The Leader News
BREAKING
Top Ad
Opinion

නවතින්න මොහොතක්! - ඇඳිරි නීතිය ඉවත් කළ ගමන්ම අපි පාරට දුවන්නම ඕනෙද? - බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ

T

The Leader Desk

March 23, 2020 • 5:41 AM

නවතින්න මොහොතක්! - ඇඳිරි නීතිය ඉවත් කළ ගමන්ම අපි පාරට දුවන්නම ඕනෙද? - බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඳිරි නීතිය ඉවත් කළ ගමන්ම අපි පාරට දුවන්නම ඕනෙද?
  • බටහිර වෛද්‍ය විද්‍යාවෙත් නෑ, ආයුර්වේදෙත් නෑ.
  • තමන්ගේ ජීවිතය පරදුවට තියල වෛද්‍යවරුන්, හෙද, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන් දිවා රෑ වෙහෙසෙන්නේ අපි වෙනුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇඳිරි නීතිය ඉවත් කළ ගමන්ම අපි පාරට දුවන්නම ඕනෙද? අපේ මිතුරා, මිතුරිය, ඥාතියා, අසල්වැසියා හමුවෙන්නම ඕනෙද? සමහරවිට අපි ළඟදිත් එයා මුණගැහුනා නේද?

ගෙදරට කෑම බීම ගේන්න ඕනේ නම් අපි හැමදෙනාම කඩපිලට යන්නම ඕනෙද? කඩපිලේ, සාප්පුවේ සෙනඟ පිරුණු වෙලාවෙම අපිත් තෙරපිලා පෝලිමේ ඉන්නම ඕනෙද?

"එයා නම් කොහොමටවත් ගෙදර තියාගන්න බෑ," වැඩිහිටියෝ ගැන අපේ බොහෝ දෙනා කියන කතාවක්.

මගේ තාත්තත් එහෙමයි. අම්ම හිටපු කාලේ අම්මත් එහෙමයි.

අපි එයාලට හොදින් කරුණු කියා දීල ටික දවසක්, ටික දවසකට විතරක් පොඩ්ඩක් ගෙදරට වෙලා ඉන්න කියල කියමුද?

අපි අද ගතකරමින් ඉන්නේ ඉතිහාසයේ කෙදිනකවත් මුහුණ නොදුන්න විදියේ ගෝලීය වසංගතයකට.

මුලින් කීවේ වෙනත් බරපතල රෝගයක් නැත්නම් තරුණ, තරුණියක් එතරම් බයවෙන්න ඕනේ නෑ කියල. ඒත් මේ වෙන කොට තරුණයන්ගෙත් ජීවිත නැතිවෙලා.

මුලින් කීවේ ලංකාව වගේ රස්නේ රටවල රෝගය පැතිරෙන්නේ නෑ කියල. ඒ නිසා සංචාරකයන්ට ලංකාවට එන්න කියල ප්‍රචාරක ව්‍යාපාරත් දියත් වුනා මතකයි.

ඒත් දැන් ලංකාවේ, මාලදිවයිනේ, ඉන්දියාවේ මේ හැම තැනම රෝගය පැතිරිලා.

රෝගයවත් තාම හඳුනාගෙන නැති නිසා තවම රෝගයට බෙහෙතක් සොයාගෙන නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවෙත් නෑ, ආයුර්වේදෙත් නෑ. ඒ නිසා රෝගයට බෙහෙත් තියනවා කියල කියන වංචාකාරයන්ට රැවටෙන්න එපා.

යාඥා කළාම, පිරිත් කීවම, වන්දනා චාරිකා ගියාම, දෙවියන්ට කන්නලවු කළාම, ස්රීපාදේ වන්දනා කළාම රෝගය සුව වෙන්නේ නෑ.

තමන්ගේ ජීවිතය පරදුවට තියල වෛද්‍යවරුන්, හෙද, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන් දිවා රෑ වෙහෙසෙන්නේ අපි වෙනුවෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වගේම ආරක්ෂක අංශ අපි වෙනුවෙන් කරන මේ මෙහෙය සාර්ථක වෙන්නේ අපි ඔවුන්ට කන් දුන්නොත් විතරයි.

 

ටික දවසකට අපි ඔවුන් කියන දේ අහමුද?

උදේ, දවල් මැෂින් වගේ දුවපු අපි හැමදෙනාටම එකපාරටම ගෙදරට කොටුවෙන එක අමාරුයි. ඔබට වගේම මටත් අමාරුයි.

මේ අපි හැමදෙනාම ජීවිතේ මෙතෙක් නොවිඳපු අත්දැකීමක්. ඉතින් අපිත් ඒකට මුහුණ දෙන්න අපේ පුරුදු ටිකක් වෙනස් කරගනිමු.

අපි වෙනුවෙන් කැපවෙලා ඉන්න ඒ ජීවකයන්ට කන් දෙමු.

මොහොතකට නවතිමු.

කාලෙකින් කතා නොකළ මිතුරෙක්, මිතුරියක්, ඥාතියෙක් අමතමු. අපට හැකි නම් සෞඛ්‍ය සේවකයන්ට හැකි උපකාරයක් කරමු.

පොතක් කියවමු. මතක සටහනක් ලියමු. ගෙවත්තක් තියෙනව නම් වත්තේ පිටියේ වැඩක් කරමු. දරුවන් එක්ක කාලය ගෙවමු. හැකියාවක් තිබේ නම් නිවසේ සිටම චිත්‍රපටයක් නරඹමු. අලුත් විදියකට අපේ කාලය ගෙවන්න ක්‍රමයක් හොයා ගනිමු.

විරාමයක් ගමු.

සෙනග ගැවසෙන තැන්වල රැස්වීමෙන් වළකිමු.''

(බීබීසී සිංහල සේවයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...