ඇත්තටම අර්බුදය තියෙන්නෙ අයිස් හෝ වෙනයම් මත්ද්‍රව්‍යයක නෙමෙයි. මේ පීඩනය මේ මිනිස්සුන්ට දරාගන්න බැරිකම.
මත්ද්‍රව්‍යයක් කියන්නෙ ඒකට යන්තම් උදව්වක් විතරයි.
ඒ මත්ද්‍රව්‍යය නිසා හෙට සිද්ද වෙන විශාල අවදානම ඒ මිනිස්සු නොදන්නවා නෙමෙයි. ඒත් අද දවස ගෙවාගන්නෙ කොහොමද කියන එකයි ඒ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නය.
අධික ලෙස ශ්‍රමය වැය කරන පිරිස, විශේෂයෙන් වැඩිපුර කීයක් හරි උපයාගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පැය විසි හතර වැඩ කරන අය ශරීරය හිරිවට්ටගන්න ලාබ මත්ද්‍රව්‍යය පාවිච්චි කරනවා. ඉස්සර හෙරොයින්. දැන් අයිස්. අයිස් නැත්තං ඊටත් වඩා ලාබ මොකක් හරි. ජීවිතය ඒ මිනිස්සුන්ට විවේකයක් ලබාදෙන කල් ශරීරය පණ නැති කරනවා මිස විකල්පයක් නෑ.
මත්ද්‍රව්‍යය අර්බුදයක් විසඳනවා කියන්නෙ ඒක නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ මාර්ග අවහිර කරන එක නෙමෙයි. ඒකෙන් ඇත්තටම වෙන්නෙ වෙනත් මත්ද්‍රව්‍යයකට මාර්ගය සලසා දීමක්.
මත්ද්‍රව්‍යය අර්බුදයක් විසදන්න නම් ඊට ඇබ්බැහි වෙන සමාජ තීරුවෙ ජීවිත අර්බුදය විසඳන්න සිද්ද වෙනවා. අවිධිමත් ශ්‍රමයෙන් ජීවත් වෙන, කිසිදු ආන්ඩුවකින් පිහිටක් නොලබන, මේ සමාජයේ වටිනාකමක් අහිමි සමාජ තීරුව දිහා සානුකම්පිතව බලන්න සිද්ද වෙනවා.
ඒ තමයි ඇත්ත නිර්ප්‍රභූන්. ඒ අයගෙ හඩ සමාජයට ඇහෙන්නෙ නෑ තමයි. ඒ අයව පාලනය කරන්න, දන්ඩනය කරන්න මිස කිසිම වෙලාවක රජයක් ඒ අයගෙ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.
ඉතින් මත්ද්‍රව්‍ය පිටුදකින්න අවශ්‍ය නම් මේ සමාජ තීරුව මිනිස් ජීවිත විදිහට බාරගැනීමයි කරන්න ඕන. ඒක ප්‍රදර්ශනාත්මක වැඩක් නෙමෙයි. ඒකෙන් දේශපාලන වාසි ගන්නත් අමාරුයි.
එහෙම නැතුව කරන මතට තිත කියන්නෙ හැමදාම පීඩිතයාව තවත් පෙලීම සඳහා පාවිච්චි වෙන, මැද පංතියේ උන්ගෙ ලකුණු දාගැනීමේ ක්‍රමයක් විතරයි.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
අයිස් සීතල නෑ!! | Chinthana Dharmadasa
T
The Leader Desk
September 14, 2025 • 5:23 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇත්තටම අර්බුදය තියෙන්නෙ අයිස් හෝ වෙනයම් මත්ද්‍රව්‍යයක නෙමෙයි.
- අධික ලෙස ශ්‍රමය වැය කරන පිරිස, විශේෂයෙන් වැඩිපුර කීයක් හරි උපයාගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පැය විසි හතර වැඩ කරන අය ශරීරය හිරිවට්ටගන්න ලාබ මත්ද්‍රව්‍යය පාවිච්චි කරනවා.
- ඒකෙන් ඇත්තටම වෙන්නෙ වෙනත් මත්ද්‍රව්‍යයකට මාර්ගය සලසා දීමක්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



