යහපත් අරමුණු වෙනුවෙන් වුවද වැරදි මාර්ග භාවිත කිරීමෙන් ක්‍රියාවලියේ සුජාතභාවය නැතිවී යන බවට අනතුරු ඇඟවීමක්
"The end justifies the means" ඒ කියන්නෙ "අන්තය මාර්ගය සාධාරණීයකරණය කරයි" නැත්තං තමන් හොඳයි කියන අරමුණට ළඟාවීම සඳහා කුමන මාර්ගය භාවිතා කළත් කමක් නැහැ කියන එක. The Prince කියන මැකියාවේලිගෙ පොතේ ඒ වචන එහෙමම ලියල නැහැ, නමුත් පොතේ අන්තර්ගතය තමා එහෙම සාරාංශගත කරල තියෙන්නෙ. ඒක මාක්ස්වාදියෙකු වූ ග්‍රාම්‍ෂි ගේ සිට නොයෙකුත් අයගේ විවේචනයට බඳුන් වෙලා තියෙනව. ග්‍රාම්‍ෂි The Modern Prince කියන රචනය ලිව්වෙත් මේ අදහස් විවේචනය කිරීම සඳහා. මා ග්‍රාම්‍ෂිගෙ පොතේ මා ළඟ තිබූ ආචාර්ය නිව්ටන් ගුණසිංග ලියූ සිංහල සාරාංශයේ අවසාන පිටපතත් අනුරතුමාට සටහනකුත් එක්ක මාස කීපයකට පෙර මා හමුවෙන්න ආපු එයාගේ යාලුවෙකු අතේ යැව්ව. ඒ පොතේ මම ඉරිගසා සටහන් හොදා ඇත. මා යැවූ ඒ පොත සහ තවත් නවතම පොතක් අනුර අතටම දී ඇත.
තමන් හිතන 'හොඳ' අරමුණට ලඟාවීම සඳහා වැරදි ක්‍රියාමාර්ගයක් නොගත යුතුය. ඒත් අනුරතන්ත්‍රය කරමින් ඉන්නේ ඒ අය හොඳයි කියල හිතන ප්‍රතිඵලය අත්පත් කරගැනීම සඳහා වැරදි ක්‍රම භාවිතා කිරීමය. නරක ක්‍රම භාවිතා කරල හොඳ අරමුණු අත්පත් කරගන්න බැහැ. කරන වැඩේ හෝ කරන්න යන වැඩේ සුජාතභාවය නැතිවෙනවා! කෙටියෙන්ම කියනව නම් ‘වැඩේ අල වෙනවා’ කෙටියෙන් මට කීමට ඇත්තේ එපමණයි!
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2026 අගෝස්තු 13




