ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහන මතු පළවේ.
'' මේ විදියට ඉස්සරත් ක්‍රයිම් රිපෝට් කරා නම් රට කොච්චර වෙනස් වෙයිද අද වෙනකොට! අමු ගොං!
මේ ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ කියල බොරු මතයක් හදන්න දවස ගානෙ ගහන නිව්ස්.
ඉස්පිරිතාල වල දත්ත ලියන්න බලන්න - වැටිල විතරක් කීදෙනෙක් දවසකට මැරෙනවද, එක එක ලෙඩ රෝගවලින් කීදෙනෙක් දවසකට මැරෙනවද ආදී වශයෙන්. ඒව ගැන ජනතාව දැනුවත් කරන්න දවසගානෙ. එතකොට මිනිස්සු හිතන්න ගනියි. යහපත් රටක් හැදෙයි!
(උපුටා ගැනීම අවසන්)
මාරක අනතුරු කිහිපයක් - පුද්ගලයින් සිව්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (06) මෙම අනතුරු සිදුව තිබුණේ මරදන්කඩවල, වෙල්ලාවලි, කඩවත සහ පුදුකුඩිඉරිප්පු පොලිස් වසම්වලදීය.
මරදන්කඩවල පොලිස් වසමේ ඒ 11 මාර්ගයේ තවලන්හල්මිල්ලෑව හන්දියේදී මෝටර් රථයක් එම දිශාවටම පා පැදියක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පාපැදිකරු හා එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමේදී පාපැදිකරු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර වෙල්ලාවලි - චවලකඩේ මාර්ගයේ චවලකඩේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන්කල පදිකයන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පදිකයින් දෙදෙනා සහ යතුරුපැදිකරු තුවාල ලබා කල්මුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පදිකයකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, පාන්ඩිරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර දළුපිටිය - රාගම මාර්ගයේ රාගම දෙසට ධාවනය වූ මෝටර් රථයක රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන්කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පදිකයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර මුලතිව් පරන්තන් - මාර්ගයේ උඩයාර්කට්ටුව ප්‍රදේශයේදී යතුරුපැදියක් දකුණු පසට ඇති අතුරු මාර්ගයකට හැරවීමේදී පසුපසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරුව ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ද ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරු පැදි දෙකෙහිම පැදිකරුවන් තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුළත් කිරීමේදී හැරවීමට ගිය යතුරු පැදියේ පැදිකරු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, මලියතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.




