The Leader News
BREAKING
Top Ad
Opinion

'හරිනි හරි, ඒත් එයාට නොතේරුන දෙයක් තියෙනව...' | Uvindu Kurukulasuriya

T

The Leader Desk

September 17, 2025 • 10:31 AM

'හරිනි හරි, ඒත් එයාට නොතේරුන දෙයක් තියෙනව...' | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "Striking a balance", ඒ කියන්නෙ සමතුලිතතාවය කියන සංකල්පය ඔයාට තේරෙන්නෙ නැහැ.
  • මම ඇහැව්වෙ "Striking a balance" කියන එක සිංහලෙන් කියන්නෙ කොහොමද කියලා.
  • මම ඇත්තටම ලිව්වෙ දරුවො ඉන්න අයට තමා ඉස්කෝල ප්‍රශ්නය තේරෙන්නෙ කියල.
  • මං විනාඩි කීපයකට පෙර දාපු පෝස්ට් එක මේ: (සටහන | උවිඳු කුරුකුලසුරිය) කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ uvinduk@gmail.com (උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..) 2025 සැප්තැම්බර් 17.
අකුරු ප්‍රමාණය (Font Size):


"Striking a balance", ඒ කියන්නෙ සමතුලිතතාවය කියන සංකල්පය ඔයාට තේරෙන්නෙ නැහැ.

තැන්ක් යූ හරිනි, කෙලින් කතාකලාට. '' එහෙම එක එක විදියට තම තමන්ගෙ දරුවො තම තමන් ඉන්න ඉස්කෝලවලට දාගන්න දෙන්න බැහැ, ඒව මූලික මානුෂික අයිතිවාසිකම් වලට පටහැනියි'' කියල කිව්වට.

ඒ වගේම ප්‍රශ්නයක් අකිල අධ්‍යාපන ඇමතිවෙලත් ඉන්නකොටත් ආව දොස්තරලගෙ දරුවො ඔය ලොකු කියන ඉස්කෝලවලට දාගන්න. එදා යූඑන්පීකාරයො දොස්තරලගෙ වාහනවල ටයර් කැපුව, හුලං ඇරිය ඉසුරුපායෙදි. මේ ආණ්ඩුව එහෙම කළේ නැහැ. ඔයා පැහැදිලි කළා ප්‍රතිපත්තිය.

WhatsApp Image 2025 09 17 at 9.13.23 AMවසර නමයකට පෙර, ලංකාදීප තලන්ගේ කාටූනය
ලංකාවෙ දරුවන්ගෙ අධ්‍යාපනය ගැන ඔයාට තේරෙනෙ නැහැ. අනික ඔයාට ලංකාවේ අධ්‍යාපනය ගැන තේරෙන්නෙවත් නැහැ. ඒකයි මම අනුරට කිව්වෙ ඔයාට අධ්‍යාපනය කියන එක දෙන්න එපා කියල. එයා ඇහැව්වෙ නැහැ මම කිව්ව එක. ඒව ඕගොල්ල විසදගන්න.

නමුත් මම ඊයෙ ඔයාගෙ කෙලින් කතාවට කැමතියි, ඒ උනත් ඔයා තේරුම් නොගත්ත දේ තමා "Striking a balance" කියන එක. ඒ කියන්නෙ සමතුලිතතාවය නොහොත් සමබරතාවයක් තබාගැනීම!

මහාචාර්ය උයන්ගොඩ මට සමාවෙන්න! - Uvindu Kurukulasuriya ගේ පසු සටහන

uvidu post

මම පොස්ට් එකක් ලිය ලිය ඉන්න ගමන් ඉංග්‍රීසි වචනයකට සිංහල අදහස අහගන්න මගේ ආදරණීය යාලුව මහාචාර්ය ජයදේව උයන් ගොඩට කතා කළා. මම ඇහැව්වෙ "Striking a balance" කියන එක සිංහලෙන් කියන්නෙ කොහොමද කියලා. එයා වචනයක් යෝජනා කරා "සමබරක් තබා ගැනීම" කියලා.

ඒ ගමන් මගෙන් ඒ මොකටද කියලත් ඇහැව්ව. මම කිව්ව හරිනි ගුරුවරුන් ගේ දරුවන්ව තමන් ඉන්න ඉස්කෝලවලට දමා ගැනීම කිව්ව එක ගැන කියලා. මම ලියමින් හිටපු එකේ එක කොටසක් තමා දරුවන් ඉන්න අයට තමා ඒ දුක තේරෙන්නෙ කියලා. උයන් 'තදින්ම' මට කියා හිටිය ඒ අයට දරුවො නැහැ කියන කෝණයෙන් ලියන්න එපා කියලා. ඒකට එකඟ වෙලා තමා මම යට පෝස්ට් එක දැම්මෙ. ඒත් මට හිතෙනව ඒ මොන ජරාවක් ද මම ලිව්වෙ කියලා.

මම ඇත්තටම ලිව්වෙ දරුවො ඉන්න අයට තමා ඉස්කෝල ප්‍රශ්නය තේරෙන්නෙ කියල. හරිනිට දරුවො නැහැ, රනිල්ටත් නැහැ. ඒ අයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ගොඩක් පැති පේන්නෙ නැහැ කියලා.

උයන් කිව්ව ඒක කියන්න එපා කියල. අවුරුදු දෙදහස් පන්සීයකට පස්සෙ උයන් එක්ක කතා කලත් මම කියන්නෙ දරු කැක්කුම තේරෙන්නෙ දරුවො ඉන්න අයට කියල.
මං විනාඩි කීපයකට පෙර දාපු පෝස්ට් එක මේ:

uvidu post 2


(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2025 සැප්තැම්බර් 17


  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හරිනි හරි, ඒත් එයාට නොතේරුන දෙයක් තියෙනව...' | Uvindu Kurukulasuriya | The Leader