The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර යාපනයේදී ක්‍රිකට් ගැන කී කතාව ගැන කරන විවේචන “නොට් ක්‍රිකට්” - Uvindu Kurukulasuriya

T

The Leader Desk

September 2, 2025 • 7:34 AM

අනුර යාපනයේදී ක්‍රිකට් ගැන කී කතාව ගැන කරන විවේචන “නොට් ක්‍රිකට්” - Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකද ඒව ලයිව් දෙන්නෙත් නැහැ ඉස්සර වගේ, ජනාධිපතිගෙ වෙබ්සයිට් එකෙත් නැහැ එයාගෙ සම්පූර්ණ කතාව, එයාගෙ නිල ෆේස්බුක් පිටුවෙත් නැහැ එයා ක්‍රිකට් ගැන කරපු ඒ සම්පූර්ණ කතාව.
  • ඒකට ගන්න ඕන ටැලන්ට් බේස්ඩ් නියෝජනයක්.” මේක ඇත්ත, ඒත් ඒ දක්‍ෂතාවය මත ක්‍රිකට් ගහන අයව තෝරන්නෙ කොහොමද?
  • මම කරුණු කීපයක් කියන්නම්; නුවර අස්ගිරියෙ පිට්ටනිය ටෙස්ට් පිට්ටනියක් කරල 1983 දි පළවෙනි ඔස්ට්‍රේලියාවෙ ටීම් එකයි ලංකාවෙ ටීම් එකයි සෙල්ලම් කරන කොට මම හයේ පන්තියෙ.
  • මගෙ ඔය පෙට්ටියක ඒක තාමත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

මොකද ඒව ලයිව් දෙන්නෙත් නැහැ ඉස්සර වගේ, ජනාධිපතිගෙ වෙබ්සයිට් එකෙත් නැහැ එයාගෙ සම්පූර්ණ කතාව, එයාගෙ නිල ෆේස්බුක් පිටුවෙත් නැහැ එයා ක්‍රිකට් ගැන කරපු ඒ සම්පූර්ණ කතාව. ඒ වගේම ජනාධිපති මාධ්‍ය ආංශයෙන් එවන ඊමේල් එකකවත් නැහැ එයා කරපු කතාවෙ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ඒත් මම හැම තැනම තියෙන තියෙන අනුරගෙ කතාවෙ වීඩියෝ කෑලි අහල තමා මගේ මේ අදහස කියන්නෙ.

ක්‍රිකට් ගැන අනුර යාපනයෙ ගිහින් කිව්ව කතාව ගැන මාර විග්‍රය යනව. සාරාංශය මේක; “සිරිලංකා ක්‍රිකට් කියන්නෙ ජනවාර්ගික පදනම අනුව නියෝජනයක් අවශ්‍ය නාට්ටිය කණ්ඩායමක් නෙමෙයි. ඒකට ගන්න ඕන ටැලන්ට් බේස්ඩ් නියෝජනයක්.”


මේක ඇත්ත, ඒත් ඒ දක්‍ෂතාවය මත ක්‍රිකට් ගහන අයව තෝරන්නෙ කොහොමද? මම එතන්නට එන්නම් පසාද් 

ඉම්ගිලිසියෙ කියමනක් තියෙනව “නොට් ක්‍රිකට්” [not cricket] කියල. ඒකෙ තේරුම තමා මේක සාධාරණ නැහැ/ සදාචාරාත්මක නැහැ කියන එක.

අන්න ඒක තමා අනුර පෙන්නල දුන්නෙ.

මම කරුණු කීපයක් කියන්නම්;

නුවර අස්ගිරියෙ පිට්ටනිය ටෙස්ට් පිට්ටනියක් කරල 1983 දි පළවෙනි ඔස්ට්‍රේලියාවෙ ටීම් එකයි ලංකාවෙ ටීම් එකයි සෙල්ලම් කරන කොට මම හයේ පන්තියෙ. අපි – ටවුමෙට ජීවත් උන සෙට් එක – ඊට ඉස්සෙල දවසෙ ප්ලෑන් කළා ස්කූල් කට් කරල මැච් එක බලන්න යන්න. මම පළවෙනියට ස්කූල් කට් කළේ ඒ මැච් එක දවසෙ.


එදා දවස මට හොඳට මතකයි. අපිට මාර හැපි, කොළඹ ගිහින් ටෙස්ට් මැච් එකක් බලන්න වාසනාවක් නොතිබුණ අපිට අපේ ගමේම ටෙස්ට් මැච් එකක් බලන්න ලැබිච්ච එක ගැන. නෙස්ටමෝල්ට් හරි කවුරු හරි කොම්පැනියකින් නොමිලේම කිරිත් දුන්න, තව කාඩ්බෝඩ් කැප් කෑල්ලක් තියෙන පිටිපස්සෙට රබර් පටියක් තියෙන එකකුත් දුන්න, ඒ කැප් කෑල්ලෙ උඩ ලියල තිබ්බෙ “I was there” කියල. ඒක සිහිවටනක්. මගෙ ඔය පෙට්ටියක ඒක තාමත් ඇති.

අපි ස්කූල් කට් කරල ගිහින් හිටියත් ඇත්තටම ට්‍රිනටි කොල්ලො එහෙම ඉස්ලෝකල ඇඳුමෙන්ම එක්කන් ඇවිත් තිබ්බ. අපිව ඉතිං මාට්ටු උනේ නැහැ. අපි එක එක තැන්වල වාඩි වෙලා හිටිය. අම්මට හුඩු එක පාරටම “නෝ බෝල්” කියල බවුන් ඩ්‍රි ලයින් එක ගාව වාඩි වෙලා ඉන්න එකෙක් කෑගහල කියනව අත්දෙක උස්සෙගෙන. ඒ අපේ ගණිත සර් බණ්ඩාර. ඒකෙන් තමා එයාට නික් නේම් එක හැදුනෙත් “නෝ බෝල්” කියල. අපි හයේ උනාට එයා ඉඟෙන්වූවේ 7 පන්තියට. ඒත් එකම පන්ති පේළියේ. අපි තමා අර නම දැම්මෙ සර්ට.

කොළඹ කේන්ද්‍රීය ටෙස්ට් ක්‍රිකට් නුවරට ආව. ක්‍රිකට් ලෝලීන් ඒව බැලුව. ඒ පිට්ටනියෙම 200ක් ගහල වාර්තා තියපු ධර්මරාජයෙ සේනක දිසානායක වගේ ක්‍රීඩයකයො බිහිවුනා, ඇන්තනිස් එකෙන් මුරලි. ට්‍රින්ටි එකෙන් සංගක්කාර වගේ තව ගොඩක් දක්‍ෂ ක්‍රිකටර්ස්ල බිහි උනා.

අනිත් කාරණය තමා 1996 අප්‍රේල් සිංහල-දෙමළ අළුත් අවුරුද්ද දවස් ගානක මම යාපනයේ තවත් ජනමාධ්‍යවේදීන් කීපදෙනෙක් එක්ක යාපනයේ අතරමං උන දවස් කීපය.

95දි චන්ද්‍ර්කා පාලනය යටතෙදි යාපනය කොටින්ගෙන් බේරගත්තනෙ. 96 අප්‍රේල් මාසෙදි ඒ යාපනය පෙන්නන්න ජනාමාධ්‍යවේදීන්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් යාපනයට එක්කං යනව කියල ආරාධනා ආව. හැමදාම යාපනේ යන කවුරුවත් බැහැ කිව්ව. මොකද අවුරුද්දට ගමේ යන කොළඹ ජීවත් නොවුන අය තමා හිටියෙ. මං කිව්ව මං යනව කියල. ඒත් දවස් තුනකටනෙ – අවුරුදු දවස් දෙකේ. නමුත් ගියාම උනේ අපිට එන්න විදියක් නැහැ යාපනෙන් රත්මලානට ප්ලේන් නැහැ, උනුත් ගමේ ගිහින්! ඉතිං තව දවස් තුන හතරක් ඉන්න උනා. ඉතිං අපි ඇවිද්ද. බයිස්කල් පැද්ද. එකල හිටපු යාපනේ දිසාපති එක්ක මම චෙස් අදිනව (ඒ මම චෙස් අදින පිංතූරෙ නම් මම දාල තියෙනව – වයසටම ගිහින් ආචාර්ය උපාධිය කම්පීල්ට් කරපු, සිරිසේන රනිල්ව අගමැතිකමින් පහකරල මහින්දට අගමැතිකම දුන්න ව්‍යවස්ථා විරෝධී කුමණ්ත්‍රණයට විරුද්ධව, තමන්ට ලැබී තිබුණ, දේශමාන්‍ය සම්මානය නැවත ගිහින් බාර දීපු දේවනේසන් නේසයියා ඒ දිසාපති).

එක දවසක් ආමි එකෙන් කිව්ව, අන්න අන්න ගුරුනගර් ජැටියට කොටි ග්‍රහණයෙන් පලා එන අය එනව, ඕන නම් එක්කං යන්නම් කියල. අපි ඔක්කොම ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී අයයි හා කියල ගියා.

දැන් අපි ඉන්නව ගුරුනගර් ජැටියෙ. අපිට පේනව එක එක ජාතියෙ බෝට්ටුවලින් මිනිස්සු එනව. ඒ අයව කොටි යාපනෙන් පසුබසින කොට අරං ගිය අය. දැන් අපි උඩක ඉඳන් බලං ඉන්නව. ආමි එකෙන් සහ පොලීසියෙන් ඒ අයව ප්‍රශ්න කර කර ස්ක්‍රීන් කර කර එක එක ගොඩවල් ගහනව. එළියට එන අය එක්ක අපිට කතා කරන්න පුළුවන්. සන්ඩේ ටියිම්ස් එකේ ක්‍රිස්, සන්ඩේ ඔබ්සර්වර් එකේ පනිත අබේයි ඒ අය එක්ක කතා කරනව. ක්‍රිස් යාපනේ, එයාට භාෂා තුනම පුළුවන් වතුර වගේ.

එක මිනිහෙක් කියපි “මේ ***ගෙ පුතා [පුන්ඩයාන්ඩි] හින්ද අපිට වර්ල්ඩ් කප් අහන්න බැටරි කෑලිවත් ගන්න බැරි උනා” කියල. මැච් එක තිබ්බෙ මාර්තු නේද? ශුවර් නැහැ මට දැන්. ඒ මනුස්සය පුන්ඩයාන්ඩි කිව්වෙ ප්‍රභාකරන්ට.

සිවරාම් : මරා දමා විසි වසකට පසු මතක ආවර්ජනයක්
ඒ ඔක්කොම ඉවර වෙලා අපි ආව. පහුවදා උදේ බයික් පැදගෙන ක්‍රිෂ්ගෙ ගෙදර ගියා. තනියම ජීවත් උන එයාගෙ අම්ම බලන්න. හරිම දුක හිතුන මට එදා. මම ලියන්නම් ඒ ගැන. [මායි මරා දමනු ලැබූ තරාකි නොහොත් සිවරාමුයි ක්‍රිෂ් කමලේන් ද්‍රන් ගැන පසුව දීර්ඝ ලෙස කතාකර තිබේ] නමුත් එන ගමන් අපි ඒ පැත්තෙ පැල්පත් වගේ ඒවගෙ ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ගෙවල් වලට ගොඩ වැදුන අපිට හිතෙන හිතෙන විදියට. ඒ පැල්පත් කීපයක මම දැක්ක අර්ජුනගෙ, කළුවිතාරනගෙ, සනත්ගෙ එහෙම පෝස්ටර් අලවගෙන ඉන්නව ඒ අයගෙ බිත්තිවල.

මම ඔය ඔක්කොම අච්චු ගහලම ලියල තියෙන්නෙ. ගුවන් විදුලි සංසථාවෙ, රූපාවාහිනියෙ මා දුටු යාපනය ගැන ඉන්ටර්විව් දීලත් තියෙන්නෙ කොළඹට ආ ගමන්.

ඒත් මට කියන්න ඕන ක්‍රිකට් කියන සුදු අධිරාජ්‍යවාදින්ගෙ ක්‍රීඩාව ලංකාවෙ එල්ලේ ඔක්කොම පරදලා ජාතික පූජා භාණ්ඩයක් වෙලා ඉවරයි ක්‍රීඩාව තව දුරටත් ක්‍රීඩාවක් නොව සූදුවක් උනත්. ක්‍රිකට් කිසි දවසක බ්‍රිතාන්‍ය කම්කරු ජනතාවගේ ක්‍රීඩාව නොවීය. ඒක විවේකය තිබ්බ සුදු රදලයින් දවස් හතරපහ කරන සෙල්ලමක් නෙ. නමුත් ඒක දැන් ස්වදේශීයකරණය වෙලා අපේ ජාතික පූජා භාණ්ඩය වෙලානෙ. එහෙම නම් අපි දක්‍ෂතාවය අනුව තෝරන්නෙ කොහොමද?

ජාති කුල ලිංග බේද නැතුව අපි දක්‍ෂයාට සුදුසු තැන දෙන්න ඕන කියල මම පිළිගන්න අතරෙම ඇෆමෙටිව් ඇක්‍ෂන්ස්, පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් වගේ ඒවටත් බර තබල තීරණ ගන්න ඕන කියල හිතන කෙනෙක්. අනුර මෙතන කියන්නෙ මම හිතන දේමයි වගේ. ඒ කියන්නෙ නුවරට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ආවම, නුවර හිටපු අයට අයට ආව ආතල් එක, ඒකෙන් බිහි වෙච්ච ක්‍රීඩකයො.

අනිත් පැත්තට “ජාතියේ ක්‍රීඩාව” බවට පත්වෙලා තියෙන එකට දක්‍ෂතාවය අනුව උනත් ක්‍රීඩකයො තෝරගන්න යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඕන, ඒකෙන් මෝටිවේෂන් එකක් එනව ඒ ක්‍රීඩාවට ආශක්ත වෙන දරුවන්ට, නැගෙනහිර ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයක් හැදුවම එතනිනුත් බිහිවෙනව දක්‍ෂ අය.

අද තියෙන්නෙ දක්‍ෂ අයව තෝරන හරි ක්‍රමයක් නෙමෙයි. පෙරේනයේ පිටි හලන කොට අප්සෙට් එකක් තියෙනව. සල්ලඩේ වැලි හලන කොටත් නම්.

නමුත් අද වෙනකොට පිරිමින්ට විතරක් සීමාවෙලා තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාවට ගැහැණු අයත් සෙල්ලම් කරනව. ඒක හොඳ වර්ධනයක්. ඒත් ඒ තේරෙන්නෙත් ප්‍රාදේශීයව දක්‍ෂයින් තෝරගෙන නෙමෙයි.

akd jaffna cricket
මගේ අනුරට තියෙන විවේචනය තමා ‘ක්‍රීඩාව යනු තවදුරටත් ක්‍රීඩා නෙමෙයි” ඒව සූදු, ඔට්ටු අල්ලන්නෙ ගේ රාජධානි කියල මහජයනයට පැහැදිලි නොකරපු එක.

තව පොඩි එකක් කියන්න ඕන, ඉස්කෝලේ වටේ හිටපු අයයි, හොස්ටල් එකේ හිටපු අයයි තමා ධර්මරාජෙ උනත් ක්‍රීඩා නායකයො උනේ. ඒක හැම ඔය මහ ලොකු ඉස්කෝලවලත් ධර්මතාවය. ඒ අයම නෙමෙයි ඇත්ත දක්‍ෂ අය.

ඉතිං හරියට දක්‍ෂ අය තෝරන ක්‍රමයක් තමා හදන්න ඕන, ජාති, කුල, ආගම්, ප්‍රාදේශීය වාද නොතකා!

*පසු සටහන: මට මෙතන ස්තූති කරන්න ඕන ලංකාවට ටෙස්ට් තත්ත්වය අරන් දෙන්න මහන්සි උන හැත්තෑ ගනන්වල ලංකාවෙ ක්‍රිකට් සංගමයේ ලොක්ක ආචාර්ය එන් එම් පෙරේරාට, පසුව යූඑන්පී ආණ්ඩුවේ ගාමිණි දිසානායකට සහ ඒ දෙන්න එක්කම වැඩ කරපු කිලී මහරාජාට. මම අවුරුද්දකට විතර පෙරත් කිලීගෙ පුතා සහ මහරාජා සමූහයේ ලොක්ක ශෙවාන් ඩැනියෙල් එක්ක දෙන්න එකටම එක්කම ඉඳල කිලී එන් එම් සහ ගාමිණී එක්ක ඒ ගැන කරපු දේවල් ගැන තියෙන ෆයිල්/ලියකියවිලි ගැන කතා කළා. තාම හොයනව ඒව.

චන්ද්‍රිකාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 'බකල් කළ' මහින්ද ගෙන් සුපිරි කතාවක් !  (වීඩියෝ)(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(මෙම ලිපිය colombotelegraph.com හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)



සබැඳි පුවත :

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩන තුරු ජනතාවගේ දෑත් අත් හරින්නේ නැහැ - ජනපති

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...