The Leader News
BREAKING
Top Ad
බුකිය

රනිල් සමග ඉන්ටර්විව් එකේදී ඊශ්වරන් නොඇසූ කතාව ? - Uvindu Kurukulasuriya

T

The Leader Desk

April 28, 2021 • 6:16 PM

රනිල් සමග ඉන්ටර්විව් එකේදී ඊශ්වරන් නොඇසූ කතාව ? - Uvindu Kurukulasuriya  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඉන්ටර්විව් එක හරි හොඳට කරල තියෙනව ඊශ්වරන්.
  • ඒ නිසා [ මේ ආණ්ඩුව] පැහැදිලි කරන්න ඕනෙ ඇයි ඒ ගොල්ලන්ට ෆොරිනර්ස්ල ඕනෙ කියල. ඊශ්වරන් රනිල්ව කොන්ෆ්‍රන්ට් කරේ නැහැ ඉතිහාසයත් එක්ක. John Exter (1950 – 1953) ඒක තමා ලංකාවට - ඒ කියන්නෙ ඔය කියන නිදහස් ලංකාවෙ - මහ බැංකුව හැදුවෙ 1950දි.
  • මහජනයට කවදාවත් පැහැදිලි කරේ නැහැ ඇයි අර්ජුනව ඕනෙ කියල.
  • ඒකත් එක මාදිලයක්. වෙල්ඩන්! (උපුටා ගැනීම අවසන්) පහත දැක්වෙන්නේ උවිඳු ගේ සටහනට පුවත්පත් මණ්ඩල සභාපති, බැසිල්වාදී මහින්ද පතිරණ පළකර ඇති ප්‍රතිචාරයයි. THE LEADER TV රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 

 
මේ ඉන්ටර්විව් එක හරි හොඳට කරල තියෙනව ඊශ්වරන්. "On Fire with Easwaran Rutnam" කියල තිබ්බට එහෙම ඉන්ටර්විව් එකක් නෙමෙයි මේක. කූල් ඉන්ටර්වීව් එකක්. 
 
ඒත් එක තැනකදි ඊශ්වරන් රනිල්ගෙන් අහනව පෝට් සිටි කොමිසමට විදේශිකයින්ව දාන්න පුලුවන් කියන එක ගැන රනිල්ගෙ මතය.
 
 රනිල් කියනව මොකටද විදේශිකයො, ඒ ගොල්ලන්ට මොනවද ගේන්න පුලුවන්, රට අතහැරල ගිය ශ්‍රී ලාංකිකයො නම් කමක් නැහැ, කියල. 
 
එතකොට ඊශ්වරන් කියනව, ඒ අයට දැනුම ගේන්න පුලුවන් නේද කියල. 
 
එතකොට රනිල් කියනව එහෙම නම් අපිට විදේශිකයො ඕනෙ නම් උපදේශකයින් කර ගන්න පුලුවන්, නමුත් මේ කොමිසමේ අයට තීරණ ගන්න වෙනව, ඉතිං ඒ අය තමා වගකියන්න ඕනෙ අය, ආණ්ඩුවට උත්තර බඳින්න ඕන අය ඒ ගොල්ල. ඒ නිසා [ මේ ආණ්ඩුව] පැහැදිලි කරන්න ඕනෙ ඇයි ඒ ගොල්ලන්ට ෆොරිනර්ස්ල ඕනෙ කියල. 
 
ඊශ්වරන් රනිල්ව කොන්ෆ්‍රන්ට් කරේ නැහැ ඉතිහාසයත් එක්ක. 
 
 
 
 
 
John Exter ඒක තමා ලංකාවට - ඒ කියන්නෙ ඔය කියන නිදහස් ලංකාවෙ - මහ බැංකුව හැදුවෙ 1950දි. ඒක හදන්න තෝරගත්තෙත්, ඒකෙ පලවෙනි ගවනර් උනෙත් විදේශිකයෙක්, ඒ ඇමරිකානු ජාතික John Exter ඒකෙන් රටට අයහපතක් උනාද? එයා හදපු ප්‍රතිපත්ති තමා අදටත් ලංකාවෙ මහ බැංකුකරණය ගැන දන්න හා හදාරණ අය අගය කරන්නෙ. අපිටත් කියල දුන්නෙ එයා ගැන තමා විශ්ව විද්‍යාලයෙදි. 
 
 
කාලෙකට පස්සෙ ආයෙමත් රනිල් ඒ තනතුර දුන්නෙත් විදේශිකයෙකුට, අර්ජුන මහේන්ද්‍රන්ට. එයා ලංකාවෙ උපන්, ඒ මහ බැංකුවෙත් වැඩ කරපු පස්සෙ රට අතහැරල ගිහින් සිංගප්පූරු ජාතිකයෙක් වෙච්ච කෙනෙක්. 
 
රනිල් පැහැදිලි කරේ නැහැ ඇයි එයාව ඕනෙ කියල ප්‍රශ්ණ කරපු වෙලාවෙ. එකම දෙයයි කියල තියෙන්නෙ "I want him" කියන එක විතරයි.
 
ArjunMමහජනයට කවදාවත් පැහැදිලි කරේ නැහැ ඇයි අර්ජුනව ඕනෙ කියල. (මගෙත් මිත්‍රය තමා අර්ජුන, ඒත් එයාව පත්කරාම නම් හානියක් උනා. ඒ තමා ඊට අවුරුදු 7-8ක ඉඳන් වෙච්ච බැඳුම්කර වංචාව නවත්වන්න - ඉන්සයිඩ් ට්‍රේඩිං - නවත්වන්න බැරි වෙච්ච එක හා කලින් ගවනර් අජිත් නිවාඩ් කබ්‍රාල් ගෙ පවුලෙ අයත් එක්ක අර්ජුනගෙ පවුලෙ අය කරගෙන ගිය ඒ දූශණයම දෙවරක් වෙන්න ඉඩ දීම.)
 
මම කියන්නෙ ඊශ්වරන් මේක අස්සෙ බොන්ඩ් ගැන අහන්න තිබ්බ කියල නෙමෙයි. ජෝන් ගැනයි අර්ජුන ගැනයි අහන්න තිබ්බ - විදේශිකයින් මර්මස්ථානවලට පත් කිරීමේ අතීත උදාහරණ.  
 
රනිල් අර්ජුන ගන්න කොට රටට පැහැදිලි කිරීමක් කරාද කියල අහන්න තිබ්බ කියන එක. 
 
නිකන් "රට අතහැරල ගිය ශ්‍රී ලාංකිකයින් නම් කමක් නැහැ" කියල රනිල් නමල ගැහැව්වෙ අර්ජුන පත්කිරීම ජස්ටිෆයි කරන්න කියල ඊශ්වර්න්ට තේරෙන්න තිබ්බ!
 
ඒ හැරුනම රනිල්ගෙ පැහැදිලි කිරීම් අහන්න වටිනව. හොඳට පැහැදිලි කරනව පෝට් සිටි කතාව. ලෝක ප්‍රවණතාව ආදී තව මේකට අදාල දේ. සංකල්ප ආදිය. 
 
ඒ වගේම ඊශ්වරනුත් පෙන්නුව කොහොමද කූල් ඉන්ටර්විව් එකක් කරන්නෙ කියල. ඒකත් එක මාදිලයක්. 
 
වෙල්ඩන්! 
 
(උපුටා ගැනීම අවසන්)
 
 
පහත දැක්වෙන්නේ උවිඳු ගේ සටහනට පුවත්පත් මණ්ඩල සභාපති, බැසිල්වාදී මහින්ද පතිරණ පළකර ඇති ප්‍රතිචාරයයි. 
 

645832

 

 

 


 

THE LEADER TV 
 

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

 

එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නොවේ - රවී කුමුදේශ්

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් සමග ඉන්ටර්විව් එකේදී ඊශ්වරන් නොඇසූ කතාව ? - Uvindu Kurukulasuriya | The Leader