The Leader News
BREAKING
Top Ad
Opinion

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ අවසානය ලඟා වෙමින් තිබේ. - වික්ටර් අයිවන්

T

The Leader Desk

May 25, 2020 • 11:13 AM

 නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ අවසානය ලඟා වෙමින් තිබේ. - වික්ටර් අයිවන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ එක් ඓතිහාසික යුගයක අවසානය ලඟා වෙමින් තිබෙන බව ප්‍රවීන දේශපාලන විචාරකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් පවසයි.
  • එම සටහන තුලින් අදාළ කාරණය තවදුරටත් විග්‍රහකර ඇත්තේ මෙසේය.
  • හැම අදියරයකදීම අර්බුදයේ පරිමාව පෙර අදියරයට වඩා විශාල වීම එම ගමන් මගට ආවේනික විශේෂ ලක්ෂණයක් ලෙස ද සැලකිය හැකිය.
  • රටේ දේහයේ රාමුව එනම් රටේ සමාජ-දේසපාලන ක්‍රමය හා ආර්ථිකය එකට අමුණා තිබුණු වියමන මුලුමනින් ලිහුනු දෙයක් බවට පත් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

'රට කබලෙන් ලිපට වැටීම' යන ශීර්ෂයෙන් යුතුව ඔහු විසින් සිය FB පිටුවේ පළකර ඇති සටහනක එබව සඳහන් වේ. එම සටහන තුලින් අදාළ කාරණය තවදුරටත් විග්‍රහකර ඇත්තේ මෙසේය.

''දැන් ලංකාව තිබෙන්නේ අවුරුදු හැත්තෑදෙකක තරම් කාලයක් තිස්සේ අදියර ගණනාවක් ඔස්සේ මහා අගාදයක් කරා යන ගමනේ අවසානය ලෙස සැලකිය හැකි එහි පතුළට ආසන්න තත්ත්වයකය. 

#  1948-1956 දක්වා ද, 1956-1978 දක්වා ද, 1978-2009 දක්වා ද, 2009-2020 දක්වා ද යනාදී වශයෙන් වන කාල වකවානු එම ගමන් මගේ ප්‍රධාන අදියර ලෙස සැලකිය හැකිය. හැම අදියරයකදීම අර්බුදයේ පරිමාව පෙර අදියරයට වඩා විශාල වීම එම ගමන් මගට ආවේනික විශේෂ ලක්ෂණයක් ලෙස ද සැලකිය හැකිය.

#  එම ගමනේ පෙනෙන්නට තිබුණු තවත් ලක්ෂණයක් වනුයේ ලංකාව නැමැති යානය ගමන් ගනිමින් තිබෙන්නේ මහා අගාදයකට බව මාරුවෙන් මාරුවට යානය පැදවූ නියමුවන් සේම යානයේ ගමන් ගත් මගීන් ද නොදැන සිටීමය. 

''එම ගමනේ පෙනෙන්නට තිබුණු තවත් ලක්ෂණයක් වනුයේ ලංකාව නැමැති යානය ගමන් ගනිමින් තිබෙන්නේ මහා අගාදයකට බව මාරුවෙන් මාරුවට යානය පැදවූ නියමුවන් සේම යානයේ ගමන් ගත් මගීන් ද නොදැන සිටීමය.'' 

#  අගාදයේ කෙලවරටම පැමිණි අවස්ථාව ලෙස සැලකිය හැකි පසුගිය ජනාධිපති වරණයේ දී තරග කළ අපේක්ෂකයින් සේම ඡන්දය දුන් ජනතාව ද තමන් දැන් සිටින්නේ ගමනාන්තයට පෙර තිබෙන අවසන් නැවතුම් පොළේ බව නොදැන සිටීමය. ඒ සියලු දෙනා අපේක්ෂා කළේ ස්වර්ග රාජ්‍යකට යන්නටය. එහෙත් අවසානයේ පැමිණ තිබෙන්නේ අපායකටය.

කබලෙන් ලිපට වැටීම:

#  දැන් රටක් වෙනුවට ඉතිරිවී තිබෙන්නේ පිලිසකර කළ නොහැකි සුන්බුන් ගොඩකි. රටේ දේහයේ රාමුව එනම් රටේ සමාජ-දේසපාලන ක්‍රමය හා ආර්ථිකය එකට අමුණා තිබුණු වියමන මුලුමනින් ලිහුනු දෙයක් බවට පත් වී තිබේ. සමාජ-දේශපාලන ක්‍රමය තිබෙන්නේ මුලුමනින් බිඳ වැටුනු තත්ත්වයකය. රාජ්‍යය තිබෙන්නේ ද දූෂණයෙන් කුණුවී ජරාජීර්ණ වූ, රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවා ගැනීමට වත් බැරි බංකොලොත් තත්ත්වයකය.

#  වසංගත තත්ත්වය නිසා ජනයා නිවාසවල ලොක්ඩවුන් කර ගෙන සිටින අවස්ථාවක පවා එය නොසලකා ඔවුනගේ මාසික වැටුප හෝ මාස බාගයක වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලාසිටින්නට රජයට සිදුවීමෙන්ම රජය ඇද වැටී තිබෙන අර්බුදයේ තරම තේරුම් ගත හැකිය.

#  1978න් පසුව විටින් විට බලයට පත් වන පාලක පක්ෂ පොදු වස්තුව කොල්ල කන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම රාජ්‍යය බංකොලොත් කිරීමට සේම රජයේ ආයතන දූෂණයෙන් කුණු වූ තත්ත්වයක් ඇති කිරීමට හේතු විය. වස්තුව කොල්ලකෑම පාලකයින්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වීම නිසා අනෙක් සියලු දේවල් පලදායි ලෙස කලමනාකරණය කිරීමේ හැකියාව නැති වී රටේ අනෙක් සියලු දේවල් අවුලෙන් අවුලට ගිය දේවල් බවට පත් විය.


''1978න් පසුව විටින් විට බලයට පත් වන පාලක පක්ෂ පොදු වස්තුව කොල්ල කන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම රාජ්‍යය බංකොලොත් කිරීමට සේම රජයේ ආයතන දූෂණයෙන් කුණු වූ තත්ත්වයක් ඇති කිරීමට හේතු විය.''

#  පටු දේශපාලන වාසි සලකා අනවශ්‍ය ලෙස රජයේ සේවයට පුද්ගලයින් බඳවා ගැනීම රාජ්‍ය සේවය අනවශ්‍ය තරමට ප්‍රසාරණය කරන්නට හේතුවී එය අකාර්යක්ෂම කරන්නට හේතුවූවා සේම ඔවුන්ට ගෙවිය යුතු වැටුප් බිල ඉසිලිය නොහැකි වැය බරක් වීමටද හේතු විය. 

#  ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ විටින් විට වර්ග කුල ආගම් බේද නිසා ඇතිවූ කලකෝලාහල හා කැරලි රටේ ජාතික සමගිය අවුල් කොට විශාල ජීවිත හානිවලට අතිරේකව විශාල දේපල හානි ද ඇති කරමින් රටේ ආර්ථිකය ද දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. 


 75632117 75631728                  ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ විටින් විට වර්ගවාදී කැරළි කලකෝලාහල

#  විදේශ ණය මත ආරම්භ කරන සංවර්ධන ව්‍යාපාර පාලකයින්ට අයථා ලෙස ධනය උපයා ගත හැකි ප්‍රධානතම මාර්ගය බවට පත් වීමත් සමග රටේ සංවර්ධනයට පලදායි ලෙස දායක නොවන ව්‍යාජ සංවර්ධන ව්‍යාපාර ආරම්භ කොට පවත්වා ගෙන යාම සාමාන්‍ය දෙයක් බවට පත්වී වාණිජ පදනමකින් වැඩි පොලියක් සහිත කෙටි කාලීන ණය ලබා ගැනීම මෝස්තරයක් බවට පත් විය. 

#  එ නිසා විදේශ ණය පරිමාව සේම ඒවාට වාර්ෂිකව ගෙවිය යුතු වාරිකයේ ප්‍රමාණය සේම පොලියේ ප්‍රමාණය ද වේගයෙන් ඉහළ යමින් එය රටට ඉසිලිය නොහැකි බරක් බවට පත් විය. 

#  2018 වසර වන විට ඊළග අවුරුදු හතර සඳහා පමණක් විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරිකවල හා ඒ සඳහා ගෙවිය යුතු පොලියේ අගය ඩොලර් බිලියන 14.9ක් බවට පත්ව තිබුණි. 

#  පසුගිය ජනාධිපති වරණය වන විට විදේශ ණය සෙඳහා ගෙවිය යුතු වාරිකය හා ඒ සඳහා ගෙවිය යුතු පොලියේ ප්‍රමාණය රජය, රජයේ බැංකු හරහා ලබා ගෙන තිබූ විදේශ ණය සෙඳහා ගෙවිය යුතු වාරිකය හා පොලිය සමග ගත් විට රජයේ වාර්ෂික ආදායම මෙන් සියයට 101ක් තරම් විශාල වී තිබුණි.

ආර්ථික යථාර්තය:

#  දැන් ලංකා ආණ්ඩුව තිබෙන්නේ පරිපූර්ණ අර්ථයෙන්ම බංකොලොත් තත්ත්වයකය. රජයට ආදායම් ලැබෙන සියලු වැදගත් මාර්ග ඇහිරී හෝ අහුරා ගෙන තිබේ. ජනාධිපතිගේ බදු සහන වැඩ සටහන මගින් රජයට අහිමි කර තිබෙන ආදාඅයමේ ප්‍රමාණය රුපියල් බිලියන 650 කි. 


''දැන් ලංකා ආණ්ඩුව තිබෙන්නේ පරිපූර්ණ අර්ථයෙන්ම බංකොලොත් තත්ත්වයකය. රජයට ආදායම් ලැබෙන සියලු වැදගත් මාර්ග ඇහිරී හෝ අහුරා ගෙන තිබේ. ජනාධිපතිගේ බදු සහන වැඩ සටහන මගින් රජයට අහිමි කර තිබෙන ආදාඅයමේ ප්‍රමාණය රුපියල් බිලියන 650 කි. ''


#  රටට විදේශ විනිමය ආදායම් ලබා දෙන ප්‍රධාන මාර්ගයක් වශයෙන් පැවති විදේශ රැකියා කරන්නන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අදාඅයම ද මුලුමනින් බිද වැටී තිබේ. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම තිබෙන්නේ ද මුලුමනින් කඩා බිඳ වැටුණු තත්වයකය. අපනයන වෙළඳාමෙන් උපයන ආදායමේ ද ශීඝ්‍ර බිඳ වැටීමක් ඇතිවී තිබේ.

#  පාර්ලිමේන්තුව ආපසු කැඳවා අනුමැතිය ලබාගත්ත ද, දැන් රජයේ ඒකාබද්ධ අරමුදල තිබෙන්නේ ද අරමුදල් නැති හිස් වූ තත්ත්වයකය. ණය ලබා ගැනීම ඒකාබද්ධ අරමුදල කිසියම් ප්‍රමාණයකට පුරවා ගත හැකි පහසු ක්‍රමය ලෙස සැලකිය හැකි වුවද දැන් ලංකාව තිබෙන්නේ ණය ලබා ගැනීම පවා පහසු නැති අවුල් සහගත තත්ත්වයකය. 

#  ලංකාව ශ්‍රේණි ගත කිරීමේදී B ශ්‍රේනියේ සිට B- ශ්‍රේණියට පහත දමා ඇතිබැවින් අන්තර් ජාතික මුල්‍ය වෙළඳ පොළෙන් ණය ලබා ගන්නේ නම් සියයට 6-8 ත් අතර අධික පොලියක් ගෙවන්නට සිදුවේ. එම තත්ත්වය ලංකාවේ කෙටි කාලීන ණය අර්බුදය උග්‍ර කිරීමට හේතු වනු ඇත. 

#  ආණ්ඩුවට ස්වාධීන බැදුම්කර මගින් ණය ලබා ගැනීමට තිබෙන හැකියාව ද විශාල ප්‍රමාණයකට බිඳ වැටී
තිබෙන අතර ඒ සඳහා දරා තිබෙන උත්සාහයන් ගණනාවක්ම අසාර්ථක වී තිබේ. 

#  භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් මහ බැංකුවට ණය ලබාගැනීමට තිබුණු හැකියාවද බිඳ වැටී තිබෙන අතර නිකුත් කරන බැදුම්කර මහ බැංකුව විසින්ම මිලදී ගත යුතු තත්ත්වයක් ඇති වී තිබේ.

අඳුර ජය ගැනීම : නිදහසින් පසු ලංකාව මුහුණ දෙන ලොකුම අර්බුදය

ඇති වී තිබෙන මෙම තත්ත්වය හමුවේ රටේ ව්‍යාපාරික කටයුතුවල ලොකු බිඳ වැටීමක් ඇතිවී ලක්ෂ ගණනකට රැකියා අහිමි කරන තත්ත්වයක් ඇති විය හැකිය. 

රජයේ සේවකයින්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ද වෙනත් ගෙවීම් සඳහා ද අලුතෙන් අච්චු ගැසූ මුදල් යොදා ගත යුතු පිළිවෙතක් තුළ විශාල උද්දමනයක් ඇතිවී භාණ්ඩ මිල ඔරොත්තු නොදෙන තරම් ඉහළ යාමක් ඇති වනු නොවැළැක්විය හැකිය. 

ස්ථිර තැන්පතුවලින් ලැබෙන පොළියෙන් ජීවත් වන අයගේ ඉතිරි කිරීම් වාෂ්ප වන තත්ත්වයක් ඇති වනු ඇත. ඒ සියල්ල නිසා සමාජ-දේශපාලන තලයේ අවුල් හා කැලඹිලි ඇති විය හැකිය.


''මෙය නිදහසින් පසු ලංකාව මුහුණ දෙන ලොකුම අර්බුදය ලෙස සැලකිය හැකිය. සමස්ථ සමාජ-දේශපාලන ක්‍රමය බිඳ වැටී රට පූර්ණ අරාජක තත්ත්වයකට පවා පත් විය හැකිය. ආණ්ඩුවට හෝ කිසිදු විරුද්ධ පක්ෂයකට මෙම අර්බුදයට විසඳුම් දීමේ හැකියාවක් හෝ ඒ සඳහා වන සාරවත් දැක්මක් තිබෙන බවක් පෙනෙන්නට නැත.''

මෙය නිදහසින් පසු ලංකාව මුහුණ දෙන ලොකුම අර්බුදය ලෙස සැලකිය හැකිය. සමස්ථ සමාජ-දේශපාලන ක්‍රමය බිඳ වැටී රට පූර්ණ අරාජක තත්ත්වයකට පවා පත් විය හැකිය. ආණ්ඩුවට හෝ කිසිදු විරුද්ධ පක්ෂයකට මෙම අර්බුදයට විසඳුම් දීමේ හැකියාවක් හෝ ඒ සඳහා වන සාරවත් දැක්මක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

ලංකාවේ මෙවැනි කඩා බිඳ වැටීමක් සිදු විය හැකි බව කල්තියා දැක ඒ බව ප්‍රකාශයට පත් කළ පුනරුදය ව්‍යාපාරය විකල්ප විසඳුමක් ද ඉදිරිපත් කළේ ය. ඒ අනුව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා ජනතා ව්‍යාපාරයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් 2018 ජූලි18 වන දින මහජන සංවිධාන සිය ගණනක් වෙත ඉදිරිපත් කරන ලද ආයාචනයෙහි මෙම අර්බුදය කෙටියෙන් විස්තර කර තිබුණේ මෙසේය.victer text2020.05

"ලංකාව මුහුණ දී තිබෙන මහා පරිමාණ අර්බුදය විවිධ ස්වරූප ගනිමින් නිදහසේ සිට ක්‍රමයෙන් වර්ධනයවුවක් ලෙස සැලකිය හැකිය. මෙම මහා පරිමාණ අර්බුදය නිසා රට අරාජකත්වයකට තල්ලුවෙමින් පවතී. රටේ සියලු දේශපාලන පක්ෂවල හා දේශපාලන නායකයින්ගේ අසමත්භාවය මෙම අර්බුදයේම ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. මේ විද්‍යමාන වන්නේ අපේ රටේ පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ එක් ඓතිහාසික යුගයක අවසානය ලඟා වෙමින් තිබෙන බවයි."


 
 

[වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...