The Leader News
BREAKING
Top Ad
Opinion

ඇත්තටම හරිනිිල අද කළේ බොරු ස්ත්‍රී-පුරුෂ සමාජභාවයක් | Uvindu Kurukulasuriya

T

The Leader Desk

September 11, 2025 • 4:23 PM

ඇත්තටම හරිනිිල අද කළේ බොරු ස්ත්‍රී-පුරුෂ සමාජභාවයක් | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නෙ ලක්මාලි ‘කැතයි’ කියල මතයක් හදපු එක තමා හරිනිල කළේ.
  • ඒත් ඇත්තටම සමාජයට පෙන්නල දෙන්න තිබ්බෙ කැත/ලස්සන කියන්නෙ දෘෂ්ටිවාදයක් කියන එක.
  • ඊයෙ ඒක ඒ මනුස්සය කතාකරනකොට කිසිම රීති ප්‍රශ්නයක් නැතුව ලක්මාලිට මයික් එක දීමත් එක්ක ඇතිවුන උනුසුම් තත්ත්වයෙදි සිදුවුන දෙයක්.
  • ඒක හදපු බොරු කතාවක්, ජෝක් එකක් කියලත් සමහරු කියනව.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජයේ තහවුරු කරපු එක.

ඒ කියන්නෙ ලක්මාලි ‘කැතයි’ කියල මතයක් හදපු එක තමා හරිනිල කළේ.

ඒත් ඇත්තටම සමාජයට පෙන්නල දෙන්න තිබ්බෙ කැත/ලස්සන කියන්නෙ දෘෂ්ටිවාදයක් කියන එක. නාල කරල දත්මැදල පිරිසිදුව ඉන්න එක තමා වැදගත් කියන එක.

උපතින් උරුම වෙන බාහිර පෙනුමට ගරහන එක වැරදියි නෙකියා හරිනිල මාර කුපිත කතා කිව්වෙ.

 
Uvindu Kurukulasuriya ගේ අද පෙරවරුවේ FB සටහන
  ·
“You are ugly, but tomorrow I shall be sober, and you will still be ugly"

විපක්‍ෂයෙ මන්ත්‍රී ප්‍රසාද් මන්ත්‍රී ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍රට කැතයි කිව්ව කියල පාර්ලිමේන්තුවේ ලොකු වාදයක් යනව කාන්තාවන්ට අපහාස කරා කියල.

 ඊයෙ ඒක ඒ මනුස්සය කතාකරනකොට කිසිම රීති ප්‍රශ්නයක් නැතුව ලක්මාලිට මයික් එක දීමත් එක්ක ඇතිවුන උනුසුම් තත්ත්වයෙදි සිදුවුන දෙයක්. ඒත් ප්‍රසාද් ලක්මාලි කැතැයි කියල කෙලින් කිව්වෙ නැහැ.

මට මතක් වෙන්නෙ මගෙ මහප්ප කියපු පරණ කතාවක්. ඒක හදපු බොරු කතාවක්, ජෝක් එකක් කියලත් සමහරු කියනව. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු විවාදෙකදි දවසක් එක මන්ත්‍රිනියක් (Bessie Braddock හෝ Lady Astor) වින්සන්ට් චර්චිල් කතාකරන කොට "Winston, you are drunk, and what’s more you are disgustingly drunk". කියල.

එතකොට චර්චිල් කිව්වලු; 'My dear, you are ugly, and what’s more, you are disgustingly ugly. But tomorrow I shall be sober and you will still be disgustingly ugly.'

ඒක සළකන්නෙ හොඳ උත්තර දීමක් හැටියට.

ආයෙ එක දවසක එවක සමසමාජ නායක බර්නාඩ් සොයිස මට කියපු එකකුත් මතක් වෙනව. ගැහැණු අයට කැතැයි කියන්නෙ නැහැලු ඉස්සර ශිෂ්ට අය. ඒ වෙනුවට කියන්නෙ ‘එයා චාම්” කියලලු.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇත්තටම හරිනිිල අද කළේ බොරු ස්ත්‍රී-පුරුෂ සමාජභාවයක් | Uvindu Kurukulasuriya | The Leader