The Leader News
BREAKING
Top Ad
Opinion

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගැන කෙටි සටහනක් | Subhashini Wipfler

T

The Leader Desk

July 6, 2025 • 6:59 AM

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගැන කෙටි සටහනක් | Subhashini Wipfler

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වගේම ලංකාවේ ඉන්න විජයගෙන් පැවත එන ජානමය හැඩරුව අනුව ඇති ජනතාව, කුවේණිට වද දීපු ලෙසම කව්රුහරි ගෑනියෙක් අල්ලගන්නවා.
  • අනික් අතින් කුවේණිගේ සහෝදරයෝ වෙච්ච සෙට් එකේ ජාන ඇති අයත් එහෙමයි: ඔය රට දුවන්නේ ගෑණු බයිට් කරලා, මේක අපි කාලයක් බලා ඉන්නවා.
  • සතියෙන් සතියට සති 52 දෙකක්.
  • ඒ වගේම එංගලන්තයේ වෛද්‍යවරියක් ලෙස තම කටයුතු කරන්න අදටත් හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වගේම ලංකාවේ ඉන්න විජයගෙන් පැවත එන ජානමය හැඩරුව අනුව ඇති ජනතාව, කුවේණිට වද දීපු ලෙසම කව්රුහරි ගෑනියෙක් අල්ලගන්නවා. අනික් අතින් කුවේණිගේ සහෝදරයෝ වෙච්ච සෙට් එකේ ජාන ඇති අයත් එහෙමයි: ඔය රට දුවන්නේ ගෑණු බයිට් කරලා, මේක අපි කාලයක් බලා ඉන්නවා.

සතියෙන් සතියට සති 52 දෙකක්. හැබයි හරිනි වගේ වෙන ලෝකෙක ඉන්න කෙනෙක් ව පක්ෂ භේදයක් නැතිව ආරක්ෂා වෙනවා. කොහොම නමුත් මේ පුර්විකාව එක්ක මගෙන් ලියවෙන කෙටි සටහන.

1-  වෛද්‍ය මහේෂි විජේරත්න කියන්නේ හිටපු ඇමතිවරයෙක් ගේ දුවෙක්. විදේශ අධ්‍යාපනය ලබපු. සජිත්ගේ අතීත පෙම්වතිය. ඒ වගේම එංගලන්තයේ වෛද්‍යවරියක් ලෙස තම කටයුතු කරන්න අදටත් හැකියි. ලංකාවේ ඉන්න ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් අතලොස්ස අතින් ඉන්න එකම ස්ත්‍රිය වගේම ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරක් දරන එතුමිය පොලිස් රෝහලේ වැඩ කරන්නේ වැටුප් රහිතව.

WhatsApp Image 2025 07 06 at 7.03.34 AM 2
2 - ජනාධිපති අනුර ඉන්දියා ගිහින් ගහපු, හංගන ගිවිසුම් වල ලංකාවේ භාණ්ඩ ආනයනය, ඖෂධ ආනයනය ගැන ගිවිසුම් ඇතුලත්. ඒ ගිවිසුම් හංගලා ලුණු කැටේ ඉඳන් බොරු හේතු දාලා තමන්ගේ මල්ටි ප්ලග් ආණ්ඩුව එක්ක ලංකාවේ වෙළඳපල ඉන්දියාවට පාවා දීලා ඉවරයි.

3 - ඉන්දියාව යනු යුරෝපයේ ෆර්මා හබ් එක. ඒ වගේම ලෝකයේ ඖෂධ සපයන්නන් අතර 3 වෙනි තැන. ලංකාවේ භාවිතා කරන ඖෂධ වලින් 80% ඉන්දීය ඖෂධ. කෙහෙළිය හිරේ ඉන්නෙත් ඉන්දීය ඖෂධ මාෆියාවේ උගුලට කැමැත්තෙන් අහුවෙලා. ඉතිරි 20% ඇල්ලීම ඉන්දීය අරමුණ. ලුණු 100% ඇල්ලුවා වගේ. හංගන ගිවිසුම් වල ට අනුව.

4 - වෛද්‍ය මහේෂි තමන්ගේ බටහිර නැමියාව අධ්‍යාපනය හා භාණ්ඩ වල ගුණාත්මක භාවය එක්ක බටහිර වෛද්‍ය උපකරණ නිර්දේශ කරන එක සාමාන්‍යයි. හරියට හරිනි ඉන්දියාවේ අධ්‍යාපනය ලබලා ඉන්දීය කුර්තාව ජාතික ඇඳුම කරගෙන ඉන්නවා වගේ.

 

සිසේරියන් සැත්කම්‍ සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත කතාව මෙන්න
මොළයේ ස්නායු සැත්කම් දෙතුන් වතාවක් කරන්න පුළුවන් සැත්කම් නෙවෙයි. සැත්කමක් තනිව කරන්න බැහැ. ඒ අනුව මහේෂිට තිබෙන චෝදනා මිය ගිය අයත් සැත්කම් වලට භාජනය කරපු බව මාලිමාවේ ගජබින්නාලන්කාරයේ හිස්ටීරියා ලක්ෂණ. මේක වෛද්‍යවරු දන්නවා. හැබයි මහේෂි වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.

මහේෂි කරන්නේ තමන්ගේ පුරුදු උපකරණ යොදාගෙන සැත්කම් කිරීම. නුපුරුදු දේට ගිහින් බාල ඉන්දීය උපකරණ වලට ගිහින් රෝගීන්ගේ ජිවිත මේ දෙතුන් පාර කරන්න බැරි හිසේ සැත්කම් වලින් මරා නොදාමා යම් ජිවිත කාලයක් දිනා දීම අගය කල යුතුයි.

 

5 - මහේෂිට චෝදනාව කරන්නේ වයස අවුරුදු 80ක සැත්කමකට ලක්වෙච්ච පියෙක්ගේ පුතෙක් වගේම යු ටියුබ් මාධ්‍යවේදියෙක්. අවුරුදු 80වේදී ඔය වගේ සැත්කමක් කරලා ජීවත්වෙලා ඉන්නවා කියන්නෙම සැත්කම හා උපකරණ සාර්ථකයි කියන එක. හැබැයි ඉතින් එයාගේ පුතා එනම් ඔය යු ටියුබ් වීරයන්ට පැවරෙන රාජකාරී අපි දන්නවා නෙව.

 

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ ඇප ඉල්ලුම්පත සලකා බැලීම සිකුරාදා

6 - මහේෂි ගේ පොලීසියේ නිලය අනුව එයාව අත්අඩංගුවට ගත්ත විදිය සම්පුර්ණ ප්‍රේහෙලිකාවක්. ඇයව අත්අඩංගුවට ගන්න පුළුවන් ඇයට එක නිළයක් හෝ ඉහල හෝ එම නිළයේම ඇයට වඩා ජ්‍යෙෂ්ට කෙනෙකුට පමණයි. එය මේ මොහෙතේ ඉෂ්ට වී නැ. අල්ලස් කොමිසම ඇයව අත්අඩංගුවට ගත් නිලධාරියාගේ දේපල ගැන විමර්ශනය කිරීම මේ පරීක්ෂණයේ කොටසක් ලෙස කල යුතුයි.

7 - ඉහත 6 කරුණ අපි කියන්නේ මහේෂිට ඉන්දීය තානාපති කාර්යාලයේ සේවකයෙක්ගෙන් ලැබෙන ඔෆර් එකක් ප්‍රතික්ෂේප වීම හා එවපු සාම්පල ප්‍රතික්ෂේප කිරීමත් එක්ක 2023 සිද්ධියක් අනුව පැමිණිල්ලක් ඉදිරිපත්  වීම.

2023 අර්බුදය හා කොවිඩ් වලින් නොමිදුණු සෞඛ්‍ය අංශ තුල වුවත් ඔය යු ටියුබ් මාධ්‍යවේදියාගේ පියාට එම මුදලට සැත්කමට අවශ්‍ය උපකරණ හා සැත්කම සිදු වී පියා ජීවත්වීම භාග්‍යයක්. එසේම වෛද්‍ය මහේෂි ඔහුගේ චෝදනා අනුව ඔහු විසින් ගෙවූ මුදල පවා ආපසු ගෙවා තිබීම. ඒ නිසා අල්ලස් කොමිසම පැමිණිලිකරුගේ දේපල පරික්ෂාවක් නොකර කරන පරීක්ෂණය වැරදියි. මොකද මෙතන සිද්ධිය අභව්‍ය මානසික තලයක තිබෙන නිසා.

 

බරපතල ඖෂධ හිඟයක් ! - 'ව්‍යසනකාරී මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකියි'
8 - මහේෂිගේ සිද්දිය හරහා ඉන්දියානු ඖෂධ මාෆියාව අපේ රටේ ගුණාත්මක වෛද්‍යවරුන්ගේ සේවය ට පහර ගසා හෝ ඔවුන්ගේ ඖෂධ වලට වෙළඳ පල සකසා ගැනීම හා ආණ්ඩුව ගිවිසුම් ප්‍රකාරව නිතීය යුක්තිය අවභාවිතා කරමින් එම මාෆියාවට සහය දක්වනු ලබන බව ඔප්පු වෙනවා.

9 - මේ වගේ කෙණෙහිලි කම් නිසා ලංකාවේ උගත් වෛද්‍යවරු රටින් පිටවීමට අදහස් කරීම විමතියට කාරණයක් නෙමෙයි. දැනටත් හෙදියන් හා වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර ගිහින්. ඉන්පසු හරිනිලාගේ පෞද්ගලික ඉන්දීය විශ්විද්‍යාල වලින් බිහි වුනු දොස්තර වරුන් ලංකාවේ සේවයට කැඳවනු ඇත. KDU අකුලාගත් තීන්දුව පිටුපස තිබු යටි අරමුණත් මෙයයි. අපේ වැඩිහිටියන්ට දොස්තර ලා ගෙන් බෙහෙත් ගැනීමට හින්දි භාෂා පාටමාලා ඉන්දීය එම්බසිය මගින් ගමින් ගමට යෝගා පන්ති මෙන් බිහි කරනු ඇත.

10- ලංකාවේ දක්ෂ වෛද්‍යවරු 56 සිංහල භාෂා කෙළියෙන් ලැබුණු වරමින් බහුතර සිංහල වන වෛද්‍යවරු.. (80  දශකයට වන විට වැඩිම වෛද්‍යවරු දෙමල භාෂාව කතා කරන අය) මේ අනුව ලෝකය පුරා රටවලට එලවා ගැනීමෙන් පසු ඉන්දීය වෛද්‍යවරු ගෙනවිත් සේවය කරන බවට ආණ්ඩුවේ බලලා මල්ලෙන් එලියට පැන ඇත. ඒ අනුව මහේෂි බිලිවෙමින් සිටින්නේ ඉන්දීය ඖෂධ මාෆියාවට හා ඒ හරහා ඉන්දීය වෛද්‍යවරුන්ගේ සේවය ලංකාව තුල සැලසුම් කරන, දිගු ක්‍රියාදාමයක් ආණ්ඩුව කරමින් ඉන්න බවට මෙයින් වැටහේ.

 

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඇති බාධාවක් ඉවත් කිරීම!
තම තම නැණ පමණින් මෙය වටහා ගත යුතුය. ලංකාණ්ඩුවට දැනට මුහුණ දීමට ඇති භුමරංග කරුණු දෙකක් තිබේ. පළමුව දේශපාලන වේදිකාවල නැගපු ශානිය. දෙවනුව වෛද්‍ය මහේශීය. වෛද්‍ය මහේෂි ඇගේ ඇති සමාජ සම්බන්දතා අනුව වඩාත් භයානක ම කරුණ වන අතර ලංකාවේ දොස්තර වරුන්ගේ අනාගතය  වෙනුවෙන් මහේෂි බිල්ලට දීමට වඩා ආණ්ඩුවට ගෙදර යාමට පැක් කර ගැනීමක් ඒ හරහා උද්ගත විය හැකිය.

එදා ගැලඩිස් ජයවර්ධන වෙඩි තබා මාර දැමීම හා මහේෂි ගිලටීනයට දැක්කීම මට නම් සමාන සිද්ධි දෙකකි. ඒ දෙදෙනාම සමාන පවුල් පසුබිම්න් පැමිණීම හා වෛද්‍ය අංශවල ඉහල අධ්‍යාපනයක් ලැබූ කාන්තාවන් වීමය. එදා ග්ලැඩිස් ජයවර්ධන දරුවන් වෙනුවෙන් මුදාගත් බෙහෙත් තොගය ගෙන්වුයේ කුමන රටකින්දයි හඳුනා ගත හැකි නම් එතුමියව මැරීමට කොන්තරාත්තුව දුන්නේ කව්දැයි වටහා ගත හැකිය.

කෙසේ නමුත් ජාත්‍යන්තර ඖෂධ මාෆියාව අපේ රටේ සේනක බිබිලේලා තවත් බිලිගමින් ඉන්න බවත් ආණ්ඩුව ඒවාට සහය වන බවත් කෙහෙළියගේ සිද්ධියෙන් තුවාල වී සිටින ඉන්දීය ඖෂධ වල නිවැරදි තාවය, ආණ්ඩුව ලඟකදී තහවුරු කල බවත් සිතන විට මහේෂි වෙනුවෙන් ජනතාව පෙනී සිටිය යුතුව ඇත. ඒ ආණ්ඩුව ඉන්දීය උවමනාව ඉෂ්ට කිරීමට බැඳී ඇති බැවිනි.

subhashini wifler(සටහන | සුභාෂිනී විෆ්ලර්)

විධායක අධ්‍යක්ෂිකා,
ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය
ජර්මනිය

උපුටා ගැනීම - Subhashini Wipfler ෆේස්බුක් පිටුවෙන්...

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...