The Leader News
BREAKING
Top Ad
බුකිය

අයිතිවාසිකම් රකින්නට දරුවන් හැදූ සුදර්ශණගේ අම්මා ගියා.. සොහොනක් තියා දුමක්වත් නැති අපේ සගයින් කොතරම්ද? -Uvindu Kurukulasuriya

T

The Leader Desk

September 17, 2020 • 5:41 AM

අයිතිවාසිකම් රකින්නට දරුවන් හැදූ සුදර්ශණගේ අම්මා ගියා.. සොහොනක් තියා දුමක්වත් නැති අපේ සගයින් කොතරම්ද? -Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්කො ඕනේ නැහැ මචං සොහොනක් තියා දුමක්වත් නැති අපේ සගයින් කොතරම්ද?
  • (උවිඳු කුරුකුලසූරිය- කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ).
අකුරු ප්‍රමාණය (Font Size):

අයිතිවාසිකම් රකින්නට
දරුවන් හැදූ
සුදර්ශණගේ අම්මා
ගියා ඒ චිම්නියෙන්
ඌ දාපු පින්තූර
දැනුනා මගේ හදවතට
කඳුලු ආ දා සිහි උනා
මගේ සුදු අම්මා යත්දී
ඒ රථ පෙරහැහැරේ
නුවර හරහා
ඔව් මහනුවර හරහා
ඒ කාරයට අත තියා ඉදිරියෙන් ගාම්භීරයෙකු ලෙස
ගිය ලපටියා මම වෙමි
නිරායාසයෙන් ආ ඒ කඳුලු
සිහිවේ නැවත නැවතත්
තාත්තාගේ කිසිදා නොදුටු කඳුලු දැක්කේත්
ඒ චිම්නියෙන් ඇය නික්ම යන විටය
කනත්තක
මගේ දෑසට කඳුලු ආවේත්
සුදු අම්මා නික්ම ගිය
ඒ චිම්නියෙන්ම තාත්තා නික්ම ගිය දාය
මොන කරුමයකටවත් නොහඬන්නට
පුහුනු කල මම
එදා සිට අඬමි
අඬමි
උඹත් අඬපන් සුදර්ශන මේ චිමිනි දුම් අස්සෙන්
මගේ දුම් දකින්නට උඹටවත්
උඹේ දුම් දකින්නට මටවත්
නොහැකිවන්නේ අපට
මහජන මුදලින් සොහොන් කොත්
......
එක්කො ඕනේ නැහැ මචං
සොහොනක් තියා දුමක්වත් නැති අපේ සගයින් කොතරම්ද?

(උවිඳු කුරුකුලසූරිය- කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ)

Uvindu post Sudarshana

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...