The Leader News
BREAKING
Top Ad
Opinion

නැති වුණේ කොරෝනා නොව කොරෝනාවට ඇති බියයි - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 14, 2020 • 2:12 PM

නැති වුණේ කොරෝනා නොව කොරෝනාවට ඇති බියයි - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසන් වරට මෙම කොලම ලියන විට රට පුරා ඇඳිරි නීති පනවා තිබුණා. ලංකා විද්‍යුත් පුවත්පතට මා ලිව්වෙ වසංගත තත්වයන් තුළ
  • ඒත්, රූපවාහිනිය ළඟට ලංකාවේ ඊළඟට ජනප්‍රියම ජනමාධ්‍යය පුවත්පත ලෙස සැලකිය හැකියි.
  • විද්‍යුත් පුවත්පතක් නිකුත් කිරීමෙන් මුද්‍රිත පුවත්පතක අඩුපාඩුව පියවෙන්නේ නැති වුණත්, පුවත්පත පළ නොකර ඉන්නවාට වඩා එය හොඳයි.” පුවත්පත් ප්‍රකාශනය නැවත ආරම්භ වෙලා.
  • දවසේ වැඩි කාලයක් පෙණහලුවලට හරි හැටි ඔක්සිජන් නොලැබෙන එකේ, ප්‍රශ්වාස කාබන්ඩයොක්සයිඩ් ම නැවත ආශ්වාස කරන එකේ විපාක විදියට ශ්වසන රෝග ඇති වෙලා, මිනිසුන්ට මාස්ක් දාන්න එපා යයි ලෝක සෞඛ්‍ය සංවිධානයට කියන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

වැඩ කරන ජනමාධ්‍යකරුවන්ට ප්‍රයෝජනවත් විය හැකි උපදෙස් මාලාවක්. ඒ ලිපියේ මා මෙහෙම ලිව්වා.

“ලංකාවේ පුවත්පත් බෙදාහැරීම සිදු වන ආකාරය අනුව, පුවත්පත් මගින් කොරෝනා ආසාදනය පැතිරීම බැහැර කරන්නට බැහැ. ඒ නිසා මේ දිනවල පුවත්පත් මුද්‍රණය වීම නතර කර තිබීම හොඳ දෙයක්. ඒත්, රූපවාහිනිය ළඟට ලංකාවේ ඊළඟට ජනප්‍රියම ජනමාධ්‍යය පුවත්පත ලෙස සැලකිය හැකියි. මේ දෙක එකිනෙකට සපුරා වෙනස් මාධ්‍ය දෙකක්. ඒ නිසා එකක අඩුව අනෙකෙන් ඌනපූරණය වෙන්නෙ නැහැ. විද්‍යුත් පුවත්පතක් නිකුත් කිරීමෙන් මුද්‍රිත පුවත්පතක අඩුපාඩුව පියවෙන්නේ නැති වුණත්, පුවත්පත පළ නොකර ඉන්නවාට වඩා එය හොඳයි.”

පුවත්පත් ප්‍රකාශනය නැවත ආරම්භ වෙලා. ඒ වුණාට පුවත්පත් බෙදාහරින විදියේ වෙනසක් වෙලා ද? නැහැ. මා අද උදේ පුවත්පත මිළ දී ගන්නට යන විට පත්තර ලෑල්ලේ මිත්‍රයා මුව ආවරණය පහත් කරගෙන කවුන්ටරය උඩ තබාගෙන බුලත් විටක් ඒදමින් හිටියා.

corona fear

දැන් බස්, දුම්රිය යන්නෙ පරණ විදියට ම සෙනග පුරවගෙන. තියෙන්නෙ එකම වෙනසයි. මිනිස්සු මාස්ක් දානවා. ඒ මාස්ක් දැමීමත් පොලිසියට බයේ හෙල්මට් දානවා වගේ තමයි. හැබැයි, හෙල්මට් එක නිසා ඔලුව ආරක්ෂා වෙනවා. හෙල්මට් එක දමාගෙන සිටීමෙන් හිසට ලොකු කරදරයක් නැහැ. ඒ වුණාට මුව ආවරණය එහෙම ද? දවසේ වැඩි කාලයක් පෙණහලුවලට හරි හැටි ඔක්සිජන් නොලැබෙන එකේ, ප්‍රශ්වාස කාබන්ඩයොක්සයිඩ් ම නැවත ආශ්වාස කරන එකේ විපාක විදියට ශ්වසන රෝග ඇති වෙලා, මිනිසුන්ට මාස්ක් දාන්න එපා යයි ලෝක සෞඛ්‍ය සංවිධානයට කියන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැහැ.

ඇඳිරි නීති දාපු දවස්වලත්, ඒ අතරතුරත්, දැනුත් මා නම් දිගටම ලිව්වේ එයට විරුද්ධවයි. එමගින් සිදු වන ආර්ථික විනාශය ගැන රජය සිතිය යුතුව තිබුණා. ඇඳිරි නීති නිසා ලංකාව කොවිඩ්-19 අවදානමෙන් මිදුණා ද? ඇඳිරි නීති පැනවීමට පෙරත් කොවිඩ්-19 වසංගත තත්වයක් ලංකාවේ තිබුණෙ නැහැ. දැනුත් නැහැ. එදත් අවදානම නම් තිබුණා. ඒ අවදානම තවමත් එහෙමම තිබෙනවා. එහෙනම් වුණේ මොකක් ද? නටපු තොවිලෙකුත්, බෙරේ පලුවකුත් දෙකම නැද්ද?

''ඇඳිරි නීති නිසා ලංකාව කොවිඩ්-19 අවදානමෙන් මිදුණා ද? ඇඳිරි නීති පැනවීමට පෙරත් කොවිඩ්-19 වසංගත තත්වයක් ලංකාවේ තිබුණෙ නැහැ. දැනුත් නැහැ. එදත් අවදානම නම් තිබුණා. ඒ අවදානම තවමත් එහෙමම තිබෙනවා. එහෙනම් වුණේ මොකක් ද? නටපු තොවිලෙකුත්, බෙරේ පලුවකුත් දෙකම නැද්ද?''

එහෙමම කියන්න බැහැ. දැන් අපි කොවිඩ්-19 ගැන හොඳින් දැනුවත් සමාජයක්. එය සාමාන්‍ය හෙම්බිරිස්සාවකටත් වඩා අඩු තත්වයේ අසනීපයක් වෙන්නත් පුළුවන්. මාරක නිව්මෝනියාවක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය හෙම්බිරිස්සාවත් එහෙමම තමයි. සරම්ප, පැපොල හා කලින් කල බෝ වන උණ, හෙම්බිරිස්සා ආදී අප අතර තිබෙන සුලබ වයිරස් රෝග කොයි එකත් ඇතැම් අයට මාරාන්තිකයි.

කොවිඩ්-19 විශේෂ රෝගයක් නොවෙයි කියන්න බැහැ. එය අධි වේගයෙන් පැතිරෙන රෝගයක්. ඒ නිසා තමයි එය ගෝලීය වසංගතයක් වුණේ. මේ වසංගතය නිසා අපි ගොඩක් බය වුණා. අපට බයවෙන්න කිව්වා. මාධ්‍යවලින් පෙන්නුවේ මරණයමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දක්වා කළේ අප බියෙන් ත්‍රස්ත කරන එකයි. හිතට පොඩි හරි සහනයක් දැනෙන හැම වෙලාවෙම ඔවුන් අප ඉදිරියට ඇවිත් ඇස් ලොකු කරලා, දත් විලිස්සලා අපව බය කළා.

අසල්වැසි ඉන්දියාව ගැන හිතන්න. ඇඳිරි නීති දැම්මා. ඇඳරි නීති කඩන මිනිසුන්ගෙ අතපය කැඩුවා. මිනිසුන්ව බඩගින්නේ නොමරා මැරුවා. ඔය අතරෙ කොවිඩ්-19 ශීඝ්‍රයෙන් පැතිරුණා. තවමත් පැතිරෙනවා. හැබැයි, දැන් ලොක්ඩවුන් අවසන් වීගෙන යනවා.

protest covidමුළු ලෝකෙම එහෙමයි. මිනිසුන් ආපහු පෙළපාලි යනවා....

මුළු ලෝකෙම එහෙමයි. මිනිසුන් ආපහු පෙළපාලි යනවා. ඇමරිකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය ජෝජ් ෆ්ලොයිඩ් පවා කොවිඩ්-19 රෝගියෙක්. ඔහුගෙන් පොලිසියට, බන්ධනාගාරයට, උද්ඝෝෂකයන්ට කොවිඩ්-19 බෝ වුණා ද, නැද්ද කියන එක ගැන කවුරුවත් සැලකිලිමත් නැහැ.

තොණ්ඩමන්ගෙ මළගෙදරට, සිරිකොතේ වලිවලට විතරක් නෙමෙයි පොලිස් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන්ට බිම දාගෙන ගහනකොට, පොලිස් ජීප්වල පොල් පැටෙව්වා වගේ පටවන් යනකොට පවා සමාජ දුරස්ථභාවය, නිරෝධායන නීති අරවා මේවා අදාළ නැහැ.

Para

දැන් කොරෝනා නැද්ද? තියෙනවා. එතකොට මේ වෙලා තියෙන්නෙ මොකක් ද? අපි බය නැතිවෙලා. කොරෝනා වයිරසය දැන් අපට ඇඟට දැනෙන උණුසුමක් ඇති කරන්නෙ නැහැ. මාධ්‍යවලින් කොරෝනා වයිරසුයි, සංඛ්‍යාලේඛනයි, මිනී වලවලුයි, ලෝක සෞඛ්‍ය සංවිධානෙ ලොක්කවයි, අනිල් ජාසිංහවයි, අජිත් රෝහණවයි, හමුදාපතිවයි දැකලා දැන් අපට එපා වෙලා. ඊට වඩා පළඟැටියා වුණත් නැවුම්.''

බියෙන් අත්මිදෙමු!

(අජිත් පැරකුම් ජයසිංහ– ලංකා පුවත්පතේ පැරාගේ විරාමයට ලියූ ලිපිය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...