2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ 'චැනල් ෆෝ' නාලිකාව විසින් පසුගියදා විකාශයක කරනු ලැබූ වීඩියෝ චිත්‍රපටයෙන් පසු මෙම ඛේදවාචකය පිළිබඳව යළිත්වරක්
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයක් හටගෙන ඇති අතර මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු ද හෙළිදරව්වෙමින් පවතී. ඒ අතර ටී.එන්.එල් රූපවාහිනියේ 'ජන හඬ' වැඩසටහනට ඊයේ (18) සහභාගී වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ද පාස්කු ඉරිදා විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු රාශියක් හෙළිදරව් කළ අතර 'ද ලීඩර්' විසින් එම වීඩියෝව හා අදාල වාර්තාව'ද ලීඩර්' විසින් එම වීඩියෝව හා අදාල වාර්තාව අද දින ප්‍රකාශයට පත්කරනු ලැබිය.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් 'ජනහඬ' වැඩසටහනේදී කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ' විශේෂ වාර්තාකරුවකු' විසින් යොමුකර ඇති ලිපියක් 'ද ලීඩර් චැනල් ෆෝ' සංවාදය ඉදිරියට ගෙනයමින් පහත පළකර ඇත. මෙම ලිපියද සංවාදයට විවෘත බව සලකන්න.
වගකීම් පැහැර හැරීමේ වේදනාව වසාගැනීමක් ද ?
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ටී.එන්.එල් රූපවාහිනියේ 'ජන හඬ' වැඩසටහනට ඊයේ (සැප්තැම්බර් 18) සහභාගී විය. එහිදී විශේෂයෙන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන කටයුතු ගැන අදහස් ප්‍රකාශ කළේය. සිය වගකීම් ඉතාම සූක්ෂම ලෙස පැහැර හැරීමේ වේදනාව වසාගැනීම සඳහා සිය අදහස් දැක්වීම සිදුකළ ආකාරය හැඟේ.
වැඩසටහන මෙහෙයවනු ලැබූ ජනමාධ්‍යවේදියාට මෙම විෂය ගැන එතරම් පුළුල් අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණි. නමුත් ඔහුගේ වෑයම ප්‍රසංසා කළ යුතුය. ඔහු ඇසූ බොහෝ ගැටලු වලට පාදක වූයේ සාමාජ මාධ්‍යයේ විවිධ පාර්ශ්වයන් විසින් සඳහන් කර ඇති අදහස් මිස මෙම ඛේදවාචකය ගැන මේ දක්වා නිකුත් කොට ඇති විමර්ෂණ වාර්තාවල අඩංගු කරුණු කිසිවක් ප්‍රශ්න කිරීම වලට අදාළ කරගත්තේ නැත. මෙරට ප්‍රධාන අපරාධ විමර්ශකයෙකුගෙන් ප්‍රශ්න ඇසීමේදී එම විෂය ගැන යම් ප්‍රාමාණික කියවීමක් අවශ්‍ය වේ.

ඔහු ජමීල් ගැන බුද්ධි මෙහෙයුමක් කාලයක් තිස්සේ සිදුකළ අයෙකි. පාස්කු දින බෝම්බ පුපුරනවිට යුධ හමුදාව විසින් ආවේක්ෂණය කළ අන්තවාදීන් ගැන සොයා බලන අතර ජමීල් එම ලයිස්තුවේ තිබු මුල් නම්වලින් එකකි. යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ඔහු සොයා ඔහුගේ ගෙදර යන්නේ ඒ නිසාය. මන්ද ඔහු සමග සම්බන්ධ වූ දුරකථනයේ පරිස්ථානය (ලොකේෂන්) ඔහුගේ නිවස බව තහවුරු වූ නිසා විය හැකිය. ඉන් පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙනු ලැබුවේ ඔහුගේ බිරිඳ සතුව තිබූ ජමීල්ගේ දුරකථනයෙනි. ජමීල්ව අල්ලා ගැනීම අරමුණ වුණත් එය අසාර්ථක විය. මෙම මෙහෙයුම සිදුකළ නිළධාරියාගේ අනන්‍යතාවය හෙළිකිරීම සතුරාට හැරෙන්න්නට මේ ගැන සත්‍යය සොයන්නෙකුට ප්‍රයෝජනයක් නැති බව අපි අවබෝධකරගත යුතුය.
සෙනෙවිරත්න මහතා ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් ගැන මූලික අධ්‍යනයක්වත් කළ බවක් නොපෙනේ. එය අවාසනාවන්තය.

ඒවා නම්,
1- ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීමට පැමිණෙන ලෙස ආරාධනය කිරීම,
2- ඛාෆිර් එනම් අන්‍යාගමිකයින් විශේෂයෙන් බටහිර ජාතිකයින්, කතෝලික භක්තිකයින් සහ පිළිම වන්දනාකරුවන් මරා දැමීම සහ
3- ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීම සඳහා පැමිණීමට නොහැකි අය ඔවුන් ජීවත්වන රටවල සිට ඉස්ලාම් රාජ්‍යයට සහය දැක්වීම.
මෙම මූලික ඉල්ලීම් අමතක කොට අයි.එස්. සංවිධානය හෝ එහි මතාවාදයට අභිප්‍රේරණය වූ පුද්ගලයින්ගේ කටයුතු ගැන අවබෝධ කරගත නොහැකිය.
මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම් යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනෙකුත් බුද්ධි අංශ විසින් එකතු කරගන්නා සියලුම තොරතුරු වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබාදෙන ලෙස වාචිකව නියෝග කළ බව සඳහන් වීමය. ජාතික ආරක්‍ෂක මණ්ඩලයේදී කළා යැයි කියන එම වාචික නියෝගය අනුව යමින් රාජ්‍යය බුද්ධි සේවාව පමණක් නොව යුධ හමුදා බුද්ධි අංශයද තම බුද්ධි වාර්තා සියල්ලම රවී සෙනෙවිරත්න මහතාට යවනු ලැබීය. එම වාර්තා වල සඳහන් බරපතළ කරුණු ගැන කිසිම සාධනීය විමර්ශනයක් සිදුකිරීමට සෙනෙවිරත්න මහතා අසමත් වූ බවට චෝදනා නැගෙයි. ඇතැම් බුද්ධි වාර්තා විවෘත කළේද පාස්කු ප්‍රහාරයෙන් පසුව බව විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කළ කිසිම කොමිසමක හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවේ කිසිම තැනක අපරාධ විමර්ශන කොට්ඨාශයට කිසිඳු චෝදනාවක් එල්ල කර නැති බව ඔහු සඳහන් කර තිබේ. එය සත්‍යයය. ඊට හේතුවක් තිබේ. මන්ද මෙම කොමිසන් සභා සිල්ලේම අපරාධ වලට අදාළ වාර්තා යොමු කරනු ලැබුවේ අපරාධ විමර්ශන කොට්ඨාශයේ සේවය කළ නිළධාරීන් පමණි. ඒ නිසා අපරාධ විමර්ශන කොට්ඨාශයේ එකළ සේවය කල නිළධාරීන් ඉතාම සූක්ෂම ලෙස තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා යටපත් කරනු ලැබීය.
ලැක්ටෝ වත්තේ පුපුරණ ද්‍රව්‍යය සොයා ගැනීම :
ලැක්ටෝ වත්තේ පුපුරණ ද්‍රව්‍යය සොයා ගැනීමෙන් පසු තම කණ්ඩායම් එහි යනවිට හමුදා බුද්ධි අංශය එහි සිටීම් සැක සහිත බව හෙතම නොකියා කිව්වේය. සෙනෙවිරත්න මහතා මෙහිදී සත්‍යය වසන් කළ බව හැඟේ. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් එහි සිටි බව සත්‍යයකි. එහෙත් ඔවුහු එම ප්‍රදේශයෙන් වහාම ඉවත් කරමින් තම විමර්ශන කිසිවකට ඇඟිලි නොගසන බව සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම ඔවුන්ට නියෝග කළේය. අඩුම තරමින් එම සිදුවීමේදී හෝ මෙම රාජ්‍යය බුද්ධි ආයතන අතර සහයෝගීතාවය පවත්වා ගැනීමට කටයුතු කළේ නම්, පාස්කු ප්‍රහාරය සිදු නොවීමට ඉඩ තිබුණි. දොඩන් ගොඩ බදාගත්තා සේ සියල්ලම බදාගෙන කිසිම දෙයක් නිවැරදිව සිදුකිරීමට නොහැකි වූ පසු වෙනත් පාර්ශවයක් මත වගකීම පටවා තමන් සුදනා වීමට උත්සහා කිරීම වචනේ පරිසමාප්ත අර්ථන්යෙන්ම අශීලචාරයය.
ඉන්දියාව සිදුකළේ ඔවුන්ගේ මූලාශ එනම් අබු හින්ද් වැනි අවතාර් යොදා එකතු කරගත් තොරතුරු කාලයක් තිස්සේ මෙරට බුද්ධි අංශ වල බුද්ධි තොරතුරු සමග තහවුරු කිරීම පමණි. ඒ හැරෙන්නට මෙරට බුද්ධි අංශ සිය වගකීම් පැහැර හැරියේය, යන චෝදනාව මුළුමනින්ම අසත්‍යයක් සහ එය තම වගකීම් පැහැරහැරීම වසාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයන් මුග්ද ලෙස පාවච්චි කරන මෙවලමකි. රාජ්‍ය බුද්ධි සේවාව තම වගකීම් සිදුකළ නමුත් ඒ ගැන මාධ්‍යය සන්දර්ශන පැවැත්වුවේ නැත. ඉන් උපරිම ප්‍රයෝහ්නය ගැනීමට සෙනෙවිරත්න මහතා සහ ඔහුගේ විශ්වාසිකන් කටයුතු කළහ. එහි කෙලවර කෙතරම්ද කියනවානම්, ශ්‍රේඨාධිකරණ නඩු තීන්දුවේ පවා සහරාන් ගැන විමර්ශනය කිරීම රාජ්‍යය බුද්ධි සේවාව විසින් නවත්වන ලෙස නියෝග කළ බව සඳහන් කොට ඇත. එය සම්පූර්ණ අසත්‍යයකි. එවැනි නියෝගයක් රාජ්‍යය බුද්ධි සේවාව විසින් ලබාදී නැත.
සහරාන්ගේ බිරිඳ හාදියා අදාළ නීතිඥයා පුත්තලමේදී සහාරන් හමුවූයේ යැයි කීම අසත්‍යක්ද?
සෙනෙවිරත්න මහතා සඳහන් කළ බොහෝ තොරතුරු එකකට එකක් පරස්පරය. ඔහු එක්තරා නීතිඥයෙක් ගැන කතා කරමින් එම නීතීඥයා පාස්කු ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නොමැති බව තම විමර්ශන වලින් තහවුරු වූ බව සඳහන් කළේය. එහෙත් අදාළ නීතිඥයාගේ සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුළු ප්‍රධාන නිළධාරීන් තුන් දෙනෙක් පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ය. එසේම අදාළ නීතිඥයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු සතුව තිබු ජංගම දුරකථන විසිකළ බව සඳහන් වේ. මේවා ගැන විමර්ශන නිවැරදිව සිදු වූයේ යැයි උපකල්පනය කළද, මේ වනවිට ඇපමත මුදා හැර සිටින එවැනි පුද්ගලයෙකු නිර්දෝශි යැයි ප්‍රකාශ කිරීම පිටුපස සත්‍යයට වඩා දේශපාලන වුවමණා එපාකම් ඇතිබව ඔප්පු නොවන්නේද? එසේනම් සහරාන්ගේ බිරිඳ හාදියා අදාළ නීතිඥයා පුත්තලමේදී සහාරන් හමුවූයේ යැයි කීම අසත්‍යක්ද?
අපට ඇති අවබෝධය නම් අපරාධ විමර්ශණය යනු තනි සිද්ධියක් ගැන තොරතුරු වාර්තා කිරීම නොවන අතර ඒ හා බැඳුණු කරුණු සහ සිදුවීම් සම්බන්ධකරමින් ඊට අදාළ පුද්ගලයින් ගැන පැහැදිළි විමර්ශනයක් සිදු කිරීමය. නමුත් සෙනෙවිරත්න මහතාගේ අදහස් වලින් ගම්‍ය වන්නේ ඔහු පාස්කු ප්‍රහාරය පමණක් නොව ඊට පෙර සිදු වූ සිදුවීම ද තනි තනිව ගෙන විමර්ශණය කොට තම දෑත් පිරිසිදු කර ගැනීමට උත්සහ කළ බවද? සාමූහික වගකීම පැහැර හැරීමෙන් රටක ජනතාවට මුහුණ දීමට සිදුවන ඛේදවාචක ගැන මෙවැනි ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ට අවබෝධයක් නොමැතිද?
මේ නිසා මෙවැනි ගැටලු වල සැබෑ ඇත්ත වසා දැමීම සඳහා ඒවා කුමන්ත්‍රණ වලට බැර කොට ඇති අතර තම අදහස් සත්‍යය බව ඔප්පු කිරීම සඳහා තෝරාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු බිල්ලට දීමට උත්සහ කරති. මෙම විහිලු සහගත ප්‍රවණතාවය දෙස බලා සිටින සැබෑ වැරදිකරුවන්ට සහයදුන් පුද්ගලයින් ඔවුන්ගේ ඊළඟ ප්‍රහාරය සඳහා අවශ්‍යය පරිසරය නිර්මාණය කරගනිමින් සිටියහොත් ඒගැන පුදුම විය යුතු නැත. පසුගිය සිකුරාදා වැලිගමදී වහබ්වාදීන් විසින් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට පහරදීම එහි පෙර නිමිත්තක්ද?
(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)
සංවාදයට විවෘතයි ....
සබැඳි පුවත :
CID හිටපු ප්‍රධානියා ගෙන් 'පාස්කු ප්‍රහාරය' ගැන බරපතල අනාවරණයක් !