The Leader News
BREAKING
Top Ad
Opinion

සිරිමාවෝ ඉතිහාසය ඉවත් කළා ද..? | Udeni Saman Kumara

T

The Leader Desk

June 9, 2025 • 7:07 AM

සිරිමාවෝ ඉතිහාසය ඉවත් කළා ද..? | Udeni Saman Kumara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනට විරුද්ධව එල්ලවන චෝදනා රාශියකි.
  • එම චෝදනා අතර එක් බරපතළ චෝදනාවක් වන්නේ ඔහු විසින් “ඉතිහාසය” විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කර රටේ වර්තමාන පරපුර ජාතියේ අක්මුල් නොදන්නා නිකමුන් බවට පත් කරන ලදැයි නැගෙන චෝදනාවය.
  • නමුත් ඉතිහාසය විෂය මාලාවෙන් ඉවත් කළ බවට නැගෙන චෝදනාව සත්‍යයෙන් තොරය.
  • පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කළේ 1970 බලයට පැමිණි සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනට විරුද්ධව එල්ලවන චෝදනා රාශියකි. එම චෝදනා අතර එක් බරපතළ චෝදනාවක් වන්නේ ඔහු විසින් “ඉතිහාසය” විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කර රටේ වර්තමාන පරපුර ජාතියේ අක්මුල් නොදන්නා නිකමුන් බවට පත් කරන ලදැයි නැගෙන  චෝදනාවය.

ජේ ආර් ට එල්ල වන අනෙකුත් බොහෝ චෝදනා සත්‍ය හා නිවැරදි ඒවාය. නමුත් ඉතිහාසය විෂය මාලාවෙන් ඉවත් කළ බවට නැගෙන චෝදනාව සත්‍යයෙන් තොරය.

 

නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් -  (කුසල් පෙරේරා)
යූඇන්පීය ද මේ චෝදනාව ඉන්තේරුවෙන්ම බාරගෙන කරබාගෙන සිටීමේ හේතුව කුමක්දැයි නොදනිමි. සමහරවිට ජාතියේ ඉතිහාස උරුමය රැක්කේ බණ්ඩාරනායක ලා යැයි ඔවුන් ද සිතා සිටින නිසා විය හැක.

පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කළේ 1970 බලයට පැමිණි සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක විසිනි.

සමඟි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඒ වනවිට පැවති අධ්‍යාපන ක්‍රමයේ දුර්වලකම් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි අධ්‍යාපන ඇමති බද්යුදීන් මහමුද් විසින් ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරන ලදී.

කමිටුවේ සෙසු සාමාජිකයින් වූයේ ජෝර්ජ් මෙන්ඩිස්, ප්‍රේමදාස උඩගම සහ කේ එච් එම් සුමතිපාල යන තිදෙනාය.

 

මැතිනියගේ 108 ජන්මදින සැමරුම අප්‍රේල් 17 චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන්
රටේ ජාතික අවශ්‍යතා සමඟ ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ද, ඊට සාපේක්ෂව පාසැල් විෂය මාලාවේ වෙනසක් ද, අවශ්‍ය බව 1972 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුව නිර්දේශ කර තිබිණ. ඒ අනුව 1972 ඔක්තෝබර් 29  දිනැති අංක 230 දරන චක්‍ර ලේඛය මගින් පාසල් විෂය මාලාවේ නව වෙනස්වීම් හඳුන්වා දෙන ලදී.

1972 නොවැම්බර් 23 අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සියලුම විදූහල්පතින් වෙත යැවූ අංක 223 දරන චක්‍රලේඛයේ මෙසේ සඳහන් විය. "1972 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන සැලැස්ම අනුව 6 වැනි ශ්‍රේණියේ සිට දැනට උගන්වන ඉතිහාසය, භූගෝල විද්‍යාව, යන විෂයයන් විෂය මාලාවෙන් ඉවත් කරන අතර ඒ වෙනුවට සමාජ අධ්‍යයනය යනුවෙන් නව විෂයයක් අධ්‍යාපන පරිපාටියට ඇතුළත් කරනු ලැබේ"

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 10 වන වසරට නියමිත ව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය ( SSC ) වෙනුවට ජාතික පොදු අධ්‍යාපන සහතික පත්‍ර පරීක්ෂණය (NCGE )නමින් නව විභාගයක් ද හඳුන්වා දෙන ලදී.

කෙසේ වුවද ඉතිහාසය වෙනුවට සමාජ අධ්‍යනය විෂය ඇතුළත් නව විභාගය  පවත්වන ලද්දේ 1975,1976 වර්ෂ වලදී පමණි.

 

ජේ. ආර්. : ඉස්සර දුෂ්ටයා අද වීරයෙක්? - (ගාමිණී වියන්ගොඩ)
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව 1976 අග භාගයේ බිඳ වැටිණි. 1977 අගමැති ජේ ආර් ජයවර්ධන බලයට පත්විය.

යූඇන්පී ආණ්ඩුව NCGE විභාගය ඉවත් කොට නැවත අපොස (සාමාන්‍ය) පෙළ විභාගය ගෙනාවේය. එහෙත් එජාප අධ්‍යාපන ඇමැතිවරයා සමාජ අධ්‍යයනය විෂය වෙනස් කළේ නැත.

ඉතිහාසය විෂය ගිලිහී යාමක් සිදුවී ඇති බව අධ්‍යාපන විශේෂඥයින් 1986 වන විට පෙන්වා දුන්නේය. 1985 – 1986 වර්ෂ වල අපොස ( සාමාන්‍ය) පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මෙම පරිහානිය දත්ත වලින් ම දැකගත හැකි විය. සමාජ අධ්‍යයනය විෂය සඳහා ශිෂ්‍යයින් විශිෂ්ට සම්මාන ලබා ගත්තේ 3.24% පමණි.

udedni(සටහන | උදේනි සමන් කුමාර)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික

උපුටා ගැනීම - LPN

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිරිමාවෝ ඉතිහාසය ඉවත් කළා ද..? | Udeni Saman Kumara | The Leader