රටේ ජනතාවගෙන් එල්ල වෙන අඛණ්ඩ විරෝධය ඉස්සරහා ඊයේ ජනාධිපති ගෝඨාභයත්,

අගමැති මහින්දත් හැර සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස් උනා.

දැන් රාජ්‍ය ඇමතිවරුත් එක්කෙනා දෙන්නා ඉල්ලා අස්වෙන්න පටන් අරන්. මේ රටේ ජනතාව කියන්නේ Go Home Rajapaksa කියලයි.

හැබැයි දැනට වෙලා තියෙන්නේ රාජපක්ෂලා කිරුළ තියාගෙන බැසිලුයි, නාමලුත්, චමලුයි එක්ක සූපින් කෑලි ටික එළියට දාලා. ඇත්තටම ඒක තක්කඩි වැඩක්.

ඇත්තටම තමන්ට දුන්න ජනවරමට පිටුපෑමේ චෝදනාවට කොන්දේසි විරහිතව මහින්දයි, ගෝඨාභයයි ඉල්ලා අස්වෙන්න ඕනි. ඊයේ මහින්ද ඉල්ලා අස්නොවීමෙන් පේන්නේ මහින්දගේ ප්‍රධානත්වයෙන් ආයෙත් කැබිනට් එකක් පත් කරනවා කියන එකයි.

ඒක ජනාධිපතියි, අගමැතියි එකඟතාවයෙන් කරන වැඩක් වෙන්න ඕනි. දැන් අද ආයෙත් ඇමතිවරු කීපදෙනෙක් පත් කරලා. ඊළඟට ජනාධිපති කාර්යාලයෙන් අන්තර්වාර ආණ්ඩුවට ඇවිත් ඇමතිකං බාරගන්න කියලා විපක්ෂයට ආරාධනා කරලා නිවේදනයක් නිකුත් කරලා තිබුණා.



ඇත්තටම ගෝඨාභයට තේරෙන දේශපාලනයේ තරම ඒකෙන් පේනවා. මේ වගේ වෙලාවක නිවේදන නිකුත් කරලා හරි යනවද. ගෝඨාභය විපක්ෂයත් එක්ක කෙලින් කතා කරන්න ඕනි. තවමත් අර උද්දච්ච මනස නං එහෙම්ම තමයි. රාජපක්ෂලා විතරක් නෙවෙයි විපක්ෂයවත් මෙහෙම විරෝධයක් ගැන හීනෙන්වත් හිතන්න නැතිව ඇති.

 

ගොඩක් අය මේ ජනතා අරගලය නොසලකා අරින්න හැදුවේ. ඒක පට්ට විදිහට අවතක්සේරු කළා . ඒත් අන්තිමට ඇදිරිනීතිය දාලාවත් බේරගන්න බැරි උනා. රටේ රාළට කියන්න තියෙන්නේ තවම ඉවර නෑ කියලා. රටේ රාළ මේක තමයි ඇත්ත ජනතා අරගලය කියලා විග්‍රහ කරද්දී ගොඩක් අය කළේ ඒකට ගහපු එක.
සමහරු බය හැදුවා.

ඊයේ වෙනකොට අරගලය රැල්ලක් විදිහට මතු වෙද්දී ඒ බය හදපු අයත් තමන් ඉන්නවා කියලා පෙන්නන්න පාරට බැස්සා, තමන් අහෝසි වෙයි කියන බයට පාරට බැස්සා. ඒ පාරට බැස්සේ පොදු අරගලය යටකිරීමේ කුහක චේතනාවෙන්. තමනුත් ඒ අරගලයේ කොටස්කාරයෝ කියලා පෙන්නගන්න. ජවිපෙ ඊයේ කළේ ඒක.

තුන් වෙනිදා පැත්ත පලාතේ එන්න එපා කියපු අයත් ජනතාව ඊයේ පාරට ගෙන්නුවා. ඇත්තටම මෙතනදී දේශපාලන පක්ෂවලට වඩා ජනතාව ඉස්සරහාට ආවා. කොහොම උනත් මේ මතු උන අරගලයට හදිසි නීතිය අදාල උනේ නෑ. මිනිස්සු ඇදිරි නීතිය ශත පහකට ගණන් ගත්තේ නෑ. ඇදිරිනීතියත් හරියට ගෝඨාභය ගහපු ගැසට් වගේ උනා. අපිට ගැහුවොත් ගහනවා කිව්ව ජොනියලා ඇදන් යට රිංගලා. දැන් ඓතිහාසික කාල්ටන් මන්දිරයත් වට කරලා. ලොස් ඇන්ජලීස්වල ගෝඨාභයගේ ගේ ලගත් විරෝධතාවයක්.


අදත් ජනතාව අරගලයට සංවිධානය වෙනවා. හෙටත් අරගලය තමයි. රටේ රාළ කියන්නේ දැන් මේ සටන රාජ්‍ය සේවකයාත් එන්න ඕනි. දැන් රාජපක්ෂලා මේ දරමින් ඉන්නේ එයාලගේ අන්තිම උත්සාහය. ඒක සාර්ථක වෙයි කියලා හිතන්න බෑ. මොකද මේ විරෝධය තියන්නේ රාජපක්ෂ විරෝධයක් විදිහට.

ඒක නිසා ගෝඨාභයයි, මහින්දයි ඉතුරු වෙලා අනිත් අය ඉල්ලා අස් උනා කියලා මේක සමනය වෙන්නේ නෑ. ඒකෙන් එක දෙයක් පැහැදිලියි. අන්තර්වාර ආණ්ඩුවක් නමින් මෙයාලා අටවන්න හදන්නේ රාජපක්ෂලාට තවදුරටත් පාලනය කරන්න පුළුවන් ආණ්ඩුවක්. ඒකට මේ රටේ ජනතාව එකඟ වෙන්නේ නෑ.


ඇත්තටම මහින්ද කියන්නේ පුදුම බලලෝභී ලැජ්ජා නැති මිනිහෙක් කියන එක දැන් පැහැදිලියි. නැත්තං ඉස්සෙල්ලාම කරන්න තිබුණේ මහින්ද ඉල්ලා අස්වෙන්න එක. එතකොට මුළු කැබිනට් එකම ඔටෝ විසිරෙනවා. එහෙම නැතිව මහින්ද ගෙවලයා වගේ මේකේ ඉන්න කොට ආය මේකේ මොනවා කලත් වැඩක් නෑ.

 

ඇත්තටම දැන් මහ පොලොවේ තියන සටන් පාඨය තවත් වැඩි දියුණු වෙලා. දැන් මිනිස්සු කියන්නේ රාජපක්ෂලා යන්න ඕනි කියලා විතරක් නෙවෙයි, ජනතාවගෙන් හොරකම් කරපුවා ආපහු දෙන්න ඕනි කියලා. දීලා යන්න ඕනි කියලා. ඊළඟට ඔය සටන් පාඨයට දීලා යන්න ඕනි තැනත් එකතු වෙයි. දැන් මතුවෙලා තියන ඒ කතාව රාජපක්ෂලාට මාරාන්තිකයි.



dfyeryty

''රාජපක්ෂලා පිලිපීනේ මාකෝස්ලා වගේ කොල්ල කාපු ජනතා දේපල ගැන සාකච්ඡව ජනතාව අතරට ඇවිත්''



රාජපක්ෂලා පිලිපීනේ මාකෝස්ලා වගේ කොල්ල කාපු ජනතා දේපල ගැන සාකච්ඡව ජනතාව අතරට ඇවිත්. රටේ රාළ කියන්නේ ඇත්තටම ඒවා ආය කරගන්න ඕනි.

ඒ විතරක් නෙවෙයි රාජපක්ෂලාට එරෙහිව තියන සියලු චෝදනා නැවත එකින් එක ගන්න ඕනි. අරන් නීතිය ඉස්සරහ බේරගන්න ඕනි.

තාක්ෂණික දෝෂ ඇති නොවෙන විදිහට පෙත්සම් ගොනු කරන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවක් හදාගන්න ඕනි.

 තාජුදීන්, ලසන්ත වික්‍රමතුංගලාගේ ඝාතන ඇතුළු සියලු ඝාතන. කොස්ගම හමුදා කදවුර ගිනි ගැනීම. පාස්කු ප්‍රහාරය මේ හැම දෙයක්ම නැවත විමර්ශනය කරන්න ඕනි.


 
රාජපක්ෂලා කොල්ල කාපු බිලියන ගනනක දේපල ලෝකේ කොහේ තිබුණත් මේ රටට ගේන්න ඕනි. ඊළඟට ඒවට උරුම දඩුවම් නීතියෙන් දෙන්න ඕනි. එහෙම නොකර රාජපක්ෂලා අතාරින්න බෑ. ඒ වගේම දැන් රාජපක්ෂලා දාලා මේ පැත්තේ ඉදගන්න හදන අයටත් ඒ විදියටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.
 


මහින්ද දන්නවා නීතිය හරියට ක්‍රියාත්මක උනොත් ගොඩක් රාජපක්ෂලාට නවතින්න වෙන්නේ ආණ්ඩුවේ බෝඩිමේ කියලා. ඒ බය දැන් මහින්දට දැනිලා. ඒක නිසා දැන් ඔළුව ගිනි අරන් තියෙන්නේ මහින්දගේ.

මහින්දව ඉල්ලා අස්කරවන්න පුළුවන්. ඒකට තවත් පීඩනය වැඩි කරන්න ඕනි. පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාලා ටික ටික අතාරිනවා.

මහින්දලා බලනවා ඒ අවධානම එන්නේ නැති ආණ්ඩුවක් හදා ගන්න. ඒකට තමයි මහින්දලා එක්ක එකට හොරකම් කරපු විමල්ලා ලවා කොස් ඇට බාවන්න හදන්නේ. ඇත්තටම දැන් මේ අරගලයට විසදුමක් ඕනි.

මහින්ද ඉල්ලා අස් වෙනවා නං ඒ විසදුම ක්‍රියාත්මක කරන්න ලේසි. නැතත් පුළුවන්. දැන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕනි පාර්ලිමේන්තූව. ජනතාව දැන් රාජපක්ෂලා බිත්තියට හේත්තු කරලා තියෙන්නේ. මෙතනින් එහාට මේ ප්‍රශ්නයට පාර්ලිමේන්තුව මැදිහත් වෙන්න ඕනි. පාර්ලිමේන්තූව මැදිහත් වෙලා මේ සටන ජයග්‍රහණයකින් කෙලවර කරන්න ඕනි. ඒ කියන්නේ ජනතා ජයග්‍රහණයකින්.

 

දැන් බිත්තියට හේත්තු වෙලා ඉන්න රාජපක්ෂලා නව ජනවරමකට තල්ලු කරන්න ඕනි. ඒ තීරණය පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්. ඒකට යෝජනා සම්මත කරලා ජනාධිපතිට ඉදිරිපත් කරන්න ඕනි. ඒ එක්කම විසිවෙනි සංශෝධනය අහෝසි කරලා ජනාධිපතිගේ බලතල ගලවන්න ඕනි. ගෝඨාභයගේ තටු කපන්න ඕනි. එතකොට ගෝඨාභය හිටියත් නෑ වගේ. ඊට පස්සේ එයා යවන්න උනත් ලේසියි.
 



මේ ක්‍රියාවලියකට ගත වෙන කාලයක් තියනවා. ඒ කාලය ඇතුළත අගමැති කෙනෙක් හා කැබිනට් මණ්ඩලයක පත් කිරීමේ වගකීම පාර්ලිමේන්තූව පවර ගන්න ඕනි.

ඒක තමයි රටේ රාළ කියන භාරකාර ආණ්ඩුව. ඒ යටතේ හැම පක්ෂයකම එකඟතාවෙයන් යටතේ කැබිනට් එකක් හදන්න ඕනි. ඒ වගේම ඒ භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට අදුෂිතයෝ ගේන්න බෑ. පොදු එකඟතාවයකින් හදාගන්න කොටිකාලීන ආර්ථික වැඩපිළිවෙලක් වගේම දේශපාලන ප්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන්.

ඒකට නායකත්වය දෙන්න මධ්‍යස්ථ කෙනෙක් පාර්ලිමේන්තුව විසින් තෝරන්න ඕනි. දැනට එහෙම කෙනෙක් නැත්තං ආණ්ඩු පක්ෂයේ හරි විපක්ෂයේ ජාති ලයිස්තුවෙන් එහෙම කෙනෙක් ගෙනත් ඒ ආදර්ශය දෙන්න පුළුවන්.

අර අවලස්සන ඇමරිකානුවා ගෙනාවේ. ඒ වගේ රට නිවැරදී දිශාවකට හරවන වැඩේට නායකත්වය දෙන්න කෙනෙක් ගේන්න පුළුවන්. ඒක එක දවසෙන් කරන්න පුළුවන්. රට ස්ථාවර කරලා. පාර්ලිමේන්තු මැතිවරණය තියන එකත් එක්ක ඒ අගමැතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ කාර්යභාරය අවසන් වෙනවා.

 

එහෙම නැතිව ආයෙත් වෙන වටයකින් රාජපක්ෂ ආරක්ෂා කරන ඩලස්, දිනේෂ් වගේ අයට ඔටුණු පරද්දන්න මේ ජනතා අරගලය පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා.
 


පාර්ලිමේන්තුවට ඒ වගකීම ඉෂ්ඨ කරන්න උද්ඝෝෂකයෝ සහය දෙන්න ඕනි. රටේ රාළ කියන්නේ එතකං උද්ඝෝෂණ නවත්තන්න කියලා නෙවෙයි. දිගටම රාජපක්ෂලාට පීඩනය දෙන්න ඕනි. ඒ වගේම ඒක සාමකාමී වෙන්නත් ඕනි. හැබැයි මේ ප්‍රශ්නයට අවසානයේ විසදුමක් තියෙන්න ඕනි.

ඇත්තටම මේකට උත්තරය අලුත් ජනවරමකින් ආණ්ඩුවක් පත් කර ගැනීම. හැබැයි ඒ එන ආණ්ඩුව කාගේ එකක් උනත් මේ ජනතා අරගලයෙන් මතු උන ආර්ථික දේශපාලන සටන් පාඨවලට උත්තරයක් හදන්න ඕනි. ඒකට රට ඇතුළේ පොදු ජාතික එකඟතාවයක්, ජාතික සම්මුතියක් ඇති කරගන්න ඉඩ දෙන්න ඕනි.

හැබැයි මොනවා උනත් මෙතන භාරකාර ආණ්ඩුවකට ඉෂ්ඨ කරන්න වැඩ කොටසක්ද තියනවා. ඊළඟට මේ පාර්ලිමේන්තුවෙන් ගන්න ඕනි අනිත් ප්‍රධාන වැඩේ තමයි 20 අහෝසි කරගන්න එක.

එක නිසා රටේ රාළ මේ රටේ ජනතාවගෙන් ඉල්ලනේ දැන් එතෙන්ට අරගලයක් ගේමු කියලා. ඒ සටන දිනනකම් Go Home Rajapaksa කියන සටන් පාඨය අඛණ්ඩ ඉස්සරහට ගේමු.

ඇත්තටම ජනතාව දුන්න මේ පණිවිඩයෙන් අවධි වෙලා දැන්වත් ජාතික එකඟතාවයක් හදා ගනිල්ලා කියලා රටේ රාළ දේශපාලන පක්ෂවලට කියනවා. ඒකට මේ තියන පාර්ලිමේන්තුව පාවිච්චි කරගන්න තවත් එක අවස්ථාවක් තියනවා. නැත්තං ඔය කාටත් වෙන්නේ රාජපක්ෂලාට උනා වගේ එක තැනකදී දේශපාලනයෙන් අතු ගෑවිලා යන්න. දැක්කනේ අලුත් නායකයෝ අරගල ඇතුළේ මතුවෙන අපූරුව.

එහෙනම් ගිහින් එන්නම්

බුදු සරණයි. ජයවේවා

මීට
Priynatha witharanaරටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්