The Leader News
BREAKING
Top Ad
Opinion

පර්චස් 15 ක ඉඩක මිනිසුන් 250 ක් ජීවත් වන බව අපට පෙන්වා දුන්නේ, ‘වෛරසයක්'!

T

The Leader Desk

April 30, 2020 • 4:30 AM

පර්චස් 15 ක ඉඩක මිනිසුන් 250 ක් ජීවත් වන බව අපට පෙන්වා දුන්නේ,  ‘වෛරසයක්'!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''පර්චස් 15 ක ඉඩක මිනිසුන් 250 ක් ජීවත් වන බව අපට පෙන්වා දුන්නේ, ‘වෛරසයක්’ මිස සුදු ඇඳුම් ඇඳගත් බොරුකාරයන් නොවේ.''
  • සාමාන්‍යයෙන්, ෆැසිස්ට්වාදයේ දී ‘රාජ්‍යය’ ව්‍යතිරේකයක් බවට පත්වෙයි.
  • 1 - පුරුෂයා සොබාදහමෙන් විනෝද වන්නේ දෙවියාය.
  •     2 - දෙවිවරුන්ගේ පවා සීමාව-limit- සොබාදහමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ස්වභාව ධර්මය සහ දෙවියන් පිළිබඳ තර්ක:

වෛරසය පිළිබඳ තර්ක දෙකක් මේ වන විට තහවුරු වෙමින් පවතී. එක් පිරිසක් හිතනවා අපි මේ වෛරසයට මුහුණ දෙන්න ඕනේ කියලා. අනෙක් පිරිස හිතනවා අපි මේ වෛරසය මගහැර යා යුතුයි කියලා.

වෛරසයට මුහුණ දීලා මේ ‘සමාජ ගැටලුව’ විසඳිය යුතුයි කියලා හිතන අය බටහිර සමාජයේ වැඩියි. ඒ නිසා, ඒ අය ‘වෛරසය’ සමාජය තුළ ව්‍යාප්ත විය යුතුයි යන අදහස තරයේ අදහනවා.

එවිට, සමාජයේ හට ගන්නා ‘සාමූහික ප්‍රතිශක්තිය’  (Herd Immunity) හරහා රෝගය පැතිරීම වැලැක්වෙනවා. වසර අවසානය වෙනකම් එන්නතක් එනතුරු කරන්න වෙන දෙයක් නැහැ. මෙහි සරල අදහස වන්නේ, ‘වෛරසය’ සමඟ ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ කියන එකයි.

 

මේ මිනිසා කියන්නේ ‘සිංහල දේශපාලන ප්‍රභූවරුන්’

ඉහත තර්කයේ විරුද්ධ අදහස තමයි, ‘මිනිසා’ කියන්නේ ස්වභාවධර්මයේ කොටසක් කියන එක අමතක කරලා අන් සියල්ල අත්හිටුවා ‘මිනිසා’ ආරක්ෂා කරන්න ( මේ මිනිසා කියන්නේ ‘සිංහල දේශපාලන ප්‍රභූවරුන්’) උත්සාහ කරන එකයි.

එනම්, අඩස්සිගත කිරීම (Containment) යි. මෙය කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන චීනයේ ‘වූහාන්’ පළාතේ අත්හදා බලන ලද ක්‍රමයකි. එහිදී ‘මිනිසා’ දෙවියෙකුට සමාන කර ඔහුව ඇදහීම සිදු වෙයි.

''පොහොට්ටුවාදී සිංහල-බෞද්ධ පිරිමියා හිතුවේ, මිනිසා මගින් සිදු වූ ව්‍යසනයක් වූ ‘පාස්කු ප්‍රහාරය’ විකුණා ඡන්දය පහසුවෙන් දීනිමටයි. නමුත් ඔවුන්ගේ එම පරිපූර්ණ විනෝදය අතාර්කික කළේ වෛරසයකි. අප දන්නා ආකාරයට එසේ නම්, සොබාදහම යනු, මවක් නොව පළිගන්නා සුළු කෲර පියෙකි.''

 

''එක්තරා ජන කොටසක් තව ජන කොටසකින් ආරක්ෂා කිරීම ‘ෆැසිස්ට් රාජ්‍යයේ’ යුතුකමයි.''

කිසියම් ‘සමාජයක්’ අතාර්කික අර්ථවිරහිත භාවයකින් තර්ජනයට ලක් වන්නේ නම් එවිට, ‘රාජ්‍යය’ ව්‍යාතිරේක රාජ්‍යක් විය යුතුය. සාමාන්‍යයෙන්, ෆැසිස්ට්වාදයේ දී ‘රාජ්‍යය’ ව්‍යතිරේකයක් බවට පත්වෙයි. එක්තරා ජන කොටසක් තව ජන කොටසකින් ආරක්ෂා කිරීම ‘ෆැසිස්ට් රාජ්‍යයේ’ යුතුකමයි. ඒ අනුව, ෆැසිස්ට් රාජ්‍යය සැකැස්ම පහත තර්ක දෙකින් සමන්විතය.

1 - පුරුෂයා සොබාදහමෙන් විනෝද වන්නේ දෙවියාය. ලංකාවේ නම් මේ දෙවියා [පුරුෂයා] සිංහල-බෞද්ධයෙකි.
   
2 - දෙවිවරුන්ගේ පවා සීමාව-limit- සොබාදහමයි. මෙය ස්ත්‍රී තර්කනයකි. පොහොට්ටුවාදී සිංහල-බෞද්ධ පිරිමියා හිතුවේ, මිනිසා මගින් සිදු වූ ව්‍යසනයක් වූ ‘පාස්කු ප්‍රහාරය’ විකුණා ඡන්දය පහසුවෙන් දීනිමටයි. නමුත් ඔවුන්ගේ එම පරිපූර්ණ විනෝදය අතාර්කික කළේ වෛරසයකි. අප දන්නා ආකාරයට එසේ නම්, සොබාදහම යනු, මවක් නොව පළිගන්නා සුළු කෲර පියෙකි.

Rajapakshasදෙවියන් යනු, රාජපක්ෂවාදය යි. එය මිහිපිට ඕපපාතික බලයකි. එමඟින් විද්‍යමාන වන්නේ, ‘අරුත් සරු බව’ (දෙරණ රූපවාහිනියේ චතුර සහ සංඛගේ වචන සිහිපත් කරන්න!) සහ අභිප්‍රායයි. නමුත්, මේ අර්ථපූර්ණභාවය සහ අභිප්‍රායට කෙළවන්නේ විනෝදය නම් දිශාවෙනි.

එහි සරල අදහස වන්නේ, අර්ථවත් සෑම දෙයක්ම අපරිපූර්ණ කරන්නේ විනෝදයෙන් යන්නයි. සොබාදහමින්, අනෙක් සත්ත්ව වර්ගයාගෙනුත්, ශාක  වලිනුත් ‘මිනිසා’ වෙනස් වන්නේ, ‘විනෝදය’ නම් අතිරික්තය (නිර්-මිනිස් අතිරික්ත) නිසාය. ඒ අනුව, ‘සොබාදහමේ’ අර්ථපූර්ණ බව නිපදවන්නේ දෙවියා යැයි අපට සිතීම ඉතාම සාධාරණ ය.

නමුත් ‘සොබාව’ අප වටහා ගන්නේ, ‘දෙවියන්’ අපට දුන් වචනයෙනි. වචන වලින් හැර සොබාව වටහා ගන්නට වෙනත් මාර්ගයක් නැත. ‘දෙවියන්’ සොබාදහමේ ‘විනෝදය’ වන්නේත්, එහිම කප්පාදුව එනම්, දෙවියන්ගේ ආතල් යළිත් ස්වභාව ධර්මය කඩන්නෙත් මේ නිසාය. ස්වභාව ධර්මය ‘පිරිමි’ නොකර එමගින් අපට විනෝද වීමට නොහැකි අතර එම ‘පිරිමි’ ආතල් එක විකාර සහගත කිරීමට සොබාදහමට හැකි වීම විකාර සහගත තත්වයකි.

වෛරසයකට සියල්ල අවසන් කිරීමට හැකි වූයේ, ‘ස්වභාව ධර්මය’ දෙවියන් හෝ පිරිමින්ගේ පැත්තෙන් ගත්විට, ‘අසම්පූර්ණ’ යැයි නො පිළිගත් නිසාය. ‘ගුරුත්වාකර්ෂණයට’ සමහර සිදුවීම් පැහැදිලි කිරීමට නොහැකි වී ඇත්තේ, බටහිර චින්තනයේ සීමාව නිසා නොව ස්වභාව ධර්මය අසම්පූර්ණ නිසාය.  

''පිරිමින්ට අනුව, දෙවියන් ස්වභාව ධර්මයට ව්‍යතිරේකයක් වුවත් ස්ත්‍රීන්ට අනුව, (තර්කය) දෙවියන් සිටින්නේ ද ස්වභාව ධර්මය නම් අසම්පූර්ණතාවය තුළමයි. ‘වෛරසය’ පැමිණි වහාම දෙවියන් සහ රාජපක්ෂලා අර්බුදයට ගියේ මේ නිසාය. (කාදිනල් ද  ඇතුළුව)''

කිසිදා ‘හුස්ම ගන්නා මිනිසෙකු’ ඉදිරිපිට අසම්පූර්ණ නොවූ රාජපක්ෂවාදය ‘වෛරසය’ ඉදිරියේ මෙතරම් අසරණ වූයේ, ‘පරිපූර්ණ’ නොවූ දේවල් ගැන අධ්‍යනයක් ඔවුනට නොතිබූ නිසාය.

පිරිමින්ට අනුව, දෙවියන් ස්වභාව ධර්මයට ව්‍යතිරේකයක් වුවත් ස්ත්‍රීන්ට අනුව, (තර්කය) දෙවියන් සිටින්නේ ද ස්වභාව ධර්මය නම් අසම්පූර්ණතාවය තුළමයි. ‘වෛරසය’ පැමිණි වහාම දෙවියන් සහ රාජපක්ෂලා අර්බුදයට ගියේ මේ නිසාය. (කාදිනල් ද  ඇතුළුව)

ඉහත තර්ක ඥානය ‘ධනවාදය’ සම්බන්ධයෙන් අදාළ කළහොත් දාර්ශනික පද්ධති දෙකක් පහත ආකාරයට සකස් කළ හැකිය.

1- ධනවාදය පරිපූර්ණ ය. එහි විවේචකයන් සිටින්නේ, ධනවාදී අසූචි ගා නොගත් දිව්‍ය ලෝකයේය.

2- ධනවාදය අපරිපූර්ණ ය. එහි විවේචකයන් සිටින්නේ, ධනවාදී සබඳකම්වල ගූ ඇඟ පුරාම ගාගෙන ය.

Karl marx

‘ශර්මි කුමාර’ යනු, ධනවාදී සියලුම අසූචි වර්ග තමන්ගේ ඇගේ තවරාගත් ස්ත්‍රියකි. ‘චිකේ’ කියා කියන අය සිටින්නේ, තම තමන්ගේ කල්පිත ධනපති විරෝධී ලෝකවල ය. ධනවාදයෙන් තමන්ට මාසිකව ලැබෙන කප්පම් මුදල් පාවිච්චි කර සුදු ඇඳුම් ඇඳගෙන සිටින මහත්වරුන්ට වඩා ‘ශර්මි කුමාර’ අව්‍යාජය. මන්දයත්, ඇය ධනවාදී අසම්පූර්ණත්වයේ ඵලයක් නිසාය.

විවිධ දාර්ශනිකයන්ගේ නම් වැල් විසිකරන   සුදු ඇඳුම් ඇඳගත් මහත්වරුන් මගින් නිරූපණය වන්නේ, ‘ධනවාදය’ තවමත් කෙතරම් හොඳ ද යන කාරණය යි.

පර්චස් 15 ක ඉඩක මිනිසුන් 250 ක් ජීවත් වන බව අපට පෙන්වා දුන්නේ, ‘වෛරසයක්’ මිස සුදු ඇඳුම් ඇඳගත් බොරුකාරයන් නොවේ.

 

(ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය : උපුටා ගැනීම 3mana.com)

(පෙළ අවධානය අපෙන් – theleader.lk සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...