනමිනි. නිමිත්ත එක්තරා භික්ෂුවක් වැසිකිළියට ගොස් පැමිණීමේදී වතුර භාජනයේ වතුර ටිකක් ඉතිරි කොට පැමිණීමය. විනයධර භික්ෂු පිරිස එය මහත් වූ විනය විරෝධී කටයුත්තක් ලෙස සලකා මතුකළ විරෝධයට ධර්මධර භික්ෂු පිරිස හිස නොනැමීම හේතුවෙන් දෙපිල බෙදුණු භික්ෂූන් සමඟි කිරීමට ශාස්තෲවරයාට පවා නොහැකි විය.

එම ගැටලුව තමන්ට විසඳා ගන්නට ඉඩ දී පසෙකට වන්නැයි සිය ශාස්තෘවරයාගේ මුහුණටම කියන්නට තරම් ගැම්මක් පිල් බෙදුණු එම භික්ෂූන්ට තිබුණු අතර බුදුහිමියෝ පාරිලෙය්‍ය වනයට වැඩම කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

 

නා නා නිකාය නිර්මාණයවීමෙහිත් ආරම්භය:

මේ බරපතළ සංඝ කල්ලි ගැසීම් හැරුණු විට තවත් සැලකිය යුතු කල්ලි ගැසීම් බුදු සමය තුළම අපට හමුවේ. ඒ සියලු කල්ලිවාදයන් පරාජය කරමින් එවක සසුන ආරක්ෂා කළ මහා බලවේගය බවට පත්ව තිබුණේ ශාස්තෘවරයාණන්ය.

ඒ බව වඩාත් පැහැදිලි වන්නේ ශාස්තෘවරයාගේ පරිනිර්වාණයෙන් දෙවෙනි සියවස වනවිට බුදු සසුන නිකාය 18කට බෙදී නැවත එක් කළ නොහැකි ආකාරයෙන් විසිරී යාමෙනි.

චුල්ලවග්ග පාලියේ දැක්වෙන පරිදි එහිලා මුල් වී ඇත්තේ විසාලා නුවර සිටි වජ්ජි නම් වූ භික්ෂු කල්ලිය ය. පසුව මහා සාංඝික සහ ස්ථවිරවාදීන් ලෙස සාසනය ප්‍රධාන නිකාය දෙකකට බෙදී යාමෙහිත්, නැවත එම ප්‍රධාන නිකාය දෙක තවදුරටත් කොටස්වලට කැඩී කැඩී ගොස් වර්තමානයේ පර්යන්ත දේශයන්හි පවතින්නා වූ නා නා නිකාය නිර්මාණයවීමෙහිත් ආරම්භය මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන්ව ඇත්තේ එලෙසිනි.

 

සිවුරක් පොරවා ගෙන සිටින සෑම අයෙකුම බෞද්ධ භික්ෂුවක් ද ?

එබැවින් බුදු සසුන තුළ කල්ලි ගැසීම් සහ කල්ලිවාදය අලුත් හෝ අපූර්ව දෙයක් නොවන අතර ඒවාට කල්ලි යැයි වැහැරීම මහා සංඝයාට කළ අපහාස කිරීමක් වශයෙන් සැලකීමටද කරුණු නැත.

විශේෂයෙන්ම සාසනය අප්‍රසාදයට පත් කෙරෙන ආකාරයෙන් අතීතයේ ඇතිවී පැවතී නැතිවී ගිය එකම සංඝ කල්ලියක් හෝ අදටත් මහා සංඝරත්නය ලෙසින් සැලකෙන්නේ ද නැති බැවිනි.

අනෙක් අතට වැඩිදුරටත් මංගල කරුණු දක්වමින් කියන්නේ තමන්ට ගැටලුව ඇත්තේ ‘සිවුරු අඳින රස්තියාදුකාරයෝ’ පිළිබඳව බවය.

සිවුරක් පොරවා ගෙන සිටින සෑම අයෙකුම බෞද්ධ භික්ෂුවක් වශයෙන් සලකා වන්දනා මාන කරන, පුද සත්කාර කරන සම්ප්‍රදායක් රට තුළ පවතින බැවින් මේ ප්‍රකාශයද ඒ ජනසමාජය කුපිත කරවන්නක් වීමට ඉඩ ඇත.

සිංහල බෞද්ධ සමාජයේ භික්ෂුව සහ මහා සංඝරත්නය පිළිබඳ තේරුම් ගැනීම කවරක් වුවද, ත්‍රිපිටකානුගත බුද්ධ දේශනාව අනුව සැබෑ බෞද්ධ භික්ෂූන් වශයෙන් සැලකෙන්නේ තෙරුවන් සරණ ගොස්, සියලු දුක් නිවාගැනීමේ අධ්‍යාශයෙන් සසුන් ගතව, ආර්ය විනයෙහි පිළිවෙත් පුරන්නා වූ, ශෛක්ෂ්‍ය පුද්ගලයන්ය.

''සිංහල බෞද්ධ සමාජයේ භික්ෂුව සහ මහා සංඝරත්නය පිළිබඳ තේරුම් ගැනීම කවරක් වුවද, ත්‍රිපිටකානුගත බුද්ධ දේශනාව අනුව සැබෑ බෞද්ධ භික්ෂූන් වශයෙන් සැලකෙන්නේ තෙරුවන් සරණ ගොස්, සියලු දුක් නිවාගැනීමේ අධ්‍යාශයෙන් සසුන් ගතව, ආර්ය විනයෙහි පිළිවෙත් පුරන්නා වූ, ශෛක්ෂ්‍ය පුද්ගලයන්ය. ''

තෙරුවන් යනු බුද්ධ, ධම්ම, සංඝ ය. සියලු දුක් නිවාගැනීම යනු ආශ්‍රව ක්ෂය කිරීම, හෙවත් කෙලෙසුන් දුරු කිරීම ය. නිවන ය. ආර්ය විනය යනු බුදුන් දේශනා කොට ඇති විනය ය. ශෛක්ෂ්‍ය පුද්ගලයන් යනු හික්මීමක් ලබන්නන් ය. පුහුණුවක් ලබන්නන්ය.

 

බුදු සසුනේ පැවිදි භික්ෂුවගේ සීලය කවරේද ?

බුදු සසුනේ පැවිදි භික්ෂුවගේ සීලය කවරේද යන්න මනා කොට දේශනා කරන ලද සූත්‍ර ගණනාවක් මජ්ඣිජිම නිකායේ ඇතුළත්ය. “සීලක්ඛන්ධ වග්ගය” යනුවෙන් නම් කොට එහි මුල් කොටස මුළුමනින් වෙන්කොට ඇත්තේ ඒ පිළිබඳව වන දේශනාවන් වෙනුවෙනි.

එහි ඇතුළත් සූත්‍රවල දැක්වෙන පරිදි බුදු හිමියෝ පැවිදි භික්ෂුවගේ සීලය, සුළු සීලය, මධ්‍ය සීලය සහ උසස් සීලය යනුවෙන් කොටස් තුනකට බෙදා දක්වා තිබේ. ඒ එකින් එක නැවත පැහැදිලි කරමින් දීර්ඝ වශයෙන් සීල ප්‍රතිපදාව ගැන කරුණු දක්වා ඇත.

ඒ පිළිබඳ වැඩි සඳහනක් මෙහිදී සිදුකිරීම දුෂ්කර බැවින් දැනගැනීමට කැමති අය වෙත්නම් දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ එන සූත්‍ර දහතුනෙන් කිහිපයක් කියවා බැලීම මැනවි. එහි පළමු සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය වන අතර එවක ඉන්දියාවේ පැවැති සියලු ආගමික මතවාද සංකල්පයන් පිළිබඳව මනා විස්තරයක් ද එහි ඇතුළත්ය.

දෙවෙනි සූත්‍රය සාමඤ්ඤ ඵල සූත්‍රය වන අතර බෞද්ධ භික්ෂුව පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් වන විස්තරයක් එහි ඇතුළත්ය.

මංගල කියන්නාක් මෙන්ම මෙහිදී කාහට වුවද පෙනී යායුත්තේ මංගල කතා කරන සිවුරු පොරාවා ගත් රස්තියාදුකාරයන් යනු කිසිම ආකාරයකින් ආර්ය විනයෙහි විස්තර කොට දක්වා ඇති බෞද්ධ භික්ෂූව නම් නොවන බවය.

''මංගල කියන්නාක් මෙන්ම මෙහිදී කාහට වුවද පෙනී යායුත්තේ මංගල කතා කරන සිවුරු පොරාවා ගත් රස්තියාදුකාරයන් යනු කිසිම ආකාරයකින් ආර්ය විනයෙහි විස්තර කොට දක්වා ඇති බෞද්ධ භික්ෂූව නම් නොවන බවය.''

‘මෝඝ පුරුෂ’ : ‘මෝඩ මිනිහා’ යන්න එහි අදහසය  

මුල් විසි වසෙන් පසුව වැඩී වර්ධනය වන බුදු සසුන තුළට විවිධ වර්ගයේ පුද්ගලයන් විවිධ අරමුණුවලින් ඇතුළත්වී විවිධ කටයුතු සිදුකොට ඇති බවද බෞද්ධ මූලාශ්‍ර තුළින්ම තහවුරු වන්නකි. සසුන බේරාගැනීමට විනය පිටකයක් සම්පාදනයට කරුණු යෙදී ඇත්තේ එබැවිනි.

බුද්ධ අනුශාසනාවෙන් බැහැරව කටයුතු කළ භික්ෂූන්ට බුදු හිමියෝ ආමන්ත්‍රණය කර ඇත්තේ ‘මෝඝ පුරුෂ’ යනුවෙනි. ‘මෝඩ මිනිහා’ යන්න එහි අදහසය.

බුද්ධානුසාසනාව අනුව අර්ථ සිද්ධිය සලසා ගන්නා භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට ඇත්තේ ‘ඖරස පුත්‍ර’ යනුවෙනි. එවක පවා බුදු හිමියන්ගේ ‘ඹෞරස පුත්‍ර’ යැයි අසන්නට සමත්ව ඇති භික්ෂු පිරිස සීමිත බව නිරීක්ෂණය කළ හැකිය.

ශාස්තෘවරයා ඇති කල ද එසේ වී නම් නැති මෙකල පිළිබඳව කතා කරන්නට දෙයක් නැත. උදාහරණද ඇති පදම්ය.

එබැවින් මංගලගේ කරුණු දැක්වීම් කෙරෙහි කුපිත වී මංගල අවමංගල කරන්නට ඝෝෂා පැවැත්වීමට වඩා සාසන මාමක වනු ඇත්තේ තම තමන් තම තමන්ගේ බෞද්ධකම සහ සීල විසුද්ධිය ගැන විමසා බැලීමය. ■

[ශ්‍රීලාල් සෙනෙවිරත්න - රාවය (ravaya.lk) May 24, 2020 ]

(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...