The Leader News
BREAKING
Top Ad
Opinion

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස) | Hiththatiyage Samantha

T

The Leader Desk

July 16, 2025 • 9:37 AM

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස) | Hiththatiyage Samantha

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා ගමේ සිටි මාගේ තරුණ කාලයේ, සිංහලෙන් එවකට පලකර තිබූ මාක්ස්වාදී කෘති බොහොමයක එකතුවක් අඩංගුවූ අංගසම්පූර්ණ පොත් එකතුවක හිමිකරුවකු විය.
  • ඇත්ත වශයෙන්ම, කොමියුනිස්ට්වාදය නැවත සලකා බැලීමට දැන් කාලය පැමිණ තිබේද?
  • ගනන්වල අග භාගයේ සිට, ස්ටැලින්වාදය නිරූපනය කෙරුනේ, ඒකාධිපති සහ මිනීමරු කොමියුනිස්ට්වාදයේ සාරය ලෙසය.
  • නමුත්, වර්තමානය වැනි භයානක කාලවලදී, ගෝලීය ධනේශ්වර ආධිපත්‍යය සහ එහි අර්බුදය හා සමාජ තරඟකාරී බලවේගවල පෙර නොවූ විරූ අසමත්කම දකිනවිට, සියල්ලටත් වඩා, විකල්ප සාමූහික බහුතර දේශපාලන ව්‍යාපෘතියක් ඇති බව අපට නොසලකා හැරිය හැක්කේ කෙසේද?
අකුරු ප්‍රමාණය (Font Size):

 

මා ගමේ සිටි මාගේ තරුණ කාලයේ, සිංහලෙන් එවකට පලකර තිබූ මාක්ස්වාදී කෘති බොහොමයක එකතුවක් අඩංගුවූ අංගසම්පූර්ණ පොත් එකතුවක හිමිකරුවකු විය.

මා මාතර හැරදමා කොළඹ පැමිණීමට තීරණයකල විට, එම පොත් එකතුව, අපේම පවූලේ එකෙකුම වැනිවූ (එකල) දේශපාලන මිතුරෙකුට ලබාදුන්නේ, මට නොහැකි වුවත් කවුරුන් හෝ ඒවා පරිහරණය කරනු ඇත යන බලාපොරොත්තුවට අමතරව, මාක්ස්වාදී කොමියුනිස්ට් අදහස් සම්පූර්ණයෙන්ම පරාජයවී ඇතැයිද, දැන් මට මේ කෘති කුමටදැයිද යන සිතිවිල්ල මා කම්පනට පත්කර තිබූ බැවිනි.

දෙවයේ සරදමකට මෙන් නැවතත් ඊයේ, වී. ජී. අපනාසියෙව්ගේ දයලෙක්තික භෞතිකවාදය කෘතිය සහ එංගල්ස්ගේ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය කෘතිය සරසවිය පොත්හලෙන් මිලදී ගන්නට මට සිදුවිය.

WhatsApp Image 2023 03 24 at 12.02.08 1 2
ඇත්ත වශයෙන්ම, කොමියුනිස්ට්වාදය නැවත සලකා බැලීමට දැන් කාලය පැමිණ තිබේද? එහි පැවැත්ම සැක කිරීමට හේතු තිබිනි. 1970 ගනන්වල අග භාගයේ සිට, ස්ටැලින්වාදය නිරූපනය කෙරුනේ, ඒකාධිපති සහ මිනීමරු කොමියුනිස්ට්වාදයේ සාරය ලෙසය.

නමුත්, වර්තමානය වැනි භයානක කාලවලදී, ගෝලීය ධනේශ්වර ආධිපත්‍යය සහ එහි අර්බුදය හා සමාජ තරඟකාරී බලවේගවල පෙර නොවූ විරූ අසමත්කම දකිනවිට, සියල්ලටත් වඩා, විකල්ප සාමූහික බහුතර දේශපාලන ව්‍යාපෘතියක් ඇති බව අපට නොසලකා හැරිය හැක්කේ කෙසේද? මෑත වසරවලදී, කොමියුනිස්ට්වාදය පිළිබඳ ප්‍රශ්නය න්‍යායික සහ සමහර දාර්ශනික කෘතීන් තුළ, එහෙන් මෙහෙන් නැවත මතුවීමට පටන්ගෙන ඇත.

ධනවාදයට විකල්පයක් පිලිබඳ සාමූහික ආවර්ජනය, එය ඝනීභවනය වී ඇති එහි තීරනාත්මක මානයෙන් ඔබ්බට ගෙන ඒම සඳහා අප ආරම්භ කළ යුත්තේ, ‘කොමියුනිස්ට්වාදය’ ලෙසින් හැඳින්වෙන ප්‍රක්ෂේපණය කළ සහ කළ නොහැකි දේශපාලනයේ විරුද්ධාභාසයෙන් පටන්ගෙන, මෙම න්‍යායික යෝජනා සහ මැදිහත්වීම් බැරෑරුම් ලෙස ගැනීමයි. එය යළිත් වරක් විමුක්තියේ ව්‍යාපෘතියක් සාක්ෂාත් කර ගැනීම පිළිබඳව ඇති ගැටලුකාරී සම්බන්ධතාවල සංකේතයකි.

comh87t687
නමුත් “විසිරුණු විකල්පවලට” තවත් විකල්පයක් එක් කරනවා වෙනුවට, හෝ මූලික වශයෙන් වෙනස් වූ උපකල්පනක් සමථයකට පත් කිරීමට උත්සාහ කරනවා වෙනුවට, ඒවා සමකාලීන දේශපාලන විවේචනයේ සහ තරඟයේ නැතිවී ඇති කෝණයෙන් විග්‍රහ කිරීමට අප උත්සාහ කලයුතුය.

 
“උපාය මාර්ගයක්” ලෙස සූරාකෑමට ලක්වූ අය ආධිපත්‍යය දරන, පොදු බලමුලු ගැන්වීමේ රැඩිකල් පරිවර්තනයේ ව්‍යාපෘතියක් සාමූහිකව ගොඩනැගීමට හැකියාව ලබා දෙන ශක්තිමත් දේශපාලන හැඟීමක් ! බලය දිනාගැනීමේ ක්‍රමවලට වඩා ඉහළින්, මෙම යෙදුමෙන් අදහස් කරන්නේ, රාජ්‍ය පාලනයෙන් මිදීම සහ මාධ්‍යයන් අරමුණු බවට පරිවර්තනය කිරීම අරමුණු කරගත් එවැනි ජයග්‍රහණයකින් ඔබ්බට යන මැදිහත්වීම් සොයා ගැනීමයි.
 
හයිගේට්ස් සුසානයේ නිදන, අපි දන්න කියන, අපේ කෙනෙක් ඔයා මාක්ස්! - (අරවින්ද  හෙට්ටිආරච්චි)
අද අපට ඉතා ඉක්මනින් අවශ්‍ය වන්නේ මෙවැනි නිශ්චිත උපාය මාර්ගයකි. ධනවාදයේ සහ ධනවාදයට ඇති විකල්පයන්ගේ වත්මන් පොදු අර්බුදය මධ්‍යයේ, කොමියුනිස්ට් කල්පිතයේ සමකාලීන සූත්‍රගත කිරීම් එහි තීරණාත්මක වූ සහ ඉතිරිව ඇති දේ සමඟ සංසන්දනය කිරීමට ඉදිරියට ගිය පසු මෙම මූලෝපායික කෝණය සම්පූර්ණයෙන්ම මතුවේ. මාක්ස් ඔහුගේ කාලයේ වර්ධනය කළ සංකල්පය, 1848 සහ 1871 අතර දේශපාලන නූතනත්වය, එහි අත්‍යවශ්‍ය ප්‍රතිවිරෝධතා තුළ නිර්වචනය කළ විප්ලවවාදී අනුපිළිවෙලක් සමඟ සමකාලීනවේ.
එබැවින් වර්තමාන පශ්චාත් මාක්ස්වාදීන් හා අනෙකුත් න්‍යායධරයන් විසින් නඟන ලද ප්‍රශ්න මත පදනම්ව, උපායමාර්ගික කෝණයකින් මාක්ස් නැවත කියවීමෙන් සමන්විත වන කාලානුක්‍රමික විරෝධී ප්‍රවේශයක් අප අනුගමනය කල යුතුව ඇත. එය අත්‍යාවශ්‍යයෙන්ම විවේචනය, උපායමාර්ගිකව යලි සක්‍රීය කිරීමේ අපේක්ෂාව විවෘත කරයි. 
 ඊළඟ අරගලය - (එරන්ද ගිනිගේ)
 
මාක්ස්, කොමියුනිස්ට්වාදය එහි සවිස්තරාත්මක ක්‍රියාන්විතය තුළ කොතැනකවත් නිර්වචනය නොකරන බව අප හොඳින් දන්නා අතර, ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය, එහි සාමාන්‍යභාවය අනුව, අදටත් එහි අදාළත්වය රඳවාගෙන ඇති බව බොහෝ විට අප විසින් පිළිගැනේ. කොමියුනිස්ට්වාදය පිළිබඳ ප්‍රශ්නය අත්‍යවශ්‍යයෙන්ම උපායමාර්ගික ප්‍රවේශයකින් ඉදිරියට ගෙන යන බව කලාතුරකින් අවධාරණය කර ඇත.

ධනවාදයේ ප්‍රතිවිරෝධතා පිලිබඳ ඔහුගේ විද්වත් අධ්‍යයනයේ අරමුන, සියල්ලටම වඩා සමාජ අරගල සමග ඒකාබද්ධ කිරීම සහ රැඩිකල් සමාජ පරිවර්තනයක දිග්ගැස්සුනු ක්‍රියාවලියට පෝෂණය සැපයීමයි. මාක්ස්, ‘කොමියුනිස්ට්වාදය’ සහ ‘කොමියුනිස්ට්’ යන්නෙන් විශේෂයෙන් සඳහන් කරන්නේ, එහි පොරොන්දුව අඩංගු සහ එය ඉදිකිරීමට උත්සාහ කළ කාලපරිච්ඡේදය තුළ (1840-80) විප්ලවවාදී මාර්ගයක් සෙවීමයි.

samantha(සටහන | හිත්තටියගේ සමන්ත)

උපුටා ගැනීම - LDM


පෙර කොටස්:

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (පළමු කොටස)

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (2කොටස)

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (3කොටස)

WhatsApp Image 2021 09 13 at 13.49.58
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...