The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභය අසාර්ථක වුනේ ඇයි? දීප්ති කුමාර ගුණරත්නගේ විග්‍රහයක් (වීඩියෝ)

T

The Leader Desk

March 1, 2020 • 5:02 PM

ගෝඨාභය අසාර්ථක වුනේ ඇයි? දීප්ති කුමාර ගුණරත්නගේ විග්‍රහයක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව රජය බලයට පත්ව මාස තුනක් ගෙවී යන අවස්ථාවේ රට තුල මතුව ඇති ආර්ථික තත්ත්වය පිළිබඳව
  • වෙළඳපොල විසින් මෙය පාලනය කරන බවකි.
  • වෙළඳ සමාගම් විසින් ඇති කරනු ලබන ආතතිය, ප්‍රශ්න, ගැටුම්, ප්‍රතිවිරුද්ධතා අද දේශපාලඥයන්ට පාලනය කිරිමට සිදුව ඇත.
  • උදාහරණයක් ලෙස ගතහොත් එළවලු  මිල ඉහළ යාම, ජීවන මිල ඉහළ යාම, රැකියා නැති වීම වනාහි ධනවාදි කියන ප්‍රශ්නය නිසා ඇති වුවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න දකින අයුරු.

''අප දැන් ජිවත් වන්නේ පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකය. ඉන් අදහස් වන්නේ මෙවැනි සමාජයක් පාලනය කරන්න දේශපාලකයෝ අවශ්‍ය නැහැ. වෙළඳපොල විසින් මෙය පාලනය කරන බවකි.

ලංකාව පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින පිරිස නොවන අතර ලංකාව පාලනය කරනු ලබන්නේ බහුජාතික වෙළඳ සමාගම් විසිනි. වෙළඳ සමාගම් විසින් ඇති කරනු ලබන ආතතිය, ප්‍රශ්න, ගැටුම්, ප්‍රතිවිරුද්ධතා අද දේශපාලඥයන්ට පාලනය කිරිමට සිදුව ඇත.

උදාහරණයක් ලෙස ගතහොත් එළවලු  මිල ඉහළ යාම, ජීවන මිල ඉහළ යාම, රැකියා නැති වීම වනාහි ධනවාදි කියන ප්‍රශ්නය නිසා ඇති වුවකි.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වුයේ මේ ජාතිකත්ව ව්‍යාපෘතිය මධ්‍ය කරගෙන ආර්ථිකය මෙහෙයවිමෙනි. සිංහල ජාතිකත්වය මඟින් එනම් සිංහල ව්‍යාපාරිකයෝ හෝ සිංහල හමුදාව වැනි පරිපාලන ආයතන පාවිච්චි කරගෙන ලංකාවේ ජාතික ආර්ථිකය හසුරවන්නේ කොහොමද? යන්නය.

නමුත් ලංකාවේ ආර්ථිකය අන්තර් ජාතික ආර්ථිකයකි. අපේ රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අන්තර් ජාතික වෙළඳාමෙනි. එනම් අන්තර් ජාතික මුල්‍ය වෙළඳපොලෙන් මිස සිංහල ජාතික ආර්ථිකයෙන් නොවේය.

''ලංකාවේ ආර්ථිකය අන්තර් ජාතික ආර්ථිකයකි. අපේ රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අන්තර් ජාතික වෙළඳාමෙනි. එනම් අන්තර් ජාතික මුල්‍ය වෙළඳපොලෙන් මිස සිංහල ජාතික ආර්ථිකයෙන් නොවේ''

ඒ නිසා මේ වන විට ලොකු අර්බුදයක් මතුව ඇත. දින සියයක් තුල වැඩ කරන්න බැරි විමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති ප්‍රශ්නයක් නොවේය. ඇත්තටම මෙහි ඇති තාක්ෂණික ගැටලුව වන්නේ ධනවාදය කොහොමද පාලනය කරන්නේ යන්න පිලිබඳව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇති නොදැනුම මෙහිදි මතුව ඇත.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු විකල්ප නුතනත්වයක් ලෙස තෝරාගෙන ඇත්තේ සිංහල ජාතිකත්වයය. මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය ආර්ථික භාෂාවෙන් ගතහොත් සිදු වන්නේ ප්‍රාග් ධනය මත පදනම් වු ධනවාදි ආර්ථිකයක් දියුණු වෙමින් ඇත්තේය.

නමුත් අප එය පරිකල්පනය කර ගන්නේ නුතනවාදි විකල්පයක් ලෙසය. ඒවා පාලනය කිරිමට හමුදාව, මර්ධනකාරි යාන්ත්‍රණය ගෙන එනු ලබයි. ඔහු සිතන්නේ ඒවා ගෙන ඒමෙන් ලංකාව දියුණු කළ හැකි බවය.

සිංගප්පුරු ආර්ථිකය, තායිලන්ත ආර්ථිකය කියා ඊට විවිධ මිත්‍යාවල්ද හවුල් වී තිබේ. එසේනම් ලතින් ඇමරිකාවේ හමුදා ආණ්ඩුව වගේ ලෝකයේ දියුණු වු රටවල ආර්ථිකයන් දියුණු විය යුතුය. නමුත් එසේ සිදු වි නොමැත.

එසේ නම් අප තේරුම් ගත යුත්තේ මේ ආර්ථිකය මෙහෙයවිම කියන කාරණාව විධිමත් කිරිමෙන් පමණක් සමාජ ප්‍රශ්න විසදෙන්නේ නැති බවය. එය සරලව කිවහොත් ලංකාවේ පාරවල් සෑදුවා කියා ලංකාවේ ප්‍රශ්න විසදෙන්නේ නැත.

නිදසුනක් ලෙස හම්බන්තොට පාර කිලෝමිටර් ගාණක් ඉදිරියට ගෙන ගියේය. නමුත් හම්බන්තොට සහ කොළඹ අතර කිසිදු ආර්ථික ක්‍රියාවලියක් සිදු වන්නේ නැත. ඒ තුල සිදුවන්නේ වන්දනා ගමන් යාම පමණි.

''නිදසුනක් ලෙස හම්බන්තොට පාර කිලෝමිටර් ගාණක් ඉදිරියට ගෙන ගියේය. නමුත් හම්බන්තොට සහ කොළඹ අතර කිසිදු ආර්ථික ක්‍රියාවලියක් සිදු වන්නේ නැත. ඒ තුළ සිදුවන්නේ වන්දනා ගමන් යාම පමණි.''

හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්තශාලා පිහිටුවා නැත. එසේ පිහිටුවා තිබුණා නම් ඒවායේ නිෂ්පාදනය කරන දේවල් වේගයෙන් කොළඹට හෝ මත්තලට ගෙන යාමට හැකිව තිබුණි. මේ අධිවේගය නිසා මතුව ඇති ගැටලුවක් වන්නේ මාතර සිට හම්බන්තොට දක්වා තිබු මහජනයාගේ ආර්ථිකය සම්පුර්ණයෙන් කඩා වැටීමය.

ආදායම් වියළි යාමට නියමිතය. මෙතෙක් කලක් තිබු සංචාරක ආර්ථිකය වියැකි යනු ඇත. මෙය කලුතර සිට ගාල්ල දක්වාත් පහුගිය සමයේ බලපෑම් කරනු ලැබ තිබු අයුරු අපි දැක ඇත්තෙමු.

එමෙන්ම දැන් කතරගමට ඉක්මනින් ගොස් ඒමට හැකි නිසා එහි නිවාස කුලියට දුන් පුද්ගලයින් අද අසීරුතාවයට පත්ව සිටියි.

මේ ධනවාදය නිසා අලුත් ප්‍රශ්න ඇතිවෙනවා මිස ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඒනිසා මේ ප්‍රශ්න විසඳිම සඳහා මේ ආණ්ඩුවට විකල්පයක් ඇති බව මා විශ්වාස කරන්නේ නැත.''

(aithiya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...