ලංකාවේ කිසිම ක්ෂේත්‍රයක මම නං හිතන්නේ නෑ 3% - 4% කට වඩා Growth Rate එකක් එයි කියලා ඉදිරි අවුරුද්ද දෙක ඇතුලත එක ක්ෂේත්‍රයක ඇර.
නිකමට අපේ රටේ සංවර්ධන විභවය ගැන අප අවට පරිසරය තුල මතුවෙලා තියෙන නිමිති ඇසුරිං විමසලා බලමු - පාරම්පරික රාවාණා නිමිති සාත්තරය ඇසුරුකරගෙනම.
සිමෙන්ති නිමිත්ත ;
සිමෙන්ති කොට්ටයක් හාඩ්වෙයාර් එකක මාස ගානක් තියෙනවා කියන්නේ තාම කන්ස්ට්‍රක්සන් ඉන්ඩස්ට්‍රි ඇක්ටිව් වෙලා නෑ කියන එකනේ. ගෙවල් නිමිත්ත බලපුවාම ගෙවල් වල පාට ටිකක් වත් ගාගන්නවා පේන්නේ පිට රට අය විතරයි. ඉතිං පිටරට ජීවත් වෙන අය හදන ගෙවල් වලින් ලංකාවේ මිනිස්සුංට ජීවත් වෙන්න ඇතිවෙන්න කර්මාන්තයක් හදන්න බෑ නේ.
හයිවේ නිමිත්ත (මහා මාර්ඝ යටිතල නිමිත්ත);

බලන්න කොහේවත් හයිවේ හැදෙන්නේ නෑ. පාරවල් වල තාර වැටෙන්නේ නෑ. මම නං හිතන්නේ නෑ ඒ තත්තවය ලොකු වෙනසක් වෙයි කියලා ඉස්සරහා අවුරුදු දෙක තුන ඇතුලත.
ඩිජිටල් නිමිත්ත -නැත්නං ඩේටා නිමිත්ත;
ඔයාලා මේ දවස්වල වදං දෙන Digital Transformation - ICT. අපිට පේනේනේ දාස් ගානක් අලුත් ලමයිංට ඔපචුනිටි නෑ, ඒක ඉගෙනගෙන රස්සා හොයන්න බෑ කියලායි. ට්‍රේනිං වලටවත් තැනක් හොයාගන්න නැති ලමයි කියන අදෝනා අහලා අපේ හදවත පැලිලා යනවා නේද?. ඉතිං මේ යන ට්‍රැන්ඩ් එකත් එක්ක, ලෝ ස්කිල් අයට ඔපචුනිටි අඩුවෙනවා මිසක් ICT ක්සේත්‍රය තුල, මම හිතන්නේ නෑ ලංකාවේ බහුතරයකට ඔපචුනිටි හදන්න පුලුවන් ක්ෂේත්‍රයක් කියලා Digital Transformation ක්සේත්‍රය.
මැනුෆැක්චරිං නිමිත්ත ;
මම හිතන්නේ ඉස්සරහට එන ටැක්නොලොජි එක්ක හා දැනටමත් තියෙන ටැක්නොලොජි එක්ක ඔටෝමේට් වේවි. ඔපරේටර්ස්ලාගේ ලෙවල් එකේ රැකියා නැතිව යාවි කියලයි. නිකමට හිතන්න අදානිගේ ජැටිය. ඒක අලුත් තාක්සනයට දුවන්නේ. මිනිස්සු නෑ. පුලි ඔටෝමේට්. ඒ මැසිම දවස පුරා නොනැවති දුවනකොට අදානිගේ එකවුංට් එකට මැසිමෙංම දිනපතා සල්ලි වැටෙනවා. වෙන කාටවත් ඔපචුනිටි ඇවිත් නෑ.
ග්ලෝබල් නිමිත්ත ;
ලංකාවේ මැනුපැක්චරිං ඉන්ඩස්ට්‍රි එකට පුලුවන්ද ලෝකේ ඉනොවේසං වැඩිම ඉංදියාව චීනය වගේ අයත් එක්ක මිලත් එක්ක ඔට්ටු කරන්න. එයාලට තියෙන ඉනොවේසං, රෝ මැටීරියල්, Economies of Scale හා අනෙකුත් සම්පත් එක්ක අපිට, වෙලදපොල තරගකිරීමේ හැකියාව හෝ ඉනෝවේසං එක්ක ඩිපරන්සියේට් වීමේ හැකියාව ලංකාව ඇතුලත ඉදිරි අවුරුදු දෙක තුල ගොඩනැගෙන එකක් නෑ. ඉතිං එයාලා ආයෝජන කියලා ගෙනාවත් ගේන්නේ ලංකාවේ වැඩි පිරිසකට ඉහල ගුනාත්මක ජීවිතයක්, හෝ ඉහල ආදායං ලබන්න පුලුවන් ඔපචුනිටි කියලා අපිට හිතන්න හරිම අමාරුයි මේ IR4 Disruptive Innovations එක්ක.
දඹ නිමිත්ත ;
දැං අපි බලමු විශ්ව විද්‍යාල ඔන්ටප්‍රිනුවර්සිප් නිමිත්ත ;

ඔයාට පුලුවන්ද ඩොලර් මිලියනයක තරමට බිස්නස් එකක් හදපු විශ්ව විද්‍යාල ශිෂයෝ 100 ක් හොයාගන්න පහුගිය අවුරුදු 25 ඇතුලත කැම්පස් ගිය අය අතරිං. ඒ අය එයාලගේ ඉනොවේසං කරං ඔයාගේ ගමේ ජීවත් වෙනවා ඔයා දකිනවාද?
ඉතිං යාලුවනේ - පුරාණ රාවනා නිමිති සාත්තරය අනූවනං මේ යන විදිය අනූව අපිට ඒක පුද්ගල ආදායම වාර්ෂික ඩොලර් 10000 ට කිට්ටු කරවන්න ඊලග අවුරුදු 20 කටත් බෑ කියන පෙරනිමිති තමයි දැං දැං මතු වෙමින් යන්නේ අපේ පේන සාත්තරයට. හැබැයි අදත් ලෝකේ අනික් රටවල් 130 කට වඩා ඩොලර් 10000 මට්ටම පහු කරලා ගිහිං නේද? ඩොලර් 3600 ක් අවුරුද්දකට උපයන රටක ජීවත් වෙන්න තරමට ඔයා කොච්චරනං පවු කරලාද?
අපි බුලත්සිංහල මානවයෝ. අපි අඳුරු වලාවේ හැමදාම රිදී රේකාව හොයං ගියපු මිනිස්සු. ඒ නිසාම යාලුවනේ දැනුත්, අපි හරියට හිතුවොත්, සැලසුම් කලොත්, අපිට පුලුවන් ඩොලර් 10000 වාර්සික ආදායං සීමාවට රට අරං යන්න අවුරුදු 13 ක් ඇතුලත. ඒ කියන්නේ ඔයාගේ ජෙන් Y අයියා විශ්‍රාම යන්න කලින් අපිට කරන්න පුලුවං ඒ වැඩය. ඒකට හරි ප්‍රතිපත්ති හා හරි දැක්මක් තමයි ඕනෑ. ඔයාලා දන්නවා - කවුරු අත ඇරියත්, ලුවී අත අරින්නේ නෑ එයාගේ හීනය. එයාට ඕනෑ සංවර්ධිත රටක ඔයාලා එක්කලා විශ්‍රාම යන්න.

ආර්තික වර්ධන වේගය 3% ක් කියන්නේ ඔය ගොඩක් උඩ කියන ක්ෂේත්‍ර වර්ධනය වෙන්නේ ඉතාම හිමිං. සමහර විට ඉස්සරහට ගෝලීය වෙලද පොල තරගකාරීත්වය හා Disruptive Technologies නිසාම ඔය ක්ෂේත්‍රවල Organic Growth එකක් බලාපොරොත්තු වෙන්න බෑ - මොකද මාකට් එක/ඩිමාන්ඩ් එක වැඩි වෙනවා අපිට පේන්න දැනෙන්නේ නැති නිසා (මට දැනෙන දේ). " - ලුවී කියනවා.
හැබැයි යාලුවනේ අදුරු වලා පෙල අතර රිදී රේකාවක් විදියට අපිටම කියලා වෙන්වුන එක ක්ෂේත්‍රයක් තියෙනවා ගොඩයන්න. ඒ ක්ෂේත්‍රය ඕගනිකලි ග්රෝ කරන්න ලංකාවට මේ කාලරාමුවේ තියෙන්නේ පට්ට ඔපචුනිටියක්. මේ ක්සේත්‍රයට තාමත් ලංකාව හරියට ජාතික වශයෙං අත ගහලවත් නෑ. ඒ අතර මේ ක්සේත්‍රයේ පහුගිය අවුරුද්දේ ඉදං මේ අවුරුද්දේ මේ කාලේ වෙනකොට සේල් ඩබල් වෙන වර්ධනයක් පෙන්නුං කරමිං තියෙනවා.
ඇත්තටම හොයලා බැලුවොත් අපිට තියෙන ඉල්ලුම සපයගන්නවත් බැරි තරං ඉල්ලුමක් තියෙනවා - අත ඇරලා නොදැක්කා වගේ ඉන්න. ඒ වගේම ඉස්සරහ අවුරුදු 10 ට ලෝකය පුරාමත් 10% කට වඩා වේගෙන් ඉල්ලුම වර්ධනය වෙවී යන - වෙලදපොල වර්ධන වෙන ස්තාවර වර්ධනයක් පෙන්නුං කරනවා. ඒ ක්සේත්‍ර වලිං එකක් තමයි යාලුවනේ සංචාරක කර්මාන්තය. අනික තමයි - Wellness Industry එක.

ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට ඔයා හිතන්න - අපි අර උඩ කියපු ඉන්ඩස්ට්‍රි වලිං ගමේ හැමෝටම ඔපචුනිටි හදන්න බෑ. නමුත් අපි මේ කියන සංචාරක කර්මාන්තය මොඩලය එක්ක රටේ බහුතරයකට ඔපචුනිටි හදන්න පුලුවන්. කුස්සියේ රසට කෑම උයන මාලනී නැන්දා, පනික්කි නැටුං නටන සමිස මල්ලි, බෙර හගන සංජය අයියා, ආප්ප දාන උත්පලා අක්කා, පෙරේත තට්ටුව දෙන සරං වෙදා, කොත්තු දාන සිවා මල්ලි, බීප් පෝක් ගේන අන්වර් අයියා, පිරිත් නූල් බදින පංසලේ සාදු, ධීවර සම්පත නෙලන අංතෝනියා, කසිප්පු පෙරන ලිවේරා, රා බෙදන තිසේරා, ප්‍රීමියම් ගිෆ් කරන දිනූ, හොස්ටල් කරන වසිර, කෑම්ප් කරන තිසර, මයින්පුල්නස් උගන්නන බද්දිය, කතන්දර කියන කම්මැලි අනුරුද්ධ, බුදු වෙච්ච සමන්ත, ජේසු දැක්ක කුට්ටි, විදියට රටේ හැම තරාතිරකම මිනිස්සුංට ඔපචුනිටි හදන්න පුලුවන් අපි ඔය කියන ඉන්ඩස්ට්‍රි එකට.
අනික සුද්දෝ සුද්දියෝ ලස්සනට ඇදලා සැං පුයර ගාලා පාරවල් පුරා ඇවිදිනකොට ගමටම එලිය වෙනවා. උං බිකිනි ඇදං බීච් යනකොට, සර්ප් බෝඩ් උස්සං වීල් වල යන කොට, කම්මැලි නැතිව බල්ලෝ නාවනවා දකිනකොට, අපේ ගංවල ලමයිනුත් බය නැතුව අලුත් ලෝකෙට අප්ඩේට් වෙනවා. අලුත් ලෝකය දකින ගංවල මිනිස්සු සෙනික පටස් වෙනස් වෙනවා. අප්ඩේට් වෙනවා. මිනිස්සුංගේ විතරක් නෙමෙයි, බල්ලෝ, පූසෝ, රිලව් වදුරොංගේ බවා ලයිප් එක කොලිටි වෙන්න ගන්නවා. හැපනිං වෙන්න ගන්නවා. පොසිටිව් එනජි එනවා. කොල්ලෝ කෙල්ලෝ විලාසිතා කරනවා. වීල් අයියා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ජූස්බාර් එකේ නංගී සැල්පි ගහලා ග්ලෝබල් ජූස් ඈස් සර්විස් (Juice as a service) ඔෆර් කරන්න හිතනවා. ගමම Global හිතන්න ගන්නවා.
ගම Global Service Innovation කරන්න හිතන්න ගන්නවා. මූදේ මාලුවට, වැවේ මාලුවට, හරක් මස් ටිකට, බිත්තර ගෙඩියට, අලුත් රැසිපි වැටෙනවා. කිරි හොදි එක්ක තම්බං එලවලු කාපු නම්කිලා සැලඩ් හදලා පොල් තෙල් දාලා හැල්ති කන්න අරං ක්‍රීම් ගාලා සුදු වෙනාව. කඩල එකට, බඩ ඉරිගු ඇටයට චීස් ටිකක් වැටෙන්න ගන්නවා. ගමේ පොඩි එකාගේ මන්දපෝසනය නැතිව යනවා විතරක් නෙමෙයි - සුද්දෝ එන්න ගත්තාම පාරේ ඉන්න නටු ගැහිලා කිනිතුල්ලෝ කකා ගල් පාරවල් කකා ඉන්න බලු පැටියා පූස් පැටියාගේ ඉදං ජීවිතය වෙනස් වෙන්න ගන්නවා. අපි Rural Transformation කියන්නේ ඒකට නේද? විට කන සරං අදින, වල් වැඩ කරන, පච කියවන, ජීවිතයට අරමුණක් නැති, එනජියක් නැති, ලයිට් කනු යට කුඩු හංගන, ගැමියා - නිර්මාණශීලී, කාරුණික, ලස්සන, කඩවසං, ඉනොවේටිව්, ඉංග්‍රීසි කියවගන්න පුලුවන්, ගෝලීය පුරවැසියෙක් වෙන එක නේද විය යුතු සපත්තු දෙකක් දාං පාරේ යන.

ඉතිං යාලුවනේ රජය මුල්තැන දීලා ගොඩනගන්න ඕනෑ සංචාරක ක්ෂේත්‍රය යි. පොලිසි හදන්න ඕනෑ සංචාරක කර්මාන්තය මූලික ආර්තිකයක් ගොඩ නගන්න යි. ආයෝජකයෝ හොයන්න, ආයෝජන ගේන්න, ඔපචුනිටි හදන්න හිතන්න ඕනෑ සංචාරක ක්ෂේත්‍රය එක්ක යි.
සංචාරක ක්සේත්‍රය තුල ඉනොවේටිව් වීම තමයි අද අපිට ලේසියෙංම නෙලා ගන්න තියෙන පහලම අතු වල එල්ලෙන අස්වැන්න. අනික මේවා රී ජෙනරේටිව්. නැවත නැවත එනවා. දගලන්නේ නටන්නේ නාස්ති වෙන්නේ නැතිව, පරිසරයත්, ගහකොලත්, බේරං කරන්න පුලුවන් ලාංකිකයටම දෙයියෝ දීපු - අනික් රටවලට කොපි කරගන්න බැරි ඔපචුනිටි එකක්. ඒ කියන්නේ ලංකාවට කර්මාන්තය සීග්‍ර ලෙස වේගවත් වර්ධනයක් කරා අරං යන්න - නැත්නං Natural Organic Growth එකකට අවශ්‍ය හැමදේම තියෙනවා, වැඩි ආයාසයකිං තොරව ගොඩනගාගන්න පුලුවන්. ආයොජකයෝ හැමදාමත් ආසා හැල්ති, නිරෝගී, ඔගනිකලි වැවෙන කල්පවතින ආයෝජන වලට. ඒකට පසුබිම හදන එක රජය කල යුතුයි.

අනික සංචාරක කර්මාන්තය එක්ක ලංකාවේ තියෙන පොටෙන්සල් පොටෙන්සල් එක ලෝකයම දන්නවා. අමුතු විසේස ප්‍රවර්ධනයක්, ප්‍රචාරයක් අවශ්‍ය නෑ මාකට් එක හදන්න. ප්‍රචාරය අවශ්‍ය මාකට් එක ග්‍රෝ කරගන්නයි. මාකට් ග්‍රෝ කරන්න ප්‍රචාරයට වඩා අවශ්‍ය විසන් එකයි. මේ ක්සේත්‍රය තුල ඉහල වර්ධන වේග තියෙන adventure, luxury, and packaged tourism වගේ සැග්මන්ට් වලට ආයෝජකයෝ උඩින්ම කැමති වෙනවා - අපි හරි හමං ජාතික සැලැස්මකට, අපි Blueprint විදියට ඉදිරිපත් කරපු Tourism Centered Economy හා Tourism Centered Infrastructure කියන මොඩලයට රට එක විසන් එකකට යනවා දැක්කාම. හිතන්න මේ සැලැස්ම එක්ක අපිට පුලුවන් - hospitality, transport, F&B, local communities, and conservation අනං මනං හැම සැක්ටර් එකටම ඔපචුනිටි හදන්නන. කන්ස්ට්‍රක්සන් පවා සංචාරක කර්මාන්තය එක්කයි ගොඩනගන්න ඖනෑ.
නිකමට හිතන්න අපි පන්නල/කටුනායක/මීගමුව/වෙන්නප්පුව/ මීරිගම සම්බන්ධ කරලා කරන HNW, ලා අවුරුදු 5 කිං ටාගට් කරන වැඩසටහන. ඒ වැඩසටහනට පුලුවන් සංචාරකයට පන්නල අවට ප්‍රදේශය Plane to Train Transit එක කරන තැන විදියට දියුණු කරන්න. රෙස්ටුරන්ට්, බාර්, පබ්, ජිම්, පාරවල්, මහාමාර්ඝ, පරිසරය, සුන්දරත්වය, කලාව, විලාසිතාව, Fashion, Clothing, Sports, Nature, Agriculture, Fisheries, SeaFood, Culture, බියුටි සැලොං, අනං මනං ඔක්කොම එකතු කරපු පන්නල වගේ තැනක නිර්මාණය කරන Unique Experience එකකට පුලුවන් දවසට ඩොලර් 500 වියදං කරන HNWs ලට ඉතාම ආකර්ෂනීය ආරක්ෂිත වදයක් නැති පුද්ගලිකත්වය රැකෙන තැනක් හදන්න.

එතකොට මොටර් සයිකලේ හයර් දුවන මිනිහගේ ඉදන්, ගාඩන් කරන කොල්ලගෙ ඉදං, මහා පරිමාණ ඉදිකිරීම් දක්වා හැම ක්සේත්‍රයකම ඔපචුනිටි හැදෙනවා නේ ද?. හිතන්න හැදෙන අලුත් ගිග් ඉකොනොමිය (Gig Economy) හා ඉන් තරුණයට එන නිදහස. රජයවල් මූලිකත්වය දීලා අත ගහන්න ඕනෑ ගොඩ දෙනෙක්ට ඔපචුනිටි දෙන Massive Transformation ව්‍යාපෘති වලට මිසක් හාන්ස්ලට එයාලගේ පරණ හාංපුතාලගේ ණය පියවගන්න ව්‍යාපෘති වලට නෙමෙයි නේද?
ඔයාලට ඇවිත් බලනවනං, හොදම උදාහාරණය අද පන්නල අවට තියෙන ගම්මාන. මේ ගම්මාන වල සංචාරකයන් ගෙවල් වල ඇවිත් නතර වෙනවා. පන්නල තියෙන රැස්ටුරන්ට්, මාකට් වල, සංචාරකයන් ලෝකල් එක්ස්පීරියන්ස් ගන්නවා. පරණ පන්සල් දේවාල නරඹනවා. හැම තැනටම උද්යෝගය උනන්දුව එනජිය මේ සුදු හම තියෙන ලස්සනට අදින පලදින සැං පුයර ගාලා යන පංචකාම ආස්වාදය ඉස්ම හිදිංන විදින සංචාරකයා ගේනවා. දැං පන්නල වයසක අත්තම්මලා පවා ලස්සනට සපත්තු දාලා, ලොකු කරාබු දාලා, ෆැසන් එකට ඉන්නේ. කුස්සියට උයද්දි ඒප්රන් දානවා. මිදුල අතුගාද්දි බූට් දානවා. කුඹුරට බහිද්දි වේඩර් දානවා. විට කෙල බෙටි නෑ. බුලත් විට කඩ නෑ. මිනිස්සුංගේ අතේ සල්ලි වගේම ඇගේ එනජී අප්වෙනවා. පන්නල මිනිස්සු පොෂ්. පන්නල කවුරුත් සංචාරකයා පස්සෙං වද දිදී දුවං එන්නෙත් නෑ. ටොපිය සිගරැට් එක විකුණන්න, හයර් එක ගන්න, සංචාරකයට වද දෙන්නේ නෑ. ඇප් එකෙං හයර් එක දැම්මා සාදාරණ ගානට සංචාරකයා විනෝද වෙනවා - සංචාරකයටත් මාව හූරං කනවා කියන හැගීම නෑ.
දැං මේවා බලලා පන්නල සිංගප්පූරුව වගේ උස බිල්ඩිං තියෙන, පරිසරය දූෂනය වෙච්ච, වාතය, ගංගා ජලය දූෂණය වෙච්ච, කාපට් පාරවල් පිරුණු නගරයක් කරන්න නං සැට් වෙන්න එපා ඔන්න. පන්නල තියෙන්නේ වෙනම වයිබ් එකක්. පෝසත් කියන්නේ හැම අතිංම පෝසත් - ගතිගුණ, මිනිස්කම්, ධන, ධාන්‍ය, සෞක්‍ය, නීරෝගීබව, පරිසරය, පෝසත් බ්ලූ සෝන් එකක්. මෙහේ ආකිටෙක්චර් යන්නේ ලංකාවේ Heritage Home Garden මොඩලයට. පන්නල වෙනස ඒකයි. අපි අපේ අනන්‍යතාවය හා ඔරිජිනැලිටි සංරක්ෂණය කරගැනීම හා ඉනොවේටිව් වීම, ෆියුං වීමයි පන්නලදි වෙන්නේ. එහෙම නැතිව සංගප්පූරුවේ, චීනේ, කොපි ගෙනත් ගහලා අපිට බෑ බ්‍රෑන්ඩ් හදන්න ලෝකයක් අගය කරන.
ඒ නිසා යාලුවනේ - අපේ රට ගොඩදාන්න අපේ පරම්පරාවට (ජෙන් Y) පුලුවන්. අවුරුදු 13 ක් හොදටම ඇති.
පන්නල වැව් බැදි ගෙදර කියන්නේ - එදා පර සුද්දා ආපු කාලේ ඉදං ලෝකේ දේස දේසාංතරේ මිනිස්සු හරි හරියට ගැවසුන තැනක්. අදත් දිනපතා, දේශීය/විදේශීය විශ්ව විද්‍යාල සිසුං, ආචාර්‍ය මහාචාර්‍ය වරුං, විවිධ වෘත්තිකයං නිතර නිතර ගැවසෙන තැනක්. මේ දවස්වල මම දකින රටේ ප්‍රධානම ගැටලුව තමයි - ලෝකේ පුරා සිදුවන IR4 ටැක්නොලොජි ඇඩප්සං එක්ක, ලංකාව කාර්මික අංශයේ ආර්තික වර්ධනයක් නැති වීම, වගේම රැකියා අඩුවීම. තියෙන එකා මේවා නිසා ඉස්ම හිදෙන්න පෝසත් වුනාට නැති එකාට ඔපචුනිටි එන්නේ නෑ රටක ආර්තිකයක් හරියට කලමණාකරණය නොකිරීම තුල.
ලුවී කීවා.
උපුටා ගැනීම - Charaka Kahandawa ෆේස්බුක් පිටුවෙන්...
#ගංපෙරළිය
#සුන්දරපන්නල
#truepatriotlk
#godayamu




