ජාතිවාදීන්ට විරුද්ධව සංඛ්‍යාත්මක ඉතාම අඩු උනත් තව විරෝධතාවයක් තිබ්බ. දෙගොල්ල අතර ගැටුම් ඇතිවුනා.
ආතල්ම වැඩේ තමා බ්‍රිතාන්‍යයට නොයෙකුත් ක්‍රමවලින් ඇවිත් පදිංචිවෙලා ඉන්න සමහර සිංහලයින්ගෙ ආකල්ප. මම ඒ කීපයක් ඔය ගෘෘප්ස්වලයි පෝස්ට්වලයි දැක්ක.
මගේ සමහර මිත්‍රයොත් සංක්‍රමණිකයින්ට විරුද්ධව පෝස්ට්ස් දාල තිබ්බ. ඒ අය අර ෆා රියිට් ජාතිවාදියොන්ටත් වඩා අන්තයි. සමහරු කියනව මේ දෙමළු ඇවිත් කාල මේ රට, චාටර් කරල, අපිට ලංකාවෙ කියල කියන්නත් බැහැ ලැජ්ජයි කියල. ආයෙ ඉන්දියන් අයට විරුද්ධව ලියනව. ඉන්දියන් අය මුස්ලිම් අයට විරුද්ධව එක එක ඒව කියනව. අර ෆාරයිට් ජාතිවාදී සුද්දො මේ ඔක්කොටම විරුද්ධව කතා කරන්නෙ.
මේ එංගලන්තෙ ජාතිවාදීන්ට අමතකයි උනුත් බ්‍රිතාන්‍යයට සංක්‍රමනිකයින් විදියට යුරෝපෙන් ආපු අය කියල. බ්‍රිතාන්‍ය නිල ඉතිහාසය උඟන්වනවනෙ. පටන් ගන්නෙම මෙහෙම; The first people to live in Britain hunter-gatherers, in what we call the Stone Age. For much of the Stone Age, Britain was connected to the continent by a land bridge. People came and went, following the herds of deer and horses which they hunted. Britain only became permanently separated from the continent by the channel about 10,000 years ago. The first farmers arrived in Britain about 6,000 years ago. The ancestors of these first farmers probably came from south-east Europe. සරළව කියනව නම්, ගල් යුගයෙදි බ්‍රිතාන්‍ය භූමියෙන් හැදුනු පාලමකින් මහද්වීපය එක්ක යාවෙලා තිබිල තියෙන්නෙ [ඒක හරියට ආදි කාලෙ ලංකාවයි ඉන්දියාවයි ඇඩම්ස් බ්‍රිජ් එකෙන් යාවෙලා තිබ්බ වගේ]
ඒ කාලෙ ඔය මුවෝ, අශ්වයො දඩයම් කරන්න මිනිස්සු ඇවිත් ගිහින් තියෙනව. අවුරුදු 10,000කට විතර පෙර තමා බ්‍රිතාන්‍ය යුරෝපෙත් එක්ක සම්පූරණයෙන්ම භූමියෙන් වෙන්වෙලා තියෙන්නෙ. අවුරුදු 6,000කට විතර පෙර තමා පලවෙනි ගොවියො බොහෝ විට ගිණිකොන යුරෝපෙන් ඇවිත් බ්‍රිතාන්‍යයේ මුල් පදිංචිකරුවො වෙලා තියෙන්නෙ.

තව ආතල් කතාවක් තියෙනව. ඒ තමා මේ අන්ත දක්‍ෂිණාංශික බ්‍රිතාන්‍ය ජාතිවාදීන්ගෙ සහයට ආපු ප්‍රංශ ජාතිවාදියා කිව්ව එක. මිනිහ කියනව "ඉස්සර අපේ යටත්විජිතවල උන් ඇවිත් දැන් අපිව කොලනයිස් කරනව" කියල!
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2025 සැප්තැම්බර් 15




