ව්‍යවහාරයේ පහළ මට්ටම මුල්කරගෙන ඔහුට උසුලු විසුළු කිරීමේ කතිකාවක් දියත් වී තිබේ.
මතු පලවන්නේ, මේ කතිකාව සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී Uvindu Kurukulasuriya ගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි.
''දැන් ඔය හඳුන්නෙත්ති කන පරිප්පුවට ජවිපෙත්/පෙරටුගාමීනුත් වගකියන්න ඕන හේතුවකුත් තියෙනව. විශ්ව විද්‍යාලයට ඇතුල් වෙච්ච ගමන් මුල් මාස ගානෙම විශ්ව විද්‍යාලයෙ English sub department එකෙන් ඉංග්‍රීසි උගන්වනව. ඔය ජවිපෙට බලය විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් බලය තිබ්බ හැම විශ්ව විද්‍යාලයෙම වගේ "තොපිට මොන ඉංග්‍රීසිද, මෙහෙ වරෙන්" කියල රැග් කරන්න අරං යනව. ඒ වගේම ලෙක්චර්ස් ඉවර වෙනකොටත් වදකයො ඉන්නව එලියට වෙලා. ඒ කරල පෝලිමෙ දක්කගෙන ගිහින් වද දෙනව. ඒ වගේම අර පංතියෙදි උඟන්වන ඒවවත් ඔළුවට යන්නෙ නැහැ, මොකද වදකයො එලියෙ කැරකි කැරකි ඉන්න නිසා. ලෙක්චර් එකේ ඉන්න නවකය හිතන්නෙ දැන් කොහොමද බේරිලා යන්නෙ කියල.
භීෂණ මානසික මට්ටමක ඉන්නෙ නවකයො. හදුන්නෙත්ති මට වඩා බැච් එකක් පහළ. ඒත් ශිෂ්‍ය සභාවෙ හිටපු, නවක වදය අනුමත කරපු සහ ඒව කරන්න සහය දුන්න කෙනෙක්.
[මම හන්දුන්නෙත්තිගෙ World Economic Form එකේ වැඩේ ගැන වෙන විඩියෝ කෑල්ලකුත් එක්ක සටහනක් දැම්ම, ඒක මේකට වෙනස්. ඒක ෆෝන් එකෙන් දැම්ම නිසාදෝ තාම අප්ලෝඩ් වෙනව. ඒකත් මේකත් එක්කම පස්සෙ බලන්න]
හඳුන්නෙත්තිගේ ඉංග්‍රීසි හා මගේ ඉංග්‍රීසි
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කල විවරණයක් History with Nirmal යු ටියුබ් නාලිකාවේ පළවේ.



