විස්තර කෙරෙන්නේ ‘ට්‍රෝයි’ නගරයෙහි විනාශය පිළිබඳ කතාව යි.
කොටු පවුරෙන් වටවුණු ට්‍රෝයි නගරය වසර දහයක කාලයක් වටලා සිටීමෙන් පසුවද යටත් කර ගැනීමට ග්‍රීක හමුදාවන්ට නොහැකි විය. එක් උදෑසනක ග්‍රීකයන් පසු බැස ඉවත්ව ගොස් ඇති බව ට්‍රෝජන්වරුන්ට දැක ගත හැකි විය. නගර දොරටුවලින් පිටත ඉතිරි වී තිබුණේ දැවැන්ත ලී අශ්වයෙකු පමණි. ග්‍රීකයන් සටන අතහැර පසුබැස ඇති බව උද්දාමයට පත් ට්‍රෝජන්වරු , දැවැන්ත ලී අශ්වයා දෙවිවරුන්ගෙන් ලැබුණු තෑග්ගක් යැයි විශ්වාස කළහ. අශ්වයා නගර දොරටුවෙන් ඇතුළු කොට නගරය තුළට ගෙන නොයන ලෙස ට්‍රෝයි නගරයේ පූජකයෙකු විසින් කළ අනතුරු ඇඟවීම් නොතකා, ට්‍රෝයි පුරයේ පාලකයන් සහ ජනතාව අශ්වයා නගරය තුළට ගෙන ආහ.
එදින රාත්‍රියේ අඳුරට මුවා වී, එතෙක් ලී අශ්වයා තුළ සැඟව සිටි ග්‍රීක සොල්දාදුවන් අශ්වයාගෙන් එළියට පැමිණ, නගරය කොල්ලකා, එහි ජනතාව මරා දමා නගරය ගිනිබත් කළහ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අධිකරණ පද්ධතියේ සකල විධ දෝෂයන්ට ප්‍රතිකාරයක් වනු ඇති බවට අන්ධ භක්තියෙන් යුතුව විශ්වාස කරන අයට පමණක් නොව, මෙම සංශෝධනය ඉදිරියට ගෙන ගොස් සම්මත කිරීමට යාමට සනිටුහන් කොට ගෙන සිටින ජනාධිපතිතුමාට සහ ඔහුගේ රජයට ද මෙම කතාවෙන් ඉගෙන ගත යුතු වැදගත් පාඩමක් තිබේ.
Homer's Illiad narrates the story of the destruction of the city of Troy. After a ten year siege outside the walls of Troy the Greeks appear to have withdrawn and an enormous wooden horse is left outside the city gates. The Trojans overjoyed that the Greeks have retreated, believe the horse is a gift from the Gods. Despite the warnings of one Trojan priest not to bring the horse inside the city gates the rulers and people of Troy bring the horse inside the city walls. That night Greek soldiers come out of the wooden horse, ransack the city , killing its people and burning the city down.
This story offers a vital lesson - not only for those who blindly view the 22nd Amendment as a panacea for the country's justice system, but also for the President and his administration, who have been persuaded to push it forward.
(The painting is called 'The procession of the Trojan Horse in Troy by Giovanni Domenico Tiepolo)
| සාලිය පිරීස්
ජනාධිපති නීතිඥ
(ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති )
saliyapieris@yahoo.com
උපුටා ගැනීම - Saliya Pieris ෆේස්බුක් පිටුවෙන්




