The Leader News
BREAKING
Top Ad
බුකිය

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

T

The Leader Desk

June 1, 2023 • 8:55 AM

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකට ඉතිං මට ලොකුවට දෙයක් කියන්න නැහැ.
  • මට නතාෂගෙ සම්පූර්ණ වැඩසටහන බලන්න ලැබුණ දැන්.
  • එහි දී ඇය විසින් සිදුකරන ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ලාලිත හේවාගම (Lalitha Hewagamage) විසින් වචනයෙන් වචනය සටහන් කර ඇත්තේ මෙසේය.
  • ඇහැව්වොත් කියන්නේ අපේ ඉස්සරහ ගෙදර බබා අවුරුද්දයි මාස 3 වෙද්දි ඇවිද්දා අපේ එක්කෙනා අවුරුද්දයි මාස 3 යි සතියයි ඇවිදින්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට ඉතිං මට ලොකුවට දෙයක් කියන්න නැහැ. මම ඕව බලන්නෙත් නැහැ, හසලක පොරගෙ එකක් බැලුවෙත් ආචාර්ය Weerakoon A Wijewardena ඒ ගැන වරක් එයාගෙ කොලමෙ ලියල තිබ්බ නිසා. නතාශගෙ එකත් බැලුවෙ පෙරේද මම සම්පූර්ණ එක රහසින් කෙනෙක්ගෙන් ගෙන්න ගත්තට පස්සෙ. ඒක තමා මම ෆෝන් එකෙන් රෙකෝඩ් කරල බෙදා හැරියෙ. මට නම් ඒක පට්ට ආතල් ස්ටෑන්ඩ්අප් කොමඩියක්. ඒ රසවින්දනය කියන එක එක එක්කෙනාගෙ දැනුම් මට්ටම, රසාඥතාවය, ඒ අවස්ථාවෙ ඉන්න මානසික තත්ත්වය ඕවගේ ඒව එක්ක තීරණය වෙන දේවල් නෙ.

අනික අපි කාටවත් හැමෝම සතුටු වෙන විදියට පුද්ගලික ජීවිතේදි වත් හැසිරෙන්න කතාකරන්න බැහැනෙ. ඉතිං ස්ටෑන්ඩ්අප් කොමඩිත් එහෙම තමා. සමහරු රසවිඳිනව, සමහරුන්ට පඩ ජෝක්ස්, ඩ්‍රයි ජෝක්ස්.

අනික ලංකවෙ ස්ටෑන්ඩ්අප් කොමඩි කියන්නෙ තාමත් ප්‍රාථමික මට්ටමේ තියෙන දෙයක්. ඒක විවේචන, විචාර එක්ක වර්ධනය වෙයි. ඒත් රසවිඳින්න බැහැ කියල නෙමෙයිනෙ මේ මර්ධනේ. එච්චරයි මම මගේ මිත්‍රයට දුන්න උත්තරේ.

කොහොම උනත් දැන් නතාශා ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි. ඒක මම හොඳින් දන්නව, පරිවර්තනය කරන්න උදව් වෙලා ඇගේ මේ පර්ෆෝමන්ස් එක. ඇයව අත්අඩංගුවට ගැනීමට විරුද්ධව හෙට අනිද්දට ජාත්‍යන්තර ආයතනවල විරෝධය එනව හෝ ගාල. ඇයට හොඳින් ඉංග්‍රීසි පුලුවන්. (ඕස්ට්‍රෙලියාවෙ උසස් අධ්‍යාපනය ලබල ලංකාවට සේවය කරන්න ආපු කෙනෙක් නෙ) ඇය නිදහස් වෙලා ආවම කොහොමත් සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ස්ටෑන්ඩ්අප් කොමඩි කරයි. එයාට ජාත්‍යන්තර මාධ්‍ය, ඕඩියන්ස් වල ස්ටෑන්ඩ්අප් කොමඩි කරන්න අවස්ථාව ලැබෙයි. ඔය අත්අඩංගුවට ගැනීම්, මර්ධන නොකර නම් ඇයට ඒ ජාත්‍යන්තර අවස්ථාව නොලැබෙන්නත් තිබ්බ.


uk 1

උවිඳු ගේ තවත් සටහනක් ..

''ඔන්න දැම්ම සම්පූර්ණ එකම. දැන් බලාගන්න ඩ්‍රයි ජෝක්ස්ද අපහාසද කියල. මේක පෙන්නන්න සදාචාර පොලිස්කාරයගෙ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහට.

මට නතාෂගෙ සම්පූර්ණ වැඩසටහන බලන්න ලැබුණ දැන්. මම ඒක ෆෝන් එකෙන් රෙකෝඩ් කරල මේ දාන්නෙ ඒක නොබලල පිස්සු කෙලින අයට තේරුම් ගන්න මේක.

මෙතන කිසිම ආගමකට තියා කිසිම කාන්තා ඉස්කෝලයකටවත් අපහාසයක් නැහැ. ඇය දක්‍ෂයි. ගැඹුරු ප්‍රශ්ණයක් කතාකරන්නෙ. මම නම් හොඳටම හිනා උනා. ඕන කෙනෙක් අහල කියන්න මෙතන තියෙන අපහාසය මොකක්ද කියල. ඇය නිදහස් වෙනවා ශුවර්! මෙයාව එයාපෝර්ට් එකේ අල්ලගත්ත අයගෙ ඉඳන් ඔක්කොටම තනි තනි නඩු දාල වන්දි ගන්න ඕන.

[මැද හරියෙ පොඩි ගූගල් ඇඩ් එකක් යනව, ඊට පස්සෙ ටිකත් බලන්න. සොරි මම එඩිට් කරන්න දන්නෙ නැහැ. SLVlog කොපිරියිට්ස් ඉල්ල මගෙත් එක්ක ගෝරියක් ඉල්ලන එකක් නැහැ.]


සේපාල්: නැගී එන බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස! - (උවිඳු කුරුකුලසූරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උවිඳු කුරුකුලසූරිය ගේ ෆේස්බුක් පිටුවෙන්....)


අප්‍රේල් 01 දා "මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනට අදාල නතාශා එදිරිසූරිය ගේ වීඩියෝව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇත.

එහි දී ඇය විසින් සිදුකරන ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ලාලිත හේවාගම (Lalitha Hewagamage) විසින් වචනයෙන් වචනය සටහන් කර ඇත්තේ මෙසේය.


??????????????


අපේ ඉස්කෝලෙට ගිය ගොඩක් අය අද අම්මලා.
ඒ ගොල්ලා ඉස්කෝලෙදි ඉගෙන ගත්ත විදිහට තමයි ළමයි හදන්නේ.
ළමයි හදන්නත් ඒ විදිහට ලොකු තරඟයක් තියෙනවා.

ඇහැව්වොත් කියන්නේ
අපේ ඉස්සරහ ගෙදර බබා අවුරුද්දයි මාස 3 වෙද්දි ඇවිද්දා
අපේ එක්කෙනා අවුරුද්දයි මාස 3 යි සතියයි ඇවිදින්නේ නැහැ.
ඒ බබා මේ වයස වෙද්දි හොඳට තාත්තා කිව්වා
අපේ එක්කෙනා තාම තත් ...තත් ... ගානවා විතරයි.

මට ඒවා ඇහැව්වම හිතෙන්නේ ,
දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ.....
බුදු හාමුදුරුවෝ සිදුහත් කුමාරයා කාලේ.....
සිදුහත් කුමාරයා බබා කාලේ......
?? ????????????
සම වයසේ ළමයින්ට මාර ප්‍රෙශර් එකක් තියෙන්න ඇතිනේ.....?

       අර සුද්දෝධනගේ ළමයා
       ඒ ළමයා ඉපදුන දවසෙම ඇවිද්දා
       ඒකට මේගොල්ලා තාම කෙලින් කරලා
       වඩා ගත්තම බෙල්ල කඩන් වැටෙනවා.
       අර සුදුදෝධනගේ පොඩි එතා
       ඉපදුන දවසෙම කවියක් කියලා
       ඒකට මුං. ...පුෆ් ... ගානවා විතරයි.

      සුද්දෝධනගේ කොළුපැටියා ඉපදුන දවසේ
     කියලා නැහැ දැන්මම තීරනය කරලා    
     තියෙනවා එයා ලොකු වෙලා මොනවද
    කරන්නේ කියලා.

     අපේ අය හැම දේම අපි කරලා දෙනකම්
     බලන් ඉන්නවා.
     ඒ ළමයට අම්මත් නැහැ.
     මුන්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා
     මුන්ට මොනවයින් අඩුද?
     සැප වැඩියි.

වැඩියෙන්ම බැනුම් අහන්න ඇත්තේ දේවදත්ත?
ඒකනේ ගලක් පෙරළුවේ .

350311053 4363405653800860 3740243102991009588 n

(Lalitha Hewagamage ගේ ෆේස්බුක් පිටුවෙන් )

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...