The Leader News
BREAKING
Top Ad
Opinion

පෝන් සයිට් වල "ග්ලෝරි හෝල්" බලන්න ඇබ්බැහි වූ නිගණ්ඨ වහන්සේලා බණ කියන කොට වෙන දේ..! -භණ්ඩුක උපාසක ලියයි

T

The Leader Desk

May 16, 2020 • 4:52 AM

පෝන් සයිට් වල "ග්ලෝරි හෝල්" බලන්න ඇබ්බැහි වූ නිගණ්ඨ වහන්සේලා බණ කියන කොට වෙන දේ..! -භණ්ඩුක උපාසක ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ ගොඩක් ආගම් අදහන සහ නොඅදහන අය ගරු කරන ආගමක් තමයි "බෞද්ධාගම - බෞද්ධ දර්ශනය". ඒකට හේතුව එහි තියෙන
  • කොටින්ම කිවුවොත් අප්ඩේට් වෙන්නෙ නැති, නීතියකට යටත් වෙන්නෙ නැති, ඕනෑම හොරෙක්ට මුවා වෙන්න තියෙන තැනක් බවට චීවරය සහ ලංකාවේ තියෙන බෞද්ධ ආගමික ස්ථාන වලින් බහුතරය පත්වෙලා.
  • බෞද්ධ ඉතිහාසයේ, ඒ කාලයට සාපෙක්ෂව පැවති මිථ්‍යා මත පරදවන්න බුදුන් වහන්සේ කටයුතු කරලා තියෙන බව සඳහන් වෙනවා.
  • දැන් මේ මහමෙව්නා සෙට් එකේ 'වැලිමඩ සද්දාශීල' කියන වහන්සේ කෙනෙක් කියන්නේ "අපේ ආච්චිලා සීයලා දරුවො 10-12 ක් හැදුවා, හැබැයි කාන්තාව ස්වාමියාගේ ඇඟ දැකලා නැහැ, දැන් එහෙම නැහැ, එහෙම ඇඟ දැකලා ළමයි හදන ජීවිත තුච්චයි" වගේ කතාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මානව නිදහස, කරුණාව, මෛත්‍රිය වගේ ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ.

නමුත් දැන් ඒකට විවිධ නිගණ්ඨ බලපෑම් ඇවිල්ලා. කල්ලි කණ්ඩායම් බිහි වෙලා. ගෞතම බුදුන්ට වඩා රාජපක්ෂට ගරු කරන භික්ෂූන් වැඩි වෙලා. කොටින්ම කිවුවොත් අප්ඩේට් වෙන්නෙ නැති, නීතියකට යටත් වෙන්නෙ නැති, ඕනෑම හොරෙක්ට මුවා වෙන්න තියෙන තැනක් බවට චීවරය සහ ලංකාවේ තියෙන බෞද්ධ ආගමික ස්ථාන වලින් බහුතරය පත්වෙලා.

 

කාන්තාව ස්වාමියාගේ ඇඟ දකින්න නරකයි..

මේ ආණ්ඩුවට කඩේ යන්න සහ මිථ්‍යාව වපුරන්න අද වෙන කොට හාමුදුරුවරු අතර තියෙන්නෙ පුදුම තරඟයක්. බෞද්ධ ඉතිහාසයේ, ඒ කාලයට සාපෙක්ෂව පැවති මිථ්‍යා මත පරදවන්න බුදුන් වහන්සේ කටයුතු කරලා තියෙන බව සඳහන් වෙනවා.

අද ඒ සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප සඟ පරපුරෙන් එනවා යැයි කියන අය වලි කන්නේ මිථ්‍යාව වපුරන්න. දැන් මේ මහමෙව්නා සෙට් එකේ 'වැලිමඩ සද්දාශීල' කියන වහන්සේ කෙනෙක් කියන්නේ "අපේ ආච්චිලා සීයලා දරුවො 10-12 ක් හැදුවා, හැබැයි කාන්තාව ස්වාමියාගේ ඇඟ දැකලා නැහැ, දැන් එහෙම නැහැ, එහෙම ඇඟ දැකලා ළමයි හදන ජීවිත තුච්චයි" වගේ කතාවක්.

ඒ එක්කම මේ වහන්සේ කියනවා එයා බලපු සොම්බි චිත්‍රපටියක් ගැනද කොහෙද, ජාතක කතාවක් කියලා. අපායේ මේම මේම අසූචි පෙන බුබුළු දානවා. ඒකේ කරවටක් ගිලිලා ඉන්න ගමන්, ඉස්සි ඉස්සි බලනවලු, නිරුවතින් ඉන්න අයගේ හැසිරීම් දිහා, එතකොට ඇස් පුපුරනවළු, පනුවො එනවළු. මේ හාමුදුරුවො (?) මේ කතන්දරේ කියන්නේ විශාල පිරිසක් එකතු කරගෙන. වැඩියෙන්ම ඉන්නේ තරුණ සහ මැදිවයසේ කාන්තාවෝ.

දැන් මොකද වෙන්නේ. මේ ගෑනු ටික ගෙදර ගිහින් තමන්ගේ මිනිහා එක්කවත් ඒ ගිහි ජීවිතේ ගෙවන්නේ නැහැ, බයයි. ඇඟ දැක්කොත් තමන්ගේ මිනිහා මාර කේස්. ඉතින් හැම තිස්සෙම මිනිහව මග අරිනවා. ගෑනියි මිනිහයි අතර තියෙන ලිංගික ක්‍රියාවන් නවත්වනවා.

එතකොට නැවත වටයකින් මොකද වෙන්නේ, පවුල් ප්‍රශ්න වැඩි වෙනවා. ගෙවල් වල ඉන්න මිනිහා වැඩි වැඩියෙන් ස්පා ගානෙ හරි බාර් ගානේ හරි යන්න ගන්නවා. ඇයි හාමුදුරුවො කිවුවනේ.. ගෙදර ගෑනි බයයි, අපායේ යන්න වෙනවට. හාමුදුරුවරුන්ට නම් හොඳයි, මොකද අපායට බයේ හැම වෙලේම පන්සලට එන්න ගන්නවා. ධර්මාවබෝධය කෙසේ වෙතත්, මහමෙවුනා පැශන් එකට අනුගත වෙනවා. එක්කො උන්නාන්සේගේ ආච්චිලා සීයලගේ කාලෙ ලයිට් තියෙන්න නැහැ. නැත්නම් මේ සෙට් එක නිසා ඒ මිනිස්සුන්ට ඒ වැඩේ කොරගන්න වෙලා නැහැ.

''දැන් මොකද වෙන්නේ. මේ ගෑනු ටික ගෙදර ගිහින් තමන්ගේ මිනිහා එක්කවත් ඒ ගිහි ජීවිතේ ගෙවන්නේ නැහැ, බයයි. ඇඟ දැක්කොත් තමන්ගේ මිනිහා මාර කේස්. ඉතින් හැම තිස්සෙම මිනිහව මග අරිනවා. ගෑනියි මිනිහයි අතර තියෙන ලිංගික ක්‍රියාවන් නවත්වනවා.

එතකොට නැවත වටයකින් මොකද වෙන්නේ, පවුල් ප්‍රශ්න වැඩි වෙනවා. ගෙවල් වල ඉන්න මිනිහා වැඩි වැඩියෙන් ස්පා ගානෙ හරි බාර් ගානේ හරි යන්න ගන්නවා. ඇයි හාමුදුරුවො කිවුවනේ.. ගෙදර ගෑනි බයයි, අපායේ යන්න වෙනවට. හාමුදුරුවරුන්ට නම් හොඳයි, මොකද අපායට බයේ හැම වෙලේම පන්සලට එන්න ගන්නවා. ''

 

"මහමෙවුනා" සෙට් එක මේ වගේ වැදි බණ කියමින් යෙහෙන් වැජඹෙන්න හේතු කිහිපයක් තියෙනවා

  1. ඔවුන් රාජපක්ෂ කඳවුරට සහය දීම. එහෙම නැත්නම් මෙලහකට බලන්න තිබ්බා ඔය අනෙක් හාමුදුරු සෙට් එක, විමල් වීරවංශලා, ගලබොඩ අත්තෙලා මේ වෙන කොට නටන විදිය. "දැන් බලන්න අපේ හාමුදුරුවනේ, කවුද මේ මහමෙවුනාව රන් කරන්නේ. මේක තනි කරම බටහිර ක්‍රිස්තියානි බෝන් අගේන්, එන්.ජී. ඕ. පිල්ලියක්. ලෝකෙ ථේරවාදි බුදු දහම නසන්න ඇමරිකාවට, නෝර්වේට ඕන. මේක සල්ලි දීලා යන ප්‍රොජෙක්ට එකක්. ක්‍රෝන, ඩොලර්, යුරෝ පොම්ප කරන්නේ මේම මේම". ඔබ හිතලා බලන්න, එහෙම කියනවද? නැද්ද?

  2. මහනායක හිමිවරුන්ගේ තියෙන නොහැකියාව. මම එහෙම කියන්නෙ ඇයි? මීට ටික කාලයකට කලින් ලංකාවේ උගත් ස්වාමින් වහන්සේ නමක් මට මුණ ගැහුනා. මම ඇහුවා ඒ වෙන කොට මත භේදයට තුඩු දීලා තිබූ "සිරි සමන්ත භද්‍ර රහත් ජවනිකාව". උන්වහන්සේ මට කිව්වේ, "ඒක සොයන්නේ කොහොමද? ඒක පරීක්ෂා කරන්න ක්‍රමයක් නැහැ, එකම ක්‍රමය ධර්ම කරුණු සාකච්ඡා කිරීම. මහනායක වෙන ගොඩක් අය, වයසට, පරපුරේ උරුමයට ඔය තනතුරු වල ඉන්න අය. මොනව වුනත් සමන්ත බද්‍ර කියන්නේ ත්‍රිපිටකය හොඳට කියවලා තියෙන, ඒක කට පාඩම් තියෙන කෙනෙක්. ඉතින් එයාගෙන් ප්‍රශ්න අහන්නේ කව්ද? කොහොමද? ඇහුවොත් වෙන්නේ ඔව්, එයා රහත් කියලා නිකම්ම ඔප්පු වෙන එක, ඊට හොඳයි මහා නායකලා මේ විදියට ඉන්න එක" කියලා.

  3. අනෙක තමයි, රට ගෙනියන්න පහසුව සඳහා පාලකයන්ට තියෙන උවමනාව මේ තුළින් තෘප්ත වීම. එයාලට පහසුයි රාවණාලා එනකම් ජනතාව බලන් ඉන්න එක. මේ වගේ අදහස් වලින් ජනතාව වෙනත් ලෝකෙක ඉන්න එක. "ඇමරිකාව කවුද? අපිටනේ ඒ කාලේ මිග් තිබුනේ, සබ්මැරින් හැදුවෙ අපි. රොකට් හැදුවෙ අපි. හෙළයො තමයි පොරවල්" කියලා ඒ ආතල් එකේ ජනතාව ඉන්න එක.

ජනනායකලගේ හෙළයේ කවලන් නැති ජාන සොයන ප්‍රොජෙක්ට් තියෙන එක. මොකද එතකොට තමයි රටේ ප්‍රධාන ප්‍රශ්න යට ගිහිල්ලා, අවම වශයෙන් පාලකයා සතු ටී.වී. චැනල් ටිකේ කතා නොවුනත්, සමාජ මාධ්‍යයෙන් වුනත්, පොහොර ප්‍රශ්නේ, හමුදාකරන ප්‍රශ්නේ, ප්‍රජාතන්ත්‍රවාදයෙ ප්‍රශ්නේ, අදහස් පළ කිරීමේ නිදහසේ ප්‍රශ්නේ, 5000 බෙදන එකේ ප්‍රශ්නේ, රස්සා නැති වෙන ප්‍රශ්නේ වගේ දේ මතු නොවී මේ වගේ ගොම රිටි අවශේෂ ප්‍රශ්න කතාවෙන්න, ශෙයාර් වෙන්න ගන්නේ. ඒක පාලකයාට වාසියි.

 

හාමුදුරුවෝ පෝන් සයිට් එකක "ග්ලෝරි හෝල්" බලපු කෑල්ලක්..

ඇත්තටම බෞද්ධ දර්ශනයේ ගිහියන්ට කියන්නේ මොකක්ද? පස් පවු, දශ අකුසල් කරන්න එපා කියලා. මොනවද දශ අකුසල්,   1.ප්‍රාණ ඝාතය, 2.අදත්තාදානය, 3.කාම මිථ්‍යාචාරය, 4.මුසාවාදය, 5.පිශුන වචනය, 6.පරුෂ වචනය, 7.සම්ඵප්‍රලාපය, 8.අභිධ්‍යාව, 9. ව්‍යාපාදය සහ 10.මිථ්‍යා දෘෂ්ටිය.

මෙතනදි කියන්නේ ගිහියන්ට කාම මිථ්‍යාචාරය එපා කියලා මිසක් ගෑනියි මිනිහයි කම්-සැප විඳින්න එපා කියල නම් නෙවෙයි. ඒක කාම මිථ්‍යාචාරයක් වෙන්නේ සමාජ සම්මතයන්ට පිටස්තර නම් විතරයි. ඒක ඒ ඒ සමාජ වලට සාපේක්ෂ දෙයක්.

''මෙතනදි කියන්නේ ගිහියන්ට කාම මිථ්‍යාචාරය එපා කියලා මිසක් ගෑනියි මිනිහයි කම්-සැප විඳින්න එපා කියල නම් නෙවෙයි. ඒක කාම මිථ්‍යාචාරයක් වෙන්නේ සමාජ සම්මතයන්ට පිටස්තර නම් විතරයි. ඒක ඒ ඒ සමාජවලට සාපේක්ෂ දෙයක්.''

 අද ලංකාවට සාපේක්ෂව ගත්තොත් ඒවා තමයි බලහත්කාරකම්, ස්ත්‍රී දූෂණ, ළමා දූෂන වගේ දේවල්. ඒ කාලේ බුදු හාමුදුරුවො කියපු බවක් තියෙනවද "මහ රජ ඔබේ අන්තංපුරය විසුරුවා දමනු, එක බිසවක් තබා ගනු කියලා". එහෙම නැහැ.

මන් දන්න බුද්ධාගමේ නම් කියලා නැහැ, "ගැහැණිය ළමයි හදන්න ඕන, මිනිහගේ ශරීරය නොදැක කළුවරේය" කියලා. එක මේ ලයිට් නිවාගෙන, මහ කළුවරේ කරන්න ඕන දෙයක් කියලා පවසන්නේ කොතනද? මොන ජාතකයෙද, මොන පිටකයේද තියෙන්නේ.?

මේ කියන්නේ මන් හිතන්නේ හාමුදුරුවෝ පෝන් සයිට් එකක "ග්ලෝරි හෝල්" බලපු කෑල්ලක් මිසක් වෙන දෙයක් නම් වෙන්න බැහැ. මොකද බෞද්ධ දර්ශනය කියන්නේ 'සෙක්ස් පොසිෂන්' විස්තර කරන එකක් නෙවෙයි. ඊට වඩා උසස් දහමක්. ඊට වඩා උසස් දර්ශනයක්.

 

ඕන කුනුහරුපයක් බුද්ධාගම කියලා වදාරන්න දෙන්න එපා...

මේ වගේ පට්ට කෙබර බුද්ධාගමේ කියලා ඕන කෙනෙක්ට වදාරන්න දෙන ගමන්, කකුළුවා වගේ අපේ උන් කියනවා, මුස්ලිම් එවුන් ශරියා උගන්වනව ලු. ක්‍රිස්තියානි උන් ආගමට බඳවා ගන්නව ලු. එනිසා ඉතාම කරුණාවෙන්, මහනායක ඇතුළු සියළු ඉහල පුටු වල ඉන්න හිමිවරුන්ගෙන්, බුද්ධ සාශන අමාත්‍යංශයෙන්, ඒ වගේම බෞද්ධ දර්ශනය ගැන හසල දැනුමක් තියෙන ගිහි පින්වතුන්ගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි.

''අවම වශයෙන් මේ ටී.වී.වල, ගුවන් විදුලිවල, බණ කියන අයට යම් නියාමනයක් පනවන්න. තමන්ගේ හිතට එන ඕන කුනුහරුපයක් බුද්ධාගම කියලා වදාරන්න දෙන්න එපා. මේ අයට බෞද්ධ දර්ශනය, ජාතක කතා ගැන යම් අධ්‍යනයකට ඉඩක් හදලා දෙන්න. ''

අවම වශයෙන් මේ ටී.වී. වල, ගුවන් විදුලි වල, බණ කියන අයට යම් නියාමනයක් පනවන්න. තමන්ගේ හිතට එන ඕන කුනුහරුපයක් බුද්ධාගම කියලා වදාරන්න දෙන්න එපා. මේ අයට බෞද්ධ දර්ශනය, ජාතක කතා ගැන යම් අධ්‍යනයකට ඉඩක් හදලා දෙන්න. අඩුම ගානේ මෙහෙම පිරිස් රැස් කරන් කටට එන එක කියවන්න කලින්, කියන කරුණු සම්බන්ධයෙන් යම් අනුමැතියක් ගන්න ක්‍රමයක් හදන්න.

නැත්නම් වෙන්නෙ, මෙයාලා නිගණ්ඨ ආගමක් බවට බෞද්ධාගම පත් කරලා, සමාජ මාධ්‍ය වැනි මාධ්‍ය ඔස්සේ මේවා හාස්‍යට, උපහාසයට ලක් වෙන එක. මම හිතනවා ඒක භික්ෂු ශාසනයට, අනාගතයට එච්චර ශුභ දෙයක් නෙවෙයි කියලා.

(භණ්ඩුක උපාසක -උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...