The Leader News
BREAKING
Top Ad
Opinion

Z Gen එක නොසලකා හරිමු ද? | Mahesh Hapugoda

T

The Leader Desk

September 11, 2025 • 10:20 AM

Z Gen එක නොසලකා හරිමු ද?  | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකක් තමයි ඒ පරම්පරාවේ චන්ද නැතිවීම සහ ඔවුන් විසින් හසුරුවන වැඩිහිටි අයගෙත් චන්ද නැතිවීම.
  • අනික තමයි ඔවුන් විසින් මුදාහරින භෞතික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට ඔවුන්ට පත්වීමට සිදුවීම.
  • සමාජ මාධ්‍ය නැතිවුණා විතරයි නේපාලේ ආව ප්‍රචණ්ඩ බවට පතුලක් තිබුනේ නැහැ.
  • Z පරම්පරාව නීතිය ගැන නොසිතා ඔවුන්ට උවමනා දේ සොයාගෙන යනවා කියල 2024 බ්‍රිතාන්‍යයේ කරපු සමීක්ෂණයකින් සොයාගෙන තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එකක් තමයි ඒ පරම්පරාවේ චන්ද නැතිවීම සහ ඔවුන් විසින් හසුරුවන වැඩිහිටි අයගෙත් චන්ද නැතිවීම.

අනික තමයි ඔවුන් විසින් මුදාහරින භෞතික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට ඔවුන්ට පත්වීමට සිදුවීම.

ඒ නිසා Z Gen එක ගැන ලංකාවේ දේශපාලන පක්ෂ වුනත් මෙයිට වඩා හිතන එක හොඳයි.

මොකද අනාගතයේ වැඩකරන්න හෝ නොකරන්න තියෙන්නේ මෙයාල එක්ක. පැරණි පරම්පරාව එක්කෝ මැරෙනවා. නැත්නම් තිරෙන් ඉවත්වෙනවා.

Z Gen එක අන් කවරදාටත් වඩා පැරණි දේශපාලනයෙන් වගේම පැරණි පරම්පරාවෙනුත් වෙනස්. ඔවුන් පැරණි පරම්පරාව කියන දේ අහන්නේ නැහැ. ඔවුන් හරි කියල හිතන දේ කරනවා සහ අපේ පරම්පරාව සොයා නොගිය නිදහසක් ඔවුන් සොයායනවා. ඒක වලක්වන්න බැහැ. සමාජ මාධ්‍ය නැතිවුණා විතරයි නේපාලේ ආව ප්‍රචණ්ඩ බවට පතුලක් තිබුනේ නැහැ.

nepali8934t

 

පැරණි දේශපාලන තවමත් තුෂ්නිම්භූත වෙලා ඉන්නේ මේ පුපුරායාමේ ස්වභාවය ගැන. Z පරම්පරාව නීතිය ගැන නොසිතා ඔවුන්ට උවමනා දේ සොයාගෙන යනවා කියල 2024 බ්‍රිතාන්‍යයේ කරපු සමීක්ෂණයකින් සොයාගෙන තියනවා. ඒක අපේ පරම්පරාවෙන් වෙනස් තත්වයක්.

විශේෂයෙන් ඔවුන්ගේ විරෝධතා තහනම් කිරීම වගේ දෙයක් දිහා මේ පරම්පරාව බලන්නේ ඉතාම වෙනස් විදියට කියල ඒ සමීක්ෂණය පෙන්වා දෙනවා. තමන්ගේ නිදහස තහනම් කරන තැනදී ඔවුන් ප්‍රචණ්ඩයි. පවුල ඇතුලෙත් පවුලෙන් පිටත්.

කොහොම උනත් ලංකාවේ උනත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ තවමත් අසමත් මේ පරම්පරාවේ සිතුම් පැතුම් එක්ක වැඩ කිරීමේදී. සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට මෙයාල එක්ක දේශපාලනය කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද එයාල ඉන්නේ බෙදිලා. අදහසක් නැතුව. පරණ වැඩපිළිවෙලවල් එක්ක හිරවෙලා.

මම හිතන්නේ ඉන්දියාව පවා මේ ගැන හිතන්න ඕනි. උන් එහෙම එහෙ පටන් ගත්තොත් සුං. සුං කියන්නේ සුනේ සුං...

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...