නාලක කලුවැව ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකට ඊයේ (19) ගාල්ලේදී එක්වෙමිනි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද එක්ව සිටියාය.
මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වන කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
''මේ වගේ ඒව කරනව නම් අර ඡන්ද කාලෙ කිව්ව විදියට කිලෝ මීටර් තුනෙන් තුනටද කොහෙදෝ ඉස්කෝල දානව කියල, අන්න ඒව කරල ඉන්න වෙයි. නැත්තං යටිතල පහසුකම්වල සෑහෙන වෙනසක් කරන්න වෙයි.
උදාහරණයකට රේල්බස්, කෝච්චි, බස් වගේ ඒවගෙ කාලසටහන් වගේ ඒව වෙනස් කරන්න වෙයි.
කිලෝ මීටරේ ඇතුලෙ ළමයි ගන්නෙ කිව්වට ගොඩක් පැතිවල බාලංශ දරුව ඉදන් ලොකුම පංතියෙ කෙනා දක්වා පාන්දර හතරට එන එකම ස්කූල් වෑන්වල එන්නෙ. ඒවත් බලන්න වෙයි.
ළමයි ඉස්කෝලෙ ඇරිල වෙලාවට ගෙදර යාගන්න බැරිව රස්තියාදු ගහන්න පුරුදු උනාම නොයෙකුත් නරක පුරුදුවලට ඇබ්බැහි වෙනවා කියල පෙන්නල තියෙන රිසර්ච් එහෙම මැඩම් හරිනි ඇතුලු මේ එක්ස්පර්ට්ස්ල කියවල ඇතිනෙ!
දෙමව්පියන්ව කන්සල්ට් කළාද? ප්‍රවාහන ඇමතිව කන්සල්ට් කළාද? තවත් ඉන්න පරදු පාර්ෂව කන්සල්ට් කළාද මේ වගේ තීරණ ගන්න කලින්?''
| උවිඳු කුරුකුලසුරිය
uvinduk@gmail.com




