The Leader News
BREAKING
Top Ad
Opinion

අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි! | Uvindu Kurukulasuriya

T

The Leader Desk

July 18, 2025 • 7:23 AM

අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි! | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිස්ත්‍රික්කයයි, ඩිවිෂන් එකයි, ග්‍රාම නිලධාරී වසමයි එන්ටර් කළාම අර ඔක්කොම දත්ත එනව.
  • සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන් නේද?
  • අනිත් එක ඒ පුද්ගලායට කියන්න පුලුවන් තමන්ගේ දත්ත තුන්වෙනි පාර්ශවයකට දෙන්න කියල ඉල්ලා සිටින්න පුලුවන්, උදා ඒ තමන්ගේ නීතීඥයාට.
අකුරු ප්‍රමාණය (Font Size):


දිස්ත්‍රික්කයයි, ඩිවිෂන් එකයි, ග්‍රාම නිලධාරී වසමයි එන්ටර් කළාම අර ඔක්කොම දත්ත එනව. මට ඒ වෙබ් සයිට් එකේ නම කියන්නවත් හිතෙන්නෙ නැහැ.
මේක හරිම වැරදි වැඩක් මගේ අදහස අනුව. සමහර විට මේ තොරතුරු බලල ගම්වල ඉන්න අස්වැසුම නොලැබිය යුතු අය ලබා ගන්නවද කියල බලල පැමිණිලි කරන්න පුලුවන් වගේ දෙයක් කරවගන්න හෝ පාරදෘෂ්‍යභාවය පෙන්නන්ද දන්නෙ නැහැ.

519975899 10162658360679818 358032197469674887 n
ඒත් මේක අසාධාරණ වැඩක්. ඒ මිනිස්සුන් ගේ අසරණ කම, දිළිඳුභාවයේ ප්‍රමාණය මේකෙන් පේනව, අනිත් අතට ඒ අයව සමාජය ඉදිරියේ තව තවත් අසරණ වෙනව දුප්පත්කම නිසාම තමන්ගේ දත්ත ගමේ අය දැන ගැනීමෙන්. ඒ අයගෙ දරුවො පාසැල්වලදි කොන් කරයි, අසරණ වෙයි. සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන් නේද?

මම ගිහින් බැලුව දියුණු රටවල මේවගේ අයගෙ දත්ත මහජනයට බලාගන්න පුලුවන්ද කියල. බැහැ. ඒ තොරතුරු නිශ්චිත ආයතන එක්ක විතරයි බෙදාගන්නෙ. උදාහරණයකට දූෂණ වැලැක්වීමේ රාජ්‍ය ආයතන, අදාල පුද්ගලයින්ට තව තවත් සුබසාධන අවශ්‍යද හොයල බලල උදව් කරන්න පුලුවන් ආයතන වගේ ඒව එක්කවගේ කරුණු ගනනාවක් වෙනුවෙන් විතරයි.

640 data breach concept person hand typing keyboard on office desk with data breach icon on virtual screen cyber security data protection business technology privacy

 

අනිත් එක ඒ පුද්ගලායට කියන්න පුලුවන් තමන්ගේ දත්ත තුන්වෙනි පාර්ශවයකට දෙන්න කියල ඉල්ලා සිටින්න පුලුවන්, උදා ඒ තමන්ගේ නීතීඥයාට. ඒ මිසක් අනෙකුත් මහජනයට ඒව බලාගන්න බැහැ. කොටින්ම කියනවනම් ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ. නම, ලිපින ආදී දත්ත ප්‍රසිද්ධ ඡන්ද ලැයිස්තුවට දාන්න එපා කියලත් ඉල්ලන්න පුලුවන්. එහෙමයි පුද්ගලිකත්වය රකින්නේ.

අදාල කෙනා වංචාවක් කරනවද කියල හොයන්න වෙන ක්‍රම තියෙනවනෙ. මේ නම්, ගම්, ලිපින, තත්ත්වය ඔක්කොම දාන්නෙ ඇයි?

මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වය උල්ලංඝනයක්. අනික දත්ත ආරක්‍ෂණ පනත් උල්ලංඝනයක් කියන එක තමා මගේ අදහස.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි! | Uvindu Kurukulasuriya | The Leader