The Leader News
BREAKING
Top Ad
Opinion

ට්‍රම්ප්ගේ මහා මුසාවාදය චීනයට එරෙහි යුද්ධයට පොට පාදා ගැනීමකි. -පීටර් සිමන්ඩ්ස්

T

The Leader Desk

May 23, 2020 • 6:09 AM

ට්‍රම්ප්ගේ මහා මුසාවාදය චීනයට එරෙහි යුද්ධයට පොට පාදා ගැනීමකි. -පීටර් සිමන්ඩ්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සහ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මැයි 2 වැනි දා සංවිධානය කල,
  • කොවිඩ්-19 ගෝලීය වසංගතය ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ ජීවිත සහ සෞඛ්‍ය තත්ත්වය බිල්ලට දී, සුපිරි ධනවතුන් අතලොස්සකගේ කැත ලාභ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙන ධනපති ක්‍රමයේ කුනු වූ ඇතුලාන්තයේ වැඩි වර්ධනය එලිදරවු කර ඇත.
  • වීඩියෝවේ 37:48 ට පීටර් සිමන්ඩ්ස්ගේ කතාව ආරම්භ වේ.
  • ලෝක දේශපාලනය වඩාත් ම අස්ථාවර කරන සාධකය වන ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ගේ ගෝලීය අධිපති ස්ථානය මුක්කු ගසා රැක ගැනීමට තම දැවැන්ත මිලිටරි යන්ත්‍රය යොදා ගැනීම ද ඇතුලු ව හැකි සෑම ආකාරයකින් ම ඉච්ඡා භංග ව ඉවක් බවක් නොමැති උත්සාහ දරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

2020 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි රැලියේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඕස්ට්‍රේලියාවේ ජාතික කර්තෘ පීටර් සිමන්ඩ්ස් පවත් වන ලද කතාව පහත දැක්වෙයි.

මෙම මැයි දින රැලියට ලෝකයේ නන් දෙසින් එක් වන සියලු දෙනා ඕස්ට්‍රේලියාවේ සිට සාදරයෙන් පිලිගනිමි.

කොවිඩ්-19 ගෝලීය වසංගතය ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ ජීවිත සහ සෞඛ්‍ය තත්ත්වය බිල්ලට දී, සුපිරි ධනවතුන් අතලොස්සකගේ කැත ලාභ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙන ධනපති ක්‍රමයේ කුනු වූ ඇතුලාන්තයේ වැඩි වර්ධනය එලිදරවු කර ඇත.

වීඩියෝවේ 37:48 ට පීටර් සිමන්ඩ්ස්ගේ කතාව ආරම්භ වේ.

 

දහස් ගනින් දිනපතා දිගට ම මරනයට පත් වෙද්දී, ප්‍රායෝගික විද්‍යා දැනුම, වෛද්‍ය විද්‍යාත්මක සහ සෞඛ්‍ය සම්පත් එක් තැනකට රැස් කර, වැඩි දුර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සහ අවසාන වශයෙන් එය නවතා ලීමටමත් හොඳ ම විද්‍යාත්මක ක්‍රමවේද සැලසුම් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවක දැවෙන අවශ්‍යතාවක් පවතී.

එහෙත්, මාරක වෛරසය සමඟ සටන් කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවයට යල් පිනූ ධනපතිවාදයේ ජාතික රාජ්‍ය පද්ධතිය තමන් බාධකයක් බව ඔප්පු කර ඇතිවා පමනක් නොව, ගෝලීය වසංගතයට මත්තෙන් ම ගෝලීය යුද්ධයක් දෙසට වැඩෙමින් පැවති භූ දේශපාලනික සතුරුකම් සියල්ල ම අලුත් වූ ප්‍රචන්ඩත්වයකින් පුපුරා යමින් ද ඇත.

ලෝක දේශපාලනය වඩාත් ම අස්ථාවර කරන සාධකය වන ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ගේ ගෝලීය අධිපති ස්ථානය මුක්කු ගසා රැක ගැනීමට තම දැවැන්ත මිලිටරි යන්ත්‍රය යොදා ගැනීම ද ඇතුලු ව හැකි සෑම ආකාරයකින් ම ඉච්ඡා භංග ව ඉවක් බවක් නොමැති උත්සාහ දරයි.  

 

තහවුරු නොකල චෝදනා සහ අමූලික බොරු මත පදනම්ව:

ගෝලීය වසංගතය මැද, ඇමරිකාවේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ  සහ මාධ්‍යවල සහය ලබමින් ට්‍රම්ප් පරිපාලනය කොරෝනා වෛරසය ගැන චීනයට දොස් පැවරීමේ විසකුරු උද්ඝෝෂනයක යෙදී ගෙන සිටින්නේ තහවුරු නොකල චෝදනා සහ අමූලික බොරු මත පදනම්වයි.

මෙම වෛරසය සහ වෙනත් රෝගවලට එරෙහි ව සටන් කිරීමට ලොව පුරා රටවලට ආධාර සහ උපදෙස් සපයන ආයතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සම්පාදනය ට්‍රම්ප් විසින් කපා හරිනු ලැබ ඇත්තේ එම සංවිධානය වෛරසයේ පැන නැගීම වසන් කිරීමට චීනය සමඟ කුමන්ත්‍රනය කලේ ය යන ව්‍යාජ කියා පෑම මත ය.

ඇත්තෙන් ම, චීන බලධාරියෝ කල් නොයවා ම ලෝකයට අනතුරු ඇඟවූහ. ජනවාරි 3 වැනි දා පටන් ඔවුහු අඛන්ඩ ව ම ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කලහ; කඩිනමින් රෝග කාරකය හඳුනා ගත්හ; ජනවාරි 11 වැනි දා වෙරසයේ ජාන සැකැස්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට සැපයූහ. ජනවාරි 23 වැනි දා, වැඩි දුර ව්‍යාප්තිය වලකාලීමට වූහාන් නගරය අගුලු ලන ලදි.

wuhan city

නොදන්නා වෛරසයක් සමඟ පොර බැදීමේ චීන ප්‍රතිචාරයේ කවර හෝ අඩු පාඩුවක් පැවතියත්, එය ට්‍රම්ප් පරිපාලනය දස දහස් ගනනින් මිනිසුන් මිය ගිය හඳුනා ගත් අන්තරායට ප්‍රතිචාර දැක්වීමට සති ගනනාවක් තිස්සේ මොන ම දෙයක්වත් කිරීමට අසමත් වීම හා සැසඳීමේ දී නොතකා හැරිය යුතු තරමේ සුලු දෙයක් බවට පත් වන්නේ ය.

තව ද, ට්‍රම්ප් වෛරසය වූහාන්හි වෛරසවේද විද්‍යාගාරයක ප්‍රභවය ලැබ අත්වැරදීමකින් හෝ දැනුවත් ව මුදා හරිනු ලැබ ඇත ය යන අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රන න්‍යායට විශ්වසනීයත්වයක් සපයා දී ඇත. මේ සතියේ දී, තම චෝදනාව සනාථ කිරීමට සාධක තමන් දැක ඇති බවට ඔහු ප්‍රකාශ කලේ ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ කාර්යාලය කොරෝනා වෛරසය “මිනිසා නිපද වූවක් නොවේ” යයි කියා තිබියදී ම ය..

ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ෆැසිස්ට් තාලයේ ස්ටීවන් බැනන් විසින් ජනනය කෙරුනු මේ මහා මුසාවාදය ඇමරිකානු මාධ්‍ය මගින් තවත් පුම්බනු ලබමින් ඇත්තේ එයට පටහැනි විද්‍යාත්මක සාධක, එනම් මෙය සතුන්ගෙන් මිනිසාට බෝ වුනු වෛරසයක් මගින් හට ගත් ගෝලීය වසංගතයක් බවට සාක්ෂි ඕනෑවටත්  වැඩිය තිබිය දී ය.

ඕස්ට්‍රේලියාවේ වැනි සගයන්ගේ ආධාරය ඇති ව චීනය මත වරද පැටවීමේ ඇමරිකානු ප්‍රයත්නයන් වනාහී කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධය හමුවේ තමන්ගේ ම සාපරාධී නොතකා හැරීම් වෙතින් අවධානය වෙනතකට යොමු කිරීමේ ලදරු උත්සාහයකි.

 

ඇමරිකානු මූලෝපායඥයන් ගැඹුරින් ම බියවන හේතුව ?

නමුත් එහි එයටත් වඩා දෙයක් ඇත. ඇමරිකානු මූලෝපායඥයන් ගැඹුරින් ම බිය වන්නේ, ගෝලීය වසංගතය චීනය සහ සෙසු ප්‍රතිවාදීන්ට සාපේක්ෂව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික සහ මූලෝපායික ස්ථානයේ වැඩි දුර ඛාදනයක් ජනනය කරනු ඇති ය යන කාරනාව සම්බන්ධයෙනි.

මුලින් ඔබාමා යටතේත්, දැන් ට්‍රම්ප් යටතේත් ඇමරිකාව ඉන්දු පැසිෆික් කලාපය පුරාවට යුද්ධයට සූදානම් වෙමින් මිලිටරිය කඩිනමින් කඳවුරු ලන අතරේ ම, ආක්‍රමනශීලි ලෙස චීනයට එරෙහි ව රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථිකමය වශයෙන් වල කැපීමට යොමු ව ඇත.

ට්‍රම්ප් යටතේ ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය”, “මහ බල අරගලය” විසින් විස්ථාපනය කෙරී ඇත. චීනයට එරෙහි ඔහුගේ ආර්ථික යුද්ධය නොවැලැක් විය හැකි ලෙස මිලිටරි ප්‍රතිමුඛ වීමකටත් සටනකටත් මග පාදනු ඇත.

ට්‍රම්ප් පරිපාලනය දැන් ක්‍රියාකාරී ලෙස සාකච්ඡා කරමින් සිටින්නේ චීනයට එරෙහි ව දඬුවම් වශයෙන් ආර්ථික සම්බාධක පැනවීමටත් වෙනත් පියවරයන් ගැනීමටත් ය. ඒ සමඟ ම, එය චීනයට එරෙහි දකුනු චීන මුහුදේ නාවික ප්‍රකෝපකරනයන් අඛන්ඩ ව ඉදිරියට ගෙන යයි.

Trump talk

මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ ආධිපත්‍යය සඳහා සියවස් කාලක් තිස්සේ සිදු කෙරුනු ඇමරිකාවේ සාපරාධී යුද්ධ න්‍යෂ්ටිකව සන්නද්ධ බලවතුන් අතර ව්‍යසනකාරී යුද ධාවනයක් බවට ඔඩු දුවමින් පවතී. ට්‍රම්ප් පරිපාලනය මැදිදුර බැලිස්ටික් මිසයිල සම්බන්ධ ගිවිසුම ඉරා දැම්මේත්, මේ වසරේ මිලිටරි අයවැය තුලින් නව න්‍යෂ්ටික ආයුධ වර්ධනයට ඉහල ම ප්‍රමුඛත්වය දී ඇත්තේත් වැරදීමකින් නොවේ.

ලොව පුරා ධනේශ්වර පන්තීන්ට කොවිඩ්-19 ගෝලීය වසංගතය නිරාවරනය කල සීඝ්‍රයෙන් ගැඹුරු වන ආර්ථික අර්බුදයට කම්කරු පන්තියට එරෙහි පන්ති යුද්ධයත් තම ප්‍රතිවාදීන්ට එරෙහි යුද්ධයත් හැරුනු විට අන් කිසිදු විසඳුමක් ඇත්තේ නැත. මානව වර්ගයාගේ අනාගත පැවැත්ම රඳා පවතින්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය බංකොලොත් ලාභ පද්ධතියටත්, එය ලෝකය පසමිතුරු ජාතික රාජ්‍ය පද්ධතියකට බෙදා වෙන් කර තැබීමේ අයථා බවටත් අවසානයක් ගෙන දීම තුල ය.

ඇමරිකාවේ ආක්‍රමනශීලි මිලිටරි කඳවුරු ලා ගැනීමට සහ යුද ධාවනයට ප්‍රගතිශීලි පිලිතුරක් බීජිනය සතු ව නැත. එහි එක ම ප්‍රතිචාරය එක් අතකින් වොෂින්ටනය සතුටු කිරීමට නිෂ්පල උත්සායන් අතරත්, අනික් අතින් මානව වර්ගයාට විනාශයක් කැඳවීමෙන් පමනක් අවසන් විය හැකි අවි තරඟයක යෙදී ගැනීමත් අතර දෝලනය වීම පමනි.

(Trump’s Big Lie, accusing China of spreading COVID-19, a prelude to US war against China යන ශීර්ෂයෙන් යුතුව ඉංග්‍රීසි බසින් පලවූ ලිපියක සිංහල පරිවර්තනයකි)

(උපුටා ගැනීම : www.wsws.org/si/)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රම්ප්ගේ මහා මුසාවාදය චීනයට එරෙහි යුද්ධයට පොට පාදා ගැනීමකි. -පීටර් සිමන්ඩ්ස් | The Leader