The Leader News
BREAKING
Top Ad
Opinion

යක්කල දී ඇත්තටම මොකද වුනේ ? | Vidarshana Kannangara

T

The Leader Desk

September 5, 2025 • 10:42 AM

යක්කල දී ඇත්තටම මොකද වුනේ ? | Vidarshana Kannangara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් පෙනෙන්නේ පෙසප-ජන අරගල ව්‍යාපාරයේ වත්මන් දේශපාලන හැසිරීම සම්බන්දයෙන් ඔවුන් නොවන වාම-ප්‍රගතිශීලී සැලකිය යුතු පිරිසකට ඇති අප්‍රසාදය පළ වන ආකාරයකි.
  • එහෙත් පෙසප යක්කල කාර්‍යාලය අත්කර ගැනීම නාමයෙන් එය කලක් තිස්සේ භුක්ති විදි පෙසප ක්‍රියාධරයන් වෙත ජවිපෙ/ජාජබ සාමාජිකයන් විසින් යම් ශාරීරික බලහත්කාරයක් එල්ල කර ඇති බවක් ද පෙනෙයි.
  • නීතිමය වශයෙන් ඇති අයිතිය තහවුරු කරගැනීමකට ඔබ්බෙන් මෙහිදී අදාළ ජවිපෙ/ජාජබ සාමාජිකයන් විසින් යම් ඇගපතේ හයියක් පාවිච්චි කර ඇති බව ද අපැහැදිලි නැත.
  • එය හාස්‍යය පමණක් දනවන පුස්සක් වූයේ ජාතික ජන බලවේගය නෛතික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මිස ඉන් බැහැරව කටයුතු කරන බවට කිසිදු පැහැදිළි සාක්ෂියක් ජනතාවට දකින්නට නොමැති වීම නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් පෙනෙන්නේ පෙසප-ජන අරගල ව්‍යාපාරයේ වත්මන් දේශපාලන හැසිරීම සම්බන්දයෙන් ඔවුන් නොවන වාම-ප්‍රගතිශීලී සැලකිය යුතු පිරිසකට ඇති අප්‍රසාදය පළ වන ආකාරයකි.

එහෙත් පෙසප යක්කල කාර්‍යාලය අත්කර ගැනීම නාමයෙන් එය කලක් තිස්සේ භුක්ති විදි පෙසප ක්‍රියාධරයන් වෙත ජවිපෙ/ජාජබ සාමාජිකයන් විසින් යම් ශාරීරික බලහත්කාරයක් එල්ල කර ඇති බවක් ද පෙනෙයි. තුවාල වල ප්‍රමාණයන් හෝ වේශයන් කවරක් වුවද ජවිපෙ සාමාජිකයන් විසින් දැක්වූ එම ප්‍රවේශය නින්දිතය.



නීතිමය වශයෙන් ඇති අයිතිය තහවුරු කරගැනීමකට ඔබ්බෙන් මෙහිදී අදාළ ජවිපෙ/ජාජබ සාමාජිකයන් විසින් යම් ඇගපතේ හයියක් පාවිච්චි කර ඇති බව ද අපැහැදිලි නැත. විශේෂයෙන්ම පුළුල් ආණ්ඩු බලයක් ද සහිතව සිදුකළ නිසා මෙම මැදිහත්වීම තවත් අවලස්සනය.

රනිල් වික්‍රමසිංහව අත් අඩංගුවට ගැනීමත් සමගම ජරපත් විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරියට ගත් සටන් පාඨය වූයේ 'ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු' යන්නයි. එය හාස්‍යය පමණක් දනවන පුස්සක් වූයේ ජාතික ජන බලවේගය නෛතික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මිස ඉන් බැහැරව කටයුතු කරන බවට කිසිදු පැහැදිළි සාක්ෂියක් ජනතාවට දකින්නට නොමැති වීම නිසාය. එසේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රකාශකයන් නිරතුරුවම කියා සිටින දෙයක් වන්නේ තමන් 'නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වන' පාලන ක්‍රමයක් ගොඩනගන බවයි.

එහෙත් අපගේ නිරීක්ෂණය වන්නේ යක්කල කාර්‍යාල සම්බන්දයෙන් ආණ්ඩුවේ සාමාජිකයන් මැදිහත් වූ ආකාරය ජාජබ විසින් යෝජනා කරන නව දේශපාලන සංස්කෘතියට සූක්ෂම කැළලක් එක් කළ බවයි. සමාජ මාධ්‍ය ආශ්‍රිත ජවිපෙ නියෝජනයන් හා එහි සුබපතන්නන් සැලකිය යුතු ප්‍රමාණයක් ද පෙසප වත්මන් දේශපාලන ක්‍රමෝපායන්ට අප්‍රසාදයෙන් සිටින්නන් ද මෙම සිදුවීම සම්බන්දයෙන් ආණ්ඩු පාර්ශවයේ අයුතු මැදිහත්වීමට පක්ෂව හා එහි වින්දිත පෙසප පාර්ශවය ඍජු හෝ අනියමින් අවතක්සේරු වන ලෙස ප්‍රතිචාර දක්වන බවක් ද පෙනෙයි.

WhatsApp Image 2025 09 02 at 1.28.18 PM 1
එහෙත් ජාතික ජන බලවේගයේ ඉදිරි ගමන දෙස යම් සුබවාදී විශ්වාසයක් දරා සිටින්නන් කළ යුත්තේ ආණ්ඩුවේ ජවිපෙ සාමාජිකයන්ගේ මෙවැනි අතපෙවීම් නොආදාළ කාරණා ලෙස නොසලකා හැරීම නොව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට මින් විය හැකි අනපේක්ෂිත බලපෑම් ගැන සැලකිලිමත් වීමයි. 'පොදු සමාජ යහපත' අරමුණු කරගත් වුවද බහුතර ජන වරමක් ඇති ඕනෑම ව්‍යාපාරයක් සිය බලය අත්තනෝමතික ලෙස හැරවීමේ විභවතාවයකින් යුතු බව අප කිසිසේත්ම අමතක නොකළ යුතුය. එවැනි දේශපාලන ව්‍යාපාරයක් නිරන්‍තර පුරවැසි පරික්ෂාවට හා විචාරයට ලක් විය යුතු වන්නේ එහෙයිනි.

අනෙක් අතට මෙම ගැටුම වාමාංශික ආදර්ශයන් අතින් ද නරක මතක සටහනකි. මේ වනවිට දක්ෂිණාංශික කදවුර සිටින්නේ කෑලි කැලි වලට සුන්බුන් වූ තත්වයකය. එවැනි අවස්ථාවක වාමාංශික කදවුර තුළ පවත්වා ගත යුතු අවම සහයෝගිතාවය ගැන හෝ වාමාංශයේ සියලු පාර්ශවයන් තුළ යම් අවදි සිහියක් ප්‍රගුණ කළ යුතු වේ.

 

පෙපස-ජන අරගල අන්තවාදයට අනුව ජවිපෙ-ජාජබ තුළ කිසිදු වාම නැඹුරුවක් දැකීමේ සූදානමක් නැත. ජවිපෙට අනුව පෙසප-ජන අරගල ව්‍යාපාරය යනු 'තමන්ට බරපතල හානියක් සිදුකළ ද්‍රෝහීන්ගේ එකතුවකි'. පෙනෙනාකරයට මේ වනවිට ජවිපෙ/ජාජබ ව්‍යාපාරය හා පෙසප-ජන අරගල ව්‍යාපාරය අතර අවම හෝ සංවාදයක් පැවතිය හැකි ඉඩ හසර මුළුමනින්ම ඇහිරී තිබෙයි. පැහැදිළිවම මේ වනවිට පෙසප-ජන අරගල ව්‍යාපාරයේ ආසන්නතම සතුරා වන්නේ පොහොට්ටුව, රනිල්වාදීන් හෝ සජබ මූලික විපක්ෂය නොව ජාතික ජන බලවේගය බව පැහැදිලිය. යක්කල කාර්‍යාල සිදුවීම විසින් එම සතුරුභාවය තහවුරු බවක් පෙනෙයි. එහි එක් විභව ප්‍රතිඵලයක් වන්නේ පෙසප-ජන අරගල ව්‍යාපාරයට දේශපාලන පොරපිටිය තුළ සිය අනන්‍යතාවය දිගටම පවත්වා ගැනීමට නම් ජරපත් දක්ෂිණාංශික විපක්ෂ බලවේගයෙන්ගේ ක්‍රීඩාවන් තුළ අනියමින් පාවිච්චි වීමට සිදුවීමයි.

අනෙක් ප්‍රතිඵලය වන්නේ ජවිපෙ-ජාජබ ආණ්ඩුවට අවශ්‍ය වාම විපක්ෂයක සුපරික්ෂාව අහිමි වී යාමයි. දේශපාලනයේ සද්භාවය ඇත්තේ ඊනියා ප්‍රතිපත්තිමය අන්‍තර්ගතය මත නොව පසමිතුරුතාවය හා බලය මතින් නිශ්චය වන අනන්‍යතා රාමුව මතය.

ඊළඟ අරගලය - (එරන්ද ගිනිගේ)
'ද්‍රෝහීන්' සම්බන්දයෙන් ජවිපෙ වාම උරුමයේ කතාව පටු හා කැත එකකි. ඊට සාපේක්ෂව ගත්විට ලාංකේය සමසමාජ ව්‍යාපාරයට ද සිය විෂම සහෝදරත්වයන් ගැන සාධනීය විවෘතකමක් පැවතිණි. ජවිපෙ උරුමයට අදාළ එම අවලස්සන ප්‍රවේණිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද යහමින් එන්නත් වී ඇත. මා වැනි අය දශකයකට වඩා සමීපව දේශපාලන කටයුතු කළේ පෙසප-ජන අරගල ධාරාව සමගය. එහෙත් පසුගිය ජනාධිපතිවරණය හරහා ලාංකේය දේශපාලන ඉතිහාසයේ සිදුවීමට නියමිත වූ තීරණාත්මක පරිවර්තනය වෙනුවෙන් ප්‍රායෝගික තීරණයක් ගත යුතු බව අප නිශ්චිත මතවාදී ස්ථාවරයක් ලෙස පෙසප නායකත්වයට කිහිපවිටක්ම දැනුම් දුන්නෙමු. එය පෙසප-ජන අරගල නායකත්වය සපුරා බැහැර කළ අතර එම පාර්ශවයෙන් අපව ඉවත් කර දැමීමක් දක්වා දිගුවී සංවාදයට දොරගුළු වසනු ලැබීය.

දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ටින් ගත කළ ක්‍රියාධර ගිරා පෝතකයන්ට අනුව මා වැනි අය ද දැන් ඔවුනගේ පූර්ව මට්ටමේ ද්‍රෝහීන්‍ ය. ඔවුනගේ නායකත්වය සිය යටිපෙළ කාඩර ආඛ්‍යානය පවත්වා ගන්නේ එසේය. සිය වාමාංශික ප්‍රතිවාදීන් සමග ලේ කකියන කැක්කුමෙන් ප්‍රතිචාර දැක්වීම ජවිපෙ හා පෙසප අනුගාමිකයන් දෙපිරිසටම පුරුදු පුහුණු කළ චර්‍යාවකි. යක්කල කාර්‍යාල සිදුවීම එහි එක් පැහැදිළි නිදර්ශනයක් වේ.

vidarashan(සටහන | විදර්ශන කන්නන්ගර)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com

උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යක්කල දී ඇත්තටම මොකද වුනේ ? | Vidarshana Kannangara | The Leader