The Leader News
BREAKING
Top Ad
Opinion

e learning, e tution වීමට යන අධ්‍යාපනයේ විකෘතිය! -කථිකාචාර්ය දිලන්ත විතානගේ

T

The Leader Desk

June 5, 2020 • 9:42 AM

e learning, e tution වීමට යන අධ්‍යාපනයේ විකෘතිය!  -කථිකාචාර්ය දිලන්ත විතානගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරොනා නිසාවත් මේ රට ගොඩ ගන්න අවස්ථාවක් ලැබේවි කියා හිතන ජනතාවක් ඉන්න දුපත් හා දුප්පත් මානසිකත්වයෙන්
  • මේ විදිහට සුනාමි වෙලාවෙත්, යුද්ධය අවසන් වුන වෙලාවෙත් අපිට හීන ඇතිවුනා...
  • 2000 දී අපි පාසල්වලට e- learning ඉලක්ක කරලා රාජ්‍ය ප්‍රතිපත්ති හැදුවා..
  • වැඩසටහන් ආරම්භ කලා..ඒත් 2005 න් පස්සේ එය නිවැරදිව ක්‍රියාත්මක උනේ නැහැ..
අකුරු ප්‍රමාණය (Font Size):

දුක් විදින ජනතාවක් හා නායකයන් ඉන්න රටක්..

මේ විදිහට සුනාමි වෙලාවෙත්, යුද්ධය අවසන් වුන වෙලාවෙත් අපිට හීන ඇතිවුනා...

එත් වෙච්ච් ලොකු දෙයක් නැහැ.

මේ අවස්ථාවේ හෝ ඕනෑම මොහොතක්ම රට ගොඩ නගන්න යොදා ගත යුතුයි කියලා ජනතාවත් නායකයොත් හිතන්න ඕනේ..

මේ විදිහට කොරෝනා නිසා යුද්ධය අවසන් වීම හෝ සුනාමිය වගේ අවස්ථා වලදිවත් මේ රට දියුණු කරන්න සිතීම වරදක් නෑ.

ඒත් මගේ ගැටලුව මේ මානසිකත්වය නිසයි...

2000 දී අපි පාසල්වලට e- learning ඉලක්ක කරලා රාජ්‍ය ප්‍රතිපත්ති හැදුවා.. වැඩසටහන් ආරම්භ කලා..ඒත් 2005 න් පස්සේ එය නිවැරදිව ක්‍රියාත්මක උනේ නැහැ..

කොරෝනා නිසා e learning ගැන උන්නදුවක් ඇතිවෙලා විකල්පයක් නැති නිසා..

e learning යනු e teaching හෝ tution classes වීඩියෝ කර youtube දැමීමම නොවේ..එහිත් හොද තිබෙනවා..

අපේ රටේ tution යනු අධ්‍යාපනයේ විකෘතියක් වුනා වගේ e learning යන්නත් e tution කියන විකෘතියක් බවට පත්වෙමින් පවතිනවා..

මෙයට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුලු රජය වගකියන්න ඕනේ..

''අපේ රටේ tution යනු අධ්‍යාපනයේ විකෘතියක් වුනා වගේ e learning යන්නත් e tution කියන විකෘතියක් බවට පත්වෙමින් පවතිනවා.. මෙයට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුලු රජය වගකියන්න ඕනේ..''

බිලියන ගානක් ජනතා මුදල් නම් නාස්ති වෙලා තියෙනවා, ජනතාව ලෝකෙට නම් මේ වැඩ නිසා ණය කරවලා තියෙනවා..

මේ වැඩෙට දැක්මක් තියෙන්න ඕනේ...

මේ 2000 දී මම මූලික වෙලා ගොඩක් සොයා බලා හදපු ICT Education Policy එක...

එතෙන්දී සුසිල් ප්‍රේමචන්ද්‍ර ඇමතිවරයා ,සරත් අමුණුගම ඇමතිවරයා, විශේෂයෙන් අධ්‍යාපන ඇමතිවරිය ලෙස චන්ද්‍රිකා ජනාධිපතිවරිය අපිට පුදුම නිදහසක් දුන්නා වැඩ කරන්න..

ගුරුවරු, CRC team එක ඇතුලු බොහෝ දෙනෙක් මේ වැඩේට ලොකු සහයක් දුන්නා..

වෛද්‍ය තාරා ද මෙල් මහත්මිය අධ්‍යාපන ලේකම් ලෙස මට පුදුම ශක්තියක් හා බලයක් දුන්නා මේ වැඩේට...

මේ ප්‍රතිපත්තිය හදද්දී, විශේෂයෙන් ප්‍රතිපත්තිය අමාත්‍ය මංඩල පත්‍රිකාවක් ලෙස සකස් කරන්න එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වූ ලලිත් වීරතුංග මහත්තයා  මට විශාල සහයක් දුන්නා...

ඒත් 2005 න් පස්සේ ඒ දර්ශණය නැතුව අපි හදුන්වලා දුන්නු GIT, OL AL ICT වලට අධ්‍යාපන අමාත්‍යාංශය සීමා වුනා..

මේ තත්වය වෙනස්කරන්න ඔනේ..

පක්ෂ දේශපාලනයෙන් හා පෞද්ගලිකත්වයෙන් තොරව වැඩ කරන්න ඕනේ..

(දිලන්ත විතානගේ ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

 

කතිකාචාර්ය දිලන්ත විතානගේ :

Dilantha vithanage

සංවර්ධනය  සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රවර්ධනය උදෙසා 2000 සිට උනන්දුවෙන් කටයුතු කල දිලන්ත විතානගේ අධ්‍යාපනයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය හා අධ්‍යාපනය පිළිබද පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ඇත.

කොළඹ  විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පරිගණක විද්‍යා  අධ්‍යාපනය පිළිබද කථිකාචාර්යවරයා වු ඔහු ඊට පෙර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කොට ඇත.

ශ්‍රි ලංකා මහ බැංකුව, වරලත් ගණකාධිකාරි ආයතනය, බැංකුකරුවන්ගේ ආයතනය, වෘත්තීය  පුහුණු අධිකාරිය ආදි ආයතන රාශියක බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කල අතර පසුගිය වසර 20 තුලම ශ්‍රී ලංකාව තුල  ඕස්ට්‍රේලියානු  උපාධි පාඨමාලවන් උගන්වන ACBT ආයතනයේ සේවය කරනු ලබයි.

200O දී අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ලෙස එහි තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට නව එකකයක් පිහිටුවිමටත්  පාසල් පද්ධතියට තොරතුරු  හා සන්නිවේදන  තාක්ෂණ විෂය හදුන්වා දිමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමටත්  මූලික විය. එය කැබිනට් මංඩලය අනුමත කිරීමත් ඔහුගේ උපදෙස් මත GIT, OL හා Al ICT විෂයන්  හදුවාදිමත් සිදුවිය. 2003 සිට ICTA  ආරම්භ කිරීමත් සමග එහි මූලිකයෙක් ලෙස කටයුතු කරන ලදී.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති  වීමත් සමග ඔහුට ICTA හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්විමට සිදුවිය. පසුව එම රාජපක්ෂ රජය කාලයේම ජාතික තරුණ සේවා සභාව හා SLIIT හි අධ්‍යක්ෂ වරයෙක් ලෙසත්, ජාතික කාන්තා කමිටුවේ සාමාජිකයකු ලෙසත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධ අමත්‍ය උපදේශක ලෙසත්, ජ්‍යේෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ උපදෙශක ලෙසත් රනිල් වික්‍රමසිහ රජයේ විදුලි බල අමාත්‍ය උපදේශක  ලෙසත් කටයුතු කර ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...