The Leader News
BREAKING
Top Ad
Opinion

ඕව දේපල සහ පුද්ගලික ප්‍රශ්න මිසක න්‍යායික ප්‍රශ්න නෙමෙයි | Uvindu Kurukulasuriya

T

The Leader Desk

September 5, 2025 • 5:20 PM

ඕව දේපල සහ පුද්ගලික ප්‍රශ්න මිසක න්‍යායික ප්‍රශ්න නෙමෙයි | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ උනාට ඊගෝ ප්‍රශ්ණත් තිබ්බ නායකයින් අතරෙ.
  • ඒ කොහොම උනත් සෝවියට් සංගමය 90දි කඩා වැටුනම, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයයි සමසමාජ පක්‍ෂයයි නැවත එක පක්‍ෂයක් කරන්න ඕන කියල හිතල, සාකච්ඡා වට ගානාක් තියල, අන්තිමට කොළඹ මහජන පුස්තකාල ශාලාවෙ ප්‍රසිද්ධ අදහස් දැක්වුව පීටර් කෙනමන් සහ බර්නාඩ් සොයිස.
  • ඒ මහජනයගෙ සල්ලිවලින් ගත්ත ඒව, පක්‍ෂයට ආදරේ අය දීපු දේපොළ, ලියලම දීපු ඒවගෙ තියෙන ඔප්පු ප්‍රශ්න වගේ ඒව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ උනාට ඊගෝ ප්‍රශ්ණත් තිබ්බ නායකයින් අතරෙ.

ඒ කොහොම උනත් සෝවියට් සංගමය 90දි කඩා වැටුනම, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයයි සමසමාජ පක්‍ෂයයි නැවත එක පක්‍ෂයක් කරන්න ඕන කියල හිතල, සාකච්ඡා වට ගානාක් තියල, අන්තිමට කොළඹ මහජන පුස්තකාල ශාලාවෙ ප්‍රසිද්ධ අදහස් දැක්වුව පීටර් කෙනමන් සහ බර්නාඩ් සොයිස.

ඒ දෙන්න කොහොමත් යාලුවො, ඒත් එදා ඒ දෙන්න වැළඳගෙන හග් කරල හරිම ලස්සන පින්තූර තිබ්බ. මට හොයාගන්න බැහැ දැන් ඒව. මම ඒ පින්තූර දාල ලිපියකුත් ලිව්ව.

දෙගොල්ලම එකඟ උන - එකතු වීමේ ක්‍රියාමාර්ග පියවරින් පියවර කිව්ව දෙන්නම. ඒක කලින් දෙගොල්ලොම එක්ඟ උන සන්හිඳියා ක්‍රියා පිලිවෙතක්. ඒකෙ දේපල ගැනත් තියෙනව වගන්තියක.

නමුත් ප්‍රශ්නය තමා ඇයි තාම ඒ පක්‍ෂ දෙක එකතු කරන්න බැරි උනේ?

න්‍යායික ප්‍රශ්න නෙමෙයි!

දේපල ප්‍රශ්න!

ඒ මහජනයගෙ සල්ලිවලින් ගත්ත ඒව, පක්‍ෂයට ආදරේ අය දීපු දේපොළ, ලියලම දීපු ඒවගෙ තියෙන ඔප්පු ප්‍රශ්න වගේ ඒව.

එවගේම බොරු සමාජවාදී ටෝක්ස් දාගෙන ඒ පක්‍ෂ දේපල කුලියට දීල ජිවත් වෙන අයත් ඉන්නව.

උදාහරණ මම ඕන තරම් දෙන්න මහනුවර පක්‍ෂ කාර් යයාල හැම පක්‍ෂයෙම.

කොළඹ පක්‍ෂ කාර්යයාල හැම පක්‍ෂයෙම.

මාර සල්ලියක් උන් හොයන්නෙ කුට උපක්‍රම මගින්.

උදාහරණයකට වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයට මූලස්ථානය හදන්න තිබ්බ කොළඹ ඉඩමත් වාහන පාක් කරන්න දීල සල්ලි හොයාගත්ත මහලොකු මාධ්‍යවේදීන්. සමහරු ඒ ඉඩමෙ හදල තිබ්බ පොඩි කාමරේ බඩු ගැහැව්ව. ගොන් පොට් දාල තිබ්බ. මේව හරිම ගන් දස්තාර කතා. ඉතිං ඕව දේපල සහ පුද්ගලික මිසක න්‍යායික ප්‍රශ්න නෙමෙයි.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...