The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුව Srilankan Airline ආයතනය පිළිබඳ දරන මතය වැරදියි - චරිත හේරත්

T

The Leader Desk

August 7, 2025 • 6:32 AM

ආණ්ඩුව Srilankan Airline ආයතනය පිළිබඳ දරන මතය වැරදියි - චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ‌මෙලෙස සඳහන් කර තිබුණේ සිය X ගිණුමෙහි සටහනක් තබමිනි.
  • එම සටහනෙහි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ 'මෙහෙයුම් ලාභය' මත ගුවන් සේවයක් පවත්වාගෙන යෑම අතිශය භයානක මෝඩ ක්‍රියාවක් බවයි.
  • වත්මන් ආණ්ඩුව Srilankan Airline එක මෙහෙමම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දරන මතය ඉතාමත් වැරදි එකක්.
  • නමුත් අවධානය යොමු කල යුතු කාරනය වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට මූලධන මැදිහත්වීම (හෙවත් capital infusion) සහ ණය කලමනාකරණය (හෙවත් debt managment) යන දෙක පිළිබදව හරි හමන් තීරණයක් ගන්නේ නැතිව 'මෙහෙයුම් ලාභය' මත ගුවන් සේවයක් පවත්වාගෙන යාම අතිශය භයානක මෝඩ ක්‍රියාවක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ‌මෙලෙස සඳහන් කර තිබුණේ සිය X ගිණුමෙහි සටහනක් තබමිනි.

එම සටහනෙහි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ 'මෙහෙයුම් ලාභය' මත ගුවන් සේවයක් පවත්වාගෙන යෑම අතිශය භයානක මෝඩ ක්‍රියාවක් බවයි.

මතු පළ වන්නේ චරිත හේරත් සිය X ගිණුමෙහි සටහන් කර තිබූ සම්පූර්ණ අදහස ය.

"මෙය ඉතාමත් තීරණාත්මක ගැටලුවක්. මම කෝප් කමිටු සභාපති කාලයේ මේ පිළිබදව වාර්තා දෙකක් ඉදිරිපත් කලා. වත්මන් ආණ්ඩුව Srilankan Airline එක මෙහෙමම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දරන මතය ඉතාමත් වැරදි එකක්. ඉංග්‍රීසියෙන් කියනවා නම් dead wrong decision එකකි. Srilankan Airline එකේ operation profit හෙවත් මෙහෙයුම් ලාභයක් තිබෙන නිසා airline එක පවත්වාගෙන යා හැකි යැයි ආණ්ඩුව කියයි.
 
නමුත් අවධානය යොමු කල යුතු කාරනය වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට මූලධන මැදිහත්වීම (හෙවත් capital infusion) සහ ණය කලමනාකරණය (හෙවත් debt managment) යන දෙක පිළිබදව හරි හමන් තීරණයක් ගන්නේ නැතිව 'මෙහෙයුම් ලාභය' මත ගුවන් සේවයක් පවත්වාගෙන යාම අතිශය භයානක මෝඩ ක්‍රියාවක් බවයි. 2010 ආණ්ඩුව, 2015 ආණ්ඩුව සහ 2019 ආණ්ඩුව යන ආණ්ඩු 3 ම කල ගොන්කම මේ ආණ්ඩුවත් එලෙසම කරගෙන යාම හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන හානිය ඉමහත් ය."
(උපුටා ගත්තේ charitha herath X ගිණුමෙනි)


post
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...